09 February 2017

සයිටම ගැන අම්මට - About SAITM


සයිටම කියා ලොකු වැනුමකි පාරේ 
අපටම කියා ඉගෙනුමක්ලු හෙට නැතිවන්නේ
මුලටම වෙලා සිරියයි කෑ කෝ ගසමින් යන්නේ
එකටම හිටි ඕකා නෑ ගානක්වත් කිසිදා කියලා දුන්නේ
ඒත්
ඇත්ත තමයි පෙළටම සිට කෑ ගසමින් කියන්නේ
කෝටි ගණන් කොහොමැයි අපෙ අප්පා මට දෙන්නෙ
ඇති හැකි එකාමයි හැමදාමත් සැපයෙන් ඉන්නෙ
දියුණූ රට වලනම් එහෙමලු බුකියේ තිබුනේ
හැම
 ජන්දෙකදිම රටේ දුප්පත් මිනිසුන් ගහගත්තේ
දිනන දාට කිරිබත් කා බී සළු වෙන්නෙ
ආදා පටන් මොකත් නෑ අපේ අම්මේ සලකන්නෙ
නිල් රතු කොළ පින්තූර ටික දාපන් බන් කුණූ මුල්ලෙ
හොද
දොස්තර නැත අම්මේ වාට්ටුවේ
ඩිස්පැන්සරියේ  දොස්තරනම්  පොඩි එවුන්ට ටොපියක්වත් දෙන්නෙ
ඒ හාමුදුරුවන්ගෙ දරුවත් සයිටමටමයි යන්නෙ
නඩු කී නඩ්ඩගෙ පොඩි එකත් දැන් සයිටමේ දෙක වසරේ
හෙද
කලා,වානිජ,ඉන්ජෝන්ගේ  ඩිග්‍රී
දැන් විකිණිලා  බන් අම්මෙ සෑහෙන කල්නෙ
ඔන්න ඔහේ සයිටම ගැන විතරද සිරියලා දැක්කෙ
ඩිස්පැන්සරියේ එකාවත් කවදද බන් බෙහෙතක් අඩුවට දුන්නේ
අපි
දැනගන්නට ඕනෑ හදාගන්ට බන් අපේ ලෝකේ
අපි පත් කරපු එකාලා දන්නවා ඒකයි උන් එය තිතටම කෙරුවේ
දැන් ඇති අනේ බන් උන් ගැන මේ කරුමේ
කරවල හට්ටිය බා පන් බන් රොස්වුනොතින් නොනිවෙයි කුස අද බඩගින්නේ

--------------------------------------------------------
-රෝමාන්තික රස්තියාදුකාරයා-
RomanthikaRasthiyadukaraya/facebook

19 comments:

  1. මොනව කතාකෙරුවත් අන්තිමේදී දුප්පතාගේ කරවල හට්ටිය තමයි රොස් වෙන්නේ. මේ ගැළපුමනම් මරු රෝමෝ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඕක තමයි දුමින්ද පවතින දේශපාලනය ගැන දෙපැත්තකට බෙදිලා ගහගන්න අහිංසක දුප්පත් මිනිස්සුන්ට වෙන්නෙ. ඒදා වේල කන්න නැතත් පක්ෂයක් වෙනුවෙන් මරාගන්නවා

      Delete
  2. කොයි දේ උනත් ප්‍රමිතියක් ඇතුව තිබුණට කමක් නැත. දැන් බලන්න බාහිර උපාධිවල මෙලෝ ප්‍රමිතියක් තියෙනවද.

    ReplyDelete
    Replies
    1. ඔය මොනවද කුරහන් සා.පෙන් පස්සෙ අවුරුද්දෙන් මාස්ටර් ඩිග්‍රියකුත් ගන්න පුළුවන් තැන් තියෙන්නෙ

      Delete
  3. බොලාට හිතෙන්නේ නැද්ද මේ හොර හැත්ත සහ ගොන් රොත්ත 1948 ඉඳන් මේක පාලනය කරාට සහ කරන්න දඟලුවට වඩා හොඳයි කියල සුද්ද හිටියනම්..

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙනම් අපිට නිකන් නුවර,යාපනය යනවා වගේ වීසා නැතිව එන්ගලන්තෙවත් යන්න තිබ්බා....
      අර කිව්වත් වගේ සුද්දගෙන් අපි නිදහස් උනේ නෑ....
      සුද්දා අපෙන් නිදහස් උනා......

      Delete
  4. නිසි ප්‍රමිතියකින් තිබ්බට කිසි කාරියක් නෑ. අපේ රටට අලුත් උනාට හැම රටකම තියෙන දෙයක් ඔය. ප්‍රමිතිය නොහදා අනුමැතිය දීපු එක නම් බොහොම වැරදි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත බන්.....
      රට කරවන එවුන්ට ප්‍රමිතියක් තියෙන්න එපැයි බන් මුලින්ම...

      Delete
  5. ප්‍රමිතිය තමා බන් වැදගත් ,, මනුස්ස ඡීවිත එක්ක කෙරෙන රස්සාවක්නෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රමිතියා හා සාමාජ සාධරණය කියන දෙකම වැදගත් බන්

      Delete
  6. මේ මොහොතේ රට පාලනය වෙන හැටියට කිසි දෙයක් පිලිබඳ විශ්වාසයක් තියන්න බැහැ....

    ReplyDelete
  7. //අපි
    දැනගන්නට ඕනෑ හදාගන්ට බන් අපේ ලෝකේ// නියමයි. කවි පෙළ.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි ගොඩ වැදුනට

      Delete
  8. මරු කවිය

    ReplyDelete
  9. මරු කවිය

    ReplyDelete