07 January 2019

ලිබරල් අත්තක්


ඈත පිටිසර බඹරකන්දේ මුදුනත සිසිලසින් පිරීගිය දිය විලක්-
ඒ දිය විලේ බොහෝ සුසිනිදු දිය බිදක් ප්‍රේමයෙන් වුණි
හිටපු හැටියේ හමා ආ නිරිත දිග සුළගට ඒ දිය බිද හසුවුණි-
හසු වෙලා නොසිතු විලසින් කන්දෙන් බිමටම දිය බිද ඇදවැටී

ඔබ මොබ ගියත් දන්නා හදුනන කවුරුත් ඒ ළග නැති සදේ -
කුමක් කරන්නද  දිය බිදත් සිටියේ බෝ නිසොල්මනේ
ඒත් ඇසිල්ලක හරිම ලස්සන රෝස මල් ගසක කොළයක්-
ඉවුරු කොනක සැගව සිට ඇවිදින් දිය බිද හා පෙම්වත් වුණී

ප්‍රේමයෙන් මුසපත් වෙලා දිය බිද රෝස කොළයේ තුරුලට වෙලා-
ගියා නදියේ පල්ලම් බසිමින් රෝමාන්තික ගීතයන් ගයා
ජීවිතේනම් කොතරම් සොදුරුද රෝස කොළේට හාදු මල් තියා තියා-
කැමැති කැමැති තැන රුවල් ගාමින් ගියා ප්‍රීතියෙන් රෝස කොළයට වෙලා


අහි‍‍‍‍‍oසක පාටට තිබුණට ඒක මහ අදුරු කොළයක් -
තේරිලා මාසයක් යනකොට රෝස කොළය උඩ තවත් දිය බිදක්
මුග්ධ කොළයට සාප කරමින් දිය බිද හැල්මේ නදියේ ගියා-
ලගට පැමිණේන සෑම කොළයක් පිළිකුලෙන් අහකට කරා

හැල්මෙ ගියද සමහර දිනවල දිය බිදටත් හැඩෙනවා -
හැඩිලා කදුලු උතුරා දෙගොඩ තලා ගං දිය ගලනවා
ගං වතුරට බැන වැදුනා මිස කවුරුත් දැක්කෙ දිය බිදෙහි කදුලු-
ඒ දුකත් පපුවෙම හිරකරන් ග‍ංදිය හැලේමේ ගියේ හිත් නැත්තෙකු ලෙසින්

ඒ සදේ ඈත ඉදන් දැක්කා නදියට බර වෙලා ඇති ලිබරල් අත්තක කොළයක්-
නපුරු පාටැති ඒ කොලේ දිය බිද දෙස දෑස් දල්වා බලාගෙන වුණි
බිදුණූ පිච්චුණූ හදවතක් ඇතත් ළගට ආ කිසිදු කොළයක් වත් දෙස නොබැලූ-
ඒ දිය බිද ආයෙමත් උමතුවෙන් ප්‍රේම කරන්නට පටන් අරගෙන

ගලන නදියේ ඉස්සරහම තිබූ ගලකටත් හැප්පිලා වීසී වී ගිය පෙණකැටිත් එක්කම-
බොහොම සතුටෙන් දිය බිද ඒ ලිබරල් කොළය සිප ගැනුමට ගියා
ප්‍රේමයනම් සිපගැන්මයද? එය නොවේ ලිබරල් කොලය බොහො ගතු කියා-
සිටියා සිටිය තැනම පහත් වී දිය බිද සිප ගන්නට බෑ කියා

ප්‍රේමයනම් එයම නොවෙදෝ දිය බිද කොහොමද දන්නේ-
බොහෝ විස ඇති රෝස කොළයයි ඒය ප්‍රේමය බව පැවසුවේ
නන්නත්තාරේ යන ගං දිය උඩින් දිය බිද ආයේ ගලනවා -
හිත් බිදුනෙකු ලෙසින් හදවතේ ඉතිරිව ගිය තැනුත් පුච්චන් ආයෙ ආයේ ගලනවා

-සුපුන් සමීර-

13 comments:

  1. රෝමෑන්තික රස්තියාදුවක්... වැල්ල පාර දිගේ ගියෙමි..

    - ජේ මා -

    ReplyDelete
    Replies
    1. ස්තූතියි...අවශ්ෂ්‍ය වුනෙත් එයමැයි....

      Delete
  2. අම්මෝ ඒ ලියවිල්ල.. නිකම් කවි කොළයක් වගෙයි...

    ReplyDelete
  3. Replies
    1. ලිබරල් ගැහැණියකට කළ පෙමක්

      Delete
  4. සිත දුවන තැන් .......

    ReplyDelete