28 July 2023

ඉරත් ගිහින් සද පායන හැටි බලන්න - Irath gihin sada payana hati balanna


ඉරත් ගිහින් සඳ පායන හැටි බලන්න

යාය පුරා මල් පීදෙන හැටි බලන්න

ඔයත් එක්ක රෑ අහසේ තරු ගණින්න

ඉඩ හරින්න මේ හුළගේ හුස්ම ගන්න


පාට පාට ලෝකේ සුදු පාට සොයා

අන්ධකාරයේ අපි ඇවිද ගියා

කළු ඔක්කොම එක තැනකට එකතු වෙලා

අපි ඇවිද ගියා පාට හොයා


ඉරත් ගිහින් සඳ පායන හැටි බලන්න......


විලවුන් සුවදට පරිසරය මත්ව ගිහින්

කලාමැදිරි එළි කෝ ඝනදුර පහව ගිහින් 

නිලමැස්සන් වෙනුවට සමනළයින් තුරුල් කරන්

මල් සුවඳ ළගින් හීනය සැගව නොයන්


ඉරත් ගිහින් සඳ පායන හැටි බලන්න......


මේ තියෙන්නෙ කොඩි ගහ යට කියන ටෙලි නාට්‍යයේ ඇහෙන සිංදුවක් පල්ලෙහයින් තියෙන්නෙ ඒ සිංදුව. මම සිංහල ටෙලි නරඹන්නෙක් නොවුනත් අහම්බෙන් හම්බෙන මේ වගේ ටෙලි අපිව ඇබ්බැහිකරනවා. 

                                                         මේ සිංදුව උනත් හොයලා බැලුවම අවුරුදු 09ක් විතර පරණ එකක් ජීවිතේට අහලා නැති මාරම සිංදුවක් ඇහෙන්නෙත් මේ ටෙලියත් එක්ක. කියන්න සතුටුයි මන් කූබියොන්ගෙන් පස්සෙ ආයෙත් ටෙලියක් බලනවා.

හැබැයි ඉතින් දෙයක් කියන්න ඕනේ මාරයි කියලා ලොකු බජට් දාන් ආවට ගොඩක් ටෙලි මන් හිතන විදියට පට්ට ෆේල්. මන් කියන මේකට ගොඩක් අය එකග වෙන එකක් නෑ ඒත් මේක කියන්නේ අපහාසයකට නෙවෙයි රෝෂාන් රවින්ද්‍ර වගේ ඩිරෙක්ටර්ලා  තව ගොඩක් තමන්ගේ වපසරිය පළල් කරගන්න ඕන. උදාහරණයකට සහෝදරයා, තණමල්විල කොල්ලෙක් වගේ ඒවා ගන්න පුළුවන් 

                                           ඒවා ලංකාවත් එක්ක බැලුවම ලොකු බජට් එක්ක යන නිසා මාර උනාට ඒ ටෙලියෙන් කියන කතාවත් පට්ට රහ උනාට. කතාව එළියට දාන විදිය පට්ට ෆේල්. සහෝදරයා ඇතුලෙන් කියන්නෙ පට්ට රැඩිකල් කතාවක් උනත් එපි එකක් දෙකක් යනකොට පට්ට අලසයි. මිනිහෙක්ව තියාගන්න අධ්‍යක්ශකට හැකියාවක් නෑ. ඉන්පස්සේ මිනිස්සුන්ට කියනවා හොද නිර්මාණ බලන්නෙ නෑ. යකෝ තොපි හදන ඒවා කොලිටි එක ඇත්ත. ඒත් ඉතින් මිනිහෙක් තමන්ගෙ දවසෙන් පැය භාගයක් නාස්ති කරන් ඕක බලන්නෙ මොකටද ඌට බලන් ඉන්න බැරිනම් උදාහරණයකට තණමල්විල කොල්ලෙක් එකේ සැරින් සැරේට අඩනගීරියෙක් වගේ අඩන යශෝදගේ කෑල්ලක් දාල කතාවෙ යන රිදම් එකම කනවා. ඒ අලස මූසල කම එන්ටර් කරලා උන් කියනවා වීව්ස් නෑ අරක නෑ මේක නෑ කියලා. 

                                           ඒ අතින් ජගත් මනුවර්ණ ඉස්සරහා එපි වලින් ෆේල් නොවෙයි කියලා හිතනවා. කොඩි ගහ යට කියන්නේ මේ වෙනකොට මාව පිස්සු වට්ටපු ටෙලියක් ඒකෙ ඉන්න හැම නළුවෙක්ම නිළියක්ම උපරිම දෙනවා සහ අධ්‍යක්ෂ ඒක ගන්නවා. ටෙලිය බලපු නැති එකෙක් ඉන්නවනම් මේ පල්ලෙහා තියෙන එපියේ කොල්ලා ඩ්‍රින්ක් එකක් දාලා ඩාන්සින්ග් ෆ්ලෝර් එකට එන්ටර් වෙන හැටි බලන්න. ගෙදර ප්‍රශ්ණත් එක්ක මස්සිනාව මරන්න හදලා කොළඹට පනින මේ අසේල කියන කොල්ලා රගපාන්නේ ඒ චරිතේ ඇතුලේ කිමිදිලා.

බොලිවුඩ් කොලිවුඩ් වලට වඩා මලයාලම් ෆිල්ම් ඉන්ඩර්ස්ට්‍රිය හිට් වෙන්නෙ මේ නිසා. හින්දි වගේම ටැමිල් ෆිල්ම් වටේ ඉන්න රසිකයොන්ට වඩා වෙනස් පිරිසක් මලයාලම් ෆිල්ම් වටේ ගොඩනැගෙන්නෙ ඒ ෆිල්ම් වල තියෙන ඇත්ත නිසා.ඇත්ත මිනිස්සු,ඇත්ත ගෙවල්, ඇත්ත ගැහැණු,ඇත්ත වලි,ඇත්ත ලව්,ඇත්ත සෙක්ස් වගේ දේවල් නිසා උදාහරණයකට ඒවයෙ ඉන්න වගේ ලස්සන ගෑණූ තමයි ඇත්තට ලෝකෙ ඉන්නෙ නිසා. නැතුව බීජිං දාලා වගේ සුදු වෙච්ච ඒවා නෙවෙයි අපිට පාරකදි බස් එකකදි හම්බෙන්නෙ.මේ ටෙලියෙම ඉන්න නිළියොන්ගේ ස්වරූපය වෙන ටෙලි වල පට්ට වෙනස්. එතකොට බලන මිනිහෙක්ට දැනෙනවා කෘතිම බවක්.  රගපානවා කියන්නේ රගනොපාන එකට නෙවෙයි ඒ සිද්ධිය අස්සේ ඒ චරිත අස්සෙ තියෙන ආර්ට් එක අදුරගෙන ඒ ආර්ට් එකේ ජීවත්වෙමින් රගපාන එකට. ජය.................


-රොමාරස්-




11 comments:

  1. අජිත් ඩී කීර්තිJuly 28, 2023 at 3:25 PM

    මෙතරම් විස්තර දන්නා එකේ ඔබ සාර්ථක ටෙලි නාට්ටයක් සාදා පෙන්නුවා නම් හරිනේ.
    යු ටියුබ් එකට හරි දාන්න පුළුවන්නේ.

    ReplyDelete
    Replies
    1. අත දෙන්න කව්රුත් නෑ බ්‍රදර්......

      Delete
  2. වසර ගනන් ගෙවී ගියා
    මෙහි එන්නට බැරුව ගියා
    ටෙලි බලන්න බැරුව ගියා
    මෙහෙම ලියල යන්න ගියා...

    ජයවේවා...!

    ReplyDelete
    Replies
    1. බ්‍රදර් කන්ටැක්ට් නම්බර් එකක් දාපන්

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. එල බ්‍රදර මන් කෝල් එකක් දෙන්නම්

      Delete
  3. ටිකක් බැලුවා. එච්චරම අල්ලලා ගිය එකක් නෙවි. අපහු ට්‍රයි එකක් දෙන්න ඕනේ

    ReplyDelete