16 June 2017

බොලොග් කියවන්නියක් එක්ක කතා බහක්

                                                   
                                                         සාමාන්‍යයෙන් අපිට අපේ ජීවිතේ හුගක් හුස්ම ගන්න සිත් ගත් චරිත හබ්බෙන්නෙ අහම්බෙන්. ඒ හන්දියේ කඩේ ගාව, පේමන්ට් එහෙක,පෙට්ටි කඩේක, ක්ලාස් එකේ අනිත් පුටුවේ, බස් එහෙක, දූවිලි පිරුණු පාරක, බාර් එහෙක, පබ් එහෙක, ඊට හාත්පසින්ම වෙනස් උත්සවයක, පෙට්ටි කඩයක,ෆුඩ් කෝඩ් එහෙක...තැනක් නොතැනක් නැතිව සිත්ගත් මිනිස්සු හා අපූරු කියවීමක් තියෙන මිනිස්සු මුණ ගැහෙනවා. කොටින්ම කිව්වොත් අම්මයි තාත්තයි නෑදෑයො ටිකයි,ගමේ එවුනුයි ඇර අනිත් හැමෝම හම්බෙන්නෙ අහම්බයක් විදියට.
                             ඒත් සයිබර් පියස තුලත් එවන් සොදුරු එවුන් හා අපූරු දොඩමළුවකට තෝතැන්නක් කියලා රස්තියාදුකාරයාට ඉකුත් දවසක තේරුණා.  රස්තියාදුකාරයා වටේ සිටින්නෙ බොහොමයක් ගතානුගතික මුත් හොද මිනිසුන්. ඒත් රස්තියාදුකාරයා කුඩා කාලයේ ඉතා දැඩිව පිළිගත් ගතානුගතික අදහස් වලට ප්‍රබල විරුද්ද අදහස් සාමාන්‍ය පෙල අවධිය වෙනකොට තමන් විසින්ම ප්‍රශ්ණ කරන්නක් බවට පත්වුනා.
                       උදාහරණයක් විදියට සචින් තෙන්ඩුල්කාර් ශතකයක් ලබාගත්තයින් පසු ඉර දෙස බලා අචාර කරන ආකාරය, ජයසූරිය පන්දුවට පහරදිමට පෙර නිතර කරන අභින...... වගේ දේවල්... ඒත් මෙවන් කෙම් ක්‍රම තුළින් කුඩා මටත් සෑහෙන දේවල් සාර්ථක වුනා. අපේ ක්‍රිකට් භාර ආචාරතුමත් ඒම දෑ අනුමත කිරීම තවත් රුකුලක් වූණා.
                   ඒ කෙසේදයත් ඉතා හොදින් ක්‍රීඩා කරමින් සිටි යහළුවෙක් කඩුල්ල සිටුවා ගැනීමට පිත්ත පන්දු යවන්නන්ගේ පිලේ අයෙකුට ලබා දුන්නා. ඉන්පසු බෝල තුනක් යාමට පෙර ඔහු දැවී ගියා. ඉන්පසු ක්‍රීඩාගාරයට පැමිණි ඔහුට ගුරුතුමා දැඩිව අවවාද කරා. මන්දත් ඔහුගේ පිත්තෙන් වාසනාව අනෙකාට සම්ප්‍රේශණය වී තිබීම දැවී යාමට හේතු වී තිබුණා.

                                             පසු කාලීනව ක්‍රම ක්‍රමයෙන් මෙවන් දෑ වල සිට දැඩීලෙස මිනිසුන් සූරාකන දේව ඇදහැලි වනතාක් රස්තියාදුකාරයට තිබෙන්නෙ පිළිකුල් සහගත විවේචනයක්. එහෙත් මිත්‍යා දෘෂ්ටික මත වලින් තොර පිරිසක් රස්තියාදුකාරයට හම්බෙන්නෙ උසස්පෙල කරන සමය වෙනකොට. ඔය බඹර පදම, බාලිකා ළමා නිවාසෙ කාලගෝට්ටිය,දන්සැල් වරුන වගේ දේවල් ලියවූනෙ ඒ අයත් එක්ක.  එහෙත් පසුකාලීන හම්බූනු මා හා සමාන සිතුවිලි ඇති අනේකවත් චරිත අතර පරිකල්පනීය සිතුවිලි සහිත ගැහැණු චරිතයක් රස්තියාදුකාරයට හමුවී නෑ.

                                               මන්දයත් මට හමූ වූ  ගතානුගාතික සිතුවිලි වලින් තොර තරුණියන් සාහිත්‍ය හා අනෙකුත් කියවීම් තුලින්ද තොරයි. ඔහුන් ඔහුනගේ වෘත්තිය විෂය සහ වෙනත් මා දැඩි ලෙස ආශක්ත නොකරන විෂයන් වලට ප්‍රාමාණිකයි.  ඔහුන් මන් ලියූ කවි වලට පෙම් කලත් මා අසන කවි වලට රුචි නොකරයි. මගේ එක් යෙහෙළියක් මා නදීක ගුරුගේගේ ගීතයකට සවන් දෙනු ඇසීමෙන් පසු ඇය කිවේ වයසට ගැලපෙන ගීත ඇසීමට පුරුදු වෙන ලෙසයි.
                                                                  එමෙන්ම ගතානුගතික අයවළුන් පරිකල්පනයෙන් තොරයි. මේ අතර මේ බොලොග් පියස කියවන නාන්නාදුනන බොලොග් කියවන්නියක් සමග රස්තියාදුකාරයා අහබූ සංවාදයක් ගොඩනගා ගන්නවා. ඇය රස්තියාදුකාරයාගේ  මවගේ වයස හා සමවන්නියක් වුවද ඇයගේ ගතානුගතික නොවන තර්කනය හා මාගේ බොලොග් පියස පිළිබද කියවීම මා විශ්මයට මෙන්ම දැඩි සතුටකට පත් කරන්නක් වුණා.
                                  විශේෂයෙන්ම ඇය වන් පුළුල් පරාසයක් පුරා දැනුමක් ඇති කෙනෙකු හා කතා කිරීමම විශාල සතුටක්.  කුණු මුල්ලෙ දැලි තුල ගමේදී සැගවෙන ගැහැණිය. නගරෙදි වෘත්තිය අරඹයා හෝ දරුවන් අරබයා සැගවෙන ගැහැණිය. ඇයමෙන් වූවානම් කොතරම් සුන්දරද. මා ගැන නොදත් ඇය මා පිළිබද පැවසූ දෑ හරියට මා හොදින් හදුනන්නියක් වගේ. ඒ කියන්නෙ මගේ බොලොග් ලිපි තුළින් ඈ මන් පිළිබද පරිපූර්ණ කියවීමක ඉන්නවා. ඉතින් මන් ඇයගේ පරිකල්පනය පිළිබද පුදුම විය යුතු නොවේද?
                                        ජීවිතයේ මට වඩා විශාල කාල තරණය කිරීමක් කොට ජීවිතයේ ඇය එක්කාසු කරගත් දෑ කොතරම්ද. ඉතින් ඇය වන් තැනත්තියක් හා කතා බහේ යෙදීමම සතුටක් ගෙන දුන්නා. රස්තියාදුකාරයගේ සමාජ අනුවර්ථනය එක එක විදියයි. පාසලේ එවුන් එක්ක කතා වෙන්නෙ වෙනස්ම දේ ඒවා හුගක් වෙලාවට වැඩිහිටියන්ට වඩාත් සුදුසු කතා. ඉන් පසු ගමේ සමාජය තුල තමයි මන් අර කිව්වා මිත්‍යා දෘෂ්ටික අදහස් වලට දැඩි පහර ගසන ඔය බඹර පදම, දන්සැල් වරුණ, බාලිකා ළමා නිවාසයේ කාලගෝට්ටිය  වගේ දේවල් ලියවෙන්නෙ.  ගම තුළ ආශ්‍රය කරන අනිත් පිරිස ඊට වෙනස් උන් එක්ක තමයි බොහෝ දුරාචාර සහ විෂමාචාර සිදුවෙන්නෙ.
                               ඉන්පසු අනෙකුත් පසු අධ්‍යාපනික තැන්  හා අනෙකුත් සමාජ් තූලත් හැසීරීම මා අතිශය ප්‍රිය වුනත්. ඒක්තරා මගේ කියවිය නොහැකි කොටසක් ඒ තුල සැගවෙනවා. නමුත්  එය යම් තරමකටවත් මග හැරෙන්නෙ ඔය මගෙ පිලිසොෆිය ලියන බොක්කෙ යාහළුවා සහ සමාජය සේවය කරන ආයතනයේදීම හමු වීම තුලීන්.
                                    ඉතින් එවන් සැගවුණු පිස්සු තැන් වලට වටිනාකමක් දුන්නෙ මේ බොලොග් අඩවිය හා සමාජය. ඉතින් මට නැවත නැවතත්  මගේ බොලොග් කියවන කමෙන්ට් කරන නොකරන සියළු දෙනාටම වගේම ඒ නන්නාදුනන බොලොග් කියවන්නියටත් අතිශය ස්තූතිවන්ත වෙනවා.
                                         විශේෂයෙන්ම විශ්ව ශක්තිය වගේ මාතෘකා වලදී රස්තියාදුකාරයා දරන භෞතිකාවාදී මත වලින් ඇයගේ මත බොහොම ඈත් වුනත්. පොදුවේ වචන වලින් කිව නොහැකි අතිශය රසවත් කතා බහක් ගොඩ නැගුනා. ඇය වන් පරිකල්පනීය වුන් රස්තියාදුකාරයාගේ එක්තරා කියවිය නොහැකි රික්තකයක් පුරවන්න සමත්වුනා. ඉතින් ස්තූතියි බොහොමත්ම මගේ බොලොග් ලොව තුළ මා ඉපයුවේ ඔබ වන් සොදුරු බොලොග් කියවන්නන් සහ ලියන්නන්.
                                                         ගම්පෙරළිය ගැනත් කලි යුගය ගැනත් විරාගයේ අරවින්දගේ චෛතසික ගැනත් විතරක් නෙවෙයි. ගෝරා පොතේ ලලිතා ගැන වගේම චයිනමන් පොතේ බේබදු ඩබ්.ජි. ගැන ඉදලා එබ්‍රාහිම් කෝර්ට  බයවුණු මිත්‍යාදෘෂ්ටික සමාජය ගැනත් තවත් නොතේරෙන මාතෘකා දහසක් එක්ක ආයෙත් ආයෙත් කතා කරන්නට මෙවන් කියවන්නියන් හා මා සම්බන්ධ කරේ මේ බොලොග් පියස. ඉතින් මා ජීවිතේ ලද වටිනාම දේවල් වලින් එය එකක් කියලා මට අන්තිමට කියන්නම ඕනෙ.

ස්තූතියි,
මීට දෑ සමන් මල් සුවදිනුත් නිදිකරවන්න හැකි රස්තියාදුකාරයා.

34 comments:

  1. පරණ පෝස්ට් ගැන කියන කොට ලින්ක් දාන්න.

    ReplyDelete
    Replies
    1. ඒක දැන් හැදුවා. ස්තූතියි පෙන්වා දුන්නාට.

      Delete
    2. ඒක (ඉයන්ගෙන්) පොලිස් නිවේදනයක්!

      Delete
  2. කාලෙකින් ඉව අල්ලන්න බැරි උන රස්තියාදුකාරයාගේ මතක නැවතත් ඇහිදින්න පුළුවන් උනා. මල් සුවදින් නිදිකරවන්න පුළුවන් කියලා දැනන් උන්නා. එත් ඒ දෑ සමන් මල් සුවදින් වෙන්න බෑ...

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි මාත් බැලුවේ රෝස මල් වගේ සුවදක්නම් හරි නේ බන්. :-) :-) ( මාව නිතරම කුජීත කරන්නෙ ළගම ඉන්න එවුන් තමයි. අන්න ඒවුන්ට තමයි හොදම යාළුවෝ කියන්නෙ)

      Delete
  3. විවිධවූ චරිත බ්ලොග් ලෝකෙත් අපට හමුවෙනවා රෝමෝ. ඒ අහම්බයන් වෙලාවකට ජීවිතේට ලොකු සැනසීමක් දිරියක් ගෙන එනවා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. උඹත් මට හම්බුනු ඒලම කොල්ලෙක් මචෝ. මගේ මුල් පෝස්ට් වල ඉදන්ම දුන්නු සප් එක අමතක නෑ මචෝ කවදාවත්....

      Delete
  4. රෝමානු කතෝලිකයෙක් වන ඔබතුමාට මොකද සිංහල බෞද්ධ සංස්‌කෘතිය ගැන තියෙන අප්සැට් එක?

    ReplyDelete
    Replies
    1. මන් ඉතින් බෞද්දයෙක්නෙ ඇනෝ...මන් බෞද්දයෙක් නොවන වගක් කොහෙවත් කියා නෑනෙ බන්. අනික මට සිංහල,දෙමල,බෞද්ධ,කතෝලික කියලා වෙනසකුත් නෑනෙ ඉතින් කිසිම දවසක.

      Delete
  5. අපි ලියන ඒවා කියවන කෙනෙක්ව හමුවුනාම දැනෙන සතුට කියලා නිම කරන්න බෑ...

    ReplyDelete
    Replies
    1. ඔව් බන් සමහරුන්ගේ අදහස් හා සමාන වන තැන් දැක්කම ඒ සතුට දෙගුණ තෙගුන වෙනවා

      Delete
    2. ++++++++++++++++++++++++++++

      Delete
    3. ස්තූතියි ප්‍රාජෙ

      Delete
  6. එයා බ්ලොග් ලියන්නේ නැද්ද

    ReplyDelete
    Replies
    1. නෑ ලියන්නෙ නෑ ඒත් කියවනවා

      Delete
  7. ලියන කෙනෙක්ට කියවන කෙනෙක් ඒකත් තමන් ලියන එව්ව කියවන කෙනෙක්
    තමන් හිතනපවිදියටහිතන කෙනෙක් හමුබෙනව කියන්නෙ නිධානයක්
    ඒත් අපිටනං ඒම සෙට් වෙන්නෙ නෑ
    මොකද දන්නවද
    අපි කියවනව වුණත් ලියන්නෙ නෑනෙ
    :-D :-D :-D

    ReplyDelete
    Replies
    1. එතකොට අවන්හල මගේද?
      ස්තූතියි ගොඩ වැදුනට. ඇත්තටම එවන් චරිත හමුවීම නිධානයක් වගේම ඒ වූ සංවාදත් නිධානයක් තරම්ම වටිනවා

      Delete
  8. හිතට සමීප අදහස් තියෙන ඒ අදහස් බෙදා ගන්න පුලුවන් කෙනෙක් මුණගැහුනම ඒක හරිම අපූරු අවස්ථාවක් වෙනවා.

    ReplyDelete
    Replies
    1. අන්න හරි සදවතී ඇත්තටම මට පුදුම සතුටක් තියෙන්නෙ

      Delete
  9. එහෙම හමුවීම ඇත්තටම සතුටුදායක සිදුවීමක්, හරියටම මට දුමී මුලින්ම දුරකථන ඇමතුමක් ගත්තහම වගෙ...ඒකත් මගෙ ොමැකෙන මතකයක්

    ReplyDelete
    Replies
    1. ඇයි බන් මන් කතා කර එක එතකොට මතකෙන් මැකිලද?

      Delete
    2. මම කිවුවෙ පළ⁣වෙනිම ඇමතුම ,, උබ කතා කලාද , මට මතක නෑනෙ😂😂😂😂


      Kohomada amataka karanne , watura kale mata kata karapu heti

      Delete
    3. බලහන් ඉතින්.......

      Delete
  10. Replies
    1. ස්තූතියි දැනුවත් කිරීමට මන් කොටස් තුනම කියෙව්වා. සමහර දේවල් හොදට ලියලා තියෙනවා.
      ඔය අරූගේ ලෝකය ලියන අරුෂි ගාවත් හොද කෙටි කතා වගයක් තිබුනා වෙලාවක් තිබුනත් යන්න. සමහර කතා උපරිමයි

      Delete
    2. https://worldofaru.blogspot.com/2017/04/blog-post_7.html

      https://worldofaru.blogspot.com/2017/01/blog-post_12.html

      මේ ඒ කතා දෙහෙක ලින්ක් දෙකක්

      Delete
  11. අදයි ගොඩවැදුණෙ. පරණ පෝස්ටු සේරම වෙලාව තියෙන විදිහට කියවන්නම්. මේ ලිපිය කියෙව්වාම ඒ ලිපි සියල්ලම කියවන්න ඕනෙම කියලයි හි⁣තුණෙ.

    ReplyDelete
    Replies
    1. ගොඩවැදුනට ස්තූතියි. දැන් ඉතින් සදවතියො දෙන්නයි...පුලුවන් වෙලාවක කියවන්නකෝ සදවතී එහෙනම්

      Delete
  12. //එමෙන්ම ගතානුගතික අයවළුන් පරිකල්පනයෙන් තොරයි//

    මේක සෑම කෙනෙකුටම අදාළ වෙන්නේ නැහැ රොමා...සමහර මිනිස්සු ජිවත් වෙද්දී තමන්ගේ සිතුවිලි වල කොටසක් ගතානුගතික කරගත්තට, ඒ මිනිස්සුන්ට පරිකල්පන හැකියාව තියනවා....

    අනිත් අතට, සයිබර් අවකාශයේදී හමුවෙන මිනිසුන්ට තමාගේ පරිකල්පනය ගැන අවබෝධයක් ඇති කරවන්න බුද්ධිමත් ගැහැණු ළමයෙක් නම් ලෙහෙසියෙන් ඉදිරිපත් වෙන්නේ නැහැ පුද්ගලික මට්ටමේ කතා බහකදී....ඒ නිසයි ඔබට එවැනි යුවතියන් සයිබර් අවකාශයෙන් සොයා ගන්න අමාරු, මොකද බුද්ධිමත් යුවතියක්, මිනිසුන් ගැන හොඳ කියවීමක් තියන යුවතියක් කවදාවත් අනවශ්‍ය ලෙස සයිබරයේ දොඩමලු වෙන්නේ නැහැ ඇහැටවත් නොදැකපු තරුණයෙක් එක්ක....එහෙම කරනවා නම් ඒ කෙනත් ඔබ වගේම යම් කිසි පරීක්ෂණයක් කරන කෙනෙක්....මම මේ කිව්වේ බහුතරයක් බුකියේ දොඩමලු වෙන අය ගැන

    නමුත් ඔබ කියනවා වගේ බ්ලොග් කියවන කණ්ඩායම අනිවාර්යෙන්ම යම් දෙයක් හොයාගෙන යන, දෙයක් විශ්ලේෂණය කරන්න කැමති මිනිස්සු කොටසක්, එහෙම අයත් එක්ක බුද්ධිමය සංවාදයක් ගොඩ නගා ගන්න එක අතිශය තෘප්තිමත් දෙයක්,

    ලංකාවෙන් පිටට ගියාම නම් ඔය කාරණය බොහොම වෙනස්...මේ රටවල ඉන්න ඉතාමත් යව්වන වයස් වල ඉන්න , ඔබේ සම වයසේ අය, සමාජය ගැන බොහොම හොඳ කියවීමක් තියන අය...අපේ ලංකාවේ ඉන්න දරු දැරියන්ට ලැබිල තියන යටිතල පහසුකම් වැඩි කමට, ඔවුන්ට කිසිම පරිකල්පනයක් අවශ්‍ය වෙන්නේ නැහැ, සියලු දේම තමන්ගේ දෙපතුල ලඟට වැටෙන කම් ලැබෙන කම් ඉන්න පුරුදු වෙලා ....එහෙම නැති පුළුල් දැනුමක් තියන අතලොස්සක් ඉන්නවා නම්, එක්කෝ ඒ අය බොහොම දුෂ්කර ගමනක් ඇවිත්, එහෙම නැත්නම් බුද්ධිමත් දෙමාපිය වැඩිහිටි ආභාෂය ලබපු කෙනෙක්...මිනිහෙකුගේ පරිකල්පන හැකියාව වර්ධනය වෙන්න නම්, ස්වාධිනත්වය කියන දේ අතිශය වැදගත්

    ReplyDelete
    Replies
    1. //සමහර මිනිස්සු ජිවත් වෙද්දී තමන්ගේ සිතුවිලි වල කොටසක් ගතානුගතික කරගත්තට, ඒ මිනිස්සුන්ට පරිකල්පන හැකියාව තියනවා//
      එකගයි පොකුරු කතානායිකාවත් එහෙම කෙනෙක් ඇයගේ වචනයෙන්ම කිව්වොත් සම්ප්‍රදායික මවක් විසින් හික්මවන ලද රැඩ්කල් ගැහැණියක්

      // මොකද බුද්ධිමත් යුවතියක්, මිනිසුන් ගැන හොඳ කියවීමක් තියන යුවතියක් කවදාවත් අනවශ්ය ලෙස සයිබරයේ දොඩමලු වෙන්නේ නැහැ ඇහැටවත් නොදැකපු තරුණයෙක් එක්ක//
      එයටත් එකගයි පොකුරු. ඒත් කතානායිකාවගේ පෞද්ගලිකත්වය තකා මට සිදුවුණා යම් යම් දේ නොලියන්න. මොකද සයිබර් යනු විවෘත මාධ්යක් නිසා. විශේෂයෙන්ම වෘත්තීය පරිසරය හා ඇයගේ පහුල් පරිසරය. ඒ පිළිබද යම් අවබෝධයක් මන් සතුයි. විශේෂයෙන්ම ඇයගේ සැමියා ඇතුළු පහුල් පරිසරය මම දන්නවා මෙන්ම ඔහුනුත් මා දන්නවා ඇති.
      එමෙන්ම ඇය හෝ මම පෞද්ගලික දේ කතා කරේ අල්ප වශයෙන් මේ කතා බහේදී වුනේ ඇය රුචි මාතෘකා අහඹුවක් ලෙස මගේ රුචිකත්වයට සමානුපාතික වීම හා ඒ ඒ මාතෘකා සම්බන්ධව ඇය සතු සුවිශාල දැනුම.

      //මිනිසුන් ගැන හොඳ කියවීමක් තියන යුවතියක් කවදාවත් අනවශ්ය ලෙස සයිබරයේ දොඩමලු වෙන්නේ නැහැ ඇහැටවත් නොදැකපු තරුණයෙක් එක්ක....එහෙම කරනවා නම් ඒ කෙනත් ඔබ වගේම යම් කිසි පරීක්ෂණයක් කරන කෙනෙක්//
      මම අවුරුදු 5කින් 6කින් පමණ එෆ්.බී ඔන්ලයින් සිට නැහැ(fb ගිණුමක් පටන් ගත් දා පටන්) එම ඔප්ෂන් එක ඔෆ් ලයින් තමයි දමා ඇත්තේ.ලැබුණු පණිවිඩයකට පිළිතුරු යැවීමක් තමයි බොහෝ විට කරන්නෙ. අනෙකුත් සමාජ ජාල තුළත් එහෙම්මයි. ඉතින් මට පණිවිඩ මග හැරීම සුලභව වන දෙයක් වගේම ඒ පරිසරයේ සිටින මිනිසුන් පිළිබදව අවබෝධය ඇත්තටම අඩුයි.
      ඒත් මේ පැය දෙකක් පමණ වූ සංවාදෙදි මන් කතා කරපු මුළු කාලය ගත්තොත් විනාඩි විස්සක් පමණ ඇති. ඇය තමයි ඉතිරි කාලයම කතා කරේ. මොකද ඒ මාතෘකා සතු දැනුම තිබුනේ ඇය සතුව. ඇය පරීක්ෂාවක නියලුනා නම් තත්වය ඒසේ නොවනු ඇතැයි මම සිතනවා. අනික ඇය තරුණියක් නෙවෙයි මුහුකුරා ගිය වයසක වූ තැනැත්තියක් :-D

      පොකුරු මගේ මේ බොලොග් ලිපිය පිළිබද පරිපූර්ණ කියවීමක සිටීම බොහොම සතුටුයි. ඒ වගේම ඔබ කියන ස්වාධීනත්වය කියන එක බොහොම වැදගත් දෙයක් අපේ සමාජ්යේ බොහෝ ගැහැණුන් පිරිසක් කුස්සියේ දැලි කුණු අතර හිරවෙන්නෙ ඒන්න ඒ ස්වාධීනතවය නැති නිසා. ස්තූතියි පොකුරු.

      Delete
  13. හෙහේ පට්ට ආතල් සිද්ධිය...
    පින්තූරයත් නියමෙටම ගැලපෙනවා වගේ කියලා හිතනවා...
    අහන්නත් සතුටුයි ඒ වගේ වයස් වල අය බ්ලොග් කියවනවා කියන එක...

    ReplyDelete
    Replies
    1. මාත් හිතනවා පින්තූරය ගැළපෙනවා කියලා. ඔව් බන් ඊටත් වඩා සම්ප්‍රදායික නොවන මත වල සිටීම ගැනත් පුදුම සතුටක් තියෙන්නෙ.

      Delete