05 April 2018

ආදරයක් සහ ආදරයක් (කෙටිම කෙටි කෙටි කතාවක්)


                                                             දැන් තමයි මුහුද ගොඩක්ම ලස්සන වෙරළට ඒළිය දෙන්නෙ හදත් තරු කැට ටිකත් විතරයි. කකූළුවෙක් අල්ලන්න ටෝච් එකක් පත්තු කරන් යන එකෙක් මිස කවුරුත්ම නෑ. ඒ ගුප්ත අදුර...ලවණ මුහු වෙච්ච හිරිකඩ හුළග.... සට සට ගාලා වදින කොට මිලියා පිස්සෙක් වගේ ප්ලාස්ටික් කෝප්පයෙ භාගයක් පිරවෙන්න ආයෙත් අරක්කු හලා ගත්තා. ඌ බොනවා..... පිස්සෙක් වගේ බොනවා. කදුලු බේර බේර ආයෙත් අඩනවා....

"අඩන්නේ ගෑණූ...අඩන්නෙ නැතුව ඉදපන්"

                                               ඒත් ඌ අඩනවා... උගෙ දුක කියනවා. සුළගයි,බීමයි,දුමයි එක්ක වෙනමම ලෝකෙක වගේ ඉන්න මම ඌව සනසනවා. ඒ ලෝකෙදි හද එළිය පාර කියනවා.  පලසක් වගේ උඩ ඇතිරිච්ච තරු කැට ඇස් අග්ගිසෙන් බොද වෙලා පේනවා. මන් ඌව ආයෙත් සනසනවා. 

"ඔහොම තමයි බන් මොනවා කරන්නද ගෑණු යනවා"
"මන් මොනවා කරාටද බන් ඒකි යන්නෙ"
"ඒකි වේසියෙක් බන් තේරුම් ගනින්"

කෙල්ල මුලින්ම ටියුෂන් ක්ලාස් එකකදි එහා පැත්තෙ බංකුවේ වාඩිවෙච්ච විදිය. ඒකි ඇන්දම ගොඩක් ලස්සනට ඉන්න ලා දම් පාට ගවුම, බස් එකේ මුලින්ම අත් අල්ලන් ගියපු හැටි, ඒකිව මුලින්ම බදාගත්ත හැටි ගොඩක් දේවල් ඌ කියනවා. අඩ අඩා...... ඌ කියනවා.....

"මන් ඒකිට ගොඩක් ආදරෙයි බන් මන් ඒකිව මරනවා නැත්තම් ඌව මරණවා"

මන් දන්නවා ඔය දෙකම කරන්න තරම් හයියක් උගේ හිතට නෑ.මම මොකුත්ම කිව්වෙ නෑ ප්ලාස්ටික් කප් එකේ ඉතුරුවුණු උගුරක් ආයෙත් හලාගත්තා.

"මන් එකි මරණ එක මරණවමයි"

වැටි වැටී නැගිට්ට මිලියා හිස් වෙච්ච බෝතලේ ඔරුවෙ අවර තල්ලට ගැහුවා කුඩු වෙන්නම. ඌව නවත්වන්න තියා නැගිටගන්නවත් පණක් මට තිබුන් නෑ. මන් කොහොමහරි ආයෙත් නැගිටලා විදූරු කටු පාග ගන්න ඉස්සෙල්ලා කොල්ලෑවේ ඉහත්තාවෙ ඇල කරා. වත්තන් කරගන්නකොට බිමට වැටුනු ෆෝන් එකත් ඌට බැන බැනම උගෙ ඔඩොක්කුවට විසි කරා.

"මැසේජ් විසිගානක් තියෙන්නෙ බට කාගෙන්ද ඔය"
"ගොනගෙන්"
"ආශාද?"
"ඔව්"
"උබ තාම අදිනවද ඕක"
"ඔව් ඔව්"

                                               උගේ තිබුනේ නොරිස්සනු පෙනුමක්. ඇත්තටම මන් ගත්තෙ අදාළ නැති මාතෘකාවක්. ආදරයෙන් අන්තයට පරාද වෙලා කිසිම දවසක කදුලක් නොහලපු ඒ ඇස් වලින් ඌ අඩනකොට මන් කොහෙවත් යන බඩුවක් ගැන උගෙන් අහනවා. කොහොමත් කරිජ්ජ හුළගට මගේ ඕළුව හොදම ගානට කැරකෙන්න අරන් තියෙන්නෙ
                              ඒ ෆෝන් ඒකෙ අන්තිමට තිබ්බෙ "ඔයා රෑට කෑවද පැටියෝ" කියලා මැසේජ් එකක්. නිකන් වෙලාවකනම් වරු ගානක් උනත් ඇති අපිට ඒක ඌව බයිට් කරන්න. ඒත් මූ පිස්සෙක් වගේ අඩද්දි අර කෙල්ල මත්තෙම පිස්සුවෙන් වගේ නහිද්දි මට කරන්න ඕනෙ වැටෙන්න නොදී උගෙ හිත හදන එක.

"හුත්තො අමතක කරපන් ඕකිව" මන් ඌ ගාවම වැල්ලෙ වැටෙන ගමන් කිව්වා
"කොහොමද බන් එහෙම කරන්නෙ.මන් ඒකිට කොච්චර ආදරේ කරාද බන්"
"ෆෝනුයි,පන්ති කාඩුයි, අරකයි, මේකයි.....මන් කිව්වා බට ඔච්චර වියදම් කරනකොට........ නෑ කියපන් පූලූවන්නම්...???"
"මටත් තිබ්බෙ බන් වෙන එවුන් වගේ කොහෙට හරි ඇදලා ඕකිගෙ කඩලා දාන්න"
"කැඩුවා...නැතා....කියලා නෑ බන් බැදපු ගෑනුත් පිට යන්නෙ"

ආයෙත් ඌ හේතුවක් නැතුවම අඩන්න ගන්නවා. පොඩි කාලෙ ඉදන් එකට හිටපු එකා අඩනවා පිස්සෙක් වගේ....කවදාවත් ඌ මෙහෙම අඩනවා මන් දැකලා නෑ. ඒ හින්දා ඒ ඇඩිල්ලෙන් කාටත් වඩා හිත තෙත් වෙන්නෙ මගේ.......

"ඒකි ගොඩක් ලස්සනයි බන්" ඌ ආයෙත් බමණ මතේ වැටි වැටී කියනවා..........
"ලස්සන කන්නද යකෝ තොට මෙච්චර බොරුවක් කරලා තියෙද්දි"

                                                        ඒ කෙල්ලගෙ නම නුරංගි. ඉස්කෝලෙ යන කාලෙමයි යාළු වුනේ. පෙනුමෙන් විතරක්ම නෙවෙයි. ඉගෙනීමෙනුත්  නුරංගි හිටියෙ මූට වඩා ගොඩක් ඉස්සරහින්. මන් කිව්වා ඌට කට කැඩෙනකම් ඒ කාලෙදිම ඔච්චර බොක්කෙන් කරන්න යන්න එපා කියලා.  
                               නුරංගිත් එක්ක රණ්ඩු වෙච්ච දවසක ඒ තරහ හිතේ තියාගෙන කොහෙවත් යන පොඩි දේකට අම්මත් එක්ක රණ්ඩු වෙලා පල්ලෙහා කාමරේ වීදුරුවට අතින් ගහලා ලේ ගලන තුවාලත් එක්ක මහ රෑක ඉස්පිරිතාලෙට ගියපු දවසෙ තමයි මට තේරුණේ මූ මේ කෙල්ල හින්දා පිස්සෙක් වෙන්නයි යන්නෙ කියලා. පව් හිත හොද එකා ඌට වැරදුනේ අවංකවම කෙල්ලෙක්ට ආදරේ කරන්න ගිහිල්ලා.
                                                                                         ඌ දණින් වැටී වැටී මුහුදට යන්න හදනවා. මාත් වැටී වැටී ගිහින් ඌව අල්ලගත්තා.

"ඇයි යකෝ ඔහොම පිස්සෙක් වෙන්න හදන්නෙ"

"මන් ආදරෙයි බන් මගෙ පණට.....මට ඒකි නැතුව බෑ බන්.කොහොමද බන් මන් හෙට නැගිටිද්දි මගේ පණ ඊයෙ වගේ මන් ගාව නෑ කියලා විශ්වාස කරන්නෙ. කොහොමද බන් නුරංගි වෙන බල්ලෙක් එක්ක මාත් එක්ක මැසේජ් කරා වගේ හුරතල් වෙවී මැසේජ් කරනවා කියලා හිත හිතා....හිත හදාගෙන ඉන්නෙ....මට කියපන් මදුවා කොහොමද මන් එහෙම මගේ හිතෙන් හිතන ගමන් හිත හදාගන්නෙ"

                                              උගේ කදුලු වලින් තෙත් වෙන්නෙ උගේ ඇස් විතරක් නෙවෙයි....අර බැල්ලිගෙ වැඩ වලින් රත් වෙන්නෙත් උගේ ලේ විතරක් නෙවෙයි.  ඒකි කොළඹ ගියා ඉගෙනගන්න ස්ලිට් එකට....අලුත් මිනිස්සු හම්බුනා.....මිලියට වඩා ඒකිගෙ ලස්සනට,ඉගෙනීමට වටිනාකමක් තිබ්බ තැනක ඒකි නැවතුණා.ඔව් සල්ලිත් එක්ක පෙනුමත් තියෙන තැනක ඒකි නැවතුණා.

"මදුවා මට කෝල් එකක් අරන් දියන් නුරංගිට මදුවා.....මදුවා මගේ පණට කෝල් එකක් අරන් දියන් මදුවා"
"මගේ නම්බර් එකත් ඒකි බ්ලොක් කරලා බන්"

                                                                      පව් අද හවස ඉදන් ඒ බැල්ලි මගේ නම්බරෙත් බ්ලොක් කරලා. මුගේ ඇඩිල්ල බලන් ඉන්න බැරි තැන මට හිතෙනවා....ඉන්න තැනකට ගිහිල්ල අරකිට කන රතු වෙන්න දෙකක් දීලා එන්න. කොහොමත් ප්‍රශ්ණ ආවෙ ටිකෙන් ටික. ඒකි මූත් එක්ක සම්බන්දෙ තියෙනකොටම තමයි අරුත් එක්කත් සම්බන්ධයක් පටන් අරන් තියෙන්නෙ. ගමේ ඇවිල්ලා ඒකි මූව හම්බෙන හැම පාරම ඒකිගෙ ඉන්බොක්ස් හැමදාම ෆුල් ඩිලෙට් වෙලා තියෙනකොටයි මූට සැකයක් මුලින්ම ආවෙ.

"මට තව බොන්න ඕනෙ මදුවා....මට තව බොන්න ඕනෙ..."
"ඇති බන් දැන් පාරකවත් යන්න පනක් නෑ මට"
"ප්ලීස් මට එහෙනම් මැරෙන්න දියන් මදුවා ප්ලීස්"
"ගෑණු කියන්නෙ වල්ම ජාතිය බන් උන් උන්ගේ වැඩේ කරගත්තයින් පස්සෙ ආයෙත් උඹ ඕන වෙන්නෙ නෑ"
"මන් කොච්චර දේවල් කරාද බන් ඒකිට..?? කාටද පුළුවන්  මදුවා මන් තරම් ඒකිට ආදරෙ කරන්න"

                                                   මේ තත්වෙන් මන් කොහොමද මූව ගෙදරවත් ඇරලවන්නෙ හිත හොද එකා...අද හිත හොද හින්දම කොහෙවත් යන හිතක් පපුවක් නැති එකියකට අවංකවම ආදරේ කරලා අද ඌ විනාශ වෙන්න හදනවා. ගෑණු කියන්න හිතක් පපුවක් තියෙන එවුන් නෙවෙයි. ඉන්න එකාගෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජන අරන් තව එකෙක් ගාවට කිසිම හිතක් පපුවක් නැතිව යන කාලකාණ්ණි ජාතියක්. ඒ ලෙවල් ටියුෂන් ක්ලාස් ඔක්කොටම කාඩ් එක අරන් දුන්නෙ මූ. ස්ලිට් එකේ කෝස් එක පටන් ගන්නකොටත් මූ සල්ලි දුන්නා. ඒ මූ හම්බ කරපු සල්ලි....නැත්තම් මුගෙ ගෙදරින් මූට හම්බුනු සල්ලි....   
                                             
                                     ඌට කෝල් එකක්. කොල්ලෑවත් එක්ක ඇදුණු වියලට බර දීලා ඔඩොක්කුවෙන් බිමට වැටුණු ෆෝන් එක අතට  ගත්ත ඌ කුණුහර්බෙන් බැනගෙන බැනගෙන ගියා.

"මේ පට්ට බැල්ලිට ගන්න එපා කිව්වට අහන්නෙ නෑ" මිලියා ෆෝන් එක කට් කරලත් හොදටම කුණු හර්බෙන් බැන්නා........
"කව්ද"
"ගොන බන් ගොන"
"ආශා ද?"
"ඔව්"
"වැඩක් පලක් කරගත්තනම් ඕක අයින් කරපන්" ආයෙත් ඔරුවෙ අවරෙ තල්ල පැත්තට වැනි වැනී යන්න හදන මිලියා බෝතල් කටු වලට කකුළ කපාගන්න ඉස්සෙල්ලා.  ඌ වත්තන් කරන් එනගමන් මන් ඌට කිව්වා.

                                    බල ඔරුවෙ බද අමාරුවෙන් බදාගෙන ඔරු තල්ලෙ වාඩි වෙලා කකුල් දෙක පල්ලෙහාට දාගෙන මන් ලොකු හුස්මක් ගත්තා.කරිජ්ජ හුළගට තොල් දෙකත් ලුණු රහයි. ඔම්ලට් එකත් එක්ක බීපු අරක්කු වල සුවදට මටම ඔක්කාරය වගේ. තනියම කියවා කියවා කොල්ලෑව පල්ලෙහා ඌ නිදි. පව් අහිංසකයා...ඌ කවදාහරි අංගුලිමාල වුනොත් වෙන්නෙ ඒ පට්ට වේසි හින්දා............

***********************


ප.ලි. -  අපි කවුරුත් ආදරේ කරන අපේ හිතවත් "සොදුරු සදවතී" මේ කතාවට මන් කිසිලෙසකින්වත් බලාපොරොත්තු නොවු තැනකින් පිලිතුරු කතාවක් ලියලා. ගැහැණියකගේ හිත කියවන්න පුළුවන් ගැහැණියකටම හැර වෙන කාටද???? මේ සොදුරු සදවතියගේ අපූරු කෙටි කතාව බලන්න මෙතන ක්ලික් කරන්න.

38 comments:

  1. කෙටිම කෙටි කිව්වට කෙටිම නෑ මේක. මරු බං මේක.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒක ඉතින් පොඩි මාකටින් කේස් එකක්නෙ බන්....තෑන්ක්ස් ඈ.......

      Delete
  2. Kawudo kiyala thiyanawane ban kellekta kollekwa hadannath puluwan winaasa karanath puluwan kiyala.........thadiya

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත බන් මන්...ඒත් මන් මේකෙන් කියන්න ට්‍රයි කරේ වෙන එකක් බන්....

      Delete
  3. අමුම අමු ගොන් හරකෙක් ගැන ලිව්වට ස්තුතියි . ඔහොම එවුන් ඇත්තටම ඉන්නවනම් මුහුදට තල්ලු කරලා දදාන්න තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ඒකනම් හෙණ කෲරයි...ඒත් අයියා කතාවෙ වැරදි තැනකින් අල්ලගෙන වගෙයි. මන් මේකෙන් කියන්න හැදුවෙ වෙන කතාවක්. මේකෙ ගෑණු ළමයි දෙන්නෙක් ගැන කියනවා. එක්කෙනෙක් අනුරංගි කියන මිලිදුට බොරු කළ කෙල්ල.....අනික "ආශා ගොන" කියලා හදුන්වන මිලිදුවා බොරු කරන කෙල්ල...මට ඕනෙ වුනේ ඔය දෙක ගැන ලියන්න විතරයි

      Delete
    2. අප්සෙට් වුනාද ? හේ හේ මේකනේ මල්ලි කේස් එක. දැන් බලන්න
      //අර බැල්ලිගෙ වැඩ වලින් රත් වෙන්නෙත් උගේ ලේ විතරක් නෙවෙයි. ඒකි කොළඹ ගියා ඉගෙනගන්න ස්ලිට් එකට....අලුත් මිනිස්සු හම්බුනා.....මිලියට වඩා ඒකිගෙ ලස්සනට,ඉගෙනීමට වටිනාකමක් තිබ්බ තැනක ඒකි නැවතුණා.ඔව් සල්ලිත් එක්ක පෙනුමත් තියෙන තැනක ඒකි නැවතුණා// දැන් ඒ කෙල්ල බැල්ලි වුනේ කොහොමද? තමන්ගේ ජිවිතේ හද ගන්න වෙන තැනක ඉගෙන ගන්න ගිහින් අලුත් යාලුවෝ හම්බ වුනාටද ? ඒක වැරදි ඇයි ?
      //. ඒ ලෙවල් ටියුෂන් ක්ලාස් ඔක්කොටම කාඩ් එක අරන් දුන්නෙ මූ. ස්ලිට් එකේ කෝස් එක පටන් ගන්නකොටත් මූ සල්ලි දුන්නා. ඒ මූ හම්බ කරපු සල්ලි....නැත්තම් මුගෙ ගෙදරින් මූට හම්බුනු සල්ලි...// හරි දැන් කෙල්ල ඉල්ලුවද ඒවා ? ඉල්ලුව කියමු? නිකන් කෙල්ලෙක් ගේ ආදරේ ලැබෙයි කියල බලාගෙන ඒවා දෙනවා නම් පොර හදල තියෙන්නේ මිලදී ගැනීමක් කරන්න. කෙල්ලට වියදම් කරල ඒ වෙනුවට ආදරේ හිඟා කාලා . එපමණයි නේ ඔතන වෙලා තියෙන්නේ. කෙල්ල පොරව යූස් කරලා. එහෙමනම් මෙයටත් තිබ්බේ කෙල්ල එක්කත් විනෝද වෙන්න. ඔය දුක සහ තරහ පොර එහෙම නොකරපු එකට.
      //"මේ පට්ට බැල්ලිට ගන්න එපා කිව්වට අහන්නෙ නෑ" මිලියා ෆෝන් එක කට් කරලත් හොදටම කුණු හර්බෙන් බැන්නා........
      "කව්ද"
      "ගොන බන් ගොන"
      "ආශා ද?"
      "ඔව්"// ඊළඟට මු අර ඌ ට ආදරෙන් කතා කරන කෙල්ලට , කෑවද කියල අහන හිත හොඳ කෙලාල් මූට කකුල් දෙක පළල අකරණ නිසා ඒකි ගොනා ? ඇයි ඒ කෙලාල් වල කමේ යනවද? අනිත් එවුන් එක්කත් ඉන්නවද? නැතනම් මු එක්ක විතරද? මු තමන්ගේ පවිඡියට අහිංසා කෙල්ලෙක් රවට්ටගෙන තව කෙල්ලෙක් පස්සෙන් ගියා. අනුරන්ගි. ඒ කෙල්ල කරපු වැඩේ නියමයි.
      // පව් අහිංසකයා...ඌ කවදාහරි අංගුලිමාල වුනොත් වෙන්නෙ ඒ පට්ට වේසි හින්දා............// අනුරන්ගි කොහොමද මල්ලි පට්ට වෙසියෙක් වෙන්නේ ? ඒ කෙල්ල වේසා කමේ ගිහිල්ල නැහැ. වෙන කොල්ලෙක් එක්ක යාලු වුනා විතරයි. අනික මේ පොර අහිංසකයෙක් නෙමෙයි. කට්ට පොරක් ඉට වඩා කට්ට කෙනෙක් ගෙන් වැදුන පොල්ලක්. නැත්ද මම අහන්නේ .
      හේ හේ සැර වැඩිද? ඔහොම යහළුවෝ මටත් ඉඳල තියෙනවා. කුණු හබ්බය යි දෙකයි කියැව්වේ මම නම්. ඊට පස්සේ නාහෙන් අඬන්නේ නැතිව සද්ද නැතිව ඉන්නවා.

      Delete
    3. මේ ටික හරියට ටයිප් වෙලා නැහැ.
      //"මේ පට්ට බැල්ලිට ගන්න එපා කිව්වට අහන්නෙ නෑ" මිලියා ෆෝන් එක කට් කරලත් හොදටම කුණු හර්බෙන් බැන්නා........
      "කව්ද"
      "ගොන බන් ගොන"
      "ආශා ද?"
      "ඔව්"// ඊළඟට පොර අර ඌ ට ආදරෙන් කතා කරන කෙල්ලට , කෑවද කියල අහන හිත හොඳ කෙල්ල මූට කකුල් දෙක පළල් කරණ නිසා ඒකි ගොනා ? ඇයි ඒ කෙල්ල වල් කමේ යනවද? අනිත් එවුන් එක්කත් ඉන්නවද? නැතනම් මු එක්ක විතරද? මු තමන්ගේ පාවිච්චියට අහිංසක ගාමන්ට් කෙල්ලෙක් රවට්ටගෙන තව හොඳයි කියල හිතෙන කෙල්ලෙක් පස්සෙන් ගියා. අනුරන්ගි. ඒ කෙල්ල කරපු වැඩේ නියමයි මේ වගේ එකෙකුට.

      Delete
    4. හැබැයි ඔයාගේ මේ කෙටි කතාව මරු. මේ වගේ ඇවිස්සෙන්න හොඳට දීල තියෙනවා.

      Delete
    5. කතාව ගැන හොද කියවීමක ඉන්න එක ගොඩක් සතුටුයි. මෙතන ඇත්තම ඔරිජිනල් මගේ නැත්තම් රස්තියාදුකාරයගෙ අදහස් නෑ. මගේ පෞද්ගලික අදහස් මේවත් එක්ක බැලුවම අහසයි පොළවයි වගේ.//මේ වගේ ඇවිස්සෙන්න හොඳට දීල තියෙනවා// කියන කමෙන්ට් එකෙන් තේරෙණවා හරිම කියවීමක ඉන්නවා කියලා.

      මේකෙ උත්තම පුරුශයේ මම කියන්නෙ මදුවා කියන එකාට. ඌත් මිලියත් දෙන්නම මේ සමාජෙදි අපිට අතිශය සුලභව හම්බෙන සුදුමත් නැති,කලුමත් නැති අළු චරිත දෙකක් උන් දෙන්නගෙ ස්භාවික කතා බහක් සහ සිතිවිලි ගැනයි මන් මේ ලිව්වෙ.

      අයියා අහලා තියෙන හැම ප්‍රශ්ණයක්ම මටත් මේ කෙටි කතාවෙ ඉන්න චරිත දෙකෙන් අහන්න තියෙනවා.ඒ කියන්නෙ මදුවගෙනුයි...මිලියගෙනුයි....

      මගේ යාලුවෙක් ළගකදි හෙණ ලව් ස්ටෝරියක් දුන්නා ඒ කෙල්ල ගෙදරින් අවුල් කියලා මූට බූට් එක තියලා. ඒ කාලෙ හිටියෙ ලොකු සික් එහෙකලු ඒ නිසා. පැය දෙකක් යන්න හම්බුන් නෑ තව කෙල්ලෙක්ගෙ ෆොටෝ එකක් පෙන්නලා කියනවා ඒ කාලෙ හොදට ඇදපු කෑල්ලක්ලු. ෂර්ට්, ඩෙනිම්,සල්ලි එහෙම හොදට අරන් දීලා තියෙනවලු ඒ කෙල්ල. අන්තිමේදි බොහොම අමාරුවෙන්ලු බේරුනේ ඇගේම එල්ලෙන්න ආවලු. කාට කියන්නද ඉතින් මේ කතා......

      මේ වගේ කතා සෑහෙන සුලභව දකිනවා සහ අහනවා

      Delete
  4. අපි කොහොම කිව්වත් දරාගන්න පුළුවන් උන් ඉන්නවා බැරි උන් ඉන්නවා. අමාරැවෙන් හරි උන්ව හරි මගට ගන්න එකයි නියම මිතුරෙකුගේ යුතුකම. කතාව අනගියි.

    ReplyDelete
  5. අපි කොහොම කිව්වත් දරාගන්න පුළුවන් උන් ඉන්නවා බැරි උන් ඉන්නවා. අමාරැවෙන් හරි උන්ව හරි මගට ගන්න එකයි නියම මිතුරෙකුගේ යුතුකම. කතාව අනගියි.

    ReplyDelete
    Replies
    1. ඔව් මේකම නොවුනත් මේ හා සමාන කතා ඕන තරම් වල මන් මේ දුක්ගන්නාරාලගෙ තැන ඉදලා තියෙනවා.

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. හම්මේ ඇති යන්තම්..රොම්බ තෑන්ක්ස්... කතාවෙ මට කියන්න ඕනෙ දේ කියවුවට.

      ඔව් ලිඛිතා මේක තේරුම්ගන්න බැරිම ලෝකයක් තමන්ට ආස කරන දේට ලොබ බදින...තමන්ගෙ අතින් වෙන අනිත් අකටයුතුකම් ගැන දශමයක්වත් හැගීමක් නැති පිස්සු ලෝකයක්. මේ කතා 100%ක්ම මහ පොළොවෙ තියෙන කතා.

      එක සමාජ් පන්තියක කොල්ලෙක් ගාමන්ට් යන කෙල්ලෙක්ව හුදෙක් ලිංගිකත්වය සදහා පමණක් ආශ්‍රය කරනවා.උන් ඒකට "ගොන" කියනවා.ඒත් ඌම බොක්කෙන් කරන කෙල්ල කැම්පස් ගියාම කැම්පස් ගිය කෙල්ලට ඌ මදි වෙනවා. ගමේ බයික් එකෙන් රවුම් ගහන "ගොඩයෙක්" කියලා හංවඩු ගැහෙනවා.
      හැබැයි ඒ කෙල්ල යාළු වෙන කොල්ලත් කැම්පස් එක ඇතුළේ ඒ කෙල්ල කොක්කක් විදියට තියාගෙන.ඔස්ට්‍රේලියාවෙ ෆැමිලි එකම ඉන්න පොශ් කෙල්ලෙක්ව බදිනවා. හැබැයි ඒක එතනින් නැවතෙන්නෙ නෑ. ඒ පොශ් කෑල්ලටත් අරූව මදිවෙන දවසක් එන්න පුළුවන්.

      හැබැයි ඔය හැම තැනම අපි ප්‍රයෝජන අරන් මග හැරපු කෙල්ල හරි කොල්ලා ගැන ගානක් වත් නැති වෙනවා. ඒත් අපිව මග හැරියොතින් ඒ කොල්ලට හරි කෙල්ලට හරි අපි සාප කරනවා.

      කෙල්ලො අතරටත් වඩා කොල්ලො අතර ඔය "සිරා කරන කෑල්ලයි" "ජෝක් කරන කෑල්ලයි" කියලා දෙකක් ඉන්නවා. ජෝක් කරන කෑල්ල හැගීම් දැනීම් නැති ඉටි පන්දම් වගේ ගෑනූ කියලා හිතන කොට සිරා කරන කෑල්ල රෝ‍ස කැලෙන් ආපු රෝස මලක් වගේ ආදරෙන් බලා ගන්නවා
      ඔව් ලිඛිතා මේ ලෝකෙ ඇත්තටම පිස්සු ලෝකයක්

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. //සෝ සුසුම් මැද ගෙවුනු දුක්බර එවන් හැම තත්පර පවා
      ලෝ දියෙන් කල්පයක් පිච්චී ඌ දැවී පන නොනැසෙවා
      තෝමරෙන් තැලුමෙන් හඬා ගත අයැදුමෙන් කන නෑසෙවා
      බෝ ඉහද පනුවන් වැසී අසරණ ලෙසින් ඌ මියැදෙවා//

      හම්මෝ ඒකෙ සැර හිතක් පපුවක් නැද්ද දෙයියනෙ ඔච්චර වස් දෙන්නෙ. කොහොමත් අදහසට එකගයි. කෙටි කාලයක්දි කෙල්ලෙක් ආශ්‍රය කරලා නවත්තන එකෙක් මන් දකින්නෙ ලිංගික උවමනාවක් තියෙන පාලනයක් නැති එකෙක් විදියට. දිගු කාලයක් තිස්සෙ කෙල්ලෙක්ව රවට්ටමින් දැන දැනම මොකෙක් හරි එකෙක් එහෙම කරනවනම් ඔහු හෝ ඇය ඔබේ වස් කවියටම සුදුසු තිරිසනෙක්......

      Delete
    4. උඩ කතාවෙ ඉන්න මිලියා කියාන්නෙත් ඔය වස් කවි වලට සුදුසු එකෙක් මන් හිතන්නෙ )))))) ලිඛිතා පුළුවන්නම් ඔබේ කතාවත් පල කරන්න

      Delete
  7. සත්‍ය පේ‍ර්ම බෘෘංෘංංෘංංංෘංංංංෘංංංංෘංංංංෘංංංංෘංංංංෘංංංංගරාජ්

    ReplyDelete
    Replies
    1. එහෙම්මත් කතාවක් නෙවෙයි බන් මේක සාමාන්‍ය ව්‍යවහරයෙදි කියන "සිරා කෑල්ලත්....ජෝක් කෑල්ලත්..." අතර කතාවක්.

      Delete
  8. අනේ ඉතින් මොකටද මගෙ කට.... උඩපෙළ යටි පෙළ සේරම කියෙව්වට තේරුම් ගත්තට පස්සේ ඕක තමා මටනම් කියන්න තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. කතාව වැටහී ඇති බව පේනෙ.... කතාවෙ හන්ගපු ලොකු යටි පෙළක් නෑනෙ සදුවො. කියන්න ඕනෙ ඔක්කොම ටික සරළම ව්‍යවහරික භාෂාවෙන් තියෙනවා.මක්කැයි හිතාගන්න බෑ කස්ටිය වැරදි තැන් වලින් අල්ලගන්නෙ.....

      Delete
  9. ….ගෑණු කියන්න හිතක් පපුවක් තියෙන එවුන් නෙවෙයි. ඉන්න එකාගෙන් ගන්න පුළුවන් උපරිම ප්රයෝජන අරන් තව එකෙක් ගාවට කිසිම හිතක් පපුවක් නැතිව යන කාලකාණ්ණි ජාතියක්…. (නුරංගි ගැන)

    … "වැඩක් පලක් කරගත්තනම් ඕක අයින් කරපන්" … වත්තන් කරන් එනගමන් මන් ඌට කිව්වා. (ආශා ගැන)

    සෑහෙන්ට හිතට වැදිලා හිත තුවාල වෙලා ඉන්නෙ ඕං...
    එක්කෙනෙක්ට අසාධාරණයක් කරල තව කෙනෙක් ගෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙන්ට බෑ නෙව... ඒත් අපි කොරන්නෙම ඒක...

    ReplyDelete
    Replies
    1. මටත් හරිම කණාගාටුයි මිලියගෙයි මදුවගෙයි මේ ක්‍රියාපිළිවෙතට. බොහොමත්ම ස්තූතියි බොලොග් එකට ගොඩ වැදුණට.......වෙල්කම් කිව්වා නන්නතාරවුණු සටහන් වලට....

      Delete
  10. Replies
    1. ස්තූතියි බන් කාලෙකින් දැක්කෙ

      Delete
  11. බොරුවට කවදාවත් අවිෂ නැහැ..ඇයි ගැහැනු විතරයිද ඔහොම කරන්නේ පිරිමිත් ඉන්නවා උපරිම ප්රයෝජන අරන් සල්ලි වලට වෙන ගැහැනුලගට යන කිසිම හිතක් පපුවක් නැතිව යන කාලකාණ්ණි පිරිමි...ගැහැනියට විතරක් අපහාස කිරිම වැරදි...මම දකින මිලිය යනු ස.....

    ReplyDelete
    Replies
    1. කෑල්ලක් අඩුයි වගේනෙ....??? හරි හෝ වැරැද්දකට ලිංග භේදයක් නෑ කා අතිනුත් වෙනවනෙ ඉතින්....

      Delete
  12. අදයි කියවන්න ලැබුණේ. හොඳයි රස්ති. මිනිස්සු කවදාවත් තමන්ට අවංක වෙන්නැ. එහෙම නොවි හොයන්නේ අනිත් හැමකෙනාම අපිට අවංක වෙන්න ඕන කියලා. ඉතිං එහෙම වෙන එකේ වැරුද්දක් නැ.

    ReplyDelete
    Replies
    1. ලෝකෙ යන්නෙ එක විදියකට...හිතාගන්න අමාරු තැන් වලදි නොහිතා යන විදියටම යන්න ඕනෙ

      Delete
  13. හිතන්න ඉතිරි කරපු කතාවක්

    ReplyDelete
  14. කතා දෙකම එක හුස්මට කියෙව්වා . මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ.

    ReplyDelete
  15. කලින් Comment එක බලධාරිය මැකුවද😂

    ReplyDelete
    Replies
    1. නෑ බන් කිසිම කමෙන්ට් එකක් ඩිලෙට් කරේ නෑ.මොකද්ද උඹ දැම්මෙ???

      Delete