12 March 2023

2024 ජන්ද සිතියම


2024 ජනාධිපතිවරණය මොන වගේ වෙයිද කියලා මන් කල්පනා කරනවා.එතකොට දැන් තියෙන තත්වෙත් එක්ක ප්‍රධාන පක්ෂ වලින් එන්න ඉන්න අය මෙහෙම පෙළගස්වන්න පුළුවන්

01. පොහොට්ටුවෙන් - රනිල්,නාමල්

02. සජබෙන් - සජිත්

03. ජාතික ජනබලවේගෙන් - අනුර

ඔයිට අමතරව  විසික්ක වෙලා එන කැඩිච්ච පක්ෂ වලට උදාහරණයකට විමල් වීරවංශලගේ හෙලිකොප්ටරේ,පාඨලිගෙ 44 වගේ පක්ශ වලට ජනාධිපතිවරණයක් දිනන්න පුළුවන් තත්වයක් තාම හැදිලා නෑ ඒ නිසා කොහොමත් මීළග ජනාධිපතිවරණයට තාමත් පිට්ටනියට ඇවිල්ලා සෙල්ලම් කරන්න පුළුවන් තත්වයකට හරි තියෙන්නෙ ඔය උඩ තුනට විතරයි.

මුලින්ම සජබෙ ගැන කතා කරොත් සජිත් තමයි අනිවාර්යෙන් මීළග ජනාධිපතිවරණයට තරග කරන්නේ. ඒත් මේ වගේ වෙලාවකවත් අච්චර අජපල් ආණ්ඩුවක් තියෙද්දි නායකත්වයක් අරන් දිනන්න පුළුවන් වපසරියක් හදන්න තාම අසමත් වෙච්ච සජිත් කියන්නෙ කූඹි පුකක තරම් වත් දිනන්න දෙයක් නොකර ඉබේ ඔඩොක්කුවට වැටුනොත් විතරක් ගොඩයන එකෙක්. ඉතින් සම්ප්‍රදායික අපේ පැරණි ජන්ද ප්‍රතිඵල වල ස්ටැටික් අනුවනම් 2024 ජන්දය දිනන්න ඕනේ සජිත් උනාට. සජිත් කියන්නේ මේ රේස් එක පිටිපස්සට දුවන තමන්ගේ තාත්තගෙ කාලෙටත් වඩා පරණ ක්‍රමත් එක්ක දේශපාලනෙ කරන කෙනෙක් නිසා . මේ රේස් එකෙන් ලොකු වාසියක් සජිත් හින්දම අනිත් දෙගොල්ලොන්ටම ලැබෙනවා.

ඊළගට ඉන්නෙ අනුර මුලින් කිව්වා වගේ සජිත්ගේ අතේ තියෙන ව්පක්ෂ නායක පොල්ල අතට අරන් නමට විතරක් සජිත්ට විපක්ෂ නායකකම දීලා. අනුර සහ පිරිස පෙර පාදෙට ඇවිල්ලා දිගට හරහට බැට් කරනවා හතරෙ පාරවල් හයේ පාරවල් නහුතෙට කෙළිනව. ඒ නිසා ප්‍රධාන පක්ෂ දෙකේම හතුරා අනුර වෙලා හොදහැටි ගුටිකන්නත් වෙනවා. ගියපාර අර ගෝඨට රෙදි නැතිව කඩේ ගිය ජාතිවාදී ආගම්වාදී එවුනුත් මේ පාර පුක ඉරාගෙන අනුරට කඩේ යන්න අරන් කියලා පේනවා. 2019 ගෝඨට වචනයක් කියන්න බැරි මට්ටමක් තිබ්බා වගේ දැන් අනුරට වචනයක් කිව්වොත් ගෙදරට ඇවිල්ල ගහන මට්ටමක් තියනවා කියලා පේනවා.

ඒත් ඉතින් මේ වෙලාවේ වඩාත් ප්‍රගතිශීලිම නායකයා විදියට අනුර ජන්ද වෙළදපොලේ සෑහෙන මට්ටමක් අල්ලන් ඉන්නවා කියලා පේනවා. ඉතින් මේ 2024 ජන්දෙ උඩින්ම දිනන්නෙ අනුර කියලා අවට පරිසරය විමසා බැලුවම පේනවා.

ඊලගට ඉන්නෙ හත්පොලේ ගූ ගාගෙන ඉන්න පොහොට්ටුව ඉතින් පොහොට්ටුව මේ පාර නාමල්ව රෙස්ට් කරලා රනිල්ව ජන්දෙට දායි කියලා හුගක් අය හිතෙනවා. ඇත්තටම රනිල් කියන්නෙ සජිත් ගාවට දේශපාලෙනෙ ඉන්න මෝඩම මනුස්සයා කියන එකයි මගේ කියවීම. රනිල් ටයි එකයි කෝට් එකයි ඇදලා සන්ග්ලාස් දැම්මම අපේ එවුන් හිතන් ඉන්නවා රනිල් හෙන මොලේ කියලා. ලංකාවෙ තිබ්බ දැවන්තම තනි පක්ෂෙ තියාගෙන ලොන්ත තොල් දොදොල් වෙනකම් ඉන්න ඕන උනා ජනාධිපති වෙන්න ඒකත් ඉතින් රාජපක්ෂලගේ ගේම් එකේ ඉත්තෙක් විදියට ටික කාලයක් සෙල්ලම් කරන්න.

ජනාධිපතිවරණය ළං කරලා ආර්ථික ඉලක්කම් වලින් මොන වැඩ දැම්මත් ප්‍රාදේශීය සභාවක්වත් රනිල්ට දිනාගන්න බෑ කියලා රාජපක්ෂලා දන්නවා. ඒත් ඉතින් නාමල් කුමාරයා ගෙනැල්ලා ඔටුන්න දාන්න පරිසරයක් තාම නෑ. රනිල් මාමාට කියලා පරිසරය එළි පෙහෙළි කරන් ගියත් 2024 වෙනකොට පෙරළියක් කරන එක ලේසි දෙයක් නෙවෙයි කියලා රාජපක්ෂලා දන්නවා.

ඉතින් මිත්‍රවරුණී දැන් මැරතන් එකේ ඉස්සරහින් ඉන්න අනුරව බිම දාන්න සෑහෙන තරම් දේශපාලනිකව දෙයක් රාජපක්ෂලට කරන්න වෙනවා. ඒක නිසා කරන්න පුළුවන් 2024 දේශපාලනික සිතියමේ දේවල් මොනවද කියලා මන් පුරෝකථනය කරනවා. 

01. අනුරගේ වගේම මාලිමාවේ උඩම ඉන්න අයගේ කෝල් රෙකොර්ඩින්ග්, වීඩියෝ රෙකෝඩින්ග් වගේ ඒවා අනාගතේ එළියට එන්න පුළුවන්.

02. අනුරගේ පුතා කෙල්ලෙක්ට අතවර කරපු එකක් එළියට එන්නත් පුළුවන්

03. හදුන්නෙත්ති ගේ ගෑණී ඩිවෝස් වෙලා හදුන්නෙත්තිට නඩුවක් ෆයිල් කරන්නත් පුළුවන්

04. තව මාලිමාවේ එකෙක් වයස 16ට අඩු කෙල්ලෙක්ට හරි කොල්ලෙක්ට හරි ගල් කැපුවා කියලා ලීක් වෙන්නත් පුළුවන්

05. තව විග්නේෂ්වරන්ට එක්ක දාපු ඩීල් වගේ ඒවා, සංඝ රත්නයට අපහාස කරා කියලා අපේ රටේ ඉන්න සිවුරු හොරු යන පෙළපාලි වගේ ඒවා තියෙන්න පුළුවන්.

අබාධිත හමුදාවෙ කොල්ලොනම් පාවිච්චි කරන එකක් නෑ. දැන් දැන් හමුදාව බලු වීගෙන යන නිසා.කොහොම උනත් උඩ කියපු ටික 2024 වෙනකම් අඩු වැඩි විදියට මාලිමාව උඩ ඉන්න ඕන කෙනෙක්ට වෙන්න පුළුවන්. ඒ අතර ගහන අලුත්ම ටූල් එකක් දැන් පේන්වා ඒ තමයි ජවිපේ තියෙන සමාජවාදයට ගහන එක. හරියට නිකන් සමාජ්වාදයත් එක්ක දියුණු වුණ කවුරුත් නෑ, යල් පැනපු ප්‍රතිපත්ති වගේ දේවල් වලට දැන් දැන් වෙනස් වෙනස් අකෘති වලින් ගහනවා. ඒත් ඉතින් දැන් මාලිමාවෙ තියෙන්නේ සමාජවාදිත් නැති ධනවාදිත් නැති අමුතු තැනක නිසා මීට වඩා සාර්ථක ඇප්‍රෝච් එකක් පොහොට්ටුවට කරන්න ඕනෙ වෙනවා. ඒ ඇප්‍රෝච් එකට ගැළපෙන මිනිහෙකුත් ජනාධිපතිවරණයට පොහොට්ටුවට හදන්න වෙනවා.

රනිල්ව ගලේ ගහලා හෝදලා දැම්මත් දිනන්න බෑ කියලා රාජපක්ෂලා දන්නවා. ඒ කියන්නෙ ඇත්තටම රනිල් මේ අර්බුදය විසදුවත් මිනිස්සු ඒක පිළිගන්න අකමැතියි කියලා රාජපක්ෂලා දන්නවා.රාජපක්ෂ පහුලෙ කාටවත් මේ ජන විරෝධය එක්ක ඒක අනිත් පැත්ත ගහන්න අමාරුයි කියලා රාජපක්ෂලා දන්නවා. ධම්මික පෙරේරා ආවත් රාජපක්ෂලට තියෙන හිතවත්කම ගැන මිනිස්සු දන්න හින්දා මේ සෙල්ලම කරන්න අමාරුයි කියලා මට හිතෙනවා. මේ මොහොත රාජපක්ෂලට පිටින් කෙනෙක් ඉම්පෝර්ට් කරන්නම වෙලාවක් කියලා මෙහෙම බැලුවම පේනවා.

ඉතින් ඒ අස්සෙ මට හීනෙන් වගේ පේනවා ටයි කෝර්ට් අදින මනුස්සයෙක්. වැඩි කතාවක් නැති අවශ්ෂ්‍ය දේට විතරක් එඩ්‍රස් කරන ස්මාර්ට් පෙනුම තියෙන මනුස්සයෙක්. උගත් කමින් පරිපූර්ණ කෙනෙක් ඔස්ට්‍රේලියාවේ ගෝල්ෆ් ගහ ගහ ඉන්න පුළුවන් කම තියෙද්දිත් ලංකාවට ඇවිල්ල ලංකාවෙ අර්බුදය විසදන්න දත කන මනුස්සයෙක් මට පේනවා. ඒ ඉතින් වෙන කවුරුත් නෙවෙයි අපේ වර්ථමාන මහ බැංකු අධිපති අජිත් නන්දලාල් මහත්තයා.එතුමා ජනාධිපති වෙන්න 2024 වගේ ඉල්ලනවා මට හීනෙන් පේනවා. 

ඉස්සර මහබැංකු අධිපතිව දැක්කෙ සල්ලි කොළ වල තියෙන අත්සනින් උනාට අපේ මහ බැංකු අධිපති තුමා ඇවිල්ලා සැරින් සැරේ මාධ්‍ය සාකච්චා තියෙනවා. අර්බුදයෙන් ගොඩ එන්න ඕන හැටි කියනවා, ගොඩ ආපු හැටි කියනවා, දේශපාලකයොන්ටත් බර අවි වලින් සමහර වෙලාවට ගහනවා. එතකොට මේ වෙලාවෙ අනුරට විරුද්ධව පිට්ටනියට එන්නවත් පුළුවන් මට්ටමක ඉන්නෙ අපේ මහ බැංකු අධිපතිතුමා විතරයි කියලා මට හිතෙනවා.

කොහොමින් කොහොම හරි අපේ රටේ මාස් ඕඩියන්ස් එක තියෙන්නෙ සිවුර අස්සෙ කියලා රාජපක්ෂලා දන්නවා ඒ නිසාමද කොහෙද අපේ මහ බැංකු අධිපති තුමා සමන්ත භද්‍රගෙ උමන්දාවට යනවා. ඒ විතරක් නෙවෙයි දළදාව වැදලා මල්වතු අස්ගිරි හාමුදුරුවො වදින්නත් යනවා පුදුමෙ කියන්නේ කැමරා කාරයොත් යනවා.ප්‍රධාන ප්‍රවෘත්ති වලත් ඒක නිවුස් එකක් විදියට යනවා. ආන්න එතකොට මන් හිතෙන දේ ඇත්ත වෙයිද කියලත් මට හිතෙනවා.කොහොම උනත් රාජපක්ෂලා කියන්නේ ලංකාවෙ දේශපාලනේ දැවැන්ත පරිච්ජේදයක් ඒ නිසා මේ මොහොතෙදි අපි නොහිතන මිනිස්සු දැනුවත්ව හෝ නොදැනුවත් රාජපක්ෂලට යූස් වෙනවා නැත්නම් මිස් යූස් වෙනවා.

-රොමාරස්-


15 comments:

  1. හ්ම්ම්ම්.
    කවුරු දිනුවත් කටින් කියන තරම් තරම් හොඳක් වැඩෙන් වෙන්නෙ නැති එක විතරයි ලංකාවෙ ෂුවර්.

    ReplyDelete
    Replies
    1. රටේ තියෙන නීතිය හෝ තදින් ක්‍රියාත්මක වෙන ආයතනික පද්ධතියක් හැදුනොත් හෙමින් හෙමින් වත් ඉස්සරහට යයි කියලා හිතෙනවා.

      Delete
  2. සම්පුර්ණයෙන්ම එකගයි සහෝදරයා.

    අනිවාර්යෙන්ම මාලිමාව දිනවිය යුතුයි. වික්‍රමසිංහ රාජපක්ෂ නාකි රැල කනත්තට දැක්කවිය යුතුය.

    අලි පොහොට්ටු ටෙලිෆෝන් රැලට කත්අදින බැලයන් එක පෙලට සිටුවාවෙඩි තැබිය යුතුයි. රට දියුණු කල හැක්කේ අනුර කුමාර දිසානායක සහෝදරගේ ජානාධිපතිතත්වයෙන් යුතු මලිමාවේ ආණ්ඩුවකට පමණයි.

    රනිල් රාජපක්ෂ ආණ්ඩුව ගෙනියන සියලුම වැඩ කඩාකප්පල් කල යුතුයි. හෙට දිනයේදී සිදුකිරීමට නියමිත වෘත්තීය ක්‍රියාමාර්ගයටද අපගේ සහය. වරාය වසා දමා අපගේ බලය පෙන්වමු. රනිල් රාජපක්ෂ පන්නමු.

    ReplyDelete
    Replies
    1. ඔබතුමාගේ ප්‍රොෆයිල් එක ෆේක් කියලා පෙනුනත් මේ වෙලාවෙ අනවශ්‍ය හේතු වලට ස්ට්‍රයික් කරලා කරන්නෙ ඉතින් මාලිමාවත් ආපස්සට දුවන එකක් තමයි.

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. https://kolambagamaya.blogspot.com/2022/07/blog-post_21.html

    ReplyDelete
    Replies
    1. කියවා අදහස එහිම අමුණන්නම්

      Delete
  5. මට මේ විවේචනය ටිකක් අවුල්. //ඇත්තටම රනිල් කියන්නෙ සජිත් ගාවට දේශපාලෙනෙ ඉන්න මෝඩම මනුස්සයා කියන එකයි මගේ කියවීම.රනිල්ව ගලේ ගහලා හෝදලා දැම්මත් දිනන්න බෑ කියලා රාජපක්ෂලා දන්නවා-කෝට් එකයි ඇදලා සන්ග්ලාස් දැම්මම අපේ එවුන් හිතන් ඉන්නවා රනිල් හෙන මොලේ කියලා. ලංකාවෙ තිබ්බ දැවන්තම තනි පක්ෂෙ තියාගෙන ලොන්ත තොල් දොදොල් වෙනකම් ඉන්න ඕන උනා ජනාධිපති වෙන්න ඒකත් ඉතින් රාජපක්ෂලගේ ගේම් එකේ ඉත්තෙක් විදියට ටික කාලයක් සෙල්ලම් කරන්න.// මේක ලියන්න රනිල් ගැන කොපමණ දන්නවද? රනිල් යටිකුට්ටු වැඩ කාරයෙක්. 2005 දිනන්න හිටියේ රාජපක්ෂ නෙමෙයි රනිල්. ජාතිවාදී ජවිපෙ මහින්දට සහයෝගය දෙනකොට චම්පික ල එක්ක මුස්ලිම් දෙමල චන්ද තිබ්බේ රනිල්ට. අලස් කොටි එක්ක ගේම ගහල දෙමල චන්දෙ නැවැත්තුවේ නැත්නම් රනිල් ජනාධිපති. රාජපක්ෂලාට වුනේ කළකම් පලදීමක්. සොල්හෙයිම් ගෙනාවේ රනිල්. අද සොල්හෙයිම් ඉන්නේ රනිල් ගාව . සජිත් අනුර දෙන්නම භය වුනානේ බලය ගන්න මම හිතන්නේ. සජ්ජ ගැන තර්කය හරි. රනිල් 88-කලේ ක්‍රියා කරපු හැටි දන්නව නම් ඔයා මෙහෙම ලියන්නේ නැහැ. එනිසා පොඩ්ඩක් සමාව දෙන්න පුළුවන් ඒකට. මට හිතෙන්නේ රනිල් ව මෙහෙම කපල දාන්න පුළුවන් චරිතයක් නෙමේ.
    හැවින් සෙඩ් දැට්, මාලිමාවට දිනන්න්න චාන්ස් එකක් තියෙනවා. ජජබේ රැස්වීමේදී මම ඒක දැක්ක බ්ලොග් එකෙත් ලිව්වා. නමුත් ලෙහෙසි නැහැ. සජබේ සහ ජාජබේ දෙකටම විපක්ෂ චන්ද කැඩෙනවා. රනිල් දැම්මොත් - පොහොට්ටුවට කැපුවත් 30% ගම්වල බ්ලොක් චන්ද වගයක් තියනව. යුඇන්පී එකට දැනට 10% විතර තියනව ඉතුරු වෙලා. 405 එතන. ඉතුරු කොටසින් 50% බෙදිලා යනව සජිත්ට සහ අනුරට. 10% දෙමල සහ මුස්ලිම් චන්ද රනිල් පැත්තට ගියොත් 1% තව දැම්මම රනිල් දිනුම්. මම හිතන්නේ හරිනි දැම්මොත් මාලිමා වට චාන්ස් එකක් තියෙනවා කියල. හරිනි දැම්මොත් යුඇන්පී සහ සජබ චන්ද සෑහෙන ප්‍රමාණයක් ජාජබේ ට එයි. ඒක අනුරට එන එකක් නැහැ කියල මට හිතන්නේ. රනිල් තව ඇන ගත්තොත් තත්වය වෙනස් වෙයි. ඔය මගේ සත දෙක.

    ReplyDelete
    Replies
    1. ඔබතුමා ජනාධිපති මාධ්‍ය අංශයේද වැඩ කරන්නේ?

      Delete
    2. 01. පුරවැසියෙක් විදියට මමත් ඔබතුමත් රනිල් ගැන දැනුවත් වෙන්නෙ මෙතෙක් දේශපාලනික භූමියේ කරලා තියෙන වැඩ සම්බන්ධයෙන් සහ ඒවා කියවගන්න විදිය අනුව. මගේ කියවීම සම්බන්ධව සාරංශ කරන්න පහතින්. වෙනම බ්ලොග් එකක් ලියන්න තරම් මාතෘකාවක් උනත් මන් මෙහෙම සාරංශ කරන්නම්. මේ සියල්ල මගේ කියවීම සහ මගේ දැනුම මත පමණක් පදනම් වෙන දේවල්
      i. ඉතිහාසය පුරාම රනිල් කියන්නෙ පරාජිතයෙක් සහ බලය රැක ගන්න අසමත් වූවෙක්. යුන්පී එකේ උනත් මෙච්චර කාලයක් රනිල් නායකයා වෙලා හිටියෙ සජිත් වගේ කෙනෙක් දෙවෙනි පෙළ සමග සිටි නිසා.
      ii.2005 ගැන උත්තරේ ඔබම දීලා තියෙනවා. අන්තිමේ දින්නෙ මහින්ද. ඒ මහින්ද දැන් ඉන්න මහින්ද නෙවෙයි ධීවර, වෘත්තීය සමිති වගේ ප්‍රධාන භූමිකාව ළගටවත් නාපු තැන් නියෝජනය කරපු නිකන්ම නිකන් මැදමුලනෙ මහින්ද. ඒත් රනිල් කියන්නේ හයිවේ හදන්න පටන් ගත්ත නවීන ලෝකෙත් එක්ක ඉන්නවා කියලා පෙන්නපු ලෝකල් ටෝනි බ්ලෙයාර් වගේ හිටපු රනිල් වික්‍රමසිංහ.
      මොන කරණම් ගැහුවත් අන්තිමේ ඕනේ රිසල්ට් එක. එකේදි රනිල් පරාදයි.මහින්ද දිනුම්.
      iii. කමිටු, කොමිසම් දාගෙන හිටපු රනිල්ට වඩා දෙයක් නිදහස් වෙළද කලාප හදලා රණසිංහ ප්‍රේමදාස රටට කරා කියලා මන් හිතනවා.
      iv. නිකන්ම නිකන් මහින්ද රාජපක්ෂ ලංකාවෙ වෙනම පරිච්ජේදයක් මුළු පහුල පිටින්ම හැදුවේ රනිල්ව විපක්ශ නායකකමේ තියාගෙන. ඔබ හිතනවද රණසිංහ ප්‍රේමදාස වගේ හිටියනම් එහෙම කරයි කියලා?නැත්නම් ජේ. ආර් හිටියනම්?

      අපි නොදන්න දේවල් බෙදාගමු. වෙනම බ්ලොග් ලිපියකින් හරි ඔබතුමා රනිල්ගේ 88 හෝ ඊටපසු ගැන ලියන්න. මගේ අදහස ඒවාට අදාළව ලියන්නම්

      Delete
    3. 02. යුන්පී එකට 10% තියෙනවා කියන්න පදනමක් තියෙනවද.? මැද කොළඹත් පහුගියෙ 2020 ජන්දේ ප්‍රතිශතය 3.38%. අනිත් දේවල් වලට එකඟයි.

      03. අනුරට රිප්ලේස්මන්ට් එකක් දෙනවනම් ඒක මාලිමාවට පිටින් දෙන්න ඕනෙ. නැත්තම් පිට ජන්ද ආකාර්ෂණ නොවේවි. කොහොමත් හරිනිට දැනට එහෙම පදනමක් තිබෙනවා කියලා මන් හිතන්නෙ නෑ.

      Delete
    4. ඇනෝ මොන මාධ්‍ය අංශයක වත් නැහැ . නිදහස් ලියන්නෙක්.
      //i.2005 ගැන උත්තරේ ඔබම දීලා තියෙනවා. අන්තිමේ දින්නෙ මහින්ද. ඒ මහින්ද දැන් ඉන්න මහින්ද නෙවෙයි ධීවර, වෘත්තීය සමිති වගේ ප්‍රධාන භූමිකාව ළගටවත් නාපු තැන් නියෝජනය කරපු නිකන්ම නිකන් මැදමුලනෙ මහින්ද. ඒත් රනිල් කියන්නේ හයිවේ හදන්න පටන් ගත්ත නවීන ලෝකෙත් එක්ක ඉන්නවා කියලා පෙන්නපු ලෝකල් ටෝනි බ්ලෙයාර් වගේ හිටපු රනිල් වික්‍රමසිංහ.// අපි දෙදෙනා එකඟ නොවෙන්නේ මෙතන. මහින්ද දින්නේ නැහැ. චන්දයක් හොරා කෑව , 1983 ජේ ආර් කලගෙඩි චන්දෙදි කළා වගේ. ඒක දිනන්න හිටියේ කොබ්බෑකඩුව. යාපනේ මිනිස්සු චන්දෙ දුන්නේ එයාට. ලංකාවේ ප්‍රශ්නය උඩු දිවීම පටන ගත් තව තැනක්. මැද මුලනේ මහින්ද නිකම් කෙනෙක් නෙමේ. පාගමන් වල ඉඳන් දේශපානය ඇතුලේ හිටි කෙනෙක්. එයා භයානක නිසා තමා චන්ද්‍රිකා ල නොදී හිටියේ. මහින්ද ගැන න දැනගෙන හිටි නිසා. ජවිපෙ සහ චම්පිකල මහින්ද්ටා ඇද්ද. මම ඒකයි ටිල්වින් සහෝදරයා සමග සාකච්ඡාවේදී ඔබ 20005 ගැන පසුතැවිලි වෙන්නේ නැත්ද කියල ඇහුවේ. ඒ සාකච්ඡාව යුබටයේ තිබෙනවා.
      //iii. කමිටු, කොමිසම් දාගෙන හිටපු රනිල්ට වඩා දෙයක් නිදහස් වෙළද කලාප හදලා රණසිංහ ප්‍රේමදාස රටට කරා කියලා මන් හිතනවා.// ඒ ආණ්ඩුවේ තමයි රනිල් හිටියේ. බියගම නිදහස් වෙළඳ කලාපයේ රනිල්ගේ අත තියනව.අ බටලන්ද ආවේත් ඒ නිසානේ.
      //iv. නිකන්ම නිකන් මහින්ද රාජපක්ෂ ලංකාවෙ වෙනම පරිච්ජේදයක් මුළු පහුල පිටින්ම හැදුවේ රනිල්ව විපක්ශ නායකකමේ තියාගෙන. ඔබ හිතනවද රණසිංහ ප්‍රේමදාස වගේ හිටියනම් එහෙම කරයි කියලා?නැත්නම් ජේ. ආර් හිටියනම්?// අපොයි ඔව්. එයාල හිටියත් කරන්න දෙයක් නැහැ. මහින්ද එයාල තරම්ම කපටියි. ප්‍රේමදාස ගේ කාලෙට කලින් ම 1984 පවා මම ජවිපෙ යාළුවන්ට කීව ඔය මග යන්න එපා කියල. 87 ලංකාවට ආපු වෙලේ කීව . මචන්ලා ඕක කරන්න එපා කියල. ඇහුවේ නැහැ. 88අන්තිමට -89 ආව.
      දැනුත් කියන්නේමේකයි. රනිල්ව අවතකසේරු කරන්න එපා. තමන් අධි තක්සේරුවකට යන්න එපා.

      Delete
    5. //2. යුන්පී එකට 10% තියෙනවා කියන්න පදනමක් තියෙනවද.? මැද කොළඹත් පහුගියෙ 2020 ජන්දේ ප්‍රතිශතය 3.38%. අනිත් දේවල් වලට එකඟයි.// අනුර කුමාර පළාත් චන්දයක් ඉල්ලා එකට මම එකඟ ඒකයි. යුඑන්පි එකට ඒ ගාන එනවා. මොකද රනි සජබේ කට්ටිය කඩා ගන්නවා. පළාත් චන්දෙන් ඕක මැන ගන්න පුළුවන්. රනිල් කෙලින්ම ජනාධිපතිවරණයකට යන සම්භාවිතාව වැඩියි.

      //03. අනුරට රිප්ලේස්මන්ට් එකක් දෙනවනම් ඒක මාලිමාවට පිටින් දෙන්න ඕනෙ. නැත්තම් පිට ජන්ද ආකාර්ෂණ නොවේවි. කොහොමත් හරිනිට දැනට එහෙම පදනමක් තිබෙනවා කියලා මන් හිතන්නෙ නෑ.// නැහැ. මාලිමාව ජන බලවේගයක් නිසා ඒකෙ නායකයෙකුට දුන්නට ප්‍රශ්නයක් නැහැ කියල මම හිතන්නේ.

      Delete
  6. ටිල්වින් සහෝදරයා සමග සාකච්ඡාව https://kolambagamaya.blogspot.com/2023/01/blog-post_30.html

    ReplyDelete
    Replies
    1. කියවා අදහස එහිම අමුණන්නම්

      Delete