22 November 2016

රනිල් හාමු ඇතුළු අනෙකුත් ගොන් තඩියොන්ගේ පිං පඩිය වැඩි කරමු


අති උතුම් රෝයල් පරපුරේ මාහේශාක්‍යය වු ද, ශෝභමාණීය වුද , ඩෙටෝල් දමා සුපිරිසිදු කල කක්කුස්සි පෝච්චියක් දිව ගා ලෙවිය හැකි තරම් විශ්වාසණීය පිරිසිදු චරිතයකට උරුමකම් ඇත්තා වූද අපගේ අග්‍රමාත්‍ය තුමාණන් තම බිරිදගේ පඩි පත ඉදිරියේ පත් වන අසීරුතාව පිළිබද කල හෙළිදරව් කිරීම හුදෙක් එතුමාණන් හට පමණක් නොව ගව ගාලෙහි සිටින අනෙකුත් ගොන් තඩියන්ගේද චිරස්ථීය උදෙසා වූ පරාර්ථකාමී මෙන්ම දැවන්ත හෙළිදරව් කිරීමකි....ඒ පිළිබදව පහන් සංවේගය පළ කරන අතර..... 
                                                                     එම හෙළිදරව්ව අනුව පහත සදහන් වැටුප් පරිමාණය ලබමින් ඔහුන් අන්ත දුක්ත කටුක ජීවිතයක් ගතකරන බව මේ වන විට සියළු දෙනාට නොරහසකි. 

 පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ මාසික දීමනා හා වරප්‍රසාද(රුපියල් වලින්)

මූලික වැටුප - 54 285
ඉන්දන දීමනාව- රු.15 000 - 65 000
කාර්ය මණ්ඩල වැටුප්- 80 000 - 100 000
දුරකතන දීමනා - 50 000
ප්‍රවාහන දීමනා -  10 000
සංග්‍රහ දීමනා - 1 000
පැමිණිමේ දීමනාව - 500 (එක් පාර්ලිමේන්තු රැස්වීම් වාරයකට සහභාගී වීම සදහා)
කුලී නිවාසයක් සදහා - 50 000


මේ අනුව ශ්‍රී ලංකා පාර්ලීමේන්තු මන්ත්‍රී වරයෙකු ගන්නා උපරිම නොව අවම වැටුප රු.260 000 ඉක්මවයි.මීට අමතරව පහත සදහන් වරප්‍රසාද ද ලැබෙනු ඇත.
අමතර වරප්‍රසාද(රුපියල් වලින්)
රක්ෂණාවරණය -200 000
තීරු බඩු රහිත වාහනයක් සදහා- 9 375 000

මේ අනුව  පහත සදහන් දීමනා වැඩි කිරීමට ගරු අගමැති තුමන් අදහස් කරයි

රක්ෂණාවරනය රු.200 000 සිට රු.500 000 දක්වා ඉහළ දැමීම
පාරිලිමේන්තු පැමිණිමේ දීමනාව රු.500 සිට රු.2500 දක්වා වැඩි කිරීම (එක් දිනකට)

උක්ත දීමනා වහාම ඉහළ දමමින්.දහසක් දුක් කම්කටොළු මැද තම ජීවිතය යන්තමින් ගැට ගසා ගන්නා සියළුම ගෙවලයින්ගේ වැටුප් හා දීමණා ඉහල දැමීම ජනතාවගේ දැවෙන ගැටළු වලට කරනු ලබන සැබෑ පිළියමකි.
                රුපියල් බිලියන 9538 ක ණය බර බදු බැරිනම් දඩ ගසා හෝ ගෙවිය හැක. ඒ සදහා ඕනෑම කැප කිරීමක් කිරීමට රට වැසියන් වන අප සූදානම්ය....................................................
                                                 අවසාන වශයෙන් රනිල් හාමුට දෙයක් මතක් කිරිමට කැමතිය රට එක්සේසත් කොට, ජීවිත කාලෙටම රජ සැප විදින්න ගිය, ලොවෙහි වට්ටන්න බෑ කියූ අප මහා රජ්ජුරුවොන්ද වැඩේ හරියට නොකරපු පාර මහජනතාව එළියට දැම්මේ කනින් ඇදලාය. එවන් රටේ මහජනතාව රනිල් හාමුලා වැඩේ නොකරන්නේ නම් එළියට දමන්නේ රෙද්ද ගලවා පුකට පයින් ගසලාය.

-රෝමාන්තික රස්තියාදුකාරයා-

සැ.යු - ඉහත වැටුප් හා දීමනා මට්ටම් කෙසේ වුවද පලා බබෙක් වුවද එක කොන්ක්‍රීට් පාරකින් ඔය වැනි දෙගුණයකින්වත් තම මඩිය තර කරගන්නා අතර.පාරිලිමේන්තූ මන්ත්‍රීවරයා පවතින අර්ථීක අර්බුදය හමුවේ තම දරුවාට කැද උගුරක්වත් දීමට ඔහූගේ මට්ටමින් මඩිය තර කර ගනියි. ඔය අතර තුර "නොරොච්චෝලේ" වැනි ප්‍රොජෙක්ට් එකක් සෙට් වුවහොත්.!!!! හම්මේ..... ඉතින්.........එදාට කටට රහට වෑංජන තුන හතරක් සමග බත් කටක් තම අඹු දරුවන්ට කැවිය හැක,

-රෝමාන්තික රස්තියාදුකාරයා-

13 comments:

  1. පව් නේද බං ....ගෙදර උන්ට පාර්ලිමේන්තුවෙං බත් පැකට් එහෙම බැදං යනවද දන්නැ

    ReplyDelete
    Replies
    1. ඕකුන්ට ලැජ්ජාවක නාමයක් නෑ.අනිවා එහෙම කරනවා ඇති.

      Delete
  2. පඩි වැඩි කර ගත්තට කමක් නෑ.. රටේ ප්‍රශ්ණ නැති කරලා.. උන්ගේ වගකීම ඉටු කරලා ඉහගෙන කෑවත් අවුලක් නෑ...

    ReplyDelete
    Replies
    1. මන් හිතන්නේ රටේ දැවෙන ප්‍රශ්ණ විදියට අදුරගෙන තියෙන්නේ මේවා වෙන්න ඇති

      Delete
  3. Replies
    1. පිං පඩි තකා වැඩ කරන පිං හරක් සහ
      උන්ව පාර්ලිමන්ට් යවන අපි වගේ මී හරක්

      Delete
  4. අපි වෙනුවෙන් කෑ ගසනා අසරණ වූ උන්
    හැපි කරන්න දීමනාව වැඩි කරහන් දැන්......
    (අපොයි...)

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මන් කියන්නේ බන් මුන්ට පූනක්කුත් දුන්නනම් හරි හැපි කරන්න

      Delete
  5. කාටද ආඩම්බර අප්පා, මෙච්චර ලොකු පඩියක් ගන්න පාර්ලිමේන්තු කොට්ටෝරුවෝ ගොඩක් අපිට ඉන්නවා කිව්වම?

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා මුන්ට පඩියත් එක්ක ගෑණිට මූන දෙන්න බෑ.....
      අපිට පඩියෙන් ගෑණු දරුවෝ ජීවත් කරන්න බෑ

      Delete
  6. අනේ පව් බං. මේ හම්බවෙන සොච්චම විතරද. දේශපාලඥයෝ අපි වෙනුවෙන් ණය ගන්නකොට ඒවායෙනුත් කොම්ස් ගහනවා. ඒ ණය අරන් කරන ව්‍යාපෘති වලිනුත් කොමිස් ගහනවා. ඒ ව්‍යාපෘති හදන උන්ගෙනුත් කොමිස් ගහනවා. අපි හම්බ කරන තුට්ටු දෙකෙන් පුලුවන් තරම් බදු ගහනවා. දඩ ගහනවා. අන්තිමට අපි හම්බකරන එකෙන් උන් විතරක් නෙමෙයි උන්ගෙ හත්මුතු පරම්පරාවම කාල ඇඳලා ජීවත් වෙනවා. ආණ්ඩුවෙ පියන්කමක් ගන්නත් අධ්‍යාපන සුදුසුකමක් ඕන. දේශපාලනේ කරන එකා ඉස්කෝලේ ගියාද කියලාවත් බලන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් බන් පව් සත්තු.කරපු දේකුත් නෑ...කරන දේකුත් නෑ... අපේ සල්ලි වලින් උන් හොරාකාපු එක විතරයි කරන්නේ. ආර්ථික ඔස්තාද් කෙනෙක් කරන කතාවක්ද බන් මූ කරේ. මේකට හැම මගුලක්ම ඉතින් ජෝක්ස් එකක් අපිට හිනා යන්නෙත් නෑ.ඒත් මූට හීනා...ලෙක්චර් කෙනෙක් වෙච්චි උගේ ගෑණිගෙ පඩියෙන් උන්ට ජීවත් වෙන්න බාඑරි නම්. මේ රටේ අහිංසක මිනිස්සු කී දෙනෙක් ඉන්නවද බන් ප්‍රශ්ණ වලින් මිරිකිලම ජීවත් වෙන. එක මනුස්සයගේ පඩියෙන් මුළු පහුලම ජීවත් වෙන්න ගේම ගහන, මහ බූරුවෙක් බන් මූ.මූට හැගීමක් තියෙන්නේ රෝයල් පරම්පරාව ගැන විතරයි,සාමාන්‍ය මිනිස්සු ගැන හැගීමක් නෑ බන්.මිනිස්සුන්ට රස්සාවක් නෑ,තිබුණත් හරි හමන් පඩියක් නෑ එව්වා මේ උලමට තේරෙන් නෑ බන්

      Delete
  7. පව් බං අපි මුන්ට ගෙවනවා මදි ...

    ReplyDelete