30 January 2017

රංජන්ට විසිල් ගහමු


                                                             මට මතකයි උඩුවා ලිව්වා මායා බලලා රංජන්ට විසිල් ගහමු කියලා. ෆිල්ම් හෝල් එකෙන් විසිල් එන්නෙ රංජා රගපාන්නෙ ගැලරියට නිසා.බැල්කනියට රගපෑවනම් ඒ විසිල් සද්ද මොකුත් නෑ. ඒත් මට රංජන්ට කියන්න ඕනෙ එක දෙයයි උඹ ගැලරිය වෙනුවෙන් පෙනී සිටිනතාක් අපි ඉන්නවා උඹට විසිල් ගහන්න.
          ඉකුත් දින දිවුලපිටියේ වු සිද්ධිය සම්බන්ධව මට ඇති වූ ගැටළුවනම් රංජන් එක්වරක් සමාව ගැනුමට වැරද්දක් කලේ නම්. දිවුලපිටිය ජනතාව පාරට බහින තාක් ලිඛිතව එවපු ලියුම් අල බහිනකම් පැල කරන් හිටපු ලේකම්වරිය කී වරක් දිවුලපිටිය ජනතාවගෙන් සමාව ගත යුතු ද යන්නයි.

රංජන් - ඔබ තුමිය කියන්නෙ ඔබතුමිය වගකීමක් ගන්න බෑ කියල ද?
ලේකම්වරිය - නෑ...නෑ...මන්ත්‍රීතුමා මන් කියන්නෙ භූ විද්‍යා එකෙනුයි,පරිසර අමාත්‍යංශයෙනුයි කරන්න ඕන ඒවා අපිට කරන්න බෑනෙ.
රංජන් - මන් අහන්නෙ එකදෙයයි ඔබතුමියට මේ සම්බන්ධව කිසිම වගකීමක් නැද්ද කියලා විතරයි
ලේකම්වරිය - එහෙම නෙවෙයිනෙ මන්ත්‍රීතුමා අපිට අනුන්ගේ දේවල් කරන්න බෑනෙ
රංජන් - ඔබතුමියගෙන්  මන් අහන්නෙ ඔබතුමියට මේ සම්බන්ධව කිසිම වගකීමක් නැද්ද කියලා විතරයි
ලේකම්වරිය -  මන්ත්‍රීතුමා භූ විද්‍යා එකෙනුයි,පරිසර අමාත්‍යංශයෙනුයි කරන්න ඕනෙ ඒවා මට කරන්න බෑ

                                 අහන්නෙ එකදෙයකි.කියන්නෙ තව දෙයකි ලේකම්තුමිය කරන්නෙ තමන්ගේ වගකීම ගැන කිසිත් නොකියා යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තරයක් ලබාදීමය. ඉන්පසුව දුරකථනය විසන්ධි කරන එතුමිය කරන්නෙ මොකක් හරි ප්‍රශ්ණයක් තියෙනවනම් ලිඛිත එවන්න යැයි පැවසීමය.

                                   හැමදාමත් පෙළෙන්නෙ අහිංසක මිනිස්සුන්ය ගමේ එවුන් ඔය කියන ලිඛිත මගුල් වලින් ප්‍රාදේශීය ලේකවරියගේ සිට ජනාධිපතිවරායට වනකම් දැනුවත් කර ඇත උනු සෙතක් නැත. ඒ නිසා උන් පාරට බැස්ස කල රංජන් කරන මැදිහත් වීම ප්‍රශංසනීය ය. යහපාලනය උදා වන්නෙ බෝඩ් ගසා ලොකු අකුරින් කටවුට් ගැසූ කළ නොව. පාරේ තොටේ මිනිස්සුන්ගේ දුක උන් ළගට ගොස් විසදන කලය. ලිඛිතව එවන්නයැයි කියා කර අරින එතුමියගෙන් රංජන් ඇසුවේ එක දෙයකි
"ඔබතුමිය ඔතනට ඇවිත් හොම්බට දෙකක් ඇන්නොත් ඒකටත් ඔබතුමිය ලිඛිතව පැමිණිල්ලක් එනකම් ඉන්නවද" කියා පමණකි
                                  නැවතත් උන්දැ දෙන්නේ යන්නේ කොහෙද මල්ලෙ පොල් උත්තරයක්මය. 
"රාජ්‍ය සේවකයින්ට අත තිබ්බොත් ලේසි වෙන්නෙ නෑ මන්ත්‍රී තුමා"
                                 යන්න කොහෙ ද මල්ලෙ පොල් උත්තර වල තියෙන්නෙ අන් කවරක් වත් නොව ප්‍රශ්ණ කර ඇරීමේ සටකපට බවය. එහි දිගුවක් ලෙසින් උද්ඝොෂණයක් ද පැවත්විය. අන්තිමේදී හොරු කොතනකවත් ඇත. හොරු වෙනුවෙන් කතා කරපු එකාට සමාවගත යුතුව ඇත. 
                                  රජ්‍ය සේවකයෝ යනු පොරවල් නොවෙති. රාජ්‍ය සේවකයෝ යනු බදු ගෙවන සාමාන්‍ය ජනතාවගේ සේවකයෝ වෙති. දැන් වෙලා තියෙන්නෙ බදුත් ගෙවා එව්වයෙන් පිං පඩිත් ගෙවා උන්ගේ ගෑස් බැලීමටය. සමහරුන් කියන්නෙ රංජන් පොර වීමට කල වැඩක් බවය.කම් නැත පොරක් වීමට හෝ පෙනී සිටියේ පීඩිතයින් වෙනුවෙන්නම්, ඉන් සෙත සැලසුනේ පීඩිතයින්ටනම් ගැලරියේ විසිල් උඹටය.
                                        ඉන් වැදගත්ම කොටස වන්නෙ පිටුපසින් ඇසුණු මිනිස්සුන්ගේ යම් යම් කතාය.එවුන් කිව්වෙ  මේ වැලිගොඩ දැමීමට සම්බන්ධ ඉන්දික අනුරුද්ධ නම් මන්ත්‍රියෙක් පිළිබදවය. වැදගත්ම කොටස ඉන් පසුය ගමේ හැම මල ගෙදරටම එන, දනකට පිරිතකට හාල් මිටි,ටෙන්ට් වැනි දෑ ලබා දෙන නිසා ගමේ සමහර ජනතාව ඔහුට විරුද්ධව පාරට නොබසින බවය. මෙය ශ්‍රී ලංකාව පුරා පැතීරී ඇති නිහීන දේශපාලනය වන්නේය. හම්බානෙකට වංචාවෙන්,දූෂ්‍යණයෙන් හම්බ කරන එකා හාල් මිටියක්,ටෙන්ට් එකක් දී හැම මල ගෙදරකටම,මගුලකටම සහභාගී වූ කල ශ්‍රී ලාංකාවේ නිහීන චන්ද දායකයාට ද පේන්නේ පට්ට හොරාගේ භූමිකාව නොව සියළු දේ දන් දෙන අනේපිඩු සිටාණන්ගේ භූමිකාවය.
                                                             රංජන්ගේ හැසිරීම පිළිබද 100%ක් සැබවින්ම පැහැදිය නොහැක.එය පරිණත දේශපාලකයෙකුන් බලාපොරොත්තු නොවන්නකි.එහෙත් සමාව ගැනීමට සුදුසු එක වචනයක් වත් ඔහු කීවේ නැත.ඔහූ කීවෙ "හෙණ ගහනවා" යැයි පමණකි. ඔව් සැබවින්ම පිං පඩි ගනිමින් පුටු රත් කරන වුන්ට හෙණ ගසා මදිය. උන් නඩත්තු කරන්නෙ රටේ බදු ගෙවන ජනතාවය.
                                                             රන්ජන්ගේ වැරදි ඇත...රන්ජන් පට්ට පොරක් නොවන බවද සැබෑය. වේලාවකට U.N.P. යට කඩේ යන යාම නම් මට කොහෙත්ම දිරවන්නෙ නැත. මේ මොහොතේ මා සිටින්නෙ උගේ පැත්තේය.මොකද ඌ සිටියේ දුප්පත් මිනිස්සුන්ගේ පැත්තේය. එය චන්ද ගුන්ඩුවක් විය හැක,තවත් මාධ්‍ය සන්දර්ශණයක් විය හැක. කමක් නැත දැන් එහි වැලි ගොඩ දාන්නෙ නැත.මට වැදගත් වන්නෙ එච්චරය.

-රස්තියාදුකාරයා-
RomanthikaRasthiyadukaraya/facebook

37 comments:

  1. ඇත්ත කතාව මිත්‍රයා..
    කොහොම උනත් මුන් පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක්ට මෙහෙමනම් අපිට කොහොම වෙයිද

    ඔබේ බ්ලොගයත් සිතුවිලි සින්ඩියට ඇතුලත් කරන්න මෙතනින්

    දිගටම එන්නම් ජය!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිත්‍රයා ඇතුළත් කර ගත්තා සින්ඩියට.බොලොග් එකට image එකත් දාගන්නම්.
      ඔව් බන් මිනිස්සු ලිඛීතව එවපු ඒවා ප්‍රාදේශීය ලේකම් එකේ දැන් පැළවෙලා ඇති

      Delete
  2. රෝමාගේ කතාවට මාත් එකඟයි.
    වීරයෙක් වීමට හෝ ඔහු පෙනී සිටියේ පීඩිතයන් වෙනුවෙනි. "හෙන ගහන" වචනයට වඩා තව කොච්චර වචන අපේ මැති ඇමතිවරු කියලා ඇත්ද ? නැද්ද රෝමෝ ?

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම බන් දැන් හැමෝටම ප්‍රශ්ණේ වැලි ගොඩදාපු එක නෙවෙයිනෙ බන් අර ලේකම්වරියට බැනපු එකනෙ බන්.

      Delete
    2. ඔව් බන්. කාලයක් තිස්සේ කරපු වැලි ජාවාරම ගැන කිසි කතාවක් නෑ. රන්ජන් පිට වැරැද්ද දාලා එකේ වාසිය ගන්නයි බලන්නේ.

      Delete
    3. ඔව් බන් මුන්ගේ මේ උනන්දුව අර මිනිස්සු පාරට බැහැලා උද්ඝොෂණ කරනකොට උන්ගේ ප්‍රශ්ණ ටික විසදන්න තිබුන් නෑනෙ

      Delete
  3. මේ නිලදාරින් කියන්නෙම මාෆියාවක්.හරියට වැඩ නොකල,නිලදාරිනියක් වෙනුවෙන්,මුන් උද්ගෝෂනය කරනව,ඒත් මිනිස්සුන්ගෙ ප්‍රස්නවලදි මුන් නිදියනව.

    ReplyDelete
    Replies
    1. ඒක හරි සමාන්‍ය ජනතාවගෙන්ම යැපෙන මුන්ට වැඩ කරලා පුරුදු නෑ බන්...වැඩ වරලා තමයි පුරුදු...කොහොමත් ඔය උද්ඝොෂණ,වැඩ වර්ජනය කරා කියලා වෙනසක් නෑ..මුන් වෙන දවසකටවත් වැඩක් කරන් නෑනෙ.

      Delete
  4. ගැටළු නිරාකරණය කර ගන්නේ ෆිල්ම් වල ආකාරයට නොවේය... මොකා කලත් මේවා නරක ආදර්ෂයන්ය...

    ReplyDelete
    Replies
    1. එය සහතිකෙන්ම ඇත්තය.. අපේ සමහර එකාලට දැන් ලොකුම වැරදිකාරයා රංජන් වී ඇති එක නිසා මෙසේ දැමීමට සිතුණි.

      Delete
  5. රන්ජන් ගැන ලොකු පැහැදීමක් නැතත් මාත් මේ මොහොතේ ඔහුගේ පැත්තේය.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම හසිත රජයේ මේ උසස් නිළධාරීන්ට ප්‍රශ්ණ මග හැරලා හොදට හුරුයි

      Delete
  6. මම නම් රන්ජන් ගැන පැහැදීමෙන් ඉන්නෙ

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම කොච්චි රන්ජන්ට ඒ රෙස්පෙක්ට් එක මන් දෙනවා........
      හිත හොද දුප්පතාගේ හිතවතෙක්.....

      Delete
    2. ඌ මගේ ළඟ නෑයෙක්...පට්ට හිත හොඳ අවංක එකෙක්..

      Delete
    3. එහෙනම් අපිට වඩා මිනිහා ගැන දේවල් දන්නවා ඇතිනෙ. රන්ජන් ගැනත් මොකක් හරි ලිව්වොත් මොකද අපිටත් දැනගන්න එක්ක.....

      Delete
  7. කතාව මේ ආකාරයට විචාර මගින් ආරංචි වුණත්, පසුබිම දැන ගන්නට හෝ වීඩියෝව නරඹන්නට හෝ තවම ඉඩ ලැබුණේ නෑ.

    රන්ජන් ටිකක් ෂෝ-ඕෆ් තමයි.

    ReplyDelete
    Replies
    1. https://www.youtube.com/watch?v=wWAZUo0f1fc
      ඔය තියෙන්නෙ වීඩියෝ එකේ සම්පූර්ණ ලින්ක් එක.
      රන්ජන්ගෙ හැසිරීම ටිකක් වැඩියි තමයි. ඒකට හරියි කියන්න බෑ.
      ඒත් මිනිහාගෙ පෙනී සිටීම සාධාරණයි

      Delete
  8. රන්ජන් හරි බං ඔතනදි ...ඔය ආණ්ඩුවේ ඔපිස්වල ඇයෝ ඔහොම්මමයි

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ උන් ඉන්නෙත් මෙලෝ වැඩක් නොකර....රන්ජට ඔච්චර ගෑස්නම් අනිත් මිනිස්සුන්ට කොහොම ඇද්ද

      Delete
  9. ගුරුවරියක් ප්‍රසිද්දියේ දන ගස්සල තිබ්බ රටේ, රජයේ නිලධාරියෙක් ප්‍රසිද්දියේ ගස් බැඳපු රටේ කටේ පිට්ටු සෙයියාවෙන් හිටපු රජයේ සේවකයෝ බලහල්ලකෝ ප්‍රාදේශීය ලේකම් නෝනට බැනපු නිසා උද්ගෝෂණ කරන අපූරුව.. මමත් අවුරුදු දොළහක් රජයේ සේවයේ හිටපු කෙනෙක් ආයුබෝවන්ඩ.. ඒත් හරි දේට හරි කියන්නත් වැරදි දේට වැරදි කියන්නත් මිනිස්සුන්ට කොන්ද පන තියෙන්න ඕන..
    පස් කැපිලි වගේම ගස් කැපිලි ගැනත් ඔය අගේට දැක්ක නොදැක්ක සේ ඉන්නේ මහා තැන්..

    ReplyDelete
    Replies
    1. මොකක් හරි ප්‍රශ්ණයක් ගෙනාවම මිනිස්සුන්ව වටේ යවන එක විතරයි කරන්නේ. කිසිම වෙලාවක ඍජු මැදිහත්වීමක් කරන්නේ නෑ. කී පාරක් අහනවද මේ සම්බන්ධව වගකීමක් තියෙනව ද නැද්ද විතරක් කියන්න කියලා.එතකොට ඒකට පැහැදිලි උත්තරය නොදී වටේ යනවා. ඔය වගේ දූෂීත නිළධාරින් පන්නලම යවන්න ඕන. අනිවාර්යෙන්ම ඔබතුමා ලෑ ගමේම හිටපු අර මැකෝ තුමා ලා එහෙම තමන්ගේ වැඩේ අකුරටම කරපු රාජ්‍ය සේවකයෝ නෙවැයි.

      Delete
  10. ගම්පහ රාජ්‍ය සේවකයෝ හරියට වැඩ කලේ බැසිල් රාජපක්ෂ ඇමතිතුමා ඉන්න කාලේ විතරයි. එ්කට එක හේතුවක් වැඩේ කරන්න නියෝග දෙන්නේ නියම ක්‍රමවේදයට. දෙවැනි හේතුව වැඩේ කරන්න ඕන කරන පහසුකම් අවශ්‍ය පමණට ලබාදීම. අනික කරන්න බැරි දේවල් කවදාවත් කිව්වේ නැතිකම. මේ ඔක්කොටම වඩා ඒ නමට තිබුණ බය. මේවා මම අත්දැකපු දේවල්.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මේ යහපාලනයත් එක්ක මොකුත් කරන්නත් බෑ...ඇති යහපාලනේකුත් නෑ....

      Delete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. මෙතනදි මමත් රංජන් එක්ක එකඟයි. එක පාරක් මැදපෙරදිග අපේ අය ගැනත් ඔහු මැදිහත් වුනා. දේශපාලන සංදර්ශනයක්ද , නැද්ද කියන එක අදාල නෑ, වැඩේ හරි නම් , එච්චරයි.

    පැරා හැමදාම කියන කතාව හරි. අපි හැමදාම බනින්නෙ දේශපාලකයො තමයි රටේ ලොකුම හෙනේ කියලා. ඒත් ලොකුම සූරා කන්නො රජයෙ සේවකයො. අඩුවෙන් වැඩ කරල, වැඩියෙන් හැමදේම ගන්න උද්ඝෝෂණය, වර්ජනය කරන මේ අකාර්යක්ෂම දෑවැන්ත සුදු අලියා නඩත්තු කරන්න,පෞද්ගලික අංශෙ, මැදපෙරදිග අනිත් මිනිසුන්ට කඹුරන්න වෙලා තියන එක තමා, රටේ ලොකුම අවාසනාව.

    ReplyDelete
    Replies
    1. ඔව් බස්සා අන්තිමේදි ඔය හැමදේම නඩත්තු කරන දුප්පත් මිනිස්සුන්ට වැඩක් කරගන්න වදින්න වෙනවා.
      රන්ජන් ගේ චරිතය ගත්තොත් මිනිහා පට්ට පොරක් නොවෙන්න පුළුවන්.ඒත් අනිත් උන්ට සාපේක්ෂව මිනිහා විශාල කැපකිරීමක් කරනවා මිනිස්සු වෙනුවෙන්. මොකද මිනිස්සුගෙ ප්‍රශ්ණ වලට අවශ්ෂ්‍ය සාධනීය කැපවීමක් මිනිහගෙ අතීතෙ තියෙනවා.

      Delete
  13. රන්ජන්ට වඩා පාපකාරියෝ මේ ආන්ඩුවල ඉඳලා තියෙනවා. ඒත් රන්ජන් අඬුව තියාගෙන අත පුච්චගන්න නරකයි.

    ReplyDelete
    Replies
    1. ඔව් රන්ජන් මිනිස්සුන්ගේ ප්‍රශ්ණ ඍජුව මැදිහත් වෙලා විසදපු එක හොද උනත් හැසිරීම 100%ක් අනුමත කරන්න බෑ.මොකද යම් හික්මීමක් තියෙන්න එපැයි.රන්ජනුත් මේ සිද්ධියෙන් යම් පාඩමක් ඉගෙන ගනියි.

      Delete
  14. Rajya sewakayo rassawa bera ganna ona deyak karano bn , aka tama titta unat atta

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත.කව්රු වුනත් එහෙමයි.එත් සමහර එවුන් වැඩක් කරගන්න ආවම ඌට ඒ වැඩේ එපා වෙනකම් රස්තියාදු කරවනවා. උන්ගේ පුස් පාර්ට් ප්‍රදර්ශණය කරනවා.ඒ උද්ධච්ච මිනිස්සුන්ට රංජන් වගේ එවුන් දෙකක් කතා කරා කියලා පව් නෑ බන්.

      Delete
  15. රන්ජන් ගේ පැත්තට කතා කරපු බ්ලොගක් දැක්කමයි ද කොහෙද? ඒ මනුසය් ඔය මැද පෙරදිග වැඩ කරන අය වෙනුවෙනුත් කාලයක් කතා කලා නේද?

    ReplyDelete
    Replies
    1. රන්ජන් හොද මනුස්සයා.පොඩ්ඩක් බොරු ෂෝ එක තිබුණට. ඔව් මිනිහා ඒ ගැන කතා කළේ දේශපාලනයට එන්නත් කලින් ෆුල් ගේමක් ඉල්ලුවා අමාත්‍යංශෙත් එක්ක. පාර්ලිමේන්තුවේ ඉන්න එවුන්ගෙන් දැනට කඩේ යන්න පුළුවන් දෙතුන් දෙනාගෙන් එකෙක්.

      Delete