29 August 2016

අට වසරෙදී පන්තියට අළුතින් ආපු මිස්


රස්තියාදුකාරයා පහුගිය දවස් ටිකේ හිටියේ විභාගයක් එක්ක.ඇත්තම කිව්වොත් අපේ අධ්‍යාපනය කියන්නේ පට්ටම අවුලක්. මොකද කිව්වොත් අපේ ව්භාග ක්‍රමේදි බලන්නේ මිනිහෙක්ගේ යම් විෂයක් සම්බන්ධව තියෙන හැකියාව නෙවෙයි.ඌට එ සම්බන්දව තියෙන මතකය.කොටින්ම කිව්වොත් ඇත්තටම විභාග වලින් ගොඩ යන්නේ හොද මතකයක් තියෙන උන්. සැබෑ හැකියාව තියෙන උන් හැලෙනවා.හුගක් වෙලාවට සා.පෙළින්ම ඌ හැලෙනවා.
                                                           අපේ සා.පෙළ පන්තියෙදි හෙන කාලෙක ඉදන් ගණන් වලට වැඩිම ලකුණු ගත්ත කොල්ලෙක් හිටියා.හිත හොද කොල්ලා රස්තියාදුකාරය වුනත් බැරි දෙයක් අහගන්නේ උගෙන් තමයි.අපි ඌට සමන් කියමු සමනට මිස්ලා සර්ලත් පට්ට ආදරෙයි.උගෙ අම්මයි තාත්තයිත් ගුරුවරු ඉතින් අපේ පන්ති‍යේ ගණන් නම් සමන්, සමන් නම් ගණන් තමයි හැබැයි මන් දැකලා තියෙනවා  ඔය එක එක බාහිර වැඩ වලදී මෑන් ගණන් පල හිලව් එකතු කරන්න ගියාම කැල් එකක් අරන් ගහනවා.හැබැයි ඌ මොනවා වුණත් ගණන් වලින් විතරක් නෙවෙයි අනිත් විෂයන්ගෙනුත් හොද ලකුණු ගන්න දක්ෂයෙක්. ඒ වගේම අපේ පන්ති‍යෙ හිටියා තවත් හොද කොල්ලෙක් හැබැයි ඌට සමන්ට වගේ ඉගෙන ගන්න බෑ සමන් වැඩිපුඅරම පන්තියේ ඇතුලේ හිටියට මූ නම් ඉන්නේ එළියෙම තමයි.
                                                                          හැබැයි එහෙම කියලා සමන් කියන්නේ පන්තියේ ඇතුළෙම හිටපු පොත් ගුල්ලෙකුත් නෙවෙයි.උගේ අම්මලා අපේ පාසලේම ගුරුවරු වුණු නිසාමද කොහෙද සමනා එලියට බහින්නේ ඉන්ටවල් එකට විතරයි.ඒකට මන් කියපු අනිකා අපි ඌට ලේසියට පියල් කියමු. නොයෙකුත් මත්ද්‍රව්‍ය වර්ග  සහ භාවිතය පිළිබද ඌට තිබුණේ  පාසල් කාළේ ඉදන්ම හසල දැනුමක්. අපි ඔය මොකක් හරි අසම්ජ්ජාති වැඩකට ගොහින් ගණන් හිළව් එකතු කරද්දි පියලා තමයි ඉදිරියෙන්ම ඉන්නේ උදාහරණයක් විදියට මෙහෙමයි කට්ටිය සෙට් උණාම ගල් බොතල් ඒක හමාරකට 1050 යි බයිට්  පැකට් එකට අච්චරයි , ගල් ගහන් නැති උන්ට ගන්න බියර් බෝතල් දෙකට මෙච්චරයි, කියලා අන්තිමට "අඩො රුපියල් හැත්තපහක් අඩුයි.සැන්ඩි වලට ටැප් එකේ පිහිට තමයි" කියලා ඌ ඔප්ෂන් එකත් අපිට දෙන්නේ බස් එකේ යන්න තියෙන අන්තිම රුපියල්  පහත් අපි ඔක්කොම සම්මාදම් කරා කියලා ඌ දන්න නිසා.
ටැප් එකේ පිහිට කියන්නේ වෙන මොකුත් නෙවෙයි වතුර වලට.මොකද හුගක් දවස් වලට ඔය සැන්ඩි කියලා කොරේ ඔය වතුර තමයි.පාසල ලග කඩ චෝරු විකුණපු නන්දනී ඇන්ටිලෑ ගෙදරට මොකක් හරි බොරුවක් කියලා කූල් වතුර එකක් ගත්තොත් ඉතින් අපිට ඊට වඩා සතුටක් නෑ . ඒ වගේම බිග් මැච් කාලෙට,ස්පෝට් මීට් කාලෙට කරන මේ වැඩේට තියෙන්නේ බෝතල් එක හමාර උනාට බොන්න කොල්ලො දහයක්,පහළොවක්ම ඉන්නවා.
                                   කොහොමින් කොහොම හරි පියලට ගණන් හිළව් වලට හොද හැකියාවක් තියෙනවා කියලා මට ඒ කාලෙ ඉදන්ම තේරුණාට අපෙ පාසලෙ අනිත් කොල්ලොන්ටවත් ගුරුවරුන්වත් ඒ ගැන කිසි වගක් නෑ කොහේ හරි ගහගත්තොත් හරි වෙන මොකක් හරි අසමජ්ජාතී වැඩක් කරොත් හරි ඌ එතැන ඇති කියලා තමයි ගුරුවරු කිව්වෙ.උදය රැස්වීමේදි කෙල්ලොන්ගේ පැත්තට අහස්කූරු යැවීම, ගුරුවරයෙක්ට ඩස්බින් ප්‍රහාරයක් එල්ල කිරීම, ගුලි කා ප්‍රින්සිපල්ට මාට්ටු වීම. උඩ තට්ටුවේ සිට පල්ලෙහාට චූ කොට ඉංග්‍රීසි ම්ස්ට මාට්ටු වීම වගේ ඒවා පියලගේ කල් කිරියාවකොටසක් විතරයි.ඒ වගේම මට අමතක නොවෙන හුගාක් බය හිතුණ සිද්දියක් තියෙනවා පියලත් එක්ක ගත කරපු ජීවිතේ.
                                                           එතකොට අපි අට වසරේ හරිම පොඩි එවුන් ඔන අපේ පාසලට එනවා ගුරුවරියක් එයාගේ මුල්ම පත්වීම අපේ පාසල.හරි හරි මිස් කෙනෙක් තමයි ඒත් ඔය බොරු ඕනෙ නෑනේ ඉස්තරම් කෙල්ල.මාරම ලස්සනයි.අපේ ඉස්කෝලේ ඒ ලෙවල් කරන අක්ක කෙනෙක් වත් නෑ එච්චර ලස්සන. මිස් ගෙ හමේ පාටත් ක්‍රීම් වගෙ පාටක්. මිස්ගේ මූනෙ තියෙන්නෙ අමුතුම ආඩම්බර පෙනුමක්.කවදාවත් නැතිව අපි පොත් පෙන්වන්න යන්නේ හෙන උනන්දුවෙන්  ඒ මිස්ගේ හංසයෝ දෙන්නගේ සුන්දරත්වය බලන්න.හරිම ලාමක පාටයි සාරි හැට්ටය අස්සෙන් එහෙ මෙහෙ ඉපිල්ලෙන්න හදන කොට අපි නිර්වින්දනය කාරා වගේ.වතුර පුරවපු බැලුම් බෝලයක තියෙන ලෙළදීම වගේමමයි මිස්ගේ පපුවත්. අනික තමයි මිස්ගේ නාභිය කොටස.හප්පේ ලස්සන වෑත්තෑවෙ හාමුඩුරුවො ගුත්තිලයේ සුරගන වැනුම ලිව්වේ එක දිහා බලලද කියල හිතෙනවා.
                  සිහින්මත් නැති මදක් පිරුණු එහෙත් නෙරා යාමක් නොවෙන මිස්ගේ නාභිය කොටස පුදුම තරම් ලස්සනයි.හරිම ෆ්‍රෙෂ් වගේ පාටක් තමයි නිතරම එතන.මට එක වචන වලින් කියන්න තේරෙන් නෑ නමුත් පට්ටයි......ඉතින් අපේ ඒ ලෙවෙල් කරන කොල්ලෙකුත් එක පාරක් ඒ මිස්ට මලක් දීලා ප්‍රින්සිපල් දුන්නා අපේ පන්ති ගාවදිම ඌට ඉදිමෙන්න. මන් හිතෙන්නෙ ඌ අයෙත් පස්සෙ කාලෙක කෙල්ලටවත් මලක් නොදෙන්න ඇති. ඒ ගුටි කෑමට.
                                                                          කොහෙමෙන් කොහොම හරි ඒ මිස් පන්තියේ උගන්වන වෙලාවක පියලා ඉස්සරහම පේළියේ ඉදන් මොනවද කියනවා පාරින් පාර මිස්ට හොරෙන්. මිස් දිහා බලපන් කියන එක තේරෙනවා ඒත් ඉතිරි ටික තෙරෙන් නෑ මූ කියපු දේ විනාඩි දහයකට විතර පස්සේ තමයි මට තේරුණෙ  මු කියන්නේ 'මිස්ගේ බඩ බලපන් කියලා' මන් දන්නවා මගේ අතිජාත මිත්‍රයා කිව්වොත් කියන්නේ මේ වගේ වැදගත් කියලා . මොකක් කරගත්තත් ඌ මුලින්ම ඒ දේ මට කියන පුරුද්ද  ඒ කාලෙ විතරක් නෙවෙයි උගෙ දැනටත් තියෙනවා.කොහොම හරි මිස්ගේ බඩ මට හරියට පේන් නෑ මොකද මන් හිටියෙ පිටිපස්සේම පේලියේ පියලගේ කල් කිරියාව හොද නිසා තමයි ඌ  ඉස්සරහ වාඩි කෙරෙව්වේ.ඊට පස්සෙ මන් කිව්වම "පේන් නෑ කියලා" මූ අයෙත්  රහසින් මොනව හරි ඕලුව නවාගෙන කියනවා.ඕන ඒ පාර මිස් අපේ පැත්තට මොනවා හරි පැහැදිලි කර කර එනවා.
                                                                ඒත් මිස්ටත් හොරෙන් මිස්ගේ බඩ දිහා බලනවා අරූ කියන මළ දානේ මොකක්ද කියල දැනගන්න. අප්පට සිරි දැන් තමයි තේරෙන්නේ මූ කියල තියෙන්නේ "මිස්ගේ බඩෙ මයිල් බාලා" කියන එක.හප්පේ දැන් ඉතින් මිස්ගේ බඩ තව ටිකක් වැදගත් විදියට කිව්වනම් ම්ස් ගෙ නාභිය කොටස තවත් සුදු වෙලාද කොහෙද මිස්ගෙ බඩ තවත් සියුමැලි පාට වෙලා.කොහොම වුනත් දෙදාහේ මැද කාලේ ගමේ ඉස්කෝලෙකට ගියපු අපිට මේ වගේ එකකින් අමුතුම ත්‍රිල් එකක් තමයි තිබුණේ. මොකද අපි දැනන් උන්නේ කොල්ලො රැවුල කපන එක ගැන විතරයි.
                                                         ඊට පස්සේ තමයි හොදම දෙය වුනේ ඒක මටත් කලින් පන්ති නායිකාවට තේරිලා. කියන්න ඕනේ නෑනෙ අට වසරෙ පන්ති නායිකාව කියන්නෙ මොන වගේ කෝලමක් ද කියලා.පන්තිය ඉවර වුණු ගමන්ම මේකි කියපි ඔයාලා මිස්ගෙ දිහා බල බල කියපු දේවල් මන් දැක්ක මම ඒවා පන්තිභාර මිස්ට කියනවා කියලා.මේකි කොහොමත් මාත් එක්ක පට්ට ඇරියස් ඇයි ඉතින් මමනේ පන්ති නායකයා.අපිට තිබ්බ පන්තිභාර මිස් දීලා තියෙන පොඩි පොඩි බලතල මන් පාවිච්චි කරේ නසරාණි වැඩ කරන්න. උදාහරණයක් විදියට පන්තියේ ළමයෙක් එළියට යනවනම් පන්ති නායකයගෙන් හරි නායිකාවගෙන් හරි පාස් එකක් අරන් එළියට යන්න ඕනේ එහෙම නැතිව ශිෂ්‍ය නායකයොන්ට අහුවුණාම තනිකරම ලෙඩ තමයි.
                                                   ඉතින් මට හම්බෙලා තියෙන පාස් දෙකෙන් මමයි තව දෙන්නෙකුයි.මිස්ලා නැති වෙලාවට නිතරම එලියෙ.පන්ති නායකයගේ බැජ් එක ගහල තියෙනවනම් එතකොටත් යන්න පුළුවන් පාස් නැතිව.මේ වගෙ ඒවට පන්ති නායිකාව හිටියෙ මාත් එක්ක මලෙන් මිස් ගෙ සාරියේ එල්ලි ලා මිස්ට කේලම් කියන හින්දා මටත් ඒකිව පෙන්වන්න බෑ.දැන් ඉතින් මාර ප්‍රශ්නෙ මේකි මිස්ට කිව්වොත් ඔක්කොම ඉවරයි මමයි පියල‍යි හොදටම බයවෙලා.මිස් කෙනෙක්ගෙම බඩ බැලුවා කියලා මිස් දැනගත්තම මිස් මොනවා කරයිද.පපුව ගැහෙනව බයටම, ගෙවල් වලින්  ගෙන්වන්න කිව්වොත් හපොයි ජීවත් වෙලත් වැඩක් නෑ ඇයි අප්පේ මොකුත් නොදන්න පොඩි එහුන් වගේනෙ ඉන්නේ ගෙදර.කොහමින් කොහොම හරි පියලා කියල කියලම පන්ති නායිකාවව ශේප් කරගත්තා.
                             හප්පෙ යන්නතම් ඒක ඉවරයි දවස දෙක තුනක්ම ගියා අපේ පන්ති උපනායකයා ඉන්නවා නේද ඌ  මහ අපත චරිතයක් පන්ති නායිකාවටම ගැළපෙන චරිතය, හුණු කූරු ගේම,පන්ති රෙජිස්ටරය ගේම වගේම අමතක වෙන ගුරුවරුන්ට පීරියඩ් එක මතක් කරන්න යන එක මගේ රාජකාරියක් වුණාට මූ තමයි පැනලා යන්නෙ.කොහොමත් මාත් ඔය වැඩ වලට අකමැති නිසා ඌටම කරන්න දීලා හිටියා.හැබැයි අර පොඩි පොඩි බලතල තිබුනේ මට මොකද සමහර වෙලාවට ගුරුවරු අවසර දීලා යනවා කෑ ගහන ළමයින්ව දනගස්සන්න වගේ ඒවා.ඉතින් ඒ කාලේ ඒ වගේ ඒවා හරි ලොකුයි. ඉතින් මුට ඒවා නැති නිසා මූ හිටියේ  මාත් ඒක්ක ටිකක් අරියස් එකේ.
                                        ඉතින් මූ පන්ති‍භාර මිස් එක දවසක් පොත් බල බල ඉන්දැද්දි මූ ළගට ගිහිල්ලා කියපි "මිස් පියලුයි,රස්තියාදුකාරයයි සිතාරි මිස්ට මහ ජාරා වැඩක් කරල තියෙනවයි පන්ති නායිකාව ඒක දැකල තියෙනවයි කියලා" මිසුත් දැන් කලබල වෙලා දැන් පන්ති නායිකාව ගෙන්නලා අහනවා මොකද්ද කියලා.දැන් මේකිට මන් කොච්චර බැන්නත් මේකිත් මගේ දිහා බලනවා ඇඹරෙනවා මේකිත් කියන් නෑ මේකිත් බය වෙලා හොදටම.පව් අහිංසක කෙල්ල. ඒ වෙලාවෙ මාත් පියලත් හිටියෙ වෙව්ලන ගානට වුනත් අපිව එක පාරටම පාවල නොදුන්නු නායිකාව ගැනත් ලොකු හැගීමක් දැනුනා.එතකොටම බෙල් එක ගහපි ඊලගට පීරියඩ්  එක තියෙන සර් ආවත් පන්ති නායිකාව තාම කිව්වෙ නෑ මිස්ටත් හොදටම කේන්තියි දැන් හතර දෙනාම එනවා කියලා මිස් අර සර්ට පන්තිය දීලා ස්ටාෆ් රූම් එකට අරන් ගියා බැරිම තැන.
                                                         ඊට පස්සේ  උපනායකයගෙන් අහපි මොකද්ද වුණෙ කියලා.ඌත් බොරුවට අදිමදි කරනවා දැන්.මිස්ට තවත් කේන්තියි මිස් දන්නවා මොකක් හරි නසරාණිම වැඩක් තමයි කියලා කරලා තියෙන්නේ.අන්තිමේදි පන්ති නායිකාවට සැර වැර වැඩි වෙනකොට කියන්න ගත්තා වුනේ මොකද්ද කියලා මිස්ගේ බඩ බලපු හැටියි,මයිල් කපපු හැටියි, මිස්ගෙ බඩ හුගක් සුදුයි කියලා කියපු හැටියි, ඔක්කොම කියාගෙන කියාගෙන ගියපි.අපිට හිතාගන්න බෑ තව ටිකකින් මොනවා වෙවිද කියලවත්.හැබැයි කථාව අහල ඉවර වෙලා මිස් කියපු දේ තාමත් මතකයි මට

 "ආ ඕකද , ඕක මොකද්ද.මොන එහෙකටද ඕක නොකියා හිටියේ මෙච්චචර වෙලා.හා දැන් යන්න"

                                                                         මායි පියලයි පන්තියට ගියේ කුරුල්ලෝ වගේ ඊට පස්සේ ඉතින් පන්ති නායිකාවත් එක්කම තමයි, හොද යාලුවෝ. උපනායකයට දුන්නා පිට්ටනියෙදි මායි පියලයි අල්ලගෙන.ඊට පස්සේ ඌ මට  චීත්ත අදින්න ගියෙත් නෑ. හැබැයි වෙන එවුන්ට චීත්ත ඇදලා තිබ්බා.හොදම දේ තමයි පියලයි මටයි පන්තිභාර මිස් ඉස්සරත් වඩා ආදරෙන් සැළකුවා.මාත් එක්ක ඉස්සරත් සාමාන්‍යයෙන්  මිස් හොදයි ඒත් පියලව පේන්න බෑ  අපි දෙන්නට එකටවත් ඉන්න බෑ.ඒත් මේ සිද්දියෙන් පස්සෙද කොහෙද අපි දෙන්න එක තැන වාඩි වෙලා හිටියත් මිස් ඌව වෙන තැනකට දාන්නෙත් නෑ මන් දැම්මෙත් නෑ. එදා වුණු දේ රස්තියාදුකාරයට තාමත් හිතාගන්න බෑ.
                                                        ඒ පියලා ගැන එක කථාවක් විතරයි.කොහොම හරි මන් කථාව පටන් ගත්තේ සමන් කියන සා.පෙල පන්තියෙ හිටපු යළුවයි.පියලුයි ගැන කියලනේ.පියල් සා.පෙළ අසමත් වුණා
සමන් අපේ විභාග ක්‍රමය අනුව උසස් පෙළත් කලා විෂය දහරාවෙන් උඩින්ම පාස් වෙලා ගියා විශ්වවිද්‍යයාලයට. කාලය හෙමි හෙමින් ගලාගෙන ගියා. පාසලේ  යාලූවො දහ දොලොස් දෙනෙක් එක්ක බෝතලයක් ලග එකතු වුණු වෙලාවක ඒ සුන්දර පාසල් කාලය ගැන දෑසට කදුලු එන සුන්දර මතක ගැන වගේම, දවසේම සිනා සයුරෙ කිමිදිය හැකි රසකථාත් එමට තිබුණා.
                                                    ඉතින් අවසානයේදී සියළු රසකථා මැද හැමෝම කිව්වේ අපි ඒ මතක අළුත් කරගන්න "ගෙට් ටු ගෙදර්" එකක් සංවිධානය කරමු යන්න.ඒ වගේම අපිට ඕන වුණෙ මෙතෙක් පාසල් ඉතිහාසයේ පැවැත්වූ අති උත්කර්ෂවත්ම සහ වැඩිම පිරිසක් සහභාගී වූ වැඩ සටහන කරන්න.අවසානයේදී අපි එය කරා.......ඒක වෙනම කථාවක් පස්සෙ ලියන්නම් ඒ ගැන කොහොම හරි පියල් මේ වෙනකොට සා.පෙළ අසමත් වුණත් කාටත් වඩා හොද ජීවන තත්වයක් හදාගෙන තිබුණා ව්‍යාපාර කිහිපයකම තනි හිමිකාරිත්වය  ඒ වෙනකොට ඔහු සතුවුණා.කෙටිකාලෙකින් අතිශය උසස් ජීවන තත්වයක් ස්ව උත්සහයෙන් සහ සාධාරණ ලෙස ඔහු උපයා ගෙන තිබුණා.
                                          "ගෙට් ටු ගෙදර්" ඒකේ  මුල්ම  ටිකට් එක විකුණමු කියලා මම යෝජනා කලේ පියල්ව.කවුරුත් ඒකට ඉහළින්ම කැමති වුණේ. ඔහුගෙන් ටිකට් එකට අමතරවත් ලොකු දායකත්වයක් ගන්න පුළුවන් කියන විශ්වාසය මත.පුරුදු විදියටම අපි දිනයක් දා ගෙන ඔහු සොයාගෙන ගියාම රුපියල් තිස් දහසක අමතර දායකත්වයක් හා එය ප්‍රමාණවත් නොවේ නම් ඕනෑම මුල්‍යමය හෝ වෙනත් යම් යුතුකමක් වෙතොත් පාසල වෙනුවෙන් කිරීමට එක හෙළාම පොරොන්දු වුණා.ඊට පස්සේ තමයි මට සමන්ව මතක් වුණෙ ඌ ඉන්නෙත් ඒ පාරෙම කියලා මන් දන්නවා.ඉන් පස්සෙ ඒ ගමන්ම සමන් ලෑ නිවසටත් යාමටත් අපි පිටත් වුණා.
පියලුත් ඒ සදහා පැමිණියා ඔහුගේම මෝටර් රථයෙන් පැමිණියා.
                                        හෝන් එක දෙපාර ගහනකොටම එලියට අවේ සමන්ම තමයි.පොඩ්ඩක් ඇදිලා ගිහින් හිටියට මිනිහගෙත් ලොකු පෙනුමේ වෙනසක් නම් තිබුන් නෑ. ආ ගිය තොරතුරු අපි නිවස තුළට නොයාම කතා බස් කරේ එදින තව බොහෝ දේ කිරීමට හා බොහෝ තැන් වලට යාමට තිබුණ නිසා.කොහෙමින් කොහොම හරි ඔහුට සමු දීමට පෙර මා විමසුවෙ ටිකට්පත සදහා මුදල් අද දෙනවාද නොමැතිනම් වෙනත් දවසක දෙන්නේද යන්නයි. ඉන් අනතුරුව.  "පොඩ්ඩක් හිටපන් මචන්" යැයි පවසා නිවස දෙසට යන අතරතුර මට ඇසුනේ
"අම්මේ..............." යැයි හඩ තලන සමනගේ කට හඩ.

ඉතින් මම තවදුරටත් කියන්නේ එයැයි අපේ අධ්‍යාපන ක්‍රම‍යෙ කොහේ හෝ ලොකු වැරද්දක් වී ඇත.ඒසෙ නොවුණානම් කැම්පස් ගියපු සමන් අම්මගෙන් සල්ලි ඉල්ලනොකොට සා පෙළත් අසමත් වුණු පියල් තනි ව්‍යාපාර කීපයක අයිතිකාරයෙක් වන්නෙ නැත.

5 comments:

  1. මේ පෝස්ට් එක අස්සේ මාත් ඉන්නවාදෝ කියළත් හිතෙනවා.

    ජයවේවා!!!

    ReplyDelete
  2. අවසන් ප්‍රතිඵලය මට සමාන නොවුණත් ඒ වන විට මම උසස් පෙළ කරන අවධිය වුණත් අපේ මොකද්දෝ සමානකමක් තියෙනව වගේ දැනෙනව මලය

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි වැව් ඉස්මත්ත.අපි හැමෝගෙම ජීවිත වල හුගක් තැන් තියෙනවා එකට පෑහෙන

      Delete
  3. මම මුලින්ම කීකරු ගොඩේ ඉඳලා පස්සෙ නසරාණි ගොඩට මාරු උනා නෙව ... කියවගෙන යනකොට ලියල තියෙන බොහොමයක් දේට ඉබේම අපේ එක්ක හිටපු එවුන් ආදේශ වෙනව !

    ReplyDelete