11 January 2017

රෝමාන්තික රස්තියාදුකාරයාගේ සිට රස්තියාදුකාරයා දක්වා


                                                            රස්තියාදුකාරයාට මීට බොහොම කාලයක් ඉදන් මුහුණ දීමට සිද්ධ වුණු පොඩි ගැටළුවක් තමයි රස්තියාදුකාරයාගේ නම. ඒ කියන්නෙ ඔය "රෝමාන්තික රස්තියාදුකාරයා" කියන එක. රෝමානු කතෝලික ආගම හා මගේ නම පටලවා ගැනීම.මන් බෞද්ධයෙක් ලෙස වුණත් එම කතෝලික ආගමට කරන යම් අසාධාරණයක් කියලා හිතුණා.පස්සෙ සයිඩ් බාර් එකේ මන් ඒ ගැන ලියලා දැම්මා.ඒත් හරි ගියේ නෑ. ඉතින් හැමදෙයක්ම ගැනම හිතලා බලලා මන් තීරණය කරා අන්තිමට "රස්තියාදුකාරයා" කියලා නම වෙනස් කරන්න.
                                මන් ෆේස්බුක් පේජ් එකක් කරනවා කියලා දන්නෙ හත් අට දෙනෙක් වගේ තමයි. එයිනුත් හැමෝම වගේ මන් වැඩ කරන ඔෆීස් එකේ(එයාලටත් මාට්ටු වුනේ ඔෆිස් වෙලාවේ මේක ඔබන්න ගිහින්) හරියට එයිනුත් එක්කෙනෙක් දෙන්නෙක්ට ඇර අනිත් අයටත් ඉහත ප්‍රශ්ණෙම මතු වුණා. බොලොග් එක ගැනත් මට ලියපු සමහර අය අහපු ප්‍රශ්ණයක් තමයි ඕක. ළගදී හිතවත් බොලොග් කරුවෙකු වෙන දුමී පවා මේ ගැන විමසා සිටියා.
         තවත් සරළවම කිව්වොත් මේ බොලොග් එක ගැන හා ෆේස්බුක් පේජය ගැන දන්නා හත් අට දෙනාගෙනේ පස් හය දෙනෙක්ම කිව්වෙ එහෙම අදහසක් එනවා කියලා. ඉතින් මේ ගැන අහන්න පුළුවන් හොදම කට්ටිය තමයි උඹලා.
                   මොකද මන් දන්නෙ වෙන එකෙක් වත් නෑ අඩුම තරමේ බොලොග් කියන්නෙ මොකද්ද කියලවත් දන්න. හුගක් එවුන් "බොලොග්" කියලා වචනයක් අහලා තියෙනවා විතරයි. දන් නෑ (ඔව් ඔව් බන් මන් ඉතින් හද්ද බයියෙක් හැබැයි මහින්ද මාමාගේ බයියෙක් නෙවෙයි) ඉතින් උබලට දැනෙන්නේ මොකද්ද "රෝමාන්තික රස්තියාදුකාරයා" කිව්වම? හිතෙන විදිය කමෙන්ට් කරලම කියහන්කො.

                                     ඊට අමතරව මම "රෝමාන්තික රස්තියාදුකාරයා" කියන නම යෙදීම ගැන කිව්වොත් මට බොලොග් එකක් පටන් ගන්න ඕන වුනේ ගැහැණිය සහ ප්‍රේමය ගැන හද්ද අත්දැකීම් බෙදාගන්න. මන් පොරක් නෙවෙයි පේනවනේ ඔය ඩිස්ක්‍රිප්ෂන් එකෙත් තියෙන්නේ නන්නත්තාර වුණු එකෙක් කියලා. ඒත් මන් පෞද්ගලිකව විශ්වාස කරනවා සාමාන්‍ය මිනිහෙක්ට ජීවිත කාලයටම රස කර කර කතා කරන්න පුළුවන් සිද්ධි දෙක තුනක් තියෙනවනම් සමහර විට මට ඒ වගේ ඒවා මාසෙකට දෙකක ට වෙලා ඇති. ඉතින් ඕවට සුදුසුම නමක් විදියට තමයි රෝමාන්තික රස්තියාදුකාරය කියලා යෙදුවේ.
                                                             මන් නම වෙනස් කරගත්තත් නැතත් උඹලා කැමති නමකින් මට කතා කරපල්ලා රෝමා,රෝමාරස්,රොමානිස්, රෝමාන්තිකයා........ ඒ  උඹලම දාපු නම්.........

-රෝමාන්තික රස්තියාදුකාරයා-
RomanthikaRasthiyadukaraya/facebook         

29 comments:

  1. රෝමා.. මටනම් රොමාන්තිකයා කිව්වම දැනෙන්නේ romantic කියන එක තමයි. මතකද දන්නේ නෑ කසුන් කල්හාරගේ Romantic Opera එක එයා නම් කලේ රෝමාන්තික ඔපෙරාව කියලා. ඉතිං මම නම් මේ නමට කැමතියි...

    ReplyDelete
  2. රොමෝ. රොමැන්ටික් වචනෙන් ආපු වචනයක් විදිහටයි රෝමාන්තිකයා කියන වචනෙ මමත් අහලා තියෙන්නේ. ඒත් ඒක කතෝලික වචනයක්ද කියලා නොදන්න නිසයි උඹෙන් ඇහැව්වේ. කෝම වුණත් ඒ නම උඹේ බ්ලොගේට ඕනම කරන වචනයක් කියලයි මට හිතෙන්නේ. ඒත් අවසාන තීරණය උඹෙයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මචන්. ඒ නම ඕනෙම කරන එකක් වුනත් බොලොග් එකට කෙනෙක් එනකොට එන්නෙ යම් ආගමික දෙයක් ඕලුවේ තියාගෙන වුනොත්. මේ බොලොග් එකේ තියෙන ඒවත් එක්ක ඒක ඒ ආගමට කරන හානියක් සහ බොලොග් එකේ මන් බලාපොරොත්තු වෙන කියවීමට ප්‍රශ්ණයක්

      Delete
  3. මොකටද වෙනස් කරන්නෙ. ඔන්නොහෙ ආපු විදියටම යං ලොක්කා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රසන්න..ඔබ වැනි ජේෂ්‍යඨයෙකුගේ අදහස වටිනවා

      Delete
  4. මමත් අර කලින් පෝස්ට් එකක ඇනෝ කමෙන්ට් එකක තිබුන දේ කියෙව්වට පස්සෙයි මේ වචනේ රෝමානු කතෝලික කියන එකද කියලා හිතුවේ. මම හිතුවේ මේ නම දාලා තියෙන්නේ රොමෑන්ටික් එහෙමත් නැත්තම් රෝමාන්තික කියන ප්‍රේමණීය වචනය කියලයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක තමයි ඇත්තම තේරුම ශානි.ඒ රොමෑන්ටික් කියන නමින් තමයි ඒ නම දැම්මේ

      Delete
  5. ඔහොම්මම තියපන්. රෝමාන්තික රස්තියාදුකාරයා කීවට මට නං කිසිම රෝමානු කතෝලික ගතියක් දැනුනෙ නෑ.

    ReplyDelete
    Replies
    1. හැලපේ ඕක රොමාන්තික වෙන්න ඕන මගේ හිතේ. ඔතනයි අවුල ඇත්තෙ හීනියට.

      Delete
    2. ඔය මට හිතුන හැටි.

      Delete
    3. ස්තූතියි හැලපේ අදහස් දැක්වීමට...

      Delete
  6. මේකයි ගැටලුව මට හිතෙන විදිහට. රොමාන්තික කිව්වොත් උඹ කියන තේරුමට සමාන අදහසක් එයි. ඒත් උඹ ලියලා තියෙන්නේ රෝමාන්තික කියලනේ. එතකොට නම් රෝමානු කතෝලික අර්තයක් එනවා. මම හරිද මන්දා රොමෝ.

    ReplyDelete
    Replies
    1. ඉංග්‍රීසියෙන් රොමැන්ටික් මිසක් රෝමැන්ටික් නෙමේ.

      Delete
    2. අනිවාර්යෙන්ම හරි ඇති අරුණ.මන් ඔය සම්බන්ධව කිසිම දැනුමක් නෑ.
      ඕක මන් ගත්තේ අපේ අය සිංහලට පෙරළුවට පස්සේ. ඒ පෙරලපු වචනෙ. උදාහරණයකට කසුන් කල්හාරගේ තුන්වැනි ඇල්බම් එකේ නමත් "රෝමාන්තික ඔපෙරාව"
      https://si.wikipedia.org/wiki/%E0%B6%9A%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A_%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B7%84%E0%B7%8F%E0%B6%BB


      http://allevents.in/colombo/%E0%B6%BB%E0%B7%9D%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A-%E0%B7%84%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%90%E0%B7%80-romanthika-hendawa/1860754117490112

      මට කිසිම වෙලාවක නොපෙනුනු එකක් පෙන්වා දුන්නට බොහොම ස්තූතියි

      Delete
    3. ඔය උඩ තියෙන්නෙ ලින්ක් එකක් නෙවෙයි දෙකක්.

      Delete
  7. රෝමාන්තික රස්තියාදුකාරයා නම හොදයි... ඕක වෙනස් කරන්න එපා...

    ReplyDelete
  8. රෝමාන්තික කිව්වම රොමැන්ටික් කියන තේරුම තමයි මම නම් හිතුවේ...අරුණ කිව්වා වගේ රොමාන්තික වුනා තවත් හොඳයි වගේ...කොහොම උනත් රොමාන්තික රස්තියාදුකාරයා කියන එක වඩාත් ගැලපෙනවා...ඒක රොමැන්ටික් :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොකුරු වැහි.මන් ඒක ගත්තේ සාමන්‍යයෙන් අපේ භාවිතාව අනුව.ඔය උඩ දීල තියෙන ලින්ක් රිකේ තියෙන්නෙ ඒවා තමයි. ඒ නිසා නිවැරදි සිංහල පෙරළුමක් පිළිබද දැනුමක් තිබුන් නෑ.

      Delete
  9. මට නම් රෝමාන්තික කියන වචනය කියවන කොටම මතක් වුණේ රොමෑන්ටික් කියන දෙයම තමයි...
    පස්සේ ඒ වෙලාවේම කසුන් කල්හාරගේ ඇල්බමය මතක් වුණා...

    ReplyDelete
    Replies
    1. අදහසට බොහොමත් ස්තූතියි චතුරංග

      Delete
  10. රොමාන්තික = ප්‍රේමණීය.....මට හිතෙන්නෙත් එහෙමයි..ඒක ආදරණීය කියන වචනෙටත් වඩා අපූරු එකක් නෙව

    ReplyDelete
    Replies
    1. ඔව් විසිරි ඒත් ඉතින් සමහර අය හිතන්නෙ ඕනෙම දෙයක් අමුතුම විදියකටනෙ

      Delete
  11. මට දැනුනෙත් romantic කියලා. රස්තියාදුකාරයා කියනවට වඩා රෝමන්තික රස්තියාදුකාරයට මං ආසයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අරූ ඒ නම දිගටම තියෙයි.පොඩි වෙනසක් විතරක් කරා පහසුවට(මේ Aruna Perera නෙවෙයි නේ)

      Delete
    2. නෑ මේ වෙන අරු කෙනෙක්.. හි හි. මං හිතන්නේ මගේ බ්ලොග් එකට ගොඩ වෙලා යන්න ආවා ඔබතුමා .. ස්තූතියි ඒකට.....

      Delete
    3. ඔබතුමා කෑල්ලක් කොහෙන්ද බන් එල්ල ගත්තේ.

      Delete