06 March 2017

කණ්නාඩි දාපු ලස්සන කෙල්ලෙක්


                                        ඔව් මන් කියන්න යන්නේ කතාවක් ඒක රස කතාවක්වත්,දුක හිතෙන කතාවක්වත් නෙවෙයි. තාම ඒක ස්පන්ධනාත්මක කතාවක්.මොකද මේ කතාව තියෙන්නෙ අතීතයේවත් අනාගථයේවත් නෙවෙයි. වර්ථමානේ සහසුද්දෙන්ම මේ දැන්. මන් ඉන්නෙ ලැපට බර දාලා කොටන ගමන්, ස්ටේශමේ. එතකොට කෙල්ල ඉන්නෙ මට ඉස්සරහින්. දැන් තේරෙනවා ඇතිනේ මේක තාමත් ස්පන්ධනාතමකයි. 
                                                            මගේ ලැප් එකේ වැදගත් කියලා දේකට තියෙන්නෙ එක්සෙලුයි, වර්ඩ් එකයි , අඋට් ලුක් එකයි විතරයි.ඒත් කෙල්ල ඒක දන්නෙ නෑනෙ. මන් හදන්නේ කෙල්ල ඉස්සරහා ලැප් එක දාගෙන සමාජීය චින්තනයේ මිලේනියම් පොශ් පොරක් වෙන්න. ලැපට කැපෙන වාරිකේ නිසා මාසේ අන්තිමේට ලෙල්ල හුටං වෙන්න එරෙන බව කෙල්ල දන්නෙ නෑනෙ. ෆ්බී එකේ "බොරු සෝබන නැති මගේ ජීවිතේ දාහෙන් සම්පතක්" කියලා අමු රැඩිකල් වදන් ශෙයාර් කරාට. පට්ට කෑල්ලක් ලයින් කරගන්න මේම කරන්න වෙනවා. හරි සිත නිවන කතාවක් වෙන්න පුළුවන් කොහොමත් මේම දැන් වෙනවා.
                                                       මේ මගේ හිතේ ඉපදුන අතිශය කුළුදුල් නොඉදුල් පනස් නවවෙනි ඒකපාර්ශවීය ආදර කතාව. පටන් ගත්තේ මීට පොඩි කාලෙකට කලින්. එයා කණ්ණාඩි දාන ටිකක් බෝල හද්ද නිව්ටල් වගේ පේන කෙල්ලෙක්. එයා එනකොට ට්‍රේන් පරක්කුයි. මන් දැක්කා එයා කීප දෙනෙක්ගෙන්ම මොකක් හරි අහනවා...... අන්න එතකොට මන් ෂර්ලෝක් හෝම්ස් වුණා. අදුරන්නැති මිනිස්සුන්ගෙන් කෑවද බිව්වද අහන්නේ නෑනෙ. එයා අහන්න ඇත්තේ ට්‍රේන් ගැන තමයි. අන්න පොයින්ට් එක. දැන් ගියපු ට්‍රේන් එක අදුනගන්න බැරි වුණා කියන්නෙ එයා අලූත් කෙල්ලෙක් ඔව් සහසුද්දෙන්ම අලුත් කෙල්ලෙක්.මන් කිව්වෙ ට්‍රේන් වලට අළුත් කෙල්ලෙක්.
                                           තවත් ළං කරොත් අළුත් ජොබ් එකක්.......අළුත් තැනක්... කෙල්ලෙක් දැක්කම ඇගපත නලියන ගව්ගානක් දුරින් හිටියත් කතාකරලා සීට් එක දෙන ඇඹලයෙක්ට අවුවෙන්න කලින් මන් එයත් එක්ක කතා කරන්න ඕන. ඒත් එකපාරට කතා කරන්නත් බෑ.එහෙමයි කියලා එයාව දැක්කම නොබල ඉන්නත් බෑ.මොකද එයා ගොඩක් ලස්සනයි.....................
                                              මන් ලැපට කොටන හැටි දකින උන් හිතනවා ඇති මන් හෙන බිස්නස් ඩීල් එකක් ගැන චැට් එකක් වෙන්න ඇති කියලා,නැත්තම් සොෆ්ට්වෙයාර් සම්බන්ධ මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් ලියනවා ඇති කියලා නේ....පිස්සුද උන්ට ගානක් වත් නෑ.ඒත් අපි හිතන විදිය හෙන පව් නේ.
                                                       අඩුමගානේ කෙල්ල මේ පැත්ත බැලුවෙවත් නෑ. ඒත් විශ්වාස කරහන් මේ දවස් දෙක තුනක් යන්න ඉස්සෙල්ලා මන් ඒකිට පන යන්න ආදරේ වගේ එකක් කරනවා. සමහරවිට ඒක ආදරයක් වෙන්නත් පුළුවන් තවත් වෙලාවකට ආකර්ෂණයක් වෙන්නත් පුළුවන්. ඒත් ආකර්ෂනය කියන දේට නිර්වචනයක් තිබ්බත් ආදරේ කියන එකට නිර්වචනයක් නෑනෙ.ඒක හින්දා මන් දන් නෑ හරියටම. හැබැයි ආදරය කියන එක හෙන බොළදයි වගේ නේ.ඒ නිසා මේක නිකන් ආකර්ෂණයක් කිව්වම මගේ ඇග බේරගන්නත් ලේසියි.
                            ඒ වගේම මගේ හිතේ ඉපදුන අතිශය කුළුදුල් නොඉදුල් පනස් අටවෙනි ආදර කතාවත් ඉවර වෙලා පොළවට පස් වෙලත් ඉවරයි......ටික කාලෙකට ප‍ස්සෙ ආයෙත් හදවත සට සට ගාන්න අරගෙන, හ්ම්ම්ම් ආදරයක් ආයෙත්.....සමාවෙන්න ආකර්ෂණයක්. මොනව වුනත් මට ෂුවර් සමහර වෙලාවට මන් මේ කෙල්ලගේ හතරවෙනි කසාදේ පස්වෙනි දරුවා වගේ වත් හම්බෙන කාලෙකදිවත්  ළගට ගිහිල්ලා කතා කරන්න ධෛර්යක් මගේ හිතට ආවොත් ඇති.

මතු සම්බන්ධයි
(ඊළග සතිය වෙනකොට මේ කෙල්ල කොල්ලෙක් එක්ක ස්ටේශමට නාවොත් මේ කතාවට ඉතිරියක් තියේවි)

-රෝමාන්තික රස්තියාදුකාරයා-

මේ ඒක නෙවෙයි මට හම්බුනා අහම්බෙන් වගේ අලුතෙන් හදපු මරු බොලොග් එකක්. පට්ට හින්දයි පට්ට කිව්වෙ ආයෙ බොරු නෑ. ගිහිල්ලා  ඒ කෙල්ලටත් පොඩි සප් එකක් දීලා එන්න. කෙල්ලෙක් නේ අන්න ඒකයි :-) කෙල්ලෙක්ව මේ කාත් කවුරුත් නැති බොලොග් ලෝකෙ අතරමන් කරන්න බෑනේ.ගිහිල්ලා කමෙන්ටුවක් දාලා එන්න මේ තියෙන්නේ බොලොග් එක අරූගේ ලෝකය - World of aru

50 comments:

  1. පට්ටනේ බොල...

    මමත් මේ දවස් වල ඔහොම සිද්ධියකට සම්බන්ධයි...
    ඒත් කිසිම ප්‍රගතියක් නම් නෑ...
    මම දන්නවා ප්‍රගතියක් අත් වෙන්නේ ත් නෑ...

    ReplyDelete
    Replies
    1. ඒකත් උප ඇස් සිද්ධියක් තමයි...

      Delete
    2. මේ දවස් උපැස් කෙල්ලොන්ට ඇස් දානවා එහෙම නෙවෙයි
      බොලොග් ලියනවා කියලා නෑ කොටනවා සෙනිකව

      Delete
    3. ඉවර වෙන්න මොකුත් පටන් ගත්ත ද කියහන්කෝ :-D

      Delete
  2. ඔහොම ඉඳලා හරි යන්නේ නෑ කොල්ලෝ.

    උඹ කැමති බව වත් පෙන්නහන්.

    නැතිනම් නෙක්ස්ට් වීක් අර කිව්ව වගේ වෙන කොල්ලෙක් එක්ක එයි ස්ටේෂමට

    ReplyDelete
    Replies
    1. හම්මේ බොහොම කාලෙකින් නොවැ දැක්කෙ.
      ආන්න එහෙම වැඩ තමයි වෙලාම තියෙන්නෙ.
      මේ පාර මොකක්ම හරි කරනවා....

      Delete
  3. රොමා මගේ ප්‍රශ්නේ බොහොම සිම්පල්. 58ක් වෙනකන් ගණන් කලේ දිනපොතක ලියලද? බොට කන්නඩි දාපු නංගිලාට හිත යනවා කියලා අත්දැකීමෙන්ම දන්නවා... හැක්... 60 වන කුළුදුල් ප්‍රේමය වත් මල්පල ගනිත්වා යයි එක සිතින් ප්‍රර්ථනා කරනවා!!!

    ReplyDelete
    Replies
    1. ආන්න බලහන් පිලෝ මගේ අතිජාත මිත්‍රයෙක් විදියට උබේ ප්‍රාර්ථනාව කොච්චරනම් කුජීතද කියලා.
      බොල තාම 59 ට ට්‍රයිනේ. ඒක ඉවර වෙන්න එපැයි 60 ට යන්න

      මේ ඔය ඉලක්කම් ලිව්වෙ හුදෙක් කතා අලංකාරය උදෙසා නෙ බන්. දිනපොත් වල ලියලා ගණන් කරානම්.ඕක ට්‍රිලියන ගණන් වලින් ලියන්න තිබ්බා.

      Delete
  4. ගෙවුණත් පනස් නවයක කුළුදුල් හැඟුමන්
    තවමත් වටේ කැරකෙනවා රුවැත්තියන්
    දැන්වත් නිදාගත් දහිරිය අවදිකරන්
    හැටවත් ඉඳුල් කරගන්නට ට්‍රයි කරහන්........

    රෝමෝ.... උඹේ රහ ලිපියටත් හිතේ සැනසිල්ලටත් මට දෙන්න තියෙන උපදේසේ තමයි ඔය.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. නොගෙවුණි පනස් අටකම පෙම් කුළුදුල් හැගුමින්
      රසවුනි සමහර පෙම් කතාවන් ටිකක් ඉදුල් වෙමින්
      සැරසුනි මේ පාර නම් දොඩමලූවට ඈ ළගට ගොසින්
      බැරිවුනි දුමියෝ සැරසෙනකොට ඈ ස්ලෝ එකේ ගිහින්

      ඇයි බන් හැට ඉදුල් කරන්න කියන්නේ...පනස් නමේ මෙහෙම දිලිසි දිලිසි තියෙද්දී......

      Delete
    2. නෑ ඉතින් ඔය යන විදිහට 59 ටත් යන්න දීලා 60 ම දිනාගන්න එක හොඳයි කියළ හිතුණා බං.

      ජයවේවා!!!

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. මටත් කියලා එහෙමම නොහිතෙනවා නෙවෙයි බන් :'(

      Delete
  5. අපි කියමු එහෙනම් මේ කෙල්ලට කොල්ලෙක් එක්ක ස්ටේෂමට එන්න නොලැබේවා කියලා

    ReplyDelete
    Replies
    1. ආන්න සුමුදු ප්‍රාර්ථනාව වටිනවා

      Delete
  6. එල ද බ්‍රා ...
    පැතුම ඉටු වේවා ..
    අලුත් බ්ලොග් එක පැත්තේ ගිහින් එන්නම්

    ReplyDelete
    Replies
    1. එලම බ්‍රා.......
      මගේ බොලොග පැත්තෙ ආවටත් තැන්කුයු වේවා......

      Delete
  7. අනෙ අම්මෝ කුලුඳුල්ම 58ක් ඒකත් නරක නෑ... මේක කියෙව්වම මට මතක් උනේ මගේ කුළුඳුල් කෝච්චි ගමන බුදු අම්මෝ ඒකනම් සදානොමියෙන මතකයක්.ඉඩ තියෙන වෙලාවක කියවලා බලන්නකෝ මේක

    https://kavisandalla.blogspot.com/2012/02/blog-post_27.html

    ReplyDelete
    Replies
    1. අමාරුවෙන් ගණන් කරේ :-)
      හරි අදම බලන්නම් ඒකත් සොදුරු

      Delete
    2. සොදුරු පූළුවන් වෙලාවක උඩ තියෙන බොලොගටත් ඕලුව දාල එන්න

      Delete
  8. කොම්පීතරේ ඉපදී මියෙන එකක් නොවේවා හැටවන ප්රේමය ...(මං කීවෙ මේක හරි නොගියොත් ..)

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමයි වැදගත්......
      ඒත් ඕකම තමා වෙන්නෙ.........
      (හැටවන එකම සළකා බලනවා රසු.රවුම් ගානක් නෙ)

      Delete
  9. හැට පනිනකම් ලැප් කොට කොට හිටපන්.....

    ReplyDelete
    Replies
    1. හැට පනිනකම් ලැප් විතරක්ම නෙවෙයි කෙටුවෙ හිටන්

      Delete
  10. නවය නපුරුයි කොල්ලො...ඕක හරි නොගියොත් දුක් නොවී හිටු,,...හැටත් මහ දුරක නොවේවි...සමහර විට ඊලඟ කෑල්ල වඩා රහයි කියලා ඇඩ් එකෙත් යන්නෙ

    ReplyDelete
    Replies
    1. මන් නොකිව්වට මට හැටවෙනි එක තමයි හරියන්නෙ කියලා දැනෙනවා දැනෙනවා වගේ දැන්නම්

      Delete
  11. 😆60 පැන්නත් වඳුරා බිමින් යන්නේ නෑ කියලා කවුදෝ කියනවා ඇහුණා ඇහුණා වගේ අලෝ.....

    ReplyDelete
    Replies
    1. හැට පැන්නෙ නෑ ලොක්කියෙ තාම...59 තත්වෙ හොදයි දැනට.....

      Delete
  12. පුරුෂ ශක්තිය අරගෙන ගිහින් අහපන්

    ReplyDelete
    Replies
    1. රෙඩ් බුල් හරියන් නැද්ද...
      එල ආ......

      Delete
  13. සුභ පැතුම්... කතාවට අනාගතයක් තිබේවා... රෝමාට පිං සිද්ද වෙන්න හුඟ දෙනෙක් මගේ බ්ලොගයට ගොඩ වෙලා තිබුනා.. ඒ හැමදෙනාටමත් රෝමටත් ස්තූතියි ...
    මගේ අතිශය අවිවේකි දිවියේ කොමෙන්ටුවක් දාන්න පරක්කු වෙන එකටත් සමාව ....
    ජය වේවා රෝමා...
    ඊලඟට රෝමන්තික කතාවක් වේවා.

    ReplyDelete
    Replies
    1. ස්තූති කරන්න කිසිම දෙයක් නෑ.
      කතාව ගැන පැහැදිළි දිගුවක් තියෙනවා ඒකත් ඉක්මණට දාන්නම් ස්තූතියි අරූ...

      Delete
  14. එල එල දීර්ඝ කතාවක මුල වෙයි ඔය සිද්ධිය ...

    ReplyDelete
    Replies
    1. ඒමත් කියන්ඩ...එහෙමැයි නොකියන්ඩත් බෑ.......

      Delete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. Ada newa mekata godawadune mnnn...lassnai katha tika..salakillen inda ayyandi..kathawata ithuruwak thiyei wagee

    ReplyDelete
  17. Ada newa mekata godawadune mnnn...lassnai katha tika..salakillen inda ayyandi..kathawata ithuruwak thiyei wagee

    ReplyDelete
    Replies
    1. කතාවට නොහිතපු විදියේ දිගුවක් තියෙනවා සදනි ඒකත් ඉක්මණටම දාන්නම්. බොහොම ස්තූතියි මගේ බොලොග් එකට ගොඩවෙන එකට.

      Delete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. This comment has been removed by the author.

    ReplyDelete
  20. Kathawa dandako ane ayyoo

    ReplyDelete
    Replies
    1. මීළග සතිය වෙනකොට අනිවාර්යෙන් දානව සදනි

      Delete
  21. දැන් ඉතින් කෙල්ල ආවද?

    ReplyDelete
    Replies
    1. ඕකට පස්සෙ පෝස්ට් වලදි කට්ටිය ඇහුවම පිළිතුරු දුන්නා ;-( ඒ ගැන සම්පූර්ණ කතාවක් ඉස්සරහට ලියන්නම්. දැන් මේ තිබ්බ ෆීලින්ග් එක නෑ. කතාව මතක් වෙද්දි හද්ද සෝ බරයි

      Delete
    2. මෙහෙමයි බන් දැන් එයා සෙට් වුනයි කියමුකෝ.
      මට වඩා අවුරුදු තුන හතරක් වැඩිමල්. ඉතින් එයාට ගෙදරට කියන්නත් බෑලු එක නිසා,
      ඒ වගේ තව ගොඩක් ඒවා. එයා කියන්නෙත් ඇත්ත දැන් එයා මැරි කරන්න ඕනෙ වයස. නිකරුනේ ගෙදර්ට කියන්නෙ නැතිව මොකුත් පටන් ගන්න බෑනෙ. මට මුල් ලිපිය ලියනකොට තිබ්බ ඒ මල් මල් ෆීලින්ග් එක දැන් නෑ බන් ඒකයි මන් ලිව්වෙ නැත්තේ. ඒත් මන් මේක මන් ලියන්නම් ඉස්සරහට. දැන් ලියන්න ෆීලින්ග් එකක් නැති එකයි අවුල නංගි

      "මේ ඔය පස්නෙට වෙන කෙනෙක්ට දුන්න පිලීතුරක කොපි පේස්ට් එකක්" ළගකදි එයා හම්බුනා. යාළුවෙක් වගේ කතා කරා.විනාඩි හතර පහකින් එයා ගියා. අනේ මන්දා තාමත් එයා ගැන හිත එහෙම්මද මන්දා.....

      Delete
  22. Ekanam marama shoooi ....👉💞💞😋

    ReplyDelete