පහුගිය දවසක මමයි තව යාලුවෝ දෙන්නෙකුයි හැන්දෑයාමේ වෙරළට ගියේ ඒ සිසිල් මද නල විදිමින් පොඩි කතාවක් දාන්න.කොහොමත් සෙනසුරාදට, ඉරිදට හැමදාමත් වගේ හවස් වෙනකොට ඒ පැත්තට ඇදෙන්නෙ නොදැනුවත්වම වගේ.හරියට නිකන් මලට ඇදෙන
ඒ අතර අපි කතා කරේ ඔහුන්ට හැම සැප සම්පතම තිබුනත් "ඔහුන්ගේ ජීවිතයේ ඔහුන් වෙනමම කොටසක් ලෙස ඔහුන් තනි වෙලාය" යන සිතුවිල්ල තුළ ඔවුන් ජීවත් වෙනවා කියලා. මොකද ඔහුන් හැමදෙනාම ආවෙ මන් ගියපු පාසලටමයි. මගෙ පන්තියෙත් කිහිප දෙනෙක්ම හිට්යත් ඔහුන් සමාජශීලී වෙන්නෙ අතිශයින්ම දුර්වල විදියට උදාහරණයක් විදියට පොඩි කාලේ ඉස්කෝලෙදි හැම කොල්ලම කෙල්ලම ගෙදරින් හොරෙන් ගෙනැල්ලා හරි ඉල්ලා ගෙන ඇවිල්ලා හරි රුපියල් පහට දහයට වෙරළු, සියඹලා, අයිස් චොක් වගේ ඒවා කනවා
ඒත් ළමා නිවාසේ ඉන්න ළමයින්ට කවදාවත් එහෙම කරන්න සල්ලි පාලිකාවන් ඒ ළමයිගෙම අතට නොදුන්නේ ඒ ළමයිගෙම යහපත ගැන හිතලා උනත් ඔහුන්ට ජීවිතයේ ඒ තැන් තදින් දැනෙන්න ඇති.අනිත් හැම ළමයම එක වගේ බවත් ඒත් තමන් වෙනස් පිරිසකට අයත් බවත් හැගෙන්න ඇති. ඒ නිසා අපි දෙයක් දුන්නත් ගන්නෙ නෑ.ටික කාලයක් යද්දි මට හොදටම තේරුණා ඔහුන්ට අනුකම්පාව දක්වනවට ඒ ගෑණු ලමයි පොඩ්ඩක්වත් කැමැති නැති විත්තිය.
ශෝකයෙන් සලිතවෙලා සංවේදි බවෙන් අන්ධ වෙලා ඉන්න මොහොතේ මාත් මගේ මහපරිමාණ සිතිවිලි වදන් කරලා දිග හරිනවා.
"උවන්ත අයියෙ අපි එහෙනම් කෑමක් දෙමුද? ඔයාට මොකක් හරි කරලා දිනයක් අරන් දෙන්න පුළුවන්නෙ"
"හැමෝම ඉල්ලන ඉල්ලන එක දෙනවානෙ, ඕනෙනම් මෙහෙම දෙයක් කරමු"
"මොකද්ද? "
"ඔය ළමා නිවාසෙ ඉන්නෙ කෙල්ලො ටික කොත්තු,බිත්තර ආප්ප,ආප්ප වගේ ඒවට ගොඩක් ආසයිලු, මොකද කවදාවත් සයිවර් කඩේකට ගිහින් ඕව කන්න බෑනේ බන්"
"යකෝ උබ හදන්නේ මල රෑ කෙල්ලො ටික සයිවර් කඩේකට අරන් ගිහින් පස්සෙන්දා හිරේ ලගින වැඩක් කරන්නද" කියලා මලින්ද අයියා අහපි
"නෑ නෑ බන් අපි කොත්තු කාරයෙක් ගෙනැල්ලා සයිවර් කඩයක් වගේම ඒ වෙලාවෙම කොත්තු දාලා දෙමු"
"අප්පටසිරි ඒකනම් මරු වැඩේ" අපේ චිත්තප්‍රීතිය උන්ඩුකපුච්චයෙන් පටන් අරන් කේශ නාලිකා දිගේ කුඩා මොළයට වෙනකම් ගියා
ටිකක් සැර වියදමක් ගියාට කව්රුත් නොකරපු වැඩක් කරන්න අපිට තිබුනේ පුදුම ආසාවක්. අපෙ සෙට් එකේ පිරිසත් යහමින් ඉන්න නිසා සල්ලි සල්ලි කියලා බලන් නැතිවා අපි හැදුවා බජට් එක. කරන්නෙ කොහොමද ? කව්ද හොදටම කොත්තු දාන්නේ මේ පැත්තේ?ඌ කීයක් ගනී ද? කොත්තුවෙන් පස්සෙ පළතුරු අතුරුපසක්? පසුබිමෙන් ත්‍රී පීස් සංගීතය?යකෝ "එලයිට්" එකේ කොත්තුවක් කද්දිවත් නෑ මේ ආතල් දෙන්නෙ. අනිත් උන්ගේ අවසරයකින් තොරව අපි තුන් දෙනාම බජ්ට් එකත් ඒකමතිකව සම්මත කරගත්තේ මේ වගේ දේකට අකමැති වෙන කව්රුත් නෑ කියලා හොදටම දන්න නිසා.
හොදටම කළුවර වැටිලා වැල්ලෙ ඉදන් පාරත් හොයාගන්න අමාරු වෙලාවක තමයි අපි අපේ සාකච්චා වට ඉවර කරලා අවෙ.
සියල්ලෝම දැනුවත් කරයින් පස්සෙ උනුත් ඉතින් ෆුල්ම කැමැත්ත පල කරා වැඩේට.මොකද ඉතින් මේක අළුත් වැඩක් නේ.කොච්චර උනන්දුවක් තිබුණද කිව්වොත් මන්නාරම වගේ ගොඩාක් දුර පැත්තක ආරක්ෂක අංශයේ වැඩ කරපු උදවිය පවා නිවාඩු දාලා ආවේ මේක මග හරින්න බැරි දෙයක් නිසා.අන්තිමේදී ඔන කට්ටියත් එක්කම දුවලා පැනලා මහන්සි වෙලා අපි පහුගිය දවසක වැඩේ කොරන්න පටන් ගත්තේ මේ විදියට. ජීවිතයේ ගොඩක්ම සතුටු වෙච්චි දවසක්.
ඕන එතකොට ප්‍රාඩෝ දෙකකින් බැහැපු සෙට් එකක් ඇතුළේ ලොකු සාකච්චාවක.පස්සෙ දැනගත්ත විදියට එතන ඉදල තියෙන්නෙ ***** සංගමයේ කොළඹ ලොක්කො වගයක් ඔය ***** සංගමයෙන්ලු ළමා නිවාසේ පාලනය කරන්නෙ.හැබැයි උන් එක්ක හිටපු අනිත් එවුන්නම් නිකන් ආරක්ෂාවට ආව එවුන් වගේ.ටිකක් ඇග පත තියෙන ඩයල්ස් වගයක්
එතන හිටපු ඔය ලොක්කා ටිකකින් පොඩි රවුමක් එහෙම දාගෙන ඇවිල්ලා උගෙ තඩි බඩත් ඉස්සරහට දාගෙන කියපි
"මෙතන මේ ගෑණු ළමයි ඉන්න තැනක් කියලා දන්නෙ නැද්ද.....කොල්ලො විතරක් ආවේ, කෝ ගෑණු නැද්ද?"
අප්පටසිරි මුගේ ඝනකම. තිබ්බ සතුට හේදිලා ගියා වගේ,අනික මූ මේ බලු කතාව කිව්වෙ මගේ මිත්‍රයින්ගේ බිරින්දෑවරු තුන් හතර දෙනෙක්ම ඉන්නවත් දැකලයි.ඇගේ මයිල් කෙලින් වෙලා කනෙන් දුම දාලා.උගේ මෑණියන්ගෙ ගෙදර අල්ලපු ගෙදර එකාගෙන් පටන් අරන්
"යකෝ එහෙනම් අපිට දානෙ බාරගත්ත දවසෙ කියන්න එපැයි මේක ඇතුලට එන්න පුලුවන් ගෑනුන්ට විතරයි කියලා.තෝ දැන් කියන්නෙ අපිට මේක අකුලන් යන්නද....?" කියලා අහන්න ඕන වුනත් ඒ මොකුත්ම ඇහුවේ නෑ.මොකද පටන් ගත්ත තැන වැඩේ කැත කරන්න බෑනේ.
හැබැයි ඉතින් වැඩේට අපෙ පුංචි හිත් හොදටම තැලුනා කියලා දැනගත්තු ළමා නිවාසේ සභාපති තුමා අපෙන් නොසෑහෙන්න සමාව ගත්තා.මිනිහගෙ හැටි ඔහොම තමයි කියලා. ඔය හුගක් කම්පැනි වල ඉන්න ලොක්කොත් නිකන් ඒ වගේ උන් පිරිසක් ඉස්සරහ සද්දයක් දාන්නෙ.උන් තමයි ලොක්කො කියලා කට්ටියට පෙන්වන්න.ඒත් ඉතින් එකෙන් කට්ටිය ඉස්සරහම උන් බලු වෙනවා කියලා දන්නෙ උන්ගෙ ගොන් පාට් බලන් ඉන්න සේවකයෝ තමයි. ඇත්තටම රස්තියාදුකාරයා ඒක දකින්නෙ අඩු පෞර්ශත්ව ලක්ෂණයක් විදියට.
කොහොමින් කොහොම හරි දැන් වැඩේ ඉස්තරම් විදියටම යනවා බිත්තර ආප්ප,ආප්ප කිසි කිසියෙ පිගන් වලට වැටෙනකොට උන්ගෙ මූනු වල තියෙන එළියට බඩගින්නත් නැති වෙනවා.බොහොම අමාරුවෙන් මොනව හරි කන්න ඕන හින්දා රස්තියාදුකාරයා බිත්තර ආප්ප හත අටකුයි,එහෙන් මෙහෙන් හම්බෙන කොත්තු රොටියකුයි වගෙ කෑවා.ඔන්න දැන් වැඩෙ අහවර වෙලා කට්ටිය අතුරුපස වලදන වෙලාව.
අර ලොකු පස්සකුයි,ඊට නොදැවෙනි බඩකුයි තියෙන ලොක්කා ඈතින් එනවා උගේ අර ඇගපත පුබ්බ ගත්තු හෙන්චයියොත් එක්ක. දැන් කට්ටියට ආයෙත් මල අර අළු යට තිබ්බ මොනවද වගේ මතුවෙනවා,
"දැන් වැඩෙත් ඉවරනෙ වචනයක් දැම්මොත් ගේම ඉල්ලමු" එකෙක් කියනවා
"නෑ නෑ කොහොමත් ගේම ඉල්ලමු" තව එකෙක් කියනවා
"ඒ වෙලාවෙත් ඉවසුවෙ වැඩෙ චොර කරන්න බැරි නිසා"
"මුන් බලපිටියටම ඇවිල්ලා අපිටම සද්දෙ දාන්න"
"එපා එපා මෙතන මොකුත් කරන්න එපා,ගේට්ටුව ගාවදි පැටලෙමු"
"මෙතන කොක්ක දාගෙන වාහන එලියට දානකොට බහිමු"
දහසකුත් කතා එන්න එන්නම වැඩේ එන්නෙ නරකම පැත්තට
දැන් ඔන්න බඩතඩියා මේසෙ ගාවට ඇවිල්ලා ළමයින්ගෙන් අහනවා "දූලා කෑවද කියලා" ඔලුව අත ගගා මුගෙ මාර හුරතලේ,"දැන් ඉතින් දුලා මේ මාමලට පිං දෙන්නකො"
එතකොටම අපේ එකෙක් කියපි
"අපි පිං ගන්න දානයක් දුන් නෑනෙ අපි කරේ සංග්‍රහයක්,පිං ඕන් නෑ"
ඇත්තටම අපි මේක කිරීමේ මූලිකම අරමුණ තමයි ඔහුන් කෙටි වේලාවකට හෝ සාමාන්‍ය මිනිස්සු කරන එක.වෙනම කොටසක් කියලා ඔහුන්ට අමතක කරන එක.
"නෑ නෑ අපි බෞද්ද රටක් නේ මේවා අපේ සංස්කෘතියනෙ" මිනිහා වැඩේ වල් වෙනවා කියලා තේරුම් අරගෙන ධර්මෙන් වනන්න එනවා.
"දැන් ඔබතුමා ලෑ ගෙදරට එන නෑදෑයොන්ට එහෙමත් සංග්‍රහ කරාම පිං දීලද යන්නෙ"
රස්තියාදුකාරයත් ධර්මෙන් දුන්නු වදනට ධර්මෙන්ම උත්තර දුන්නා
දැන් දැන් කට්ටිය එහෙන් මෙහෙන් වචන දෙන්න ගන්න කොට මෑන්ස් දැනගත්තා වැඩේ එන්නෙ දෙන්නමයි කියලා.ඔක්කොටම හපන් මිනිහගෙ ආරක්ෂකයො උනුත් නිකන් සාම සාධක හමුදාවෙන් වගේ
"නෑ නෑ මල්ලිලා කැමැති නැත්තම් කමක් නෑ"
"ඒක හරි මල්ලි ඒක හරි"
"මාත් කියනවා ඒ ක්‍රමේ වැරදියි" ගෑණු ලමිස්සියො ටිකක් වගේ උන් කියවනවා
අර බඩ තඩියගේ තේජස දියවෙලා වැක්කෙරෙනවා, ගාම්භීර කටහඩේ වොලිම් බැහැලා නහුතෙට.කොටින්ම කිව්වොත් ඌ කියන දේවල් වලින් ඇහෙන්නෙ "සමාවෙන්න...සමාවෙන්න....." කියන වචන විතරයි.
අන්තිමේදි අර මුලින් සිංහයෙක් වගේ කුංචනාද දුන්නු බඩතඩියා වෙච්චි වැරැද්දටත් සමාව අරන් තමයි ගියේ මගේ ත්‍රිල් එක ඩබල් මොකද පොරත්වය කියන දේ බලෙන් ගන්න බෑ,පොරත්වය කියන දේ ගන්න සල්ලි වලටත් බෑ,පහුල් බලයටත් බෑ,ඉහල අධ්‍යාපණයක් ලැබුවටත් බෑ පොරත්වය දෙන්නෙ මිනිස්සු. ඔය ආයතනික ලොක්කො උනත් හිතන්නෙ තේ එකේ කූබියෙක් හිටියා කියලා හරි ඉස්සරහ ඉන්න එකාට කෑ ගැහුවම උන් පොරක් වෙනවා කියලා. ඒත් අපි හැමෝම දන්නවා එතනදි වෙන්නෙ මූණට "සර් තමයි හරිම" කියලා කිව්වට මූ වගේ බූරුවෙක් කියලා පස්සෙ හිතන එක.ඉතින් අර බඩතඩියත්
"ෂා පුතාලා නියම වැඩක් නෙ කරන්නෙ....බොහොම හොදයි,හැබැයි දරුවෝ ගෑණු උදවියත් හිටියනම් තමයි හොද,මොකද මෙතන ගෑණු ළමයි ඉන්න තැනක් නෙ"
කියලා කිව්වනම් අපි ගෙවල් වල ඉන්න ගෑණු දරුවෝ විතරක් නෙවෙයි.තාම ගෙදරට ගෙනාපු නැති ගෑණු දරුවෝ උනත් ගේනවා. ඒත් කරුමෙට උන් පොරවල් වෙන්න හදන්නෙ වැරැදි ක්‍රමයට................
සැ.යු.
ළමා නිවාසය යන වචනය තුල වුවද භාවිතය සුදුසු නොවන බව රස්තියාදුකාරයාට වැටහී ගියද වෙනත් සුදුසු සුමට වචනයක් නොමැති වීම ගැන සමාව භජනය කරන අතර, මෙහිදී ගනු ලැබූ අතිශය සොදුරු ජායාරූප වෙතත්. එම බාලිකාවන්ගේ පෞද්ගලිකත්වයට ඉන් හානියක් විය හැකි බැවින් එම ජායාරූප පළ නොකිරීමට සිතුවෙමි.

අපූරු වැඩක් බං මේක. පිනකට වඩා හිතේ සතුට සැනසිල්ල තමයි වටින්නේ.
ReplyDeleteඒ වගේම් තමයි බං, අපේ අරමුණ යහපත් නම් අපි කරන දේ යහපත් නම් කොච්චර බාධා ආවත් අන්තිමේට ඒවා ආශිර්වාද වෙනවා කියන එකත් කියන්නම ඕනේ. සුභ පැතුම් රෝමා.
ජයවේවා!!!
අනිවාර්යෙන්ම දුමී.බොහොම ස්තූතියි...
DeleteNiyama wedak..
ReplyDeleteබොහොම ස්තූතියි Kasup Gamage
Deleteහොඳ වැඩක්...
ReplyDeleteබොහොම ස්තූතියි ලොකු පුතා......
Deleteඇයි බං යටිං අතදාල අරුගේ ඇටදෙක මිරිකුවේ නැත්තේ
ReplyDeleteකරුමේ කියන්නෙ ඌ ඇදන් හිටියේ කලිසමක් නේ අයියෙ.......
Deleteඋඹලා නියම වැඩක් කරලා තියෙනෙන බන්.
ReplyDeleteඇඟේ මයිල් කෙලින් උනා ඒ වැඩේන් උබලා ලබපු සතුට මටත් දැනුනා ඒ කියන්නේ.
ඒ වගේම අර බඩ තඩියට අතින් පයින් නෙමෙයි මොලෙන් දුන්නු ගේමටත් එක්කම මෙන්න මගෙන ලොකු මල් මිටක්
කෝ බන් මල් නෑනෙ ......බොහොම ස්තූතියි දුකා
Deleteකරලා තියෙන වැඩේ නම් මල් හතයි. හැබැයි අර කඳ බඩ මහත කේප්පයට කියලා තියෙන ටික නම් මදි. යකෝ අර පොඩි උන් ටිකට කන්න දුන්නාම පින් දෙන්න කියන්නේ උන් නිකං හිඟන්නෝ ගානට දාලනේ. පර බල්ලා ඕකා.
ReplyDeleteඔව් බන් ඒක ඇත්ත.මන් ඔය ළමා නිවාසෙට ගියෙ මුලින්ම අපෙ දහම් පාසලෙන් ඒ මීට අවුරුදු 10 කට 15 කට කලින් මන් පොඩිම පොඩි කාලේ.ඒ කාලෙත් ඔය පිං දෙන එක තිබුනා අන්තිමට.ඒ පිං දීම ඉවර වෙනකොට අපිත් එක්ක ගියපු අම්මලා දෙතුන් දෙනෙක් අඩනවා.මොකද පිං දීමක් නෙවෙයි ඒක අසරණකම ගැන දුක් ගායනාවක්. මේ සංග්‍රහයට දිනයක් ගන්න ගිය දවසෙ මන් ගියේ නෑ ඒත් ඒ දවසෙත් ඕය හෑල්ල පොඩි එකෙක් ගොත ගගහ කියනවා දැකලා ඕකෙ සභාපති තුමාට ඕක නවත්වන්න කියලා ගියපු දෙන්නා කිව්වා.ඒදා සංග්‍රහ කටයුතු කරපු පිරිසත් එයාලව අනුමත කරලා ඕය හෑල්ල කියවන එකට දොස් කියලා තිබ්බා. සභාපති තුමාත් අළුතෙන් තමයි පත් වෙලා තියෙන්නෙ.එතුමත් ඒක ඒ වෙලාවෙම හොයලා බලලා අවුරුදු ගානක් තිබ්බ සංස්කෘතිය වෙනස් කරලා.ඒක කියවන ඒක නැවැත්තුවා එදාම.පෝස්ට් එක දිග වැඩි වෙයි කියලා මන් ඕක එකතු කරේ නෑ බ්ලොග් එකට.
Deleteපන්සලට දානේ ගෙනිච්චාම හාමුදුරුවෝ පින් දෙනවනේ. ඒකට හාමුදුරුවොම කියන්නේ බත් මන්තරේ කියලා.
Deleteඔව් බන් පොඩි එවුන් සදාකාලික අනාථයො කරන්න තමයි උන්ට ඕන.
Deleteරස්තා මේකේ කලු ගතිය වැඩි නිසා බලන්න අමාරුයි.
ReplyDeleteබොහොම ස්තූතියි ඔය වගේ ඒවා දැනුවත් කරනවට.ඒ කියන්නෙ Background එකේ colour එකද? තව මොනවද බ්ලොග් එකේ තියෙන අඩුපාඩු
Deleteඔය වගේ හිවල්ලු ඉන්න හින්දා තමා ඇත්තටම මිනිස්සුන්ට පින් අතේ වැඩක් කරන්න කලින් 2පාරක් හිතන්න වෙලා තියෙන්නේ
ReplyDeleteඔව් බන් අමු මී හරකෙක්
Deleteඔව්. ටෙම්ප්ලේට් එක වෙනස් කලොත් හොඳයි මට හිතෙන්නේ. කියවන්න අමාරුයි.
ReplyDeleteමල් මල්ලි මන් Background එක පොඩ්ඩක් light කළා. මන් මොනිටර් කීපෙකින් බලලයි කරේ.තව light කරොත් පසුබිම දිලිසෙන ගතිය වැඩිවෙනවා font එක කලු නිසා.
Deleteතව කාට හෝ මෙහි Template එකේ ගැටළුවක් තිබේනම් කාරුණිකව කමෙන්ටුවකින් සදහන් කරන මෙන් ඉල්ලමි.(background එකේ අළු වර්ණය සහ fonts හී කළු වර්ණය ගැන ගැටළුවක් ඇතොත් කාරුණිකව ඒ බව සදහන් කරන්න)
ReplyDeleteනියම වැඩක් රොමා..ඔන්න ඕවයි බං නම පවතින වැඩ කියන්නෙ...:)
ReplyDeleteබොහොමත්ම ස්තූතියි Ravi
Delete//////ඒත් කරුමෙට උන් පොරවල් වෙන්න හදන්නෙ වැරැදි ක්‍රමයට................//////////
ReplyDeleteරොමා සහතික ඇත්ත. මේවා තමයි බොක්කේ වැඩ කියන්නේ. මටත් දිරවන්නේ නැති වැඩක් තමයි පිං දීම. අර මූසලයා නම් පිංපියෙක්.
ඔව් Aruna පිංපියෝ පොරවල් වෙන්න ගියාම නාගෙන තමයි එන්නෙ
Deleteරොමා...
ReplyDeleteහොද වෑඩක් මචාං.. කියන්න වචන නැහැ මිත්‍රයා ඉතා උතුම් ක්‍රියාවක්. ඉදිරියටත් මෙවැනි දැ කරන්න ලැබෙවා පතනවා...
අහ්...බොලොග් එකකුත් පටන් ගනින් ඉක්මණට.
Deleteසුපිරි වැඩක් බන් උඹල දුන්නේ,මම ඔළුව දානකොට ඔය කියන සතා හිටියෙ නැද්ද,කකුල් දෙකට ඇදපු එක ඔළුවෙ නවලා යවන්න තිබුණේ..
ReplyDeleteනෑනෙ බන් උබ ආවේ අස්පස් කරලා යන්න හදන වෙලාවෙනෙ.ඌ ගිහිල්ලා මචං එතකොට
Deleteනිර්මාණ ශිලි වැඩක්..බොහොමයක් අය හිතනවා විතරක් කරන්නේ නෑ..කරපු අය කියන්නේ නෑ කරනවා විතරයි..කියන එක වැදගත්..එතකොට තමයි අනික් අයටත් මේ වගේ සත්කාර කරන්න මතක් වෙන්නේ..
ReplyDeleteබොහොම ස්තූතියි Amila Chathuranaga...හොද වැඩ මෙන්ම නරක වැඩද දැමීමට බලාපොරොත්තු වෙමි
Deleteඑල! ළමයි ටික උපරිම සතුටු වෙන්න අැති.
ReplyDeleteඔව් රාජ් උන්ගේ සතුට ඕනවටත් වැඩිය මූනු වලින් පෙනුනා.සමහර ළමයින්ගේ මුල්ම අත්දැකීමත් ඒක වෙන්න ඇති.
Deleteපට්ට වැඩක් මචං..... උපරිමයි... මම ගිය ඉස්කෝලෙත් හිටිය ඔය වගේ ළමා නිවාසෙක ලමයි... පවු බන්.... අපි කන දෙයක් අනිව අපි උන්ටත් දෙනව.... ආසාවෙන් කනව බන්....
ReplyDeleteඔව් බන් ඒක ඇත්ත.මන් හිතන්නේ අනුකම්පාවට වඩා උන්ට ඕනෙ සාමාන්‍ය මිනිස්සු වගේ ඉන්න.
Deleteහොඳ වැඩක්. අගය කරනවා. අපේ ගෙවල් පැත්තේ බාලිකා නිවසෙක් ළමයිව අපි සත්ව උද්‍යානෙට අරන් ගියා. පස්සේ මුහුද පෙන්වන්න අරන් ගියා . ඒ ළමයි මුහුදට හාත්ප 20-30 මෙහා හිටියත් මුහුද දැකල නැහැ. අවුරුදු ගානකට ඒ ළමයි සතුටු වුනු පළමු වතාව කිව්වා. දෙවෙනි සැරේ කරන්න බැරි වුණා . එතැන් ගැහැණු ළමයෙක් දෙන්නෙක් දූෂණය වෙලා පාලකයෝ හා ගමේ වැඩිහිටියෙක් අතින්. මුළු ගමම දොස් කියන්නේ අහිංසක කෙල්ලන්ට. අම්ම කිව්වා අපිත් එතනට් ගිහිල්ල ආයේ ප්‍රශං ඇතිවෙයි කියල. දුකින් වුනත් වැඩේ අත් හැරලා දැම්ම.
ReplyDeleteඅන්න ඒකයි බාලිකා ළමා නිවාසයක් එක්ක වැඩ කරනකොට ගොඩක් පරිස්සමින් කරන්න ඕන. නැත්තම් වදින්න ගිය දේවාලෙ හිසේ කඩාගෙන වැටිල්ලක් වෙන්නෙ.බොහොම ස්තූතියි බොලොගයට ගොඩ වැදුනට....
DeleteNiyamayi ++
ReplyDeleteබොහොම සතුටුයි බොලා අර නපුංසකය තත්වයට නොවැටී කරපු වැඩේ හොඳට අහවර කරපු එක ගැන !
ReplyDeleteඔව් ඒත් ඒක හරි. හැබැයි මේකෙන් අපි දිගටම මොන මොන හරි මේ වගේ තව විශේෂ වැඩ සංවිධානය කරන්න හිටපු එක අඩපන වුණා.මගේ තිබ්බ ලොකුම අදහසක් තමයි ළමා නිවාසේ O.L පාස්වීමෙ ප්‍රතිශතය 50%ක මට්ටමකට ගන්න පුළුවන් වෙන විදියට හොද ගුරුවරු 6ක් ප්‍රධාන විෂයන් 6ට ළමා නිවාසෙට සම්බන්ධ කරලා(ඒකත් පිළිවෙලකට) ඒ ළමයින්ගෙන් කිහිප දෙනෙක් හරි පාස් කරන්න. ඒත් ඒක එහෙම්ම දියවුනා.මතක ඇති අතීතයක මේ ළමා නිවාසයෙන් එක ළමයෙක්වත් O.L. පාස්වෙලා නෑ.
Delete++++++++++++++
ReplyDelete