02 December 2016

සොමිබර උදෑසනක රේල්ලුවේ කාලකණ්නි ගැන ලියමි



"අඩේ හෙට ස්ට්‍රයික් එකක්ලු නේ බන්"
"ඔව් බන් කෝච්චි,බස්,ස්කූල් බස්, ත්‍රීවීල්.... ඔක්කොම ලග නවලා ස්ට්‍රයික්ලු"

ඒ අතරතුර මැදින් පැනපු ඇන්ටන් මාමා
"නැතුව නැතුව මෙහෙම කරල මදියි මුන් මේ ගහන බදු වලට,හුස්ම ගන්නවටත් බදු ගහනවා මේ කාළකණ්ණි තව ටික දවසකින්"  
ඔය ඔහොම කිව්වට මහින්ද මාමා මොන බද්දක් ගැහුවත් ඇන්ටන් මාමා සොවින් නොතැවී පස්සා දොරින්ම ගොස් ගෙවනවා ෂුවර්ය,පසුගියදා උන්දැගේ හාමිනේ ගේ මල බද්දයට ද උන්දැ දොස් පැවැරුවේ සූර සරදියෙල් මෙන් පෝසතුන්ගෙන් බදු ගසා දුප්පතුන්ට දෙන ඒ අහිංසක රවී මාමාටය.

"අනේ පලයන් යන්න බන් මාමේ යන්න........පට්ට නේ බන් එතකොට අපිට වැඩට එන්න එකක් නෑ කොටින්ම කිව්වොත් අපිට ෆුල් නිවාඩුවක්"
"ඇයි උඹලට නයි පයි කරගන්න වයි ෆයි දුන්නනේ" නැවතත් ඒ උන්දෑය,

උන්දැට තියෙන්නෙ බෙහෙත් දී හොද කළ නොහැකි වමේ අමාරුවක් බව කව්රුන් හෝ කීවා මතකය. වමේ ඇති මොකේද කියලනම් දන්නෙ නැත.උන්දැගේ සුව නොවන අසනීපය පිළිබද ශෝක බරිතව නැවතත් අපි කතාවේ යෙදුණාය


"සිකුරාදා,සෙනසුරාද,ඉරිදා දවස් තුනක්,සෙනසුරාදටත් මොකක් හරි බයිලයක් බොසාට ගහලා නිවාඩුවක් දාන්න ඕන"

"මොකෝ කියන්නේ වැල්ල ගාව පොට් එකේ සෙට් වෙලා එළි වෙනකම් ගහමුද?"
"අනිවා අනිවා එකෙන්ම....මනිය මේ උඹලට නත්තල් බෝනස් නේ බෝතල් තුනක් වත් දීපන්"
"අනේ බන් අම්මගෙ කරාබුවක් උකස් තියලා තාම ගත්තේ නෑ ඒක ගන්නත් ඕන බෝතලයක් දෙන්නම්"
"හපෝ බෝගේ අඩවැඩියාව තමයි හැමදාම"
"හරි හු*තෝ දෙන්න බෑ කිව්වෙ නෑනෙ. එකක් දෙන්නම්"
"මේ රෑට සෙට් වෙලා ගැහුවට ගෙදරින් එන්න බෑනෙ..අපේ අමමට හොද ඉව"
"මේ එහෙනම් අපි උදේම වැඩට යනවා වගේ ඇවිල්ලා මදුවා ලෑ ගෙදර යමු. ඊට පස්සේ රෑ වෙනකම් ගහලා ඕනෙනම් උදේ වෙනකම් නස්තාර් වෙලා යමු"

ඔය අම්මා යැයි කීවාට ඕකට වැඩියෙන්ම කැමති බැදපු එවුන්ය. ගෑණිට රස්සාවට යනවා යැයි කියා බොන්න එන්නෙ බයට නොව....බිරින්දෑවරුන්ගේ කන්දොස් කිරියාවෙන් බේරෙන්නය.

"මේ ස්ට්‍ර්යික් එක ෂුවර් නේ බන්"
"ඔව් දරුණුවට යනවා මේ පාර වැඩේ"
"හම්මේ ඉතින් සුපිරි ආතල් එකක් ගමු එහෙනම්"

"මේ මොකද්ද බන් සංකේත වැඩ වර්ජනේ කියන්නේ?"
"දන් නෑ බන්....හෙට බීලම කතා කරමු...."

ලල් තොදොල් වී තොල් දොදොල් වෙන සුන්දර දවසක සුභ සිහින මවමින් නිදාගැනුමට ගිය අතර.වෙන දා  නින්දට පෙරත්...උදේ පාන්දරත්...මාගේ මතකයට විත් දෑතින් පිටවෙන කොත්තු කඩේ රීටා අක්කාවත් මතකයට ආවේ නැත.

උදේ පාන්දරම වෙනදාටත් වඩා කලියෙන් ස්ටේෂමට පැමිණි මට ගැම්මට බොසාට කෝල් එකක් අරන්
'සර් එන්න එකක් නෑනේ,දැන් සෑහෙන වෙලාවක ඉදන් පාරෙ" යැයි කියන හැටි මතක් වුණි.අද බොසාට මොකුත් කීමට නොහැක. මම අද උදෑසන ගිලෙන ටයිටැනික් නැවේ සිට බොසාට කෝල් කරානම් ඒකා මට රෝසිට පයින් ගසා හෝ ඩින්ගි බෝට්ටුවක නැග උදේ අටට පෙර එන්න යැයි පවසනවා සිකුරුය. ඉන් පස්සෙ මතක් වුණේ එදා පිළිවෙලක් වීමට යොදාගත් වැඩ පිළිවෙලය.....හම්මේ ඉතින් පුල් මාවලස් ඩේ එකකි.........

එහෙත් ගේට්ටුවේ ගුණෙ මාමා කී කතාවෙන් මාගේ ලාමක හදවත හක්ක පටාස් කෑ බිම් ඌරෙකුගේ සේ තැලී පොඩි වී කුඩු වී ඇඹරී විසිරී ගියාය........

එනම් අද දින ස්ට්‍රයික් එක නතර කිරීමට රේල්ලුවේ කාලකණ්ණි හැත්ත තීරණය කොට ඇත. නොදකින් මුන් නම් අමුම කාලකණ්ණි ටිකකි. බලාපොරොත්තු දහසක් මැද  මා මැවු සුන්දර දවස සුනු විසුනු වුවේ එසේය. කුමක්නම් කරම්ද ලැබීමනම් එයමැයි සිතා මා සිත සනසා ගතිමි. බොසාට ගැම්මට කෝල් කල නොහැක.මට අද වැඩට යන්න වෙනවා සත්තය..........මා බොද වූ දෑසින් ශෝක බරිතව රේල් පීලි දෙස බලා වුණිමි.

නිවාඩුවක් දැම්ම ද ස්ට්‍රයික් එකෙන් ආණ්ඩුව පෙරළිලා දැයි බැලුමට කුණු කෙළ පිටින් දත් මැද මැද පාරට ආ ඇන්ටන් මාමා ද කීවේ
"නොදකින් රේල්ලුවෙ කාලකණ්ණි හැත්ත කියාය"

-රෝමාන්තික රස්තියාදුකාරයා-
RomanthikaRasthiyadukaraya/facebook

19 comments:

  1. චැහ් චැහ්.. අපරාදෙ බලාපොරොත්තුව.
    හදවත..........ගියේය.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් බන් මේ හවස මුන් ස්ට්‍රයික් කරනවලු ආයෙත්. අද ඔෆිස් එකේ වගේ ඉන්න වෙන්නෙ රෑට

      Delete
  2. ගූ හතයි කෑලි හැමතැනම පාවෙනවා. ගඳේ බෑ.

    ReplyDelete
    Replies
    1. ඇනෝතුමණි මොකද්ද බන් ඔය ගූ කතාවෙයි මේකෙයි සම්බන්දෙ

      Delete
  3. රෝමා, කොත්තු කඩේ රීටා අක්කා මතක් කරලා දැතින් පිටකරහන්. වෙන මොනා කරන්නද?

    ReplyDelete
  4. උඹ පව් බං............................

    ReplyDelete
  5. අනේ දෙවියනේ මට උනු වියෝයා - ආතල් එක හොරු අරගෙන ගියෝයා.

    ReplyDelete
    Replies
    1. ප්‍රෝග්‍රෑම් එක පෝස්පෝන් කරා ඊළග සතියෙ එන පුල් මාවලස් නිවාඩුව ට, දවස් 4ක් නෙ බන්.........

      Delete
  6. Replies
    1. මේ එන සතියේ ඇරියස් එක කවර් කරනවා නිම්මි මේකටත් හරියන්නම

      Delete
  7. අනේ දෙවියනේ..පව් රස්තියාදුකාරයා

    ReplyDelete
  8. අනේ දෙවියනේ..පව් රස්තියාදුකාරයා

    ReplyDelete
    Replies
    1. ප්‍රෝග්‍රෑම් එක පෝස්පෝන් කරා ඊළග සතියෙ ආපු පුල් මාවලස් නිවාඩුව ට දවස්ම 4ක් නෙ . ඔන ඔහේ ට්‍රිප් එකක්ම ගිහිනුයි ආවෙ....

      Delete