19 July 2017

හුස්ම ගන්න හාද්දක් - අවසන් කොටස

                                                                     
   
හුස්ම ගන්න හාද්දක් - පළමු කොටසට මෙතනින් යන්න 
                                                           
                                          එදා වැස්සක් ඉවරවුණු ගමන්ම පාරේ අයිනේ මඩ වලවල් පිරුණු තෙත පරිසරයක් තිබ්බ දවසක්. මේ එයාගෙන් මට ආපු හතර වෙනි කෝල් එක නැත්තම් හතරවෙනි හයර් එක කිව්වත් වරදක් නෑ.  එදත් එයා ඇවිත් කිසි කතාබහක් නැතිවම ත්‍රීවිල් එකට නැග්ගා. ඔව් ඒක කොහොමත් සාමාන්‍ය දෙයක්. අර මුල් දවසෙ ඇර තාමත් එයා හිනාවෙනවා මන් දැකලා නෑ.
                         හොදටම වැහැලා තෙත් වෙලා තිබ්බෙ ගහ කොළ හැම එකක්ම.තව ආයෙත් වහින්නද කොහෙද. වැහි බීරුම වගේ.  හදිස්සියක් කියපු නිසා මමත් ටිකක් වේගෙනුයි ගියේ ඒත් ටිකක් දුර යද්දි ඉස්සරහින් ආපු මෝටර් බයික් එකක් ඒ පැත්තෙන් ආපු බස් එක ඉස්සර කරගෙන හිතපු නැති විදියට වේගෙන් ත්‍රීවිල් එක ඉස්සහරට කඩාගෙන ආවා.මොනවා කරන්නද තප්පරෙනුත් දහයෙන් පන්ගුවක්දි මට හිතන්න වුනා. මන් කරේ එක තැන වමට හරවපු එක. ත්‍රීවිල් එක බිමට පෙරළුනා. මෝටර් බයිකාරයා ත්‍රීවිල් එකේ අයිනෙ වැදීලා විසි වෙලා ගියා
                                                                   මම   නැගිටිනකොට බිම වැටිච්ච පාර ඕලුවෙන් ලේ එනවා. ඒත් එයාටනම් ලොකු තුවාලයක් නෑ අත මොහොක හරි වැදිලා ලේ එනවා. මන් හිතන්නෙ ඒකටද කොහෙද එයාට සිහිය නැතිවෙලයි තිබුනෙ.
               මන් ඕලුවෙන් ලේ ගලද්දි ගිහින් එයාව තුරුල් කරන් නැගිට්ටුවා. මගේ අතින්ම වතුර ගහද්දි  තමයි එයාට ටිකක් සිහිය ආවෙ. මන් එයාව වත්තන් කරන් ත්‍රීවිල් එකත් එතනම දාලා වෙන ත්‍රීවිල් එහෙක නැගලා හොස්පිට්ල් එකට ආවා.
                       මගේ නලල තුවාල වෙලා තිබ්බ නිසා. මට දවස් දෙකක් යනකම් ටිකට් කැපුවෙ නෑ. මොකද ඕලුවට වැදුන නිසා එහෙම තියාගන්නවලු. එයාටනම් එදාම ටිකට් කපලා. ඇත්තටම නවතින්න තරම්වත් තුවාලයක් නෑ එයාට. ඒත් යන්න ඉස්සෙල්ලා මගේ සුවදුක් බලලා තව  සික්ස් පැක් හස්බන්ඩ් එයාට ගෙනාපු පළතුරු වට්ටියකුත් සික්ස්පැක් හස්බන්ඩ්ම මගේ කබඩ් එක උඩ තියලා එයාලා දෙන්නා යන්න ගියා. පිටින් පේන තුවාල වලට වඩා එදා මට රිදුම් දුන්නෙ පිටට නොපෙනන තුවාල.

12 July 2017

හුස්ම ගන්න හාද්දක් - පළමු කොටස



                                                   ඒක අහඹූ හමුවීමක් සහ වෙන්වීමක් අතර තිබුණු අපැහැදිළි තැනක්. මට ඕනෙ වුනේ ආදරයක් නෙවෙයි වෙන දේකුත් නෙවෙයි අපැහැදිලි දෙයක්. මාස ගානක් තිස්සෙ මන් ඉන්න බෝඩිමේ උඩ තට්ටුවට එයාව පේනවා නිතරම එළියට එන්නෙ නෑ. සතියේ දවස් පහේම යන එයා එන්නෙ හවස්වෙලා. සෙනසුරාදා ඉරිදා වුනත් එයා ගෙදරින් එළියට බහින්නෙ ගොඩක් අඩුවෙන්,සමහරවෙලාවට බහින්නෙම නෑ. අමතක වුණා දෙයක් කියන්න මන් දැන් ආයෙත් කතාවෙ මුලට යන්නම්.
                                                   මන් මේ බෝඩිමට ආවෙ මාස හතර පහකට කලින්. තවත් බෝඩිමක ඉදන් තවත් තැනකට මුහු වෙනකොට තියෙන්නෙ අමුතු හැගීමක්. මොකද අළුත් තැනකට මුහු වෙනකොට එහෙම හැගීමක් එනවා. මෙතනට ඇවිල්ලා දවස් දෙක තුනකදි වගේ තමයි එයාව දැක්කෙ එයා සුදුයි ඒත් සුදුම නෑ ඒක සුදට වඩා ලස්සන අදුරු පාටක්..ටිකක් විතර උසද මන්දා...එත් උසමත් නෑ..... එයාගේ තිබ්බා අමුතු පෙනුමක් හරියට මිනිස්සුන්ව වසගයට ගන්න පුළුවන් පෙනුමක්ම කියලා මන් කියන්නෙ නෑ.
                                          ඒත් මන් වසගයට ගන්න පුළුවන් වුණු පෙනුමක්. පොඩ්ඩක් ඉන්න මන් වසගයටම ගත්තා කියන්නත් බෑ. ඒත් මන් එයා ගැන ටිකක් උනන්දු වුණා. ට්කක් කිව්වට ඕනාවටත් වඩා වැඩි පුර උනන්දු වුණා කිව්වොත් ඒක වැරදියිම කියන්නත් බෑ.
                       දවසින් දවස එයා මල් පැල වලට සාත්තු කරන දිහා මන් හවස ඇවිත් උඩ තට්ටුවෙ ඉදන් බලන් හිටියා.  එක නිකන් පුරුද්දක් විදියට හැමදාමත් වුණා. තේ එකකුත් එක අතකින් අරගෙන පුටුවෙ වාඩි වෙලා එයා දිහා බලන් ඉන්න එක පුරුද්දක් වුනා. ෆෝන් එකත් ඔබ ඔබ සතියෙ දවස් වලටනම් මම විනාඩි පහලවක් විස්සක්ම කරන්නෙ එයා දිහා බලන් ඉන්න එක. එයාගේ තිබුනේ  ටිකක් විතර සිහින් සිරුරරක් අවශ්ෂ්‍ය හැඩ ඒ සිරුරේ ඕනවටත් වඩා තිබුණා.
                                    ඒත් මන් ආස එයාගේ උඩ කෙහෙ රැල්ලක් නිතරම මූනෙ පැත්තට වැටිලා තියෙන කොට එයා දිහා බලන්න. එතන තිබුනේ අමුතු අහිංසක ලස්සනක්.... ඇත්තම කිව්වොත් මාව ඉක්මණටම වසගයට ගත්තා.
                                                        මන් වැඩ කරේ ඉන්ෂුවරන්ස් කම්පැනියක පියන් කෙනෙක් විදියට. ඒත් ඉතින් මන් ඊට වඩා හම්බ කරන්නෙ ඒ යන එන ගමන්. මොකද මන් වැඩට යන්නෙ ත්‍රීවිල් එකේ. කියන්න ඕනෙ නෑනෙ කොළඹ  හයර් කෑලි වැදෙන විදිය උදේට යි හවසටයි.  පැය පැය ඔය දේකේදි ගහගත්තත් රුපියල් තුන් හාරසීයක් අනිවාර්යෙන්ම හම්බෙනවා.  මන් ත්‍රීවිල් එක ගැන කිව්වෙ කතාවේ ඊළග කොටසට යන්න . ආ හරි දැන් ඒක මෙහෙමයි........

28 June 2017

ගන්ධබ්බ

                    කහට සීනි දිය කරගත් කෝප්පය සමග ඉස්තෝප්පුවේ කුණු පැහැති වේවැල් පුටුවේ සිට ඉස්සරහ පාරත් යන එන මාළු කාරයත්, පලා කාරයත්, පත්තර කාරයත් දැකීම සුලභය. ඉන් එහා ඇති පිට්ටනියත් ඉන් මදක් ඔබ්බට ඇති වේල්ලෙ කන්දත් පින්නත් එක්ක දේදුන්නක් මවා ඇත.හිමිදිරිය නොවුණත් වැහි බීරුමත් එක්ක ඇත්තේ අදුරු පරිසරයකි.  අතු පතර විහිදී ගිය වැටෙහි වූ රූස්ස සූරිය ගස් දෙක තුනෙහි වූ අතු පතර එහි වූ දේදුන්න බැලීමට බාධාවක්ය. නිවාඩු දින වලට මා නිනව්වක් හෝ අදහසක් නොමැතිව ඈතින් මෑතින් පෙනෙන පාරත් යන එන එවුනුත් දිහා තේ කෝප්පයක් එක්ක බලා ඉදීම දැන් පුරුද්දක් ලෙසම සිදුවන්නක්ය.                                                                                                                                               
"මේ අහන්නකො"
"මොකද්ද....?"
"ආදරෙයිද මට?"
"පිස්සුද ඔයාට"
"ඔරවගෙන ඔරවගෙන ඉදලා අද ටිකක් කතා කරන්න ගත්තා. ඒත්"
"මොකද්ද ඒත් කියන්නෙ? බබෙක් වෙන්න එනවනෙ"
"මන් ඔයත් එක්ක හුරතල් නොවී කාත් එක්ක හුරතල් වෙන්නද"
"ඔන ඒ පාර අඩන්න ගත්තා.... මිනිස්සු ඉන්නවා තමුසෙට පේන්නෙ නැද්ද"
"මට තමුසෙ තමුසෙ කියන්න එපා. ඉන්න බැරිනම් යනවා මමනෙ අඩන්නෙ"
                                               පුංචි අම්ම්ලෑ ගෙදරින් ගෙනා ඉදි ආප්ප පීරිසිය තාමත් මේසෙ උඩය.  නිවාඩු දවසටත් උන්දැ සිතනු ඇත්තේ ඉර පායන තදියම මා කන බවය එහෙත් දැන් ඇදෙන් නැගිටීමට සිතෙන්නෙත් දහය එකොළහ ගෙවීමෙන් පසුය. ඉදි ආප්ප පිරීසියත් සීතලය තේ වතුර කෝප්පයේ අඩක් තාමත් එලෙසමය.  කෑමට පියක් නැත.

21 June 2017

ප්‍රේමය නම් කිමැයි කියා හදුනාගත් කිසිවෙකුත් නැති (18+)


පොඩි පොඩි කොලු ගැටව් ගේ බිජු අතගාන කලෙක
නැත්ත වෙතේ රහසින් ගල් කපනා රටෙක
පොඩි පොඩි වුන් රවටමින් චොකලට් සීනි බෝලයට
උන් ගනිති ලල් එක ලොල්ලෙකු වී සංස්කෘතියේ
රෙද්ද පල්ලෙන් වැටෙන

දිවා රෑ ගොදුරක් සොයමින්  ඒ මේ අත වෙහෙසෙන
කටාර් ලා ඇත මේ දම් දිව සතර දෙස
බියර් එකක් වත් ගැටයෙකුට දී කටට ගෙන උරනා දවස
මුට්ටියත් බිදිය හැක  ට්‍රයි කරොතින් අතමිට මොලවා වැද හොත්ව

එකල් රටේ සියලූ දුසිරිතෙන් පිරෙන
සමරිසි ප්‍රේමය අකපැයි එය වෙතිදෝ ලෝ දම් කරුම
සද තරු පායා ඇති රැයක  මල් මල් පෙම්වත් කතා මැද
නොසිටුනු ආසා පෙම්වතුන් නම් තව ලොවෙහි වෙද

වල ගැසුණු ගොරහැඩි කම්මුල් පහස දුන් චුම්භනය
 සොදුරුය දැනුනත් ඇගෙහි හිරු ගඩු පිපුම
පාළු ගෙදර නොබිදිමින් උන් උන් පිරිපුන් වලද
උන් උන් විදිති ආදරය එය වෙතේ ප්‍රේමය නම් නැත්ත

ඉදින් සද තරු පායා ඇති රැයක නුඹ හට ළං වෙන්න
ළං වී තුරුලටම තව තව දේ මුමුණන්න
ආදරය තව දුරද කිවමැන නෙත් බැදි කත ලග  පෙම්බර වැට් තරුව

-රෝමාන්තික රස්තියාදුකාරයා-

16 June 2017

බොලොග් කියවන්නියක් එක්ක කතා බහක්

                                                   
                                                         සාමාන්‍යයෙන් අපිට අපේ ජීවිතේ හුගක් හුස්ම ගන්න සිත් ගත් චරිත හබ්බෙන්නෙ අහම්බෙන්. ඒ හන්දියේ කඩේ ගාව, පේමන්ට් එහෙක,පෙට්ටි කඩේක, ක්ලාස් එකේ අනිත් පුටුවේ, බස් එහෙක, දූවිලි පිරුණු පාරක, බාර් එහෙක, පබ් එහෙක, ඊට හාත්පසින්ම වෙනස් උත්සවයක, පෙට්ටි කඩයක,ෆුඩ් කෝඩ් එහෙක...තැනක් නොතැනක් නැතිව සිත්ගත් මිනිස්සු හා අපූරු කියවීමක් තියෙන මිනිස්සු මුණ ගැහෙනවා. කොටින්ම කිව්වොත් අම්මයි තාත්තයි නෑදෑයො ටිකයි,ගමේ එවුනුයි ඇර අනිත් හැමෝම හම්බෙන්නෙ අහම්බයක් විදියට.
                             ඒත් සයිබර් පියස තුලත් එවන් සොදුරු එවුන් හා අපූරු දොඩමළුවකට තෝතැන්නක් කියලා රස්තියාදුකාරයාට ඉකුත් දවසක තේරුණා.  රස්තියාදුකාරයා වටේ සිටින්නෙ බොහොමයක් ගතානුගතික මුත් හොද මිනිසුන්. ඒත් රස්තියාදුකාරයා කුඩා කාලයේ ඉතා දැඩිව පිළිගත් ගතානුගතික අදහස් වලට ප්‍රබල විරුද්ද අදහස් සාමාන්‍ය පෙල අවධිය වෙනකොට තමන් විසින්ම ප්‍රශ්ණ කරන්නක් බවට පත්වුනා.
                       උදාහරණයක් විදියට සචින් තෙන්ඩුල්කාර් ශතකයක් ලබාගත්තයින් පසු ඉර දෙස බලා අචාර කරන ආකාරය, ජයසූරිය පන්දුවට පහරදිමට පෙර නිතර කරන අභින...... වගේ දේවල්... ඒත් මෙවන් කෙම් ක්‍රම තුළින් කුඩා මටත් සෑහෙන දේවල් සාර්ථක වුනා. අපේ ක්‍රිකට් භාර ආචාරතුමත් ඒම දෑ අනුමත කිරීම තවත් රුකුලක් වූණා.
                   ඒ කෙසේදයත් ඉතා හොදින් ක්‍රීඩා කරමින් සිටි යහළුවෙක් කඩුල්ල සිටුවා ගැනීමට පිත්ත පන්දු යවන්නන්ගේ පිලේ අයෙකුට ලබා දුන්නා. ඉන්පසු බෝල තුනක් යාමට පෙර ඔහු දැවී ගියා. ඉන්පසු ක්‍රීඩාගාරයට පැමිණි ඔහුට ගුරුතුමා දැඩිව අවවාද කරා. මන්දත් ඔහුගේ පිත්තෙන් වාසනාව අනෙකාට සම්ප්‍රේශණය වී තිබීම දැවී යාමට හේතු වී තිබුණා.

24 May 2017

අපේ දන්සැල

                                                     
           
                         වෙසක් මාසෙ කියන්නෙත් පුල් මාවලස් කාලයක්.විසේසයෙන් අප ගම්මැද්දෑවෙ සාමාන්‍යයෙන් වෙසක් වලට වඩා උත්කර්ශ්වත් සහ අලංකාර පොසොන් එක. ඒත් ඉතින් ඒ කොහොම වෙතත් අනාදිමත් කාලෙක ඉදන් අපිත් වෙසක් සද නැග ගෙන එන අල්ලපනල්ලෙ ලක ලෑස්ති වෙන්නෙ අනාදිමත් කාලෙක ඉදන් අඛන්ඩව අපි සැට් එක සිදුකරන සුමධුර ධර්ම දේසනාව සහ මහා දන්සැලෙහි වැඩ කටයුතු ඉෂ්ඨ සිද්ධ කරන්න. මේ පාර අපි තීරණය කරේ ආරණ්‍යවාසී හාමුදුරුවො කෙනෙක් ගෙනැල්ලා වෙනස් විදියේ ධම්ම දේශණාවක් කරන්න. කාගෙත් වැඩි මනාපෙන් හැමදාමත් වගේ ගල්දූව ආරණ්‍යයේ ලග්ගල කල්‍යානවංශ නැමැති හිමි නමකට ආරාධනා කෙරුනා.
                                                                      දැන් එතකොට දන්සැලට දෙන්නෙ මොනවද අපේ අන්තර් වෙසක් බෞද්ද මහා සංවිධානය සකච්චා කරා. ඉන්පසුව සියල්ලෝගේම ඒකමතික ජන්දයෙන් සහ දෙතුන් දෙනෙකුගේ දැඩි විරෝධය හමුවේ. අතිසය පජාතන්ත්‍රවාදී විදියට නුඩ්ල්ස්,පාප්පු සහ සීනි සම්බල් දෙන්න තීරණය කෙරුනා. මුල් සාකජ්ජා වටේදිම නුඩ්ලස් වලට අපේ හිතවත් සාමාජික ගම්සභාවේ මන්ත්‍රී තැම්පත් අවන්ත සහෝදරයාගේ සම්පූර්ණ අනුග්‍රහය ලැබුණා.
                                                                    ඒ වගේම සම්බල් වලටත් සමාජික පහුලකින් සම්පූර්ණ බරපැන ලැබුණා,  පහුලකින් ලැබුනැයි කිව්වට ඕක නිකන් පහුල් සංවිධානයක් වගේ එකක් මොකද ඔය පහුලේ ඉන්න සහෝදර සහෝදරියො හතරපස් දෙනයි, වද පුංචි අම්මගේ ඉස්සර ගෙදර එකයි පස්සෙ ගෙදර එකයි දෙපැත්තෙ ගෙවල් වල එවුනුයි සේරොම ඔය සම්බල් භාරගත්ත පහුලට අයත්. ඉන්පස්සෙ අන්තිමට පාප්පු වලටත් එක දෙන්නා කිලෝ හතර පහ සමාදර  සමඅනුග්‍රහය දුන්නා.

15 May 2017

ගඟ ලඟ තොරණ ලඟ ෆෝකස් කරපු ලිය


ගඟ ළග තොරණ ළග ෆෝකස් කරපු ලිය
හන්දියේ තොරණ ලගදී මිසින් විය
කුමට කියමි ඈ ගැන රුව ගති වරුණ
පන්සලේ කූඩුවේවත් නෑ කැටයම් එතරම්ම

මාකට් එක ළග කුඩුවෙ සුන්දර කැටයම් අතරේ
දැක්කෙ අර ලියයි වෙනසක් නෑ කැටයම් ඇයගේ
පහුලේ උන්දැලත් මිස් කොට කවුරුත් නැති අතරේ
රටකජු ගොට්ටේ නම්බරේ ලියලයි ඈ දුන්නෙ

කට සැකරයි සිතකුත් මගේ ඈ ගැන නැති පාටයි
පිකප් එකේ ලග නැව්වට ඈ නිව්ටල් කෙල්ලයි
පාර දෙපස එහෙ මෙහෙ යන ලියනුත් බෝමයි
මේ වෙසඟෙවත් පින පල දුන්නොත් මල්මයි

වැදලා රනවරා,ඔසුපැන්, සව් දන්සැල් දෙකතුන හතරක්ම
බත් දන්සැලක් සෙව්වෙමි බඩගින්නත් වැඩිවෙලා හොදටම
කීලෝමීටර් දෙකතුන පෝලිමේ ලොකු පොඩිවුන් අතර
සෙට් වුනෙමි අගට පෝලිමෙ කලියෙන් හෙට එළි වෙන්න

ඉස්සරහම හිටි ලිය සුන්දර වෙති බෝම
ඉගසුග බෝම ඇත මහතට පොස් එකට
කැටයම් ඇයගේ නැත සුන්දර ඇය ලෙන්ගතුය
ඇගටම ආපු පොඩි එහෙකුටත් ඈ එරෙව්වය

ගෙදර කෙනා මෙහි නෑලු ආසයිලු දන්සැලකින් කන්න
නැන්දම්මත් එක්ක ආවේ ඒ නිසාලු දන්සැල් වදින්නට
බඹ ගානක් දිග පෝලිමෙ මල් මල් කතා මැද
ගෙවුනා සොදුර ලෙස පෝලිම තව දිග වූවානම් මල්ම

කුමට කැටයම් කොටනු කදුරු ලීයේ ඉතින් හැඩ දමා
විදපූ ලීයෙ කැටයම් සුන්දර වෙති කදිමයි බෝමා
කැටයම් ටික තියා ගනින් කෙල්ලෙ පොසොනුත් ළග එනවා
මෝරපු ලීය ලෙහෙසියි ලපටි ලීයට හම යනවා

-රෝමාන්තික රස්තියාදුකාරයා-

ප.ස.- ඔන බොලොග් වසන්තයේ අන්තිම හරිය යන්නෙ. මාත් ආයෙ පැත්තෙවත් නැහැයි හිතුවට චුන්ඩක් උඩට ඇවිල්ලා ඉන්නෙ. අපේ දුමීලා.අටම්ලා,අරූලා,ඉයන්ලා,ඉවාන්ලා,සොදුරු අතීතය..... එහෙමත් පෙරමුනේම සටනේ. ඔය කොයි කාගේ හරි හොද පෝස්ට් එකක් තියේනම් කියවලා බලලා චන්දයක් දාල එන්න. චන්ද පහක් දෙන්න පුළුවන්ලු. හොද එකෙක්ට දාහල්ලා. හොදම එකානම් මම තමයි. ඒත් තව හතරක්ම තියේනේ. ඒවත් දාහල්ලා කාට කාට හරි. ඔක්කොටම ජයින් ජයම වේවා.......එහෙමැයි කිව්වට මට පොඩ්ඩක් වැඩියෙන් ජයවේවා........