16 March 2018

අඩා හැලෙන ඇල්ල බැලුමට ගිය ගමන - Andahalena Ella Waterfall, Pituwala, Elpitiya


                                                          එල කොල්ලෙක් කෙල්ලෙක් උනාම හැමදාම උදේට කන එකයි, දවල්ට කන එකයි, රෑට කන එකයි ඔෆිස් යන එකයි, ඉස්කෝලෙ යන එකයි,ජිල් ගහන එකයි ඇරුණම ඊට වඩා වෙනසක් තියෙන්න ඕනෙ. විලියොම් සේක්ස්පියොර් උතුමත් දවසක්දා එහෙම එකක් කියලා තියෙනවා. 
                                  ඉතින් මේ අල්ල පනල්ලෙ එතුමානෝ එහෙම කියපු නිසාමත් නෙවෙයි අර මද්දලා,තඩියලා එහෙම බයික්ක වලින් රවුම් ගහලා නොයෙකුත් විච්චූරණ පොටෝ බ්ලොග් වල එල්ලන නිසා මන් හිතුවා පහුගිය දවසක සතියෙ දවස් වල මැදට  අතිසය දුර්ලභ විදියට සෙට් උනු පෝය නිවාඩුවක ගිය ගමනක් හෙම දාන්න.
               කොහොමත් ඉතින් මගේ සංචාර කියන ලේබල් එක යටතේ යන එන සංචාර දිගටම අප්ඩේට් වෙයි. මීට ඉස්සෙල්ලත් එකක් දාල තියෙනවා. යන්න ඉන්න එකෙක්ට ප්‍රයෝජනයක් වෙන්න පුල්ම විස්තරයක් හැම පෝස්ට් එහෙකින්ම දානවා දන්න කියන හැම තොරතුරක්ම දාලා.
                                     ඔන්න ඉතින් ප්‍රිය හිතවතුනි හිතවතියනි මේක අතිසය දුර්ලභ තනි දවසක නිවාඩුවක් වෙනකොට අපි කතා බස් කරා මේ පාර අපි කොහෙද යන මීට කලින් නොගියපු තැන කියලා. ඉතින් එතන එකෙක් කිව්වා ඇල්පිටියේ පිටුවල තියෙනවා කියලා අඩා හැලෙන ඇල්ල කියලා ඇල්ලක්. ඉතින් ඒකට යමු කියලා.
                                   අපේ තියෙන මූලිකම අදහසක් තමයි අපි යනවනම් යන්න ඕනෙ මීට කලින් නොගියපු තැනකට කියන එක. මොකද මේ පුංචි ලංකාවෙ ඇතුළෙම බලන්න තැන් කොච්චරක් තියෙනවද මීට කලින් කිසිම දවසක අපි නොගියපු...?
                                             ඉතින් අපි එදා හිමිදිරි පාන්දරම පිටත් උනා මේ ගමන යන්න.හිමිදිරි කිව්වට හිමිදිරිත් නෑ නමයට නමේ හමාරට වගේ ඇති. කොළබ ඉදන්ම යන ගමන් මාර්ගය තමයි මේ තියෙන්නෙ.

ස්ථානය - අඩා හැලෙන ඇල්ල
පිහිටීම - පිටුවල, ඇල්පිටිය, ගාල්ල

                                             වතුගෙදරින් එක්කවු වුනු සමීර පොල් සම්බෝල බාස්කට් එකක්ම හදන් ඇවිල්ලා තිබ්බා. යකෝ මූ පාන් එක්ක පොල් සම්බෝල කන්නද, නැත්තම් පොල් සම්බෝල එක්ක පාන් කන්නද ගෙනත් තියෙන්නෙ කියලා හිතාගන්න බැරි තරම් සම්බෝල බාස්කට් එකක්ම ගෙනැල්ලා තිබ්බා.
                                                     කොහොමහරි ඉතින් අපේ කල්හාර කියන යාළුවා අපිට බටපොල ටවුන් එකෙන් එකතු උනා. කල්හාර බටපොළට ටිකක් ලග එක්කෙනෙක් නිසා. කල්හාර තමයි අපේ මග පෙන්වන්නා උනේ. කොහොමහරි අපි පිටුවල කැලය ගාවට යනකොට උදේ දහය හමාර එකොළහ වගේ ඇති. ඔතන තියෙන ගේක වාහනේ පාක් කරන්න පුළුවන් පොඩි ගානක් ගෙවලා. කෑමත් ඕන්නම් පූළුවන් හවසට ගන්නම් කියලා ඕඩර් එකක් දීලා යන්න. හැබැයි ටිකක් ගණන් වැඩි නිසා ටවුන් එකෙන්ම මොකක් හරි සෙට් කරන් යන එක තමයි හොද.
                                                      කොහොම හරි කස්ටිය ඔහොම තමයි පිටුවල කැලැයට ඇතුල් වෙන්න කලින් ජායාරූපයකට පෙනී සිටියේ.
                                          මෙතන ඉදන් ඇල්ල ගාවටම සාමාන්‍යයෙන් විනාඩි විස්සකින් විතර යන්න පුළුවන් උනත්. නියම ලස්සන තියෙන්නෙ ඇල්ලට යන අතර මග පරිසරයේ. ඒ නිසා අපිට ගල් උඩ නැගලා ,ගස් වල නැගලා, වටේ රවුම් ගහලා ඇල්ල ගාවට යන්න පැය දෙකක් විතර ගියා. කූඩැල්ලොන්ගෙ කරදර එමට නිසා. මොකක් හරි කූඩැල්ලොන්ගෙන් බේරෙන්න ක්‍රමයෙකුත් හදාගෙන එන්න. අපිනම් ඉතින් මොකුත්ම නැතුවම තමයි ගියේ. අපිටනම් කූඩැල්ලොන්ගෙන් ලොකු අවුලක් උනෙත් නෑ.....
                                   පුදුම ලස්සන පරිසරයක් උඩ ඉදන් එන ඇල්ලෙ  අතු පාරවල් හැම තැනින්ම ගලා බහිනවා. ඒක හින්දා බැලු බැලු තැන් වල තියෙන්නෙ ලොකු කුඩා වතුර පාරවල්. සමහර තැන් වලින් යන්න ඕනෙ ඇලට බැහැලා ඒ ඇල පාර දිගේ.මන් මොකුත් කියන්න ඕනෙ නෑ ඔයගොල්ලොම බලන්නකො එතරම් විශාල නැති උනත් කොච්චර ලස්සන කෑලෑවක්ද කියලා මේක.

දිය ඇල්ල බලන්නනම් මේ වතුර ඇලට බැහැලා එහා ගොඩට යන්නම ඕන

මේ වතුර ඇල හරහා යනකොට වතුර තිබුනේ ඉන ගාවට එනකොට වතුර තිබුනේ උරහිස ගාවට



සමහර තැන් වල පාරවල් තියෙන්නෙ මේ වගේ ඇලවල් දිගේ. කොහොමද මේ වගේ ලස්සනක් තියෙන රටක ඉපදෙන්න පින් කරන්න ඕනෙ නැද්ද ඉතින්


වැස්සෙන් පස්සෙ අපි එනකොට මේ පාරවලුත් මහ විශාලෙට වතුර ගලන පාරවල් වෙලා තිබුනේ








ඔය තියෙන්නෙ අඩා හැලෙන ඇල්ල. ඔය වෙලාවෙ වතුරපාර ඔහොම තිබ්බට දවල් වෙනකොට වැස්සත් එක්ක මේ ඇල්ල පිරිලා ඉතිරිලා යන්න වැස්සා. වැස්සත් එක්ක ඒ වෙලාවෙ ජායාරූප ගත්තෙ නෑ.මොකද අපි මෙතන රැදුනනම් අපි වතුරට හව්වෙලා අපිට පල්ලෙහාට බහින්න බැරි වෙනවා. අර මුලින් තිබ්බ පාරවල් ඔක්කොම අඩි පහක් හයක් සමහරවිට ඊටත් වඩා වතුරට යට වෙනවා. ඊට පස්සෙ හෙලිකොප්ටර් දාලා තමයි අපිව ගන්න වෙන්නෙ ගමේ එවුන්ට. 

අඩා හැලෙන ඇල්ල දිගේ උඩට නැග්ගම තමයි මේක පේන්නෙ . මේ තමයි අඩා හැලෙන ඇල්ල බිමට කඩා හැලෙන්න පටන් ගන්න තැන.
මේ ජායාරූපය තියෙන තැන තමයි අපේ නැවතුම. කට්ටිය සමීරගෙ පොල් සම්බෝල බාස්කට් එකත් එක්ක පාන් කන්න ගත්තා. අනිත් එවුන් මෙතනම තියෙන වතුර ඇලට බැස්සා
සමීරගෙ පොල් සම්බෝල බාස්කට් එකත් එක්ක පාන් කන ගමන්

මේ තියෙන්නෙ වතුර පිරුණු ස්භාවික වතුර තටාකය. කොහොමද වතුර ටික. මේ තමයි අඩා හැලෙන ඇල්ලෙ උඩම කෑල්ල. ඒ කියන්නෙ මෙතනින් පොඩ්ඩ දුරක් ගිහින් තමයි අර අඩා හැලෙන ඇල්ල කඩා හැලෙන්නෙ ඇල්ලක් වගේ. 

                                           නෑවට, කෑවට විතරක් මදියි. මේ වගේ ඉස්තරම් තැනක නාන ගමන් මොකක් හරි චුන්ඩක් කරන්නත් ඕනෙ. ආයෙ තව්තිසාවෙවත් තියේද කියහන්කො ඒ සැප. ඔන්න ඔහේ චුන්ඩක් කරන්න ඕනෙ නෑනෙ ආයෙ බෝතලයක් ඉවර වෙන්න බෝතලයක්  අරන් බෝතල් තුනක් හමාරක් විතර ඉවරකරා. ඉතින් පන්සිළු කොල්ලටත් වඩා හොද ගායකයොන්ගෙ සුමධුර ගී හඩවල් මැද්දේ ෆුල් සොමියෙ ඉන්නකොට දුන්නෙ නැතැයි වැස්සක් එකපාරට ආයෙත් ඉන්ටිවල් එකක් නොදීම. 
                                     ඒ වැස්ස කොච්චර කෲර උනාද කිව්වොත් අපිට ඉන්න හිටින්න තැනක් වත් සෙට් උනේ නෑ ගල් වලට මුවා වෙලා ඉන්න බැලුවත් සුනාමියක් වගේ වතුර පාරවල් උඩ ඉදන් ආවැයින් අපේ තුරුණු  ජීවිත අකාලෙට සෙත්තපෝච්චි වෙන්න ඉස්සෙල්ලා එතන තිබ්බ ලොකු ගලකට අපි නැග ගත්තා. මොනාවා කරන්නද ෆෙන්ස් පොල්ගෙඩි තරම් ලොකු වැහි කැට සට සට ගාලා අපිට දෙන්න ගත්තා.
                                                     අපි සැලුනද ෆෙන් නෑනෙ...නෑනෙ...නෑනෙ..... ඒ අස්සෙත් අපි රහමේරය වක්කරගෙන ෆුල් සොමියේ මහ වැස්සෙ මැද්දේ හතර වටින් ගලන කොටත් ගල උඩ ඉදගෙන බඹර පදමෙ ෆුල් සොමියෙ වන බඹරු වගේ සිංදු ද,බයිලද, රැප්ද,,අරකද මේකද ඔක්කොම ගගහා ෆුල් සොමියෙ හිටියා.                                                 විසේසයෙන් මතක් කරන්න ඕනෙ ගල උඩදි අපිට සැන්ඩි සැපෙව්වෙ වැස්ස වලාහක දෙයියො. අපේ ස්ප්‍රයිට් බෝතලේ ගල උඩ පෙරලුනා. කොහොමත් විනාඩියක් යන්න ඉස්සෙල්ලා ලස්සනට සැන්ඩි උනා වැස්ස හින්දා හැමෝගේම කෝප්ප හෙම,
                                               මුලින් මුලින් බයිට් එක වැස්සට හව් උනාම් බයිට් එකට ගත්තෙ ඉතිරි උනු පානුයි අර පොල් සම්බෝලයි.....ඒකෙත් ගන්න දෙයක් නැති උනාම ඉතින් ගස් කොළන් කන්නයැයි. අමුවෙන්ම ගහනවා ඇරෙන්න.
                                                 ඒත් ඉතින් හතරවෙනි බෝතලයත් හිස් කරගෙන එනකොට තේරුණා වැඩේ තව හිටියොත් සැල්වේසොන් ආමි එකෙන් එනකම්ම මෙතන ඉන්න වෙනවා කියලා. මොකද ගල උඩටත් වතුර පාර එන්න ගත්තා. ඕන් ඉතින් මොනා කරන්නද.හතර වටේ මඩ කාගෙන..වැටී ගෙන....බඩ ගාගෙන...ටාසන්ලා වගේ කට්ටියම පල්ලෙහාට ආවා. අර මුලින්ම කිව්ව ඇල හරහා යනකොට වතුර මට්ටම තිබ්බෙ මගේ උරහිසටත් උඩින්....හිතහන්කො කොච්චර ත්‍රස්‍යජනක ගමනක්ද කියලා ඒ චන්ඩ වතුර පාරේ මේ ගොඩට ආපු එක. අරන් ගියපු හැම බඩුවක්ම ආයෙ සුපිරියටම තෙමුණා. 
                                                                  නොදකින් එහෙව් හැත්ත අර මඩ කරියො වගේ ආපු ගමන්ම කරේ මඩවත් හෝදගන්නෙ නැතිව බයිට් පැකට් එකකුයි.පොඩි සෝඩා බෝතලයකුයි අරන් ඉතිරි ටික බොන්න ගත්ත එක. පෘතුවි තලයම කැරකෙන ගානට තිබ්බෙයින් මාත් සොට් දෙක තුනක් දාගත්තා ත්‍රිල් එක දිගටම තියාගන්න ඔනෙ නිසා. ආයෙ ඉතින් ත්‍රිල් එක තොදොල් වෙන්න අමතපදම් උන එක වෙනම තැනක. මිනිස්සු හිතන්න ඇති පුදුම පිස්සො ටිකක් කියලා ඒ කැලයෙන් එළියට ඇවිල්ලත් කට්ටිය කරේ බඹරු වගේ බමන මතින් සින්දු කිය කිය ආයෙ ආයෙ වැස්සට තෙමුණා නෙවෙයි තෙත බරිතම උනා. 
                                                                                  කොල්ලොනෙ....මේ කාලෙ කොරන්න ඕනෙ ඒවා නාකි වෙලා කරන්නයැයි. මටනම් ඉතින් ඒහෙම අවුලකුත් හැට පැන්නත් ගන්න පන් ඒක කෝම හරි ගන්න ඕනෙ හා නැද්ද???
                                                                කොහොමහරි එදා දවල් එකට දෙකට විතර ඇති අපි පිටුවල කැළෙන් එළියට එනකොට විශේෂයෙන් ස්තූති කරන්න ඕනෙ බටපොළ අපේ කල්හාර කියන යාළුවට මාළු සැමන් එක්ක සැරට මිරිසට කට කපලා යන්න කෑම වෙලක් ගෙදරටම අරන් ගොහිල්ලා අපිට දුන්නට. වැස්සත් එක්ක ෆෝන් ආරක්ශිතව බෑග් වල තැම්පත් කරපු නිසා. ඉන් පස්සෙ ගහපු ෆොටෝ වැඩිය නෑ. 
                                   අන්තිමට ඉතින් මතක් කරන්නෙ මේ වගේ තැනකට ගියාම ටොනික් පියනක් වත් ඒ කැලේට දාන්නෙ නැතිව එළියට ගෙනැල්ලා බැහැර කරන්න. එතකොට මේ ලස්සන තව කෙනෙක්ට විදගන්න පූළුවන් වෙයි ඉස්සරහටත්.





සැ.යු- රස්තියාදුකාරයාගේ මූසල මූනස් තහඩුව මෙම පොටෝ අතර නැති බව කරුණාවෙන් සලකන්න. ......


32 comments:

  1. මරු බං. එදා නොගියත් පෝස්ට් එක ලියලා තියෙන විදිහට එතන හිටියා වගේ දැනෙන්නේ. රහයි....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. එල එල බන් එහෙම දැනුනනම් එච්චරයි.....

      Delete
  2. නියමයි මල්ලි ...

    ලස්සනට ලියල තියෙනවා . දුමී කිව්වා වගේ අපිටත් දැනුන ඔයාල සෙට් එක ගත්ත ෆන් එක මෙහෙ ඉදන් . වෙලාවට තව වතුර වැඩි වෙන්න ඉස්සර ආවේ . නැත්තම් හෙන අවුලක් වෙන්නේ නේද . ?

    මටත් මතක් උනා මම ලියපු "මාතලේ බලකඩුව දියඇල්ල සොයා" පොස්ට් එක ..

    කොහොමත් ගමනාන්තය අමාරු දියඇලි හොයන් යනවා නේද , එක වෙනම අතල් එකක් .. හේ හේ හේ

    ReplyDelete
    Replies
    1. වතුර වැඩි උනානම් අපිට කවුරු හරි බේරගන්නකම් ඉන්න වේවි. අපි ගියෙත් හොදටම වැහි දවස් වල. ඊට ඉස්සරි දවස් දෙක තුන ඉදන්ම හොදටම වැස්සා.ඒකයි කවුරුත් හිතුවෙ නැති වතුරපාරක් ආවෙ.කැලේට වෙලා ආරක්ෂිතව ඉන්න පුළුවන් උනත් පල්ලෙහා වතුරෙන් යට වෙලා නිසා. කැලෙන් එළියට එනවා බොරු.

      Delete
    2. "මාතලේ බලකඩුව දියඇල්ල සොයා" පෝස්ට් එක මන් බලලා තියෙනවා ඒකත් ගොඩක් ලස්සන තැනක්

      Delete
  3. හෙ හේ එලම එලම මද්දගෙ ජාකියේ එකෙක්.

    ReplyDelete
    Replies
    1. උඹලා තරම්ම නැතත්...උඹලෑ ජාතියෙ එකෙක්......

      Delete
  4. අනේ යසයි උඹලට ආපහු එන්න බැරිවෙන්න වතුර සෙට් උනානං.

    හැක්.. මොනව උනත් නියම ෆන් එකක් අරන් තියෙනව වගේ.

    ReplyDelete
    Replies

    1. තව පැයක් පරක්කු උනානම් එහෙම වෙන්න තිබ්බා. හැබැයි ඉතින් උඩට වහින එක නවත්තපු ගමන්ම වතුර පාරෙ සැර අඩුවෙනවා පල්ලෙහාට ගලා බහින නිසා. ඒ නිසා මේ කැලේ ලොකුම අවදානමක් නෑ. ඒත් අපි ගිය දවසට ඉස්සරින් දවස් දෙක තුන හොදට වැහැපු දවස් දෙක තුනක් නිසා වැඩේ ලෙල්ල හුටන් වුණා

      Delete
  5. ඉරිසියා සහගතයි. කොහෙද ඉතින් අපේ මිත්‍රවරු එක්ක හැමදාම සංචාර යන්නෙ කටින්නෙ..!

    ReplyDelete
    Replies
    1. වැසි දැරියම දවසක් දාන් යන එන කටයුතු සංවිධානය කරන්න. මුල් එක කට්ටියට හරි ගියොත් වැසි දැරියත් බලෙන් අරන් යයි ඉන් පස්සෙ....සමහර අයට තියෙන්නෙ මේ වගේ සංචාර ගැන හුරුවක් නැති එක. මොකද ඉතින් දන්න කාලෙ ඉදන් ගෙවල් වල මිනිස්සුත් එක්ක යන්නෙ කතරගමයි,අනුරාධපුරෙයි,පොළොන්නරුවයි විතරයිනෙ....ඒ නිසා මන් කියනවට මුල් එක විතරක් වැසි දැරියම ප්ලෑන් කරලා කස්ටියව එක්කන් යන්නකො....

      Delete
  6. ගමනනම් ඊරිසියා හිතෙන තරමට අපූරුයි තමා... මමත් බොහොම මනාපයිනේ මේ වගේ ගමන් බිමන් වලට.හැබැයි ඉතින් ඔය වගේ අවධානම් සහගත තැන් වලට ගිහින් රහමෙර පාවිච්චි කිරීමනම් ඒ තරම් ඇගට ගුණ නෑ නේද ?පොඩි අතපසුවීමක් ඇති ජීවිත කාලෙම පසුතැවෙන වැඩක් වෙන්නත්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒකනම් ඇත්ත ඒත් ඉතින් වැස්සත් එක්ක තම්ස්යි ඒ නොහිතපු අවධානම ආවෙ. ඔය විත්තියක් ගැන පොඩි අදහසක්වත් තිබ්බනම් ඊට වඩා සැලැකිලිමත් වෙනවා. ඒත් ඉතින් සොදුරු ඒ වෙලාවෙ ඒ වගේ ලස්සන කැලෑවක...ඒ වගේ වැස්සක් මැද....කොල්ලො ටිකක් එක්ක සිංදුවක් කිය කියා බෝතලයක් හිස් කරනවා කියන්නෙ වෙනමම ආතල් එකක්.

      Delete
  7. එල එල දාපිය කියුවෙ උබේ මූනත්.... අඩේ උබ කාපු අර සම්බෝල බකට් එක ප්ලාස්ටික්ද මැටි ද?? පහුවෙනිදා උදේ බොක දා ගත්තද?? ( මීට තඩියා )

    ReplyDelete
    Replies
    1. කව්ද යකෝ මේවට මැටි හට්ටි මුට්ටි උස්සන් එන්නෙ.....බොකනම් අවුලක් උනෙ නෑ මයෙ හිතේ රතු වතුරට විස මැරෙනවනෙ...මගේ මූන මේකට දාලා ගෑණු ළමයි මේකට එන ගාන වැඩි වෙලා වීව් කවුන්ටරේ පුපුරලා ගියොත් හිටන්.....

      Delete
    2. //සමීරගෙ පොල් සම්බෝල බාස්කට් එකත් එක්ක පාන් කන ගමන්//
      ඔය තියෙන්නෙ උබ පින්තූරයක් යටින් ඔහොම දාල තිබ්බ නෙ. බාස්කට් එක කෑව කියල......ඒකයි මම කලබල වුනේ....

      Delete
    3. හේ හෙ ඒක තමයි බඩ බුරුලට ගියෙ.....

      Delete
  8. අපි ඔය දිය ඇල්ල බලන්න මුලින්ම ගියේ 1991 අවුරුද්දේ. එතකොට අපි ඉස්කෝලේ 9 වසරේ. අපේ පන්තියේ ඉගෙනගතපු යාලුවෙක් හිටිය ඔය දිය ඇල්ල ආසන්නයේ. අපි කට්ටිය දවසක් උදේක ෆුට් බයිසිකල් වලින් අම්බලන්ගොඩ ඉඳන් යාලුවාගේ ගෙදර යන්න බයිසිකල් පැදගෙන ගියා ඒ යද්දී අපි දියඇල්ලක් ගැන දැනගෙන හිටියෙත් නෑ. ගියාම තමයි දන්නේ දියඇල්ලක් තියෙනවා කියල. පස්සේ දිය ඇල්ලෙන් නාලා යාළුවගේ ගෙදරින් දවල්ට කාලා එහෙම ගෙවල්වල එද්දී හවස හය විතර වෙලා. වැඩේ කියන්නේ එකෙක්වත් ගෙවල්වලට කියලා නෙවෙයි ගිහින් තිබ්බේ. ඒ වෙද්දී ගෙවල්වල වැඩිහිටියන් පොලිසි යන්න ඔන්න මෙන්න. එක පන්තියේ ඉගෙනගන්න ළමයි පහළොවක් උදෑසන ආගිය තැනක් නැතිවීම තමා හේතුව.කලින් සංවිධානය වීමක් නැතුව උදේ සෙට් වෙලා ඒ තරම් බරසාර ගමනක් ගෙවල්වලට නොකිය ගිය හේතුවට එදානම් කෑවා ආයේ පිටේ පාරවල් හිටින්නම. හැබැයි ඉතින් ඒ කාලේ බයිසිකල් වලින් ඇල්පිටි යනවා කියල ගෙවල් වලින් අවසර ඉල්ලුවානම් මලාට අවසර ලැබෙන්නේ නෑ. ඔය ගමනේ විස්තරේ බ්ල්ග් පොස්ට් එකක් විදිහට ලියන්න හිතන් ඉන්නවා කාලෙක හිටං කෝ තාම ලියන්න වෙලාවක් යෙදුනේ නෑ.

    ඒ කාලේ ඔය පාරවල් කොන්ක්‍රීට් කරලා තිබ්බේ නෑ. ඔය පාරේ තියන පාලම වෙනුවට ඒ කාලේ තිබ්බේ ලී කොට කීපයක් දාපු ඒ දණ්ඩක්. ඔය කොන්ක්‍රීට් පාරෙන් දිය ඇල්ල දිහාවට හැරෙන්නේ නැතුව කෙලින්ම උඩහට ගියාම ලස්සන ආරණ්‍ය සේනාසනයක් තියෙන්නේ. කන්න බොන්න කලින් එතනටත් ගියානම් තමා වටින්නේ. ස්තුතියි පිංතූර ටිකට.

    ReplyDelete
    Replies

    1. අම්බලන්ගොඩ ඉදන් බයිසිකල් පැදන් බටපොල ගාටනවා කියන්නෙම ඉතින් පොඩි පහේ වැඩක් නෙවෙයි.ඒ කතාවත් එහෙනම් ළගදිම බලන්න පුළුවන් වෙයි අම්බලන්ගොඩ කතා වලින්.

      ආරණ්‍යක් ගැන දැනුවත් උනෙ නෑ අපි. නැත්තම් අනිවාර්යෙන්ම එතැනට යන්න තිබ්බා. මොකද දවසම තියෙනත් නිසා. ආයෙත් ගියොත් දැනගත්ත එක වටිනවා අරාණ්‍ය ගැන.බොහොම ස්තූතීයි දැනුවත් කිරීමට

      Delete
  9. සුන්දර ගමනක අසිරිය.ස්තුතියි මේ වගේ ලස්සන තැන් ගැන අපිට කියනවට. රුප ටික හරිම ලස්සනයි,.ජය වේවා !

    ReplyDelete
  10. කන් නෙලියට සම්බන්ධද?

    https://www.youtube.com/watch?v=nup5oYJo26w

    ReplyDelete
    Replies

    1. නෑ මේක පිහිටලා තියෙන්නෙ බටපොල කියන ප්‍රදේශයේ. කන්නෙලිය තියෙන්නෙ ගාල්ල හරියෙ. මේක බලන්නනම් ඒක්කො ඇල්පිටිය හරහා හරි අම්බල්න්ගොඩ හරහා හරි තමයි යන්න වෙන්නෙ.

      ඇත්තටම Pra Jay ඔය යූ ටියුබ් වීඩියෝවටත් වඩා දරුණුවට වතුර ගැලුවා අපි ගිය දවසේ. ඔය අපි කන බොන ගල් තලා ඔක්කොම වැහෙන්න වතුර ගැලුවා. ගොඩක් වේගයෙන් වතුර රළත් එක්ක. අන්තිමට එතන තිබ්බ ලොකුම ගලේ උඩටම වෙලා අපි හිටියේ.. අපිට පොඩි වාසියකට තිබුනේ බය නැතිවෙන්නෙ ලොකු ලොකු ගල් ගොඩක් මැද්දෙන් වතුර බැස්ස නිසාත් දිය ඇල්ලෙ උඩම හරියත් නිසාත් ලොකු ගැඹුරක් නැති තැනකයි අපි හිරවුනේ.

      Delete
  11. රොමාවයි පින්තුර අස්සේ හෙව්වේ...

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හම්බුණාද???

      Delete
  12. පට්ට ආතල් එකක් අරගෙනනේ...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් සුපිරි ගමනක්

      Delete
  13. කොහෙද ඉතින් අපේ අය හැමදාම සංචාර යන්නෙ කටින්නෙ...අසා හිතෙනවා
    දිය ඇල්ල බලන්න යන්න...සුපිරි ගමන රෝමා

    ReplyDelete
    Replies
    1. උමාගෙම සංවිධාන කරලා එකක් මුලින්ම එක්කන් යන්නකො කට්ටිය. ඊට පස්සෙ එයි පෝලිමේ....

      Delete
  14. ලස්සන ගමනක්. අතීතය සිහිනයක් පමණයි

    ReplyDelete
  15. උඹලා යන්න අවුරුදු 3කට උඩ උඹලා ඔය ඉන්නකිට්ටුව කොල්ලෙකුයි කෙල්ලෙකුයි මරලා දාලා තිබ්බා

    ReplyDelete
  16. This comment has been removed by the author.

    ReplyDelete