10 August 2016

රස්තියාදුකාරයා ගැන

අදත් උදේම මන් දුම්රිය පොළට ගොඩ වුනා ඒ මොකටවත් නෙවෙයි රැකියාව සදහා පිටත් වෙන්න.රැකියාවක් කියලා කිව්වට මේ එහෙම ලොකු රැකියාවක් නෙවෙයි යහළුවෙකුට, නෑදෑයෙකුට තියා ගෑවිච්ච් එකෙකුට කටක් ඇරලා ගන්න පඩිය කීයද කියලා නම් කියන්න බැරි හැබැයි කට පිරෙන්න කොළඹ රස්සාවක් කරනවා කියලා නම් කියන්න පුළුවන් එකක්.ජීවිතේ පටන් ගන්න ඕන අන්තිම අඩියෙන්ලුනේ මාත් එහෙම තමයි හැබැයි පොඩි ප්‍රශ්ණයකට තියෙන්නේ අවුරුදු ගානක් තිස්සේ තාමත් අඩියෙම තමයි.ගොඩ යන්න ඕන.හීන ගොඩක් තියනවා බොරු කියන්න ඕනෙ නෑනෙ මගේ ජීවිතේනම් සුන්දර නෑ පට්ට කට්ටක්.කටු කාලා තමයි ලු ගොඩ යන්න ඕන ඒත් තාම ගොඩ යාම නම් අහලකවත් නෑ.මේක තමයි මගේ ජීවිතය ඒ ජීවිතය ඉදිරියට උබලත් එක්ක බෙදාහදාගන්නයි මේ සුදානම් වෙන්නේ.කොහොමත් මේ මගේ පළවෙනි බොලොග් සටහන
.
                                                  පාරිභෝගිකවාදී සමාජයේ මිනිස්සු සල්ලි පස්සේ දිව්වත් තාමත් රස්තියාදුකාරය සමහර විට දුවන්නේ මත් පැන් පස්සේ.ප්‍රාණ සම සහෘදයොත් එක්ක එකතු වෙලා වැල්ලේ ගලක් උඩ ලූස් බයිට් අහුරක් එක්ක මත් පැන් වීදුරුවක් හිස් කරන සතුට Felling Happy with 48 others කියලා FB  එකේ කෙටුවට ලැබෙන් නෑනෙ සහෘදයා. රස්තියාදුගහන ජීවිතේ හම්බුණු මිනිස්සු,සිදුවීම් හරිම සුන්දරයි ඒ ගැනත් මතක ගොන්නක් රස්තියාදුකාරයගේ හිතේ තියෙනවා.ඉතින් ඒ වගේම මගේ ජීවිතයේ බොහෝ රෝමාන්තික හමුවීම් වෙන්වීම් වුණ තැනක් තමයි දුම්රිය කියන්නේ කොළඹ කැම්පස් එකට එන කෙල්ලෝ හුගක් වෙලාවට බහින්නේ මන් බහින් ස්ටේශමේමයි ඉතින් උන්දෑලගෙ ඉදලා.රජයේ රස්සා කරන, පෞද්ගලික අංශයේ රස්සා කරන ඇන්ටිලා දක්වා ආදරකථා බොහොමයි :-) හැම කථාවක්ම මගේ නෙවෙයි හැබැයි රස්තියාදු ගහන ජීවිතේ අත්දැකපු සුන්දරම දේවල් තමයි ඒ.
                                                                                      මන් නවතින්නයි සුදානම.මොකද දන්නෙම නැතිව දුම්රිය කොල්ලුපිටියට ඇවිත් මීලගට තිබෙන්නේ මන් බහින දුම්රිය ස්ථාණය.ඉතින්  ඔය තමයි රස්තියාදුකාරයා ගැන,රස්තියාදුකාරයා රස්තියාදු ගහපු ජීවිතේ ගැන කරන්න පුළුවන් සරළ සුගම හැදින්වීම.ඉදින් එකතුවී බෙදාගමු රෝමාන්තික රස්තියාදුව.

-රෝමාන්තික රස්තියාදුකාරයා-
romanthikarasthiyadukaraya/facebook

13 comments:

  1. හොදයි , දිගටම ලියාගන ලියාගන යං

    ReplyDelete
  2. හොදයි , දිගටම ලියාගන ලියාගන යං

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි අයියේ

      Delete
  3. ඊළග නැවතුමෙන් බැස ගියත් බ්ලොග් ලෝකයේ දිගටම ලියන්න මගේ සුභ පැතුම්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම ලියනවා.බොහොම ස්තූතියි සහෘදයා

      Delete
  4. දිගටම ලියහන්. ජය වේවා මචන්

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම...බොහොම ස්තූතියි Sanjaya Srikanth

      Delete
  5. ම් ම් ම් හැමෝගෙම ජීවිතේ උඹ ඔය කියලා තියෙන විදිහ තමා.

    වර්තමානයේ හිතෙන්නේ කවදාවත් ගොඩ ඒමක් නෑ කියලා.

    ඒත් ටික දවසක් ගිහින් එදා වර්තමානය ගැන හිතල බැලුවාම හිතෙයි එදාට වඩා ගොඩ ගිහින් ඒත් දැන් ඉන්නේත් වලක කියලා.

    ජීවිතේ ඔහොමයි ඒත් ඕනවට වඩා හිතන්නේ නැතුව සතුටින් ඉන්න ට්‍රයි කරන එක තමා හොඳම

    ReplyDelete
    Replies
    1. කතාවනම් සහතික ඇත්ත දුකා....හැබැයි කොච්චර කටු කෑවත් දුකක්,පසු තැවීමක් හෙම නෑ.....

      Delete
  6. 👍 Issarahata yamu ohomama dr...

    ReplyDelete