06 November 2018

සිරිසේන එන්න මේ ගූ වලදන්න


ශ්‍රී ලංකීය දේශපාලනයේ අධමම කාල පරිච්ජේදයක ඔබත් මමත් ගමන් කරමින් සිටියි. තමන්ගේ බල තණ්හාව සාක්ශාත් කරගැනීමට හෙළුවෙන් තාප්පයක් උඩ නැග වල්# උවත් වැනීමට වුවද වර්තමානයේ සිටින ඕනෑම නායකයෙකු සුදානම් බව මේ ජාරජීරණ දේශපාලනය පසක් කරමින් සිටියි. 
                           එක පැත්තකින් හැට පැන්නත් හොට බිම ඇනුනත් ගෙදර නොයන බල ලෝභී රනිල් වික්‍රමසිංහය, අනිත් පැත්තෙන් විධායක ජනාධිපතිකමෙන් යන්න උවත් මැරෙනකම්ම රටේ රජ්ජුරුවෝ වී ඉන්නට ඕනෑ මහින්ද රාජපක්ෂය, ඒ හැමටම වඩා අනිත් පැත්තෙන් කොන්දක් කියා දශමයක් නැති පෙන්දෙක් වන් ජනතා පරමාධිපත්‍ය තුට්ටුවකට නොසැලැකූ අසූචි වලෙන් උපන් ජනාධිපතිය. ඕ තොමෝ මීලගටත් රාජ්‍ය නායකයා වනු වස් තමන්ව පත් කළ ලක්ෂ හැට දෙකකට පුක පෙන්වා දැන් අමු බයිලා  කෙළිමින් ඇත.
                                              මට හිතාගන්න බැරි මේකෙන් ඉල්ලන් කන්නේ මහින්දද? නැත්තම් සිරිසේනද? කියාය. මොකද 2020දී මුන් දෙන්නා අතර ආයෙත් බල හරබයක් ඇති වීමට නියමිතය. හැබැයි ඉතින් රජපක්ෂවරු සහ සිරිසේනගේ හොරිකඩයින් සමග කුමන මට්ටමේ බල අරගලයක් ඇති වුවද එකෙක්ගේවත් ෆයිල් එකෙක් වත් අදින්නේ නැත.මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ගැලැරියට දෙන එම ආතල් නිම වෙනු ඇත.
                              ඒත් ඉතින් ඒ අතර වාරයේ මහින්දට වඩා මහින්දවාදී, රනිල්ටත් වඩා රනිල්වාදී නොමැතිනම් කැපුවත් කොළ අමු ගෙවලයින් ජීවිතයක් දෙකක් පූජා කොට තමන්ගේ පුක කොහෙවත් යන එකෙක්ට දී තම දරු පහුල අතරමන් කරගන්නවාය. මෑතක ඊට හොදම උදාහරණය පැට්‍රෝලියම් එකේ අර්ජුණට කෙළින්න ගිය අමු ගොබ්බ ගොබිලා විදගත්තාය. තව මාස දෙක තුනකින් අර්ජුන මහින්දගේ දෑත් ශක්තිමත් කරන්න ගියහොත් ඌට මිනී වලෙන් නැගිට පුක හපාගෙන ආයෙත් පාරක් මිය යාමට ඒ අමු ගොබ්බ ගොබිලයාට සිදුවනවා නොඅනුමානය.
                                                          සැබැවින්ම මන් හිතුවේ කුජීත දේශපාලනයේ උච්චම අවස්ථාව මහින්ද රාජපක්ශගේ අවසන් කාලයේ දේශපාලන සමය බවයි. ඒත් දැන් ඒක වැරදිය සිරිසේන තමන්ට ජන්දය දුන් සියළුම ජනතාවට පුක පෙන්වමින් මෙරට දේශපාලුවෙකු පත් වූ අන්තිම තුජ්ජම තැනට පත් වුණාය. තවත් තැනක් ඊට වඩා නැත. ශොට් එකටම අනාගතයේවත් නැත.
                                                                         සැබැවින්ම මෙය ඔබටත් මටත් ආතල් එකක් නොවන්නේය. මේ තිරිසන්නුන් තමන්ගේ බල ලෝභී අරමුණූ වෙනුවෙන් හෙළුව වනද්දී මේ නැති වෙන්නේ ඔබේත් මගේත් රටය. එය මේ කාලකණ්ණින්ගේ සුදුවක් බවට පත් කරදිය නොහැක. එහෙම උනහොත් ආතල් ගැනීමටවත් රටක් ඔබටත් මටත් ඉතිරිවනු නැත. රනිල් යනු බල ලෝභී සක්කිළි දේශපලුවෙකු වුවත් ප්‍රථමයෙන් ව්‍යවස්ථා විරෝධී...සදාචාර විරෝදී....සිරිසේන සහ මහින්ද වැනි අධමයින් මේ දේශපාලන පිටියෙන් ඉවත් කල යුතු වන්නේ ඒ නිසාය. ඉන් පසුව කලු කෝපි බ්මට මත්තෙන් එජාපයට හරි නායකයෙක් ගෙන ආ යුතුය.                                                            මේ රට විනාශ වන්නේ කැපුවත් කොළ කැපුවත් නිල් එවුන්ගෙන් නොව මධ්‍යස්ථ මත දරන ඔබගේත් මගේත් නිහඩතාවය නිසාය. මොකද මෙතෙක් දේශපාලනයේ හැම හැරවුමකම හිටියේ උන්ය. එහෙම උනැයි කියා ලැබිච්ච ලබ්බ මොකක්දැයි ඔබ ඇසීමට පුළුවන. මහින්ද රාජපක්ෂ තාමත් සිට්යානම් මේ රට මොන වගේ විකෘතිවලින් සමන්විත වේදැයි සිතුවොත් ඊට පිළිතුර ඔබටම අපහසු වෙන එකක් නැත.
                      සිරිසේන යනු කවුරුදැයි තේරුම් ගැනීමට මේ වීඩියෝව පමණක් ප්‍රමාණවත්ය. වීඩියෝව බැලීමට මෙතැන්ට යන්න. එතැනින් එහා කීමට ඇත්තේ උද්ධෘතයේ කියා ඇති දේ පමණක්මය.3

                                                                -රෝමා-   


16 comments:

  1. මහත්මයා එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකයෙද වැඩ කරන්නේ? ඔබතුමා ගරු ජනපති මයිත්‍රීපාල සිරිසේන මැතිතුමාට මෙසේ ආමන්ත්‍රණය කරන්නේ එතුමාගේ පාලනය යටතේ ඇති නිදහස නිසා නොවේද?

    ReplyDelete
    Replies
    1. මේ ටිකේ ඒ වගේ තමයි වැඩ කරන්නේ.......
      නිදහස පිරී ඉතිරී දෝරේ ගලලා ගිලෙන මට්ටමේ තියෙන්නෙ දැන්......

      Delete
  2. මනුෂ නානායක්කාර රනිල්ගේ පැත්තට ගියාලු-DBS Jeyaraj
    යන්නත් සල්ලි. එන්නත් සල්ලි. ක්‍රිකට් ගහනවට වඩා ලාබයි

    ReplyDelete
    Replies
    1. අන ඒකයි ප්‍රාදේශිය සභාවකින් හරි පටන් ගන්න තියෙන්නෙ......

      Delete
  3. Why the hell UNP keep fielding non-UNP candidates for President? (SF and MS) Who is the UNP candidate for 2020, SF again? If Ranil in not Presidential material, UNP should get Sajith or Naveen (not anyone from 88/89 time) Because village people like me will never vote for JVP/UNP until 88/89 murderous are in the party.

    ReplyDelete
    Replies
    1. වෙන හේතුවක් නෑ රනිල් කියන අමු ගොබිලා තමයි එකම හේතුව යු.න්.පි යෙන් එකෙක් දාගන්න බැරි උන. දිනන්නම් අනිවාර්යෙන් නායකත්ය සජිත්ට ලබා දිය යුතුමයි.

      Delete
  4. අන්න එරාන් වික්‍රමරත්න නියම කතාවක් කියා තිබුණා අද ඉන්න පොලිටික්කන් ගැන!

    ReplyDelete
  5. “An educated, healthy & confident nation is harder to govern”
    ― Tony Benn

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත අධ්‍යාපණය සහතික වලට සීමා නොවී. පුළුල්ව හිතන්න පුළුවන් මානසිකත්වයක් හදන්න පුළුවන් එකක් වෙන්න ඕනේ. නැත්තම් දැන් ඉන්න උගත්තු තරම් යටහත් පහත් එවුන් ඉන්න නිසානේ සා.පේවත් නැති හරක් ටිකක් රජ කරන්නෙ

      Delete
  6. ලංකාවේ තට්ටුමාරු ක්‍රමයේ තවත් කඩඉමක් .

    ReplyDelete
    Replies
    1. මේක තවත් එකක් කියනවට වඩා ඉතිහාසයේ උනු ඛේදණීයම තට්ටු මාරුව. හැම එකාම එහෙට මෙහෙට පැනලා තියෙනවා කවදද ජනාධිපති කෙනෙක් ලක්ෂ හැට දෙකක ජන්දය පාවලා දීලා පැත්ත මාරු කරේ.

      Delete
  7. Replies
    1. රට විනාස කරන උමතුවක ඇත්ත

      Delete
  8. මිනිස්සු සිරිසේනට චන්දෙ දුන්න එකම හේතුව - මහින්ද පැරද්දීම
    සිරිසේන දුන්න පොරොන්දු - හොරු ,මිනීමරුවන්ඇ ල්ලීම ,දුෂණය පිටු දැකීම ,විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම
    සිරිසේන ඇත්තටම කලේ - තමන්ගේ චන්දෙ දින්න මිනිස්සුන්ට සරම උස්සා පශ්චාත් බාගේ පෙන්නා ,මහින්දව නැවත බලයට ගෙන ඒම
    සිරිසේන ඉතිහාසයට එකතු වෙන්නේ කොහොමද කියලා මේ රටේ මිනිස්සු තීරණය කරනු ඇත

    ඔය කොයිකත් මේ රටේ මිනිස්සුන්ව සලකන්නේ මි හරක් ගානට දමා බව නම් පැහැදිලිය

    ReplyDelete
    Replies
    1. ඔව් හසිත රටේ උඩම ඉන්න එවුන් මිනිස්සුන්ට මේ තරම්ම නීච විදියට පශ්චාත් භාගය පෙන්වනවනකොට ඒ ගැන පුදුම කල කිරීමක් තියෙන්නෙ.

      Delete