17 October 2018

පැරිස්නම් මොනවද බන් ලෝකේ රෝමාන්තිකම නගරය තමයි කොළඹ



උතුරෙත් දකුණෙත් නුවරත් ඇති රුසිරුම මුතු පබළු විත්
ගාලු මුවදොර වෙරලේ ගොඩ ගසමින් හිනැහෙන

ලංසි කෙල්ලට ෆර්සාන්ලා පර්දාවට පයින් ගසා පෙම්පුරන කොට
මධු සුව පිරි තිව්යලා හදවත් දිවා රැයක් නැතිව උණුසුම් කරන

වෙසගනන් තෙත් වූ හදවත් තුළින් පෙම් කරන සද
පතිණියන් පාරේ කාෂ්ඨක හදවත් වලින් හෙළුවෙන් දුවන

ඇරියස් පිරුණු ජීවීත බුකියේ කැළඹෙනා විටෙක
හිරවුණු කොටුවෙන් පිට යන්න හොදම තැනලු රිලැක්ස් වුණු කාමරය

හදවත උඩට ආදරය මෙට්‍රික්ටොන් ගණන් වලින් දමන
කුරුදුවත්තෙත් වැල්ලවත්තෙත් පාරේ ඇත ආදරේ පපුවත් බරවෙන්න

නිදහසක් ඇත්ද ලොකේ මේ පුර තරම් වෙන කොහෙවත්ම
පැරිස්නම් මොනවද බන් ලෝකේ රෝමාන්තිකම නගරය තමයි කොළඹ

-සුපුන් සමීර-

30 comments:

  1. Replies
    1. "පැරිස්නම් මොනවද බන් ලෝකේ රෝමාන්තිකම නගරය තමයි කොළඹ" එකෙන්ම

      Delete
  2. සොලිඩ් හෝටල් ඇත රිලැක්ස් කාමර වල කොටුවෙන් පිට පැන්න
    දුම්වැටි මදුපැන් පෙන නගින බීරද ඇති පමණට බොන්න
    පිරුනු දෙතනනෙන් යුතු රුසිරු ඇන්ටිලා නංගිලා මෙන්න
    කොළොම්පුරේදි හමුවුනේ අපි මිතුදම් ඇතිකරගන්න

    ReplyDelete
    Replies
    1. හරි ලස්සන නංගිලා
      හරි නැත්නම් අක්කලා
      බලන් ඉද්දි වටවෙලා
      මොකටෙයි මේ ඇන්ටිලා?

      Delete
    2. ආයෙත් අහලා සුප්පා කවිය..ආයෙත් ඉතින් කොලොම්පුරේ නොදන්න කොළඹ

      Delete
    3. ඇන්ටිලට නෙවෙයි ආච්චිලට වුනත් ආදරේ කුමට තහනම් කරනු ටෙකා...එක එක අයගේ රස වෙනස්නෙ බන් කොලොම්පුරේලා කැමැති ඇන්ටිලට වෙන්ටැ ඉතින්....... )))

      Delete
  3. එදිනෙදා ජීවිතයේ රුසිරු.

    ReplyDelete
    Replies
    1. වචන තුනකින් කෙටියෙන්ම

      Delete
  4. රාගය උතුරන්නෙම
    කලපුවේත් හරි මැදය
    ස්නේහය ගලන්නෙම
    ලතාවට ගඟක හරි සීරුවටය
    ඒත් අපි දුවන්නෙම
    හෝ ගාන පොකුණටය
    ඉසියුම් වැලි ඉහින
    මට සිළිටු වෙරළටය
    සැනෙන් පියවර මැකෙන
    පෙණ ගහණ කරදිය සුවඳටය
    ආදරේ හොයන්නෙම
    chat එකක ඉස්පිල්ලක පාපිල්ලකය
    ජිවිතේ වරදින්නෙම
    කොටු ඇතුලේ අඳුරු කාමරවලය
    ජිවිතේ සුන්දරම
    වරදින තුරුමය.... :)

    ReplyDelete
    Replies
    1. නියම කවියක් අක්කේ....."වෙසගනන් තෙත් වූ හදවත් තුළින් පෙම් කරන සද පතිණියන් පාරේ කාෂ්ඨක හදවත් වලින් හෙළුවෙන් දුවන" මන් මේ පද පේළි දෙකෙන් කිව්ව දේ වල දිගුව අක්කගෙ කවි බසින්....අපූරුයි.......

      Delete
  5. ඒක හරිය කියමු. මේ ෆොටෝ එක කොහෙද

    ReplyDelete
    Replies
    1. මීගමුව ))) සෙට් වෙන ෆොටෝ එකක් සෙට් උනේ නෑ ගූගල් එකේ.ඔය තියෙන්නෙ ඔරිජිනල් එකේ ලින්ක් එක
      https://www.google.lk/imgres?imgurl=http://static.asiawebdirect.com/m/kl/portals/srilanka-hotels-ws/shared/teasersL/negombo-nightlife/teaserMultiLarge/imageHilight/negombo-night-teaser.jpg&imgrefurl=http://www.srilanka-hotels.ws/nightlife/&h=450&w=800&tbnid=ueQT3A6kE2K2_M&tbnh=168&tbnw=300&usg=K_hMPhOZOZofTqz8coA5ppM4woXcw=&hl=en-LK&docid=qyZbQfjRlXWcwM

      Delete
  6. රෝමයේ අන්තය වගේ

    ReplyDelete
  7. රෝමාන්තික.. හෙහ්... ඒකත් අර පළමෝත වගේ පරිවර්තනයක් වෙන්නැති.. :D

    ReplyDelete
    Replies
    1. "Romantic" යන වදනේ සිංහල අරුත ලෙස සුලභව භාවිතා වෙන්නේ රෝමාන්තික යන්න. ඒත් මක්කැයි සෙන්නා පළමෝත????

      Delete
    2. ඇයි බන් ඔය කවුද එකෙක් first hand experience කියන එක පළමෝත අත්දැකීමක් කියලා පරිවර්තනය කරලැයි කියන්නේ.. හෙහ් හෙහ්...

      Delete
    3. ඒක නිකන් අයුර්වේද බෙහෙතක නමක් වගේ.......

      Delete
    4. රටේ ආර්ථිකයනම් රෝමෙටත් වඩා අන්තයට ගිහිල්ලා තමයි ප්‍රාජේ.....

      Delete
  8. Replies
    1. ආදරේ රත්නප්පුර වගේද ))))

      Delete
  9. ම්.... ඕනෙම කෙනෙකුට තමන්ට ආදරය දැනිච්ච ගම හෝ නගරය තමයි වැඩියෙන්ම රොමැන්ටික්. ඒ හැඟිමත් එක්ක අවට හැමදේම ආදරණීයව පේන්න ගන්නවා .

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම සදවතී........

      Delete
  10. එල ද බ්‍රා...පට්ට පොස්ට් එකක්

    ReplyDelete