14 December 2024

සුන්දර කුරුලු සිහින



සිහින ගෙනන සොදුරු සිහින
දවසින් දවසට පිරෙන
අර ඈත දිදුලන සදක් වාගේ...............
මාසෙන් මාසෙට 
මා ඇස් මානයේ පිරෙන 
මගෙ රන් පුන් සද.....................
තුරුලට ගන්නට 
සිනිදු කුරුලු සිහින................
පෙරුම් පුරමි
රන් මිණි මුතු කැට 
මගේ දෝතේ නලවන්නට.............


-රොමාරස්-

6 comments:

  1. ඒ සිහීනය සැබෑ වේවා යයි පතමි

    ReplyDelete
    Replies
    1. මා මේ මොහොතේ දකින සිහිනයක් නොවුනමුත් ස්තූතියි.

      Delete
  2. ++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  3. අපිත් ඔහොම සුවැති සිහින
    දැක්කෙමු දෙන්න ම එක විට
    සැබෑ වු කල සිහින පොදිය
    ජීවත් වන බව දැනෙමින්
    ජීවත් වෙමු ඉදිරියටත්
    තවත් සිහින ගොඩනගමින්
    අන්තිමේ දි බලන කලට
    සිහින තමයි බ්ලොක් ගල්
    අපෙ ජීවිත ගොඩ නගනා
    අපෙ ජීවිත හැඩ ගහනා

    ReplyDelete