26 July 2019

රන්ජන් රාමනායක, භික්ෂු පරිච්ජේදය සහ ස්පොට් ලයිට් ( Spotlight Film -2015)

                                     
         රන්ජන් රාමනායක වර්ථමානයේ භික්ෂුවගේ සමලි‍ංගික විෂමචාර පිළිබද සිදුකළ ප්‍රකාශය මහත් ආන්දෝලනයක් බවට මේ වන විට පත්ව ඇත. ඒත් ඔබත් මමත් දන්නා පොදු සත්‍යනම් සමලිංගිකත්වයට ශ්‍රී ල‍‍ංකාවේ පන්සල තරම් ජනප්‍රිය වෙන තැනක් නැති බවයි. එහෙත් එවන් ප්‍රකාශයකින් බෞද්ධයෙකුගේ සිතෙහි යම් වේදනාවක් ඇතිවීම ස්වාභාවිකය. එහෙත් කොතරම් කටුක වුවත් ඔබත් මමත් දන්නා පොදු සත්‍යනම් එයයි. එය බෞද්ධ දර්ශණයේ ප්‍රශ්ණයක් නොව ඒ ආගම් තුළ සිවුරට මුවා වී සිටින නිගන්ඨයන්ගේ ප්‍රශ්ණයක් බව ප්‍රථමයෙන් අප තෝරා ගත යුතුය.

*හැමදේටම පලිගන්නෙ පන්සලෙන්ද?

නැත, ශ්‍රී ල‍‍ංකාවේ සමලි‍ංගිකයින් අපට වඩාත් හමුවන්නේ පන්සලටත් වඩා ප්‍රාදේශීය මට්ටමේ පක්ෂ දේශපාලන කදවුරු සහ රූපලාවන්‍ය විෂය සම්බන්ධ අයවලුන්ගෙනි. සමලිංගිකත්ව යනු ඔහුනගේ අයිතියකි. එහෙත් බාල වයස්කාර අපයෝජන වලට මුල් තැන ගන්නේ පන්සලයි.

*එහෙනම් ඇයි පන්සලම?

දුප්පත් අම්මගෙන් හා පියාගෙන් වෙන්වෙන පිරිමි කුඩා දරුවා තනිවෙන්නේ පන්සලේය. කුඩා සාමණේරයන් වහන්සේලාට ඇති එකම හව්හරණ දුප්පත් කම විසින් ඈත් කොට ඇත. දවසට කිහිප වරක්ම පොඩි උන්නාන්සේලාගේ දැඩි අකමැත්තෙන් තම ලිංගික විකෘතිය ස‍‍ංසිදුවා ගන්නා ලොකු හාමුදුරුවොන්ට එපිටින් වචනයක්වත් කීමට පොඩි හාමුදුරුවොන්ට නොහැක. සිවුරට මුවා වී කරන ලිංගික අපචාර වල ඛෙදය නම් නඩුත් හාමුදුරුවන්ගෙය බඩුත් හාමුදුරුවන්ගෙය.  


*පන්සල බෞද්ධ වුණ නිසානෙ අවුල?

නැත එහෙම එකක් නැත මන් ලිපිය ලියන්නේ ඒ සම්බන්ධයෙන්මය. ළමා අපචාර සම්බන්ධයෙන් ලෝක මට්ටමෙන් පන්සලට වඩා කතෝලික පල්ලිය ප්‍රසිද්ධය. මේ කතා කරන්නේ අති විශිෂ්ඨ සිනමා පටයක් වන "Spotlight" චිත්‍රපටය ගැනය. එම චිත්‍රපටය ජාතියක් ලෙස මෙම අපචාරයන්ට විරෝධය එල කල ආකාරය පිළිබද කදිම පුර්වදර්ශයකි.
                      සත්‍ය කතාවක් මත පදනම් වන මෙහි සැබෑ මාධ්‍ය කණ්ඩායමට මාධ්‍ය වේදියෙකුට ලැබෙන ඉහළම සම්මානය වන පුලිට්සර් සම්මානය හිමිවෙන අතර 2015 තිරගතවන චිත්‍රපටයට ඔස්කාර් සම්මාන උළේලේ හොදම චිත්‍රපටය ,හොදම තිරපිටපතට හිමි සම්මානද හිමි වුණි. IMBD රේට් එක 8.1 ක් වන අතර  IMBD රේටින්ග් වල ලෝකයේ හොදම චිත්‍රපටි 250 අතරෙත් මේ චිත්‍රපටිය ඇත.ඉතින් ෆිල්ම් එක ගැන ඊට වඩා මොකුත් ඕනෙ නෑනේ.

                                   ල‍ංකාවේ වගෙ ජඩ මාධ්‍ය අධිරාජ්‍යක් තියෙන රටක මේක ප්‍රදර්ශණය කරානම් රැගුම් පාලක මණ්ඩලයෙන් තහනම් කරලා, අධ්‍යක්ෂක හිරේ දාලා. FB එකේ ජාත්‍යාලය ගැන පෝස්ට් ශෙයාර් වෙලා, රගපාන එවුන්ගෙ අම්මලා සනුහරේ එක්කම කීබෝර්ඩ් ජාත්‍යාල කාරයො හැමිනිලා, දෙරණේ චතුරත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා නානසාර පොලොවෙ පස්කාලා. ලොවෙත් නැති වෙලා ලොවි ගහෙත් නැතිවෙනවා.
          ඒව්වා මේව්වා අපේ රටේ කෙසේ වෙතත් වාසනාවට ඇමැරිකාවේ බොස්ටන් නුවර "ග්ලොබ්" නැමැති පුවත්පතේ ස්පොට්ලයිට් නම් මාධ්‍ය කණ්ඩායමක් වූ අතර ඔහුන් සිදු කරනු ලබන්නේ යම් මාතෘකාවක් සම්බන්ධව දීර්ග ලෙස අධ්‍යණය කොට ඒ සම්බන්ධව විමර්ශණාත්මක ලිපි මාලාවක් ලිවීමයි.
                                රන්ජන් රාමනායකට මෙන් මූලික මතුපිට කරුණු මත පදනම්ව පල්ලියේ ෆාදර්ස්ලා විසින් කරනු ලබන ලිංගික අපයෝජන පිළිබදව විමර්ශණයක යෙදෙන මොහුන්ගේ මුල්ම ලිපිය පල කිරීමත් එක්ක නොසීතූ ලෙස දස දහස් ගණනින් පල්ලිය විසින් සිදුකල ළමා අපයෝජන පිළිබද තොරතුරු පිළිබද තොරතුරු එන්නට පටන් ගන්නවා. ඒ කොච්චරද කිව්වොත් ලිපිය පල කල සැණින් දුරකථන ඇමතුම් ලැබීම නිසා ෆෝබ්ස් සගරාවේ සේවක මඩුල්ලම දුරකථන ඇමැතුම් වලට ප්‍රතිචාර දැක්වීමට යොමු කරනවා.
                                    ඒකට අපේ එවුන්නම් රන්ජන් එහෙම අනාවරණයක් නොබියව කර ගමන්ම උගෙ අම්මා තාත්ත සිහි කරලා පෝස්ට් දානව, ඒතකොට ඒ ආතල් බල බලා ලොකු හාමුදුරුවරු අන්ත දුප්පත්කම නිසා මහණ වූනු සාමණේරයන් වහන්සේලාට දවස තිස්සෙ ගල් කපනවා.කොහොමහරි මේ ලිපි මාලාවෙන් අනතුරුව ඇමරිකාවේ පල්ලි විශාල අනතුරකට මුහුණ පානවා මොකද අතිශය රහසිගත තොරතුරු එනවා මේ ලිපි මාලාවත් එක්ක එළියට ඒ කියන්නෙ වතිකානුවත් දැනුවත්ව මෙය සිදු වූ බවට හා ඒවා වහගන්න ඇමරිකාවේ ප්‍රධාන පල්ලිය ගත්ත උත්සහයන් වගේ තොරතුරු.
                                මේ තියෙන්නෙ රන්ජන් ප්‍රකාශයෙන් පස්සෙ රන්ජන්ව හම්බෙන්න ආපු පොඩි හාමුදුරුවරු දෙන්නෙක් කළ පාපොච්චාරණයක්, බලන්න මේවා වෙනුවෙන් කතා නොකරන අපි කොතරම් මුග්ධද කියලා?

                      පොඩි කාලෙදිම කුඩා පිරිමි දරුවෙක් අපයෝජණය වුනයින් පස්සෙ ඇතිවන මානසික අවපාතයත් එක්ක හුගක් වෙලාවට පොඩි හාමුදුරුවරු ඒවා කවදාවත් කාටවත් කියන්න යන්නෙ නෑ. හැබැයි මේ අපයෝජන වෙනුවෙන් නොවැටෙන පෝස්ට් රන්ජන් වෙනුවෙන් වැටෙන එක උඹේත් මගෙත් විතරක් නෙවෙයි මගෙ රටෙත් කරුමයක්. මොකද පන්සල වෙත එන්නෙ කිසිම හව්හරණක් නැති පොඩි ළමයි.මේ මානසිකත්වයෙන්  උස්මහත් වෙන හාමුදුරුවරුන්ගේ ක්‍රියාපිළිවෙත් එන්නෙ රන්ජන් කිව්වා වගේ ඒ මානසික අවපාතෙත් එක්ක. ඒ මග යන සමාජෙටත්........ ඒවා වහන සමාජෙටත්......අන්තිමට තෙරුවන් සරණ කෙසේ වෙතත් අබම අබ සරණයි................


-රෝමා-

12 comments:

  1. කතෝලික ආගමේ වැරදිකරන පූජකයින්ට විරුද්ධව කාර්යක්ෂම ක්‍රමවේදයකින් පල්ලිය ක්‍රියා කරනවා- රටේ නීතියට අමතරව.ඒවා අතපසු වුනාම වතිකානුව විසින් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලුව අවස්ථාත් තියනවා.
    බෞද්ධ නිකායන් විසින් විනය ක්‍රියාමාර්ග හරියට ගන්නෙ නෑ හෝ ගන්න බෑ.හැබැයි කවුරුහරි වැරැද්දක් පෙන්නුවොත් ඌට විරුද්දව බුරන්න නම් හරිම කාර්යක්ෂමයි. ඒ මදිවට බුද්ධාගමට විරුද්ද කුමන්ත්‍රණ ගැනත් මරහඬ දෙනවා. බුද්ධාගමට දරුණුම හානි කරන්නේ ඔය ක්‍රිමිනල් හාමදුරු ගොල්ල කියන එක පේන්නෙ නැද්ද?

    වෙන අපරාධකාරයින් ගැන ඔත්තු දුන්නාම තෑගි දෙනවා. දේශපාලකයින්, පොලීසිය, රේගුව ආදී වෙනත් ඕනෑම ආයතනයක් ගැන වැරදි පෙන්නල දෙනවා, බණිනවා, විරුද්ධව ක්‍රියාකරනවා නොයෙකුත් පුද්ගලයින් හා සංවිධාන. ලංකාවේ ආගමික ආයතන වලට මුක්තියක් තියනවද, කාටවත් උන්ගේ වැරදි කියන්න බෑ කියල?
    හරිනම් සතුටුවෙලා ස්තුති කරන්න ඕනෙ වැරදි පෙන්නුවාම මොකද ආයතනයක් විදිහට ක්‍රියාත්මක වෙලා ඒක සුද්ද කරගන්න පුලුවන් වෙන එකට

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම එකගයි ප්‍රාජේ, ඒත් මන් හිතන්නනේ පල්ලියේ පන්සලේ වෙනසක් කියලා නෑ දෙකේම ඕක වෙනවා. ලංකාවේ බෞද්ධ බහුතරය නිසා ඕක කැපී පේනවා.අනික සෑම නිකායක් සතුවම සංඝ අධිකරණයක් තිබුනත් කවදාවත් ඔතෙන්ට ළමා අපයෝජන සම්බන්ධ දේවල් එන්නෙ නෑ, මොකද බොහෝ විට අධිකරණ සංඝ නායකවරු පවා අපයෝජකයෝ වෙන්න ඇති.

      Delete
    2. මතකනෙ වැරදි පෙන්නන්න ගිහින් නටපු තොයිලයක්...😩😩
      පන්සලත් දැන් උසාවිය වෙලා, වැරැද්දක් පෙන්නුවොත් අපහාස කළා කියලා චෝදනාවක් එනවා.. රන්ජන්ට දැන් දෙපැත්තෙන්ම නඩු...

      Delete
    3. කතෝලික ආගමේ අයත් මේක බොහෝ කාලයක් යට ගැහුවා. මේක ආගමක් සම්බන්ධ දෙයක් නොවී කුඩා ළමයින් නේවාසිකව සිටින හැම තැනකටම අදාල නිසා පොදුවේ විසඳිය යුතු දෙයක්. අඩුම ගනනේ එවන් සිද්ධීන් 1919 වලට හෝ ළමා හා කාන්තා කාර්‍යාංශය වෙත දන්වන්න වත් කුඩා ළමයින් දැනුවත් කල යුතුයි.

      Delete
    4. අනිවාර්යෙන්ම සෙන්නා....පාලන ක්‍රමයට උඩින් ආගම එන හැම තැනකදිම මුලින්ම විනාශ වෙන්නෙ මිනිසුන්ගෙ සිතිමෙ, කතාකිරීමෙ අයිතීන් වාගේ මුලීක අයිතිවසිකම් ...........

      Delete
    5. ඉයන් ඇත්තටම මෙවා පාසලෙදි විෂය නිර්දෙශයට සමගාමිව උගන්වන්න ඕන කරුණු

      Delete
  2. මහත්මයා කතෝලිකයෙක්ද?

    ReplyDelete
    Replies
    1. නෑ බෞද්ධයෙක් සහෝදරයා....

      Delete
  3. Cardinal George Phell implosion by full court hearing in Australia

    ReplyDelete
    Replies
    1. ඒකට අපෙ කාදිනල්ලා මහනායක හාමුදුරුවොන්ලටත් වඩා උඩ තැනක ඉන්නෙ දැන්

      Delete
  4. රස්තියාදු මල්ලිගෙ අළුත් ලිපියක් එන තෙක් බලා සිටිමි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අෆ්රිකන් ඒන්ජල්......

      Delete