27 September 2017

බෲටස් නුඹ ඇන්නේ සීසර්ට නොව මගේ පපු කුහරයට

අසුරු සැනකින් ජීවිතය හලන
චුබ්බනයකට ඇහැකිද පියාඹන්න
හෙට වේදිකාවේ සුන්බුන්ව විසිරෙන
අද මා දකිමි ඒ සුන්දර බියගුළු සිහින

සීසර්ට අයිති නුබ ඇතිරිල්ලක
දකිමින සරා සිහින මා සමග

ඇවිදින් සීරුවෙන් හෙමි හෙමින් බෲටස් නුඹ ළගට
බෲටස් උඹ පිහියෙන් ඇන්නේ සීසර්ට නොව මගේ පපු කුහරයට

ලේ නොව එන්නේ කදුලකි සතුටකි
අද බොද වෙන පෙම් සිහින හෙට
වෙනෙකක් ලග සතොසිනි කදුලකි

නුඹ යයි වෙනෙකෙකු එයි මා ලොවට
මා ලොව කිරුළු පලන් එකම කුමරා මමය
තවකෙකු විත් සියුම් පිරිමදියි ඒ මොහොත
දුක නැත පිහි ඇනුමට රිදුම් නැත හදවත

රිදුම් දෙන හදවතින් ලියන මම
-රෝමාන්තික රස්තියාදුකාරයා-

26 comments:

  1. ධමනියක ඉපිල
    නැවුම්
    ශිරාවක ලතව
    පසු බැස සෙමෙන්
    ලබ් ඩබ් ව
    පණ ගැහෙයි
    ජීවිතය
    සෘතු අතර
    සෙමින්.....

    සාහිත්‍යය රස පිරුණු අපුර්ව නිර්මාණයක් රෝමා

    ReplyDelete
    Replies
    1. කවියේ කොනක් අල්ලගත්ත අපුරූ කවියක්. අපි පිරිසිදු ලෙස ධමනියකින් පිට කරන ලේම අපිරිසිදු විදියට හදවතට එනවා.වරද අපිරිසිදු ලේ වල නෙවෙයි අපේ හදවතේමයි අපේ හදවත දැනගන්න ඕන අපිරිසිදු ලේත් කවදහරි හදවතට පොම්ප වෙනවා කියන බලාපොරොත්තුවෙන් ඉන්න. හරිම අපුරූයි.

      Delete
  2. මේ කතාව නොදන්න නිසා කවිය තේරුම් ගන්න බැහැ ... නමුත් ලස්සනයි කියලා දැනෙනවා කවිය වගේම තේරුමත්... ජය !!!

    ReplyDelete
    Replies
    1. කවිය වගේම කතාවත් මට තේරුම් ගන්න බෑ

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. සමහර කවි වල වගේම සිදුවීම් වලත් තේරුමක් නැහැ....

      Delete

  3. ආව
    කියෙව්ව
    හරියට තේරුනේ නම් නෑ
    කොමෙන්ඩ් එක්කුත් දැන්ම
    අපි ගියා

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ආව එකමත් ලොකු දෙයක්නෙ :-) හැම කවියක් තුලම තියෙන යටි තේරුමට වඩා යම් සිතුවිලිමය ස්පන්ධනයක්.....

      Delete
  4. කවිය ලස්සනයි රෝමා...

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි නිර්මාණී...බොඟොම ආදරයෙන් පිළිගන්නවා රස්තියාදුකාරයගෙ බොලොග් එකට

      Delete
  5. මද්දට වගේ මටත් ඔය කවි තෙරෙන් නෑ උඩ ඉඳන් පහලට කියෙව්ව... එහෙනම් අපි ගියා

    ReplyDelete
    Replies
    1. කවියෙ මන් කියන තේරුමම උබල ගන්න ඕනෙ නෑ බන්...මොකද උඹලා කවිය විදින විදිය වෙනස් වෙන්න පුළුවන්

      Delete
  6. හදවත රිදුම් දෙන තරමට හොද නිර්මාණ බිහිවෙනවා

    ReplyDelete
    Replies
    1. හදවත කියන එකට මොකක් හරි වැදුනම. අඩපණ වෙන්නෙ කොදු නාරටිය.....

      Delete
  7. මම ඔය කතාවට හරිම කැමතියි, පුදුම දුකක් එන්නෙ මිනිහ පිටිපස්සෙන් සීසර්ට ඇණපු එකට... සීසර් එයාව දැකල බෘටස් උබත් කියලත් කියල නෙහ් මැරුනෙ...

    සැඟවුණු කතාව ඔයා ලස්සනට ගලපල ලියල තියෙනව රොමා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මචෝ ඒත් බෲටස් සීසර්ට ඇන්නට රිදුනේ මට මොකද සීසර්ගෙ වටිනම දේට වැඩියෙන්ම ආදරේ කරේ මන් නිසා

      Delete
  8. Replies
    1. බොහොම ස්තූතියි යාත්‍රා......

      Delete
  9. කවිය ලස්සනයි රෝමා...මට හැගුන සැඟවුණු කතාව ඔයා ලස්සනට ගලපල..කතාව ලියන්න..

    ReplyDelete
    Replies
    1. මොකක්ම හරි හැගුනනම් වටිනවා.......

      Delete
  10. ස්තූතියි ප්‍රාජේ......

    ReplyDelete
  11. එල බ්‍රෝ අපි ගියා

    ReplyDelete