08 April 2017

වික්ටර් රත්නායක සහ මගේ ප්‍රේම කතාව

                                          බොලොග් තුළට විවිධ රැළි,කුණාටු, සුළි සුළං හමාගෙන එනවා. ඉතින් සොදුරු සදවතීගේ මේ වික්ටර් ගී අභියෝගයත් එහෙම බොලොග් හරහා පැතිරගෙන ගිහිල්ලා අද මගේ බොලොග් එකටත් ගොඩ වැදෙන ප්‍රේමණීය සුලගක් . ඒ තුළ මා ජනිත වූ අනන්දනීය බව තුළ ඔබත් අතරමන් කිරීමටයි මගේ මේ වෑයම.
                   මුලින්ම මගේ රසවින්දනය ගැන කීවොත් අමරදේවයන්ගේ,වික්ටර් රත්නායකයන්ගේ සිට ක්ලෑරන්ස්, රූකාන්තයන්ගෙන් පසු භාතිය සංතුෂ් හරහා අද හෙළ සංස්කෘතිය විනාස කරනවයි කියන කුණුහර්ප රැප් කියන කියන ෆිල් ටී,පදනම,හතලිස් හතර කල්ලිය,ප්‍රසා වැනි වුන්ගේ රැප් දක්වා ගමන් කරන්නක්.
                   ඔය හැමෝගෙම මම අහන සිංදු වගේම,එච්චර කැමති නැති, සමහර වෙලාවට කැමතිම නැති ගීත තියෙනවා. ඒත් ඉරි ඇදලා කොටු කරගත්තු රසවින්දනයක් මට නෑ. එක එක ශෛයිලීන් තුළින් ලැබෙන රස එකිනෙකට වෙනස්. මන් ඒ වෙන වෙන රස හොදින් රසවිදින්නෙක්.
                                           
1.මන් වික්ටර් රත්නායකයන්ගේ සුභාවිත ගීතයන්ගේ උන්මාදනීය උමතුවෙකු වෙන්නෙ මෙන්න මේ ගීතය හරහා. පසුබිමෙන් ඇහෙන්නේ බොක්ස් ගිටාර් දෙකක තත් පිරි මැදීමක් විතරමයි ඒ උමතුව තාමත් එහෙම්මයි. ඒ ස්පර්ෂය එහෙම්මමයි. පද තුල නැලවෙන ඒ සුමිහිරි සංගීතය. මන් එහි ආසම මෙතනට.

"ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ
ඇදුරුතුමියයි යෞවනේ
ප්‍රේමයේ රුදු වේදනාවේ 
කදුළු සයුරේ උල්පතයි"



2. මට මතකයි එතකොට අපි උසස් පෙළ කරන කාලේ ගෙදරට බන ගෙදරකට යනවා කියලා ගිහින් වැල්ලෙ හදපානේ බෝතලයක් වටේ තියන් ප්‍රාණසම මිතුරන් හතර දෙනෙක් එක්ක ජීවිතේ දුක දිය කරා. අපි ඔක්කොම එතකොට පරාජිත ප්‍රේමවන්තයෝ හා අප්‍රකාෂිත ප්‍රේමවන්තයෝ. අපි හැමෝම බදාගෙන කෑ ගහගෙන පෙම්වතියන් ගැන කතා කරා. මට මතකයි එතකොට අහසෙ පායලා තිබ්බේ එකම එක තනි තරුවයි. ඒ තමයි සිකුරු තරුව ප්‍රේමකීර්තිත් මේ වගේම බීමතින් සහ පරාජිත ප්‍රේමයකින් දැක්ක තනි තරුව. 
                                            එතනින් එක අප්‍රකාෂිත පෙම්වන්තයෙක් පෙම් කරේ එතනම හිටපු යාලුවෙක්ගේ නංගි කෙනෙක්ට. එතකොට අනිත් අප්‍රකාශිත පෙම්වන්තයා ඒ කියන්නෙ මම පෙම් කරේ ගමේම හිටපු ලස්සනම ගෑණු ළමයට. මට බය හිතුණා ඒක අනිත් අයට කියන්න. එයා මට හම්බුන් නැති වුනොත් කියලා. එදා මන් වැල්ලෙ දනගහගෙන ඒ තරුව දිහා බලාගෙන මෙහෙම කිව්වා මට හොදට මතකයි.

"තනි තරුවේ ඔබත් ඔහොම ඔතන ඉන්න
මමත් මෙහෙම මෙතන ඉන්නවා"

ඒත් එහෙම උන් නෑ විශ්වාස කරන්න එයා මට  පෙම් කරා. ඔව් මට පෙම් කරා.

3. මන් ලෝබ වුනා එයාට. එයාගේ සුන්දර රූපෙට.හරියට ගෙදර නිධානයක් තියෙනකොට නින්ද නොයනවා වගේ මන් වද වුනා ඒ සුන්දර රූපෙ ගැන. පසුව මන් වෙනතක ගියෙත් එතරම්ම මන් ඇයගේ රූපයට ලෝබ කළ නිසා.ප්‍රේමය,සුන්දරත්වය, උමතුව.........කියන තුන තුළ හිටියේ සොදුරු ආත්මාර්ථකාමීයෙක්. 

සොමි සදවත ලෙස රුසිරි නොවී නම්
දහසක් නෙතු ඔබ දුටුවද කම් නැත
එනමුදු ඊයේ මට පෙන්වූ රුව
තව නෙත් දෙකකට හිමිවිය යුතු නැත

නුබේ ලස්සන හිත තුල හිර කරන් හිටියත් නුඹව හිර නොකරපු මන් සොදුරු කුරිරු නොවන සොදුරු ආත්මාර්ථකාමියෙක්මි. වැදගත්ම දේ නුඹ මගේ සිත පුපුරවන්න තරම් ලස්සනයි. ඒ නිසයි මේ තරම් නුඹට ලෝබ කරන්නෙ.

4. ඈතින් දුටුව...අත වැනුව.....සිහින් මදහසින් මා සැනසුව...... ඒ රූබරිය... විශ්වාස කරන්න ඇය ඉන්නෙ මගේ ඉදිරියේ. අනිත් පුදුමේ ඇය මට ආදරේ කරනවා.  ඇයටත් මටත් පමණක් වූ ලොවක හැමෝගෙම ඇස් වලින් වහන් වී තනි වෙන්න ඇත්නම්

5. මට මතකයි එක දවසක් මහ වරුසාවන්ත දවසක් . එදා ඔයා ආවෙ නැත්තම් මට ඔයාව හම්බෙන්නෙ ආයෙත් මාසෙකින් විතර. ගංවතුර ගලලා කව්රුත් එළියට බහින් නෑ. ඔයාලෑ පාරත් යට වෙලා. මන් මහ වැස්සෙ ගෙදරින් බැනුම් අහගෙන දහම් පාසලට ගියා. මට මතකයි තාත්තගෙන් බැනුම් අහගෙන තාත්තත් එක්කම බයිසිකලෙන් ඔයත් ආව. එතකොටත් අපේ ආදරේ අප්‍රකාශිතයි.
                                           එදා තමයි මට තේරුනේ ඔයත් ආවෙ මන් හින්දමයි කියලා. එදා මන් නම්බරේ ඉල්ලුවා.ලොකු කමට දුන්නෙ ගෙදර නම්බරේ. පන්සලේ හාමුදුරුවෝ දහම් පාසලේ හිටපු දෙතුන් දෙනාව ගෙදර යවනකම් අපි තනියම කතා කරා සෑහෙන. මට හොදටම මතකයි. අඩුගානේ ඔයා ගෙදරින් එන වෙලාවටවත් වහින්න එපා කියලා. ඒත් ආපු වෙලාවේ ඉදන් මොරසූරන්න වහින්න කියලා මන් ප්‍රාර්ථනා කරා මොකද එතකොට ආයෙත් දහම් පාසලේ ළමයි නැති වුනත් ඔයාට ගෙදර යන්න බෑනෙ. ඒක පැයකට දෙකකට හරි එහෙම්ම වුණා. එදා හොදටම වැස්සා.

6. හේතුව දන්නේ නෑ මන් ආසම ගීතයක්...සුලලිත ගායනය මේ  තුළ පාවෙන්නෙ ප්‍රේමයෙන් මත් වුණූ විසිරුණු පෙම් වත් සිත් නොවේද.ඔව් සැබවින්ම එය විය යුතුයි මා විදි සිත සනසන උන්මාදනීය ප්‍රේමය.

7.මන් යන්නේ දැන් ඊට පසු ආදර කතාවක් කියන්න. තවත් විදියකට කිව්වොත් මන් ඇය අමතක කරන්න ආදරය කරේ මැයට. තවමත් මන් විදි පෙම්කතාවන් හී කර්කශම ලෙස මට මුල් කාලේ සැලකුවේ මැය. ඒත් ඒවටත් හරියන්න ඇයගේ ආදරය අප්‍රමාණව මට පසුකාලීනව ලබා දුන්නා. ඇය හද්ද ආඩම්බරයි,ඉස්සරින් කෙනා සුකුමාලයි. මන් ඇත්තම කිව්වොත් මුල් කාලෙ පෙම් කලෙ එකක් දාලා දෙවෙනි එකත් දාලා යන්න බැරි ලෝකාපවාදෙන් මිදෙන්න. එතරමටම තිත්තයි.........එයත් හරියට මේ වගේ.

8. පසුකාලීනව ඇය මට පුදුම තරම් ආදරේ කරා. මන් කියන්නෙ මේ ඊළග ආදර කතාව ගැන.ඒ කාලේ හැමදේකටම ළග හිටියා. ආඩම්බරකාර සිත නිවන ලස්සන කට හඩකුයි, අමුතුම විදියේ පැණි බේරෙන කතාවකුයි තිබ්බ ඇය මට පුදුමාකාර අස්වැසිල්ලක් වුණා. මීටත් වඩා මා පසුගාමී කාලෙක ඇය හෙවනැල්ලක් වුණා. දැනටත් ඇයගෙන් ඇමතුමක් ලැබුනත් ලැබෙන්නෙ. මගේ සැප දුක අහන්න.සැනසිලිවන්ත වූ ඒ ආදරේ එකල දැනුනේ මේ විදියට විය යුතුයි.


9. මේ ගිතයට මන් කැමති අර්ථයේ පරිදිම වෙනස් චෛතසිකයකින්. මේ ගීතය තුළ දැනෙන නිසන්සල බව.....බුද්ධාලබ්බන හැගීම කොතරම්ද......

10.තව වික්ටර් රත්නායකයෙන්ගේ ගීතනම් කොතරම්ද???? ඒත් අභියෝග්ය ගීත දහයයිනෙ. ඒක හින්දා මෙතනින් නවතින්නම්. ඉතා තියුණු යටි පෙළක් සහ ප්‍රබල හඩ පරාසයක ගැයෙන මේ ගීය කෙසේ වික්ටර් ගී අභියෝග දැහෙනෙන් ඉවත්කොට ලියන්නද


ප.ස - මේ මට වික්ටර්ගේ ගී දැනුනු හැටි. අද රස වින්දත් අදත් විටෙක ස්පර්ශ වෙන්නෙ මන් පෙර කී මා ජීවත සිද්ධීන්. ඔබටත් පුළුවන් මේ වික්ටර් ගී උමතුව ඔබේ බොලොග් අඩවියෙත් දිගහරින්න. මන් කැමතියි ඒ ඒ උමතුවත් මගේ උමතුවත් ස්පර්ශවන තැන් බලන්න. එහෙනම් හැකිනම් දිගහරින්න සදවතී ගෙනා මේ උමතුව ඔබේ බොලොග් පිටුවෙත්.

40 comments:

  1. ඔබේ ජීවිතය අසාර්ථකද?

    ReplyDelete
    Replies
    1. ආයෙ පිස්සුවක් ඇතැයි බන් මගෙ ලයිප් එක පුල් මාවලස්...

      Delete
  2. ප්‍රසා කවද්ද බොල රැප් කළේ රේප් කළා මිසක්. හැක්..

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි හැම ප්‍රාසාලම රේප් සීන් එකේ නෑ
      දැන් ප්‍රසාලා ඉන්නෙ රැප් සීන් එකෙ.......සාමෙන් බ්‍රෝ.....

      Delete
  3. ලස්සන ගීත කීපයක් මේ. 1, 9 ගොඩක් කැමතියි. ගීතයට පසු ඇති සටහන මරු.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් බන් දෛවයෝගයකින් සින්දුවෙන් තමයි මට වික්ටර් ගී සම්බන්ධ උමතුවක් ඇති වුනේ
      "දෙව්රම් වෙහෙරේ" ගීතය පුදුම තරම් නිස්කලන්ක බවක් ට්හිබෙන ගීතයක....

      Delete
  4. ඔයා සෑහෙන වාසනාවන්තයෙක්නෙ

    ReplyDelete
  5. හොඳ ලියවිල්ලක්... ජය වේවා රෝමා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරුශි..ඔයත් මන් දැකපු හොද ලියන්නියක්,විශේෂයෙන් කෙටි කථා

      Delete
    2. ස්තූතියි රෝමා... ^_^

      Delete
  6. හප්පා මේ සින්දු වලටත් වැඩිය අපූරුයි නෙව රස්තිගේ කතා ටික.ඇත්තටම අපි සමහර ගීත අපේ ජීවිතේ එක්කම බද්ධ කරගෙන කියන එක මේක කියවද්දි නියමෙටම පැහැදිලි වෙනව. ස්තූතී රස්ති මගේ සොඳුරු අභියෝගයට මේ විදියෙ ලස්සනට පිලිතුරු දීපු එකට

    ReplyDelete
    Replies
    1. වික්ටර් රත්නායකයන්ගෙ ගී මන් අහනන් ගත්තෙ සා.පෙළ,උසස් පෙළ වගේ කාලෙ
      ඒ කාලෙ තුල සිදුවූ සිදුවීම් තුළ මේ ගී බැදී තිබුනා සහ මන් ඒවා එසේ විදගත්තා

      Delete
  7. වික්ටර් මහත්මයාගේ මං ආසම ගීතය තමයි නීල බිඟු කැල ගීතය..

    ජය වේවා රොමා අයියේ... !!

    ReplyDelete
    Replies
    1. ඒකත් මන් ආස ගීතයක් බන්. ඒත් මේ සදවතී ගී දහයයිනේ දුන්නෙ..

      Delete
  8. මම නම් ආසම දෛවයෝගයකින් නොවේදෝ ගිටාර් පාට් ටිකට

    ReplyDelete
    Replies
    1. ඒ ගිටාර් පාර්ට් එකේ පුදුම රිද්මයක් තියෙන්නෙ...මන මෝහනීය උමතුවක් දනවන සංගීතයක්...

      Delete
  9. මන් හුඟක්ම ආස මගෙ හිත නිවෙන ගීතය තමයි සිහිල් සුලන් රැල්ලේ..හේතුවකටද අහේතුවකටද මන්දා මට ඒ සිංදුව handsfree ගහගෙන ඇස් පියාගෙන අහනකොට ඇඬෙනව හොඳටම..ඒක භාවනාවක් වගෙ..අනිත් එක තමයි මියුරු කල්පනා..ඒක ගිටාර් එක එක්ක විතරක් කියනකොට මාර හැඟීමක් දැනෙන්නෙ හිතට..තවත් එකක් දෛවයෝගකින් නොවේදෝ..මේ හැම ගීතෙකම අපිට ආවේනික උන මොකක්දෝ කතාවක් හැන්ගිලා තියෙන්ව වගෙ නිකන්

    ReplyDelete
    Replies
    1. එවැනි පද රචනයක්,සංගීතයක්,සංයමයකින් යුත් හඩක් එකතුවීම් ඇත්තටම හාස්කමක්. මොකද ඔය තුන් ඈදුතු හවුල ඉතාමත් අපූරුවට පෑහුණු ගීතයක් තමයි "සිහිල් සූලන් රැල්ලෙ ගීතය"

      Delete
  10. රස්තිගේ කතා ටික හොඳ පද රචකයෙක් ඇහුවනම් ෂුවර් සිංදුවක් ලියයි..එහෙනම් ඒ සින්දුව විකටර්ට කියලා කියවගන්නත් තිබුනා ..

    ReplyDelete
    Replies
    1. මටම ලියන්න තිබ්බනම් ඒක කොච්චර දෙයක් ද බන්.......

      Delete
  11. හහොද සංකල්පනාවක් සහ ගීත එකතුවක්. මේ සියලු ගීත අප සියලු දෙනාගේම හද බැද ගන්නවා . සංකල්පනාවත් නියමයි . අප සියලුදෙනාගේ වාගේ සිත් තුල රැදුනු පැරණි ආදර මතකයන් තිබෙනවා

    ReplyDelete
    Replies
    1. ඒ මතකයන් අපිට අතීතය පිළිබදවත් ප්‍රේමයක් ඇති කරනවා.හරියට නින්දෙදි දුටු සුන්දර හීනයක් වගේ...

      Delete
  12. මේ ගීතය තමා මම වික්ටර්ගේ ආසම කරන ගීතය
    https://www.youtube.com/watch?v=2sgLe5Kv4Fk

    මේ ගීතය ටිකක් අහල බලන්නකෝ... අර්ථය ගැන ප්‍රශ්නාර්ථයක් දැනෙනවා මට..
    https://www.youtube.com/watch?v=SA2b8RTxXmo

    ReplyDelete
    Replies
    1. ගීත දෙකම ඩව්න්ලෝඩ් කරන්ම ඇහුවා.අද තමයි නිවිසැනසිල්ලෙ ඇහුවේ මන් මීට ඉස්සෙල්ලා වැඩිපුර අසා නැතත්. ඉතාමත් රහ ගීත දෙකක්

      Delete
  13. ස්ත්තූයි වැව් ඉස්මත්ත

    ReplyDelete
  14. හොඳ සින්දු ටිකක් මමත් කැමතිම සිංදු කිහිපයක්ම තියෙනවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාත්‍රා

      Delete
    2. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා රස්තියාදුකාරයෝ....!!👍👍🙂

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. එසේම වේවා වැහි බින්දුවෝ

      Delete
  15. සගවා ගනු මැන ගීතය ගැන අපි දෙන්නා පැයක විතර කතා කලා මතකයි. එදා වචනෙන් වචනෙන් අරන් උබ විග්‍රහා කලා හොදට මතකයි. ඊලගට ප්‍රෙමයේ ඇදුරුතුමිය ගැන උබ කියවගෙන කියවගෙන කියා මතකයි. එ ගෙවපු හැන්දෑව මට ආයෙත් මතක් වුනා.

    ReplyDelete
    Replies
    1. උබයි,මිලියයි එක්ක ගෙවිච්ච ඒ කාලේ පට්ටම බන්....
      කවදාවත් තර්ක තිබ්බෙ නැති,තර්ක පෝෂණය පමණක් වෙන... පැය ගාණක් ඇදෙන කතා පට්ට බන්.ඒ වගේ යාළුවෝ හම්බෙන්නෙ වාසනාවට...

      Delete
  16. මම නම් කලාතුරකින් ගීත අහන කෙනෙක් ,, වික්ටර් අංකල් මගෙ ට්‍රැක් එකට වැටුනෙ කසාදෙ නිසා,, එයාගෙ ඒවත් අහල බලන්න ඕන..

    ReplyDelete
    Replies
    1. මරුම සිංදු ටිකක් තියෙනවා බන්. අහල බලහන්කො...

      Delete
  17. රස්තා අපේ ඔෆිස් එකේ යූ ටියුබ් තහනම් බං

    ReplyDelete
    Replies
    1. අපෙත් එහෙම තමයි බන්

      Delete