30 June 2018

ෆිල්ටිගෙ මල්ලී සෝමාලියාවට පාන් දමයි - Malli | මල්ලි - Fill T - 18+


                                                           මන් සිංහල රැප් හී ඉතිහාසය හා වර්ථමානය දක්වා ලිපි පෙළක් ලිවීමට සිතා සිටියෙමි. සැබැවින්ම සින්හල රැප් නොමැතිනම් සිංහල හිපොප් හී මුල් කාලීනවම සිට රසිකයෙක් වශයෙන් මගේ හිතේ  ඒ සම්බන්ධයෙන් ලිවීමට ඇති දහසකුත් දේ ඇත. මන් කෙදිනක හෝ ඒවා ලියා තබමි. එහෙත් Fill-T නැමැති රැප් ගායකයා දමන ලද මල්ලී නැමැති මියුසික් වීඩියෝව මේ වන විට රටම කලබා ඇති බැවින් ඒ ගැන යමක් ලිවීම සිතුවෙමි. හුදෙක් මේ මාගෙ අදහසය. එම අදහසේ ඔබ නොමැති වීමේ සම්භාවිතාව 80% කටත් වඩා වැඩිය.
                              එහෙත් අතිශය කර්කශ ගමනකට පසු සි‍ංහල රැප් පැමිණ තිබෙන්නෙ ස්වර්ණමය යුගයකට. අදට වඩා හෙට ඊටත් වඩා දිදුලනු ඇත. එහෙත් කකුලෙන් අදින වල කපන ආත්මාර්ථකාමී කාලාකරුවන් සහ තමා කැමැති සංගිතය පමණක් සිරි ලංකාවේ රජ කළ යුතු යැයි සිතන ආත්මාර්ථකාමී රසිකයින් ගැන සිතා ෆිල් ටී ගේ මල්ලී ගැන මෙසේ සටහනක් තබමි.
                               ශ්‍රී ලංකාවේ රැප් යන්න මන් දන්නා ආකාරයට මුලින්ම ගෙනාවේ භාතිය,සංතුෂ්ලා සහ මිලේනියම් බෝයිස් ලා යන දෙපිරිසය. එයිනුත් මිලේනියම් බෝයිස්ලා ඒ කාලෙම හැලී යනවාය. මා ඇසූ මුල්ම සින්හල රැප් ගීය ඇසූවේ භාතිය සංතුෂ්ලගෙන්ය. එයිනුත් දැනට මතකයේ ඇති මුල්ම සිංහල රැප් ගීය "සිරිසග බොධි මාළිගාවෙදි" යන පැරැණි නූර්ති ගීතයේ නව නිර්මාණයයි.

                      එකල රාගදාරි සංගීතයත් බටහිර පොප් සංගිතයත් හැදෑරූ ලංකාවේ සංගීත ලෙබ්බෙලා පිටු ගණන් වලින් භාතියලා හම ගැහුවාය. රජ්‍ය නාලිකාවල වැඩසටහන් වල පැයේ දෙකේ ගුවන් කාලයන් වැය කරමින් භාතියලා ගේ රෙදි ගැලවුවාය. පැරණි දේශීය රැප් ගී විකෘතී කරනවා යැයි දෙස් තිබ්බාය. එතකොට මන් පහ වසරේවත් නැතුවා ඇතිය. මන් ඒ කාලයේ සැබෑ රැප් රසිකත්වයට පත් නොවුවත් භාතියාලාගේ ගීත ඉතා ආසාවෙන් ඇහුවාය.
                                                එහෙත් නූර්ති ගීතයක් හීනයකින්වත් නොඇසූ මේ බක පන්ඩිතයෝ කියූ කතා තේරුණේ ඊට පසු කාලයේය. දහය වසරේ සංගීත පන්තියේ නූර්තී ගී වල භාතියලා රැප් කලැයි කී කොටස ඒ ආකාරයටම ගුරුතුමා කිව්වාය. එහෙත් එය හැදින්වුවේ "උරුට්ටුව" යන නාමයෙනි. භාතියගේ රැප් එකේ සහ උරුට්ටුවේ දශමයකුදු වෙනසක් නැත.
                        එහෙත් ආවසානාවන්ත බක පණ්ඩිත කාලාකරුවෝ පැරැණි ගැමියාද ආශක්ත වූ මේ ශෛලියට හෙණ ඉල්ලුවාය.සෑම නූර්ති ගීතයකම මේ උරුට්ටුව යන කොටස ඇත. ඇත්තටම එනයින් ගත් කළ රාගදාරී සංගීතය සහ පොප් සංගීතය උගත් එවන් බක පණ්ඩිතයින් වඩා බඹ ගානක් ඉදිරියෙන් සිටින සේවාවක් භාතියාලා ශ්‍රී ලාංකීය ජන සංගීතයට කළාය.
                      මන් දැන් නැවතත් කතාවට එමි මන් මේ කියන්නෙ රැප් ගායකයින්ට එදා සිට මේ මුග්ධ කලාකරුවන් දැක්වූ ආකාරුණිකත්වයයි. මන් රැප් ලෝලියෙකු වෙන්නේ අට,නමය වසර වල විය යුතුය.  අපේ යාහළුවෝ කීප දෙනෙකු ඒ හවුලේ සිටියාය. ඉංග්‍රිසී වචනයක් නොදත්තත් අපි 50cents,Eminem ලාගේ අග්‍ර රසිකයෝ වී සිටියාය. ඒ පදවැල් වල තිබූ අරුත් සමහරු හොයාගෙන ඇවිත් කිව්වාය. ඒත් ඒවායේ අර්ථය අපිට වැදගත් නොවූ අතර. ඔහුන්ගේ රැප් හී බීට් එක සහ ඉදිරිපත් කිරීම හමුවේ අපි පිස්සු හැදී සිට්යෙමු. යූ ටියුබ් තියා ඉන්ටර්නෙට්වත් ගොස් නැති කාලෙක. අපි ඒ සිංදු CD වලට කොපි කොට ඇසුවෙමු.එකල මාගේ ඔළුව පිස්සු වැට්ටු රැප් ගායකායා Eminem ය. ඔහු රැප් වල කින්ග් බව දැනගත්තේ පසුවය....
                                                       අපි බොහෝ විට පැය ගණන් සිංහලෙන් රැප් කරන්න බැරිදැයි එකිනෙකා කතා කරාය. සැබැවින්ම ඒ වන විටත් සිංහලෙන් රැප් ආවත් ඒවා ගති නැත. අන්තිමට අපි සිතුවේ සිංහල වචන ඉංග්‍රීසි වචන මෙන් නැති නිසා එය කිරීමට නොහැකි දෙයක් බවයි. Chinthy යම් මට්ටමක සිටියාය. ඔහුගේ සෑම ගී තැටියක්ම මා සතුව තිබුණාය. මන් හිතුවේ රැප් සිංහලෙන් කිව හැකි සාර්ථකම ක්‍රමය එය පමණක් බවය.
                       කෙමෙන් කෙමෙන් අවුරුදු ගෙවුණාය.භාතියාලා ඇවිත් අවුරුදු දහයකට වඩා කාලයක් ගියත් කිසිම අති සාර්ථක නිර්මාණයක් නොතිබුණාය. හිටියවුන් අප්‍රකටය..........මොකද යූ-ටියුබ් ප්‍රචලිත නැත.
                              එහෙත් රැප් ගැන තද උනක් තිබ්බ එකෙක් හිටියාය ඒ සික්ස්ත් ලේන් හී Fill-T ය. දිනක් ඔහු රසරිසි ගී වලට ඇවිත් "වැලිකඩ" නැමැති ගීයක් සිංහලෙන් රැප් කරාය. ඇත්තටම එය නිවේදණය කල තනුජාටත් රැප් එකට හිනා ගියාය. මටත් සිතුනේ මොන රෙද්දකද ඕයි මේ කියාය.
                   ඒත් ඊට පසුව එය තවදුරටත් දියුණු කරගත්තාය. ඔහු එය ට්‍රැක් එකක් ලෙස අවුට් කරාය. මන් සිතන්නෙ එය එතෙක් ආ හොද යන වචනය කෙසේ වෙතත් සාර්ථකම රැප් එක කියාය. මේ කාලයේ ඉරාජ් අඛණ්ඩව සිංහල රැප් ගෙනාවත්. ඒවා ජනප්‍රිය වුවත් සිංහල හිපොප් රසිකයින් ඔහු වටා ගොඩ නැගුනේ නැත. හොදම උදාහරණය කොත්තු,ගේමක් දීලා වැනී ගිතය. එම ගීත ජනප්‍රිය වුනේ හිපොප් රසිකයින් වටා නොව මුළු මහත් රසිකයින් අතරය. ඊට හේතු වෙනම පැහැදිළි කල යුතුය.
                                ඒත් 2010ත් පසු වෙනවාත් සමග Fill-T ෆේස්බුක් සහ යූ-ටියුබ් උපයෝගි කරගනිමින් සෙල්ෆි රැප් නැමැති රැප් කිරීමක් හදුන්වා දුන්නාය. සැබැවින්ම ඒක ගින්නක් විය ආර්ථික ශක්තියක් අහිමි පට්ට වැඩ්ඩෝ සිරි ලංකාවේ සතර අතින් පැමිණීයාය. එතෙක් සිටි කිසිදු රැප් ගායයෙකුට හදුනාගත නොහැකි වූ අපරදිග රැප් ශෛයිලිය හරියටම අල්ලා සිංහල භාෂාවට සින්ක් කරේ උන්ය. එතන් පටන් සිංහල රැප් සංස්කෘතිය හැදුණාය.
                                             එහි ගෞරවය හිමි විය යුත්තේ ෆිල් ටී හටය. අවුරුදු දහයකට ආසන්න කාලයක් බොහෝ පිරිසක් ට්‍රයි කෙරූ‍ යම් තරමකට සාර්ථක වූ බොහෝ විට ෆේල් වූ සිංහල රැප් වල පොට නොනවතින ආසවත් උත්සහයත් නිසා ෆිල් ටී ලෙසටම අල්ලා ගත්තාය. අද ඒ පොට දිගේ පැමිණී ඇති බොහෝ දෙනා සිංහල රැප් ලොවේ ජයකෙහෙළි නන්වා ඇත. මටනම් අද එමිනම් ලාගේ,ෆිෆ්ටි සෙන්ට්ස්ලාගේ රැප් සේම විදිය හැකි සි‍ංහල රැප් තිබෙනවාය.
                                        ලෙබ්බෙලා,ඔස්තාද්ලා උගත් සංගීතයම කර කර හිටියට ෆිල් ටී හැරවුමක් සැකසුවාය. කේමදාස,ලයනල් රන්වල, අමරදේව,භාතිය-සංතුෂ්, නදීක ගුරුගේ, ක්ලැරන්ස්, සුනිල් ශාන්ත...වැනී "ලාංකීය' සංගීතයක වෙනුවෙන් සළකුණු තැබුන්වගේ මෑත කාලීන අවසන් සළකුණ තිබ්බෙ එනයින් ෆිල් ටීය. ඔහුට ඉතිහාසයේ තැනක් ඔහු  විසින්ම හිමි කරගෙන හමාරයය.....
                                                   එහෙත් වර්ථමානයේ අත්මාර්ථකාමී රසිකයින් නොමැති නම් කුහක රසිකයින්. අජිත් මුතුකුමාරණගේ සිංදු අසමින් රැප් වලට බනිනවාය
                                          නැවතත් මන් ප්‍රස්තුත කරුණට එමි. ෆිල් ටී ගේ මල්ලී රැප පට්ටය. මන් පෞද්ගලිකව මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වය අවුස්සනවාට කැමැති නැත. ඒත් සීරියස් නොසිතන්න්න එහි තැනක. මෙසේ තිබූණී "හැපි කව්ගේ නෑ මෙච්චර කිරී"
                                 "කිරි ප්‍රශ්ණෙට විසදුම පියුමි හංසමාලි" කියාය.
                                      පියුමි ඇයගේ නිල ෆේස්බුක් පිටුවේ එය මේසේ ශෙයාර් කර තිබුණාය, ෆිල් ටී නොහත් සැබෑ නමින් චමත් ජානක පෙරේරා මෙසේ රිප්ලයි කොට තිබුණාය. විය යුතේද එයය.
 

              විඩීයෝව ලිංගිකත්වය අවුස්සනවායැයි බොහෝ දෙනා බැන තිබුණි. ඔව් එය සැබෑවක්ය. ඇමැරිකාවේ එහෙම නෑ. යුරෝප් අයත් මෙහෙම නෑ කියන එවුන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වමි. එහෙම කියන බොහෝ අය රැඩිකල් වැද්දෝය.සමහරු දෙතුන් පාරක් ඇමැරිකාවට ගියාම නොමැතිනම් ඒ රටේ ජීවත් වුණාම උන් හිතන්නෙ උන් ඒ රටවල් වල ජනමාධ්‍ය ඇමැතිවරුන් කියාය. රෙද්දේ ටෝක්ස්ය. ඇත්තට ඒ රටවල් වල භාගෙට හෙළුව පෙන්වන්නෙ නැත සම්පූර්ණයෙන්ම හැමිණේනවාය.
                                                       මාකට් වෙනවානම් එය මාකට් කළ යුතුය. සංස්කෘතිය යනු රෙද්ද අස්සේ ඇති එකක් නොවේය. ඊට එහා ගිය සුන්දර දෙයකි. සංස්කෘතිය යනු පන්සලය,වැවය,වැව අද්දර ගලින් නෙළූ බුදු පිළිමයය, පෙරහැරය, එහි යන අලි ඇත්තු ය...සංස්කෘතිය ලස්සන කරන්නේ ඒවාය......අපි නිදහස් කරන්නේ ඒවාය. නොමැතිනම් අපි හිර කරන දේ සංස්කෘතිය නෙවේය. ඒ අපේ පෙර පවය.
            සංස්කෘතිය යනු විකාශණය වන්නකි. විකාශණය නොවුනානම් අපි තාමත් සිටිය යුත්තේ අබා ෆිලුමේ මෙන් කිට් ගසාගෙනය.
 

 ඒහෙම උනොත් බඩු සෙටිපිකට්ය ඒ සංස්කෘතිය විකාශණය වූ නිසා අපි තව දුරටත් වැද්දන් නොවෙමු. එහෙත් ඉදිරිය??? අපි මෙතැනින් නවතින්නෙ නම් අපි මින් එහාට නොයන්නෙ නම්. අපි තවදුරටත් ලෝකය ඉදිරියේ ගල් වැද්දන් බවටම පත්වෙමු.
                                                  අන්තිමට කීමට ඇත්තේ අජිත් මුතුකුමාරණගේ සිංදු අහන උන් අජිත්ගේ සිංදු අහන්න...රැප් අහන උන් රැප් අහගෙන ඉදිවී කියාය. වැදගත්ම දේ රැප් අරමයි මේමයි..මේම මේමයි කියා නොදන්නවානම් නොදොඩා අහන උන්ට අහන්න දී තමන්ගේ වැඩක් බලාගන්න කියාය. ආ තව දෙයකි. අනාවැකියක්ද කීමට කැමැත්තෙමි. ෆිලාගේ මල්ලී ලාංකික යු ටියුබ් ඉතිහාසයේ ළං වෙන්නවත් බැරි වීව්ස් රෙකෝඩ් එකක් තියාවිය....මොකද ගූගල් වලත් අපි වැඩ පෙන්වා ඇත. එතකම් මන් නවතිමි.


-රෝමා- 

42 comments:

  1. කිව්වට තරහ වෙන්න එපා මල්ලි. මේකේ තනිකරම තියෙන්නේ මේක නිර්මාණය කරපු මිනිස්සුන්ගේ ලිංගික අසහනයේ දිග පළල.. රැප් ස්ටයිල් එක සහ මියුසික් ඉතාම හොඳයි.. හැබැයි අන්තර්ගතය කුජීතයි..

    ReplyDelete
    Replies
    1. හොදම රැප් ගායකයො කියලා නම ගත්තු ජාත්‍යන්තර ගායකයන්ගෙ රැප් වල අන්තර්ගතයත් බොහෝ විට සමහර මිමි වලින් 'පට්ට කුජීතයි'... නිර්මාණයක රස සම්භාව්‍ය විය යුතුම නැත...

      Delete
    2. 1. අයියා කියන්නෙ රැප් එකේ වීඩියෝව ගැනනම් ඇත්තටම් ලෝක රැප් වෙලදපොළේ ඉහළින්ම සිටින Eminem,50cents වගේ ගායගයින්ගේ සමහර වීඩීයෝ ඒ මිම්මෙන් අසහනයෙත් උපරිම එක ඒ කියන්නෙ BDSM වගේ ඒවා දරුණුවටම පාවිච්චි කරලා තියෙනවා. ඉන් පසුව ඉන්න ස්නූප් ඩෝග් වගේ අය රැප් වල වීඩීයෝ ඊටත් වඩා කුජීතයි

      2. ඒවා ලංකාවට ගැළපෙන්නෙ නෑ කියලා හිතනවනම් ????? ඊට පිළිතුර තමයි ලිංගිකත්වය හැන්ගීම තුළද? එළිපිට දැමීම තුළද ? අසහනය වැඩිවෙන්නෙ. අපේ ඉන්න හුගක් මිනිස්සු ලංකාවෙ ඉන්නෙ ලිංගික අසහනයෙන් කියනවා. එහෙම කියලා ලිංගිකත්වය එළිපිට කතා කරනකොට බනිනවා.

      3. 2010ට ඉස්සෙල්ලා බොහෝ පිරිසක් කරපු සින්හල රැප් ජනප්‍රිය නොවන්න ප්‍රමුඛ හේතු කීපයක් තියෙනවා.
      i. නිවැරැදි සින්හල රටාවක්/ශෙයිලියක් හදුනා නොගැනීම
      ii. හිපොප් රසිකයින්ගේ ලේ වලට දැනෙන බීට් එකක් සහ සංගීතයක් නොමැතිවීම
      iii. රැප් ගායකයා සහ රැප් වල ඇති කතා පරස්පර වීම ( ඒ කියන්නෙ සැබෑ රැප් රසිකයෝ බලාපොරොත්තු වෙන්නෙ ඒ ඒ ගායකයොන්ගෙ ලයිෆ් ස්ටයිල් එක මිසක් ප්‍රබන්ධ නෙවෙයි. මුඩුක්කුවක් ගැන කියන්න ඕනෙ මුඩුක්කුවෙ එකෙක් මිස ලක්සරි ලයිෆ් එකක් තියෙන එකෙක් නොවීම )
      iv.හිපොප් සංස්කෘතිය හා බැදී පවතින මත්ද්‍රව්‍ය,නිරුවත,සහ සරළ වචන(ඇතැම් විට කුණුහර්පයැයි හදුන්වන වචන ) නිවැරැදි ලෙස මුසු නොකිරීම

      ඔය කිහිපය එක්ක තමයි රැප් කියන දේ මිනිස්සුන්ට දැනෙන්නෙ. පොප් හෝ වෙනත් සම්ප්‍රාදායික සංගීත රසිකයින් ඔහුන්ගේ මිමි වලින් රැප් මැනලා බනිනකොට ඔහුන් කියන්නෙ අර හිපොප් වල මූලික දේවල් අයින් කරලා රැප් කරන්න වගේ දෙයක්...

      Delete
    3. ඔව් මිතිල එහෙම බැලුවොත් ලෝක වෙලදපොලේ උඩින්ම ඉන්න රැප් ගායකයොන්ගෙ විතරක් වීඩියෝ අරන් බැලුවත් ඒ ඒ විඩීයෝ වල තියෙන්නෙ මේ මිමි වලින් මීටත් වඩා කුජීත දේවල්. මන් කැමැති නෑ මිනිස්සුන්ගෙ පෞද්ගලික දේවල් කවුරුවත් අවුස්සනවට. ඒත් උදාහරණයකට ෆිල් ටී ල‍ංකාවේ පියුමි හංසමාලිගෙ "කිරි ප්‍රශ්ණෙට විසදුම පියුමි හංසමාලි" කියනවා ඒ වගේම එමිනම් බ්‍රිට්නි ස්පියර්ස් ගැන කියනවා.....

      Delete
    4. වයස 41 ක් වෙන මමයි ඊට හුඟක් වයසින් අඩු ඔයාලයි මේක දිහා බලන්නේ දෙවිදිහකට බන්. ලිංගිකත්වය ගැන එළිපිට කතාකිරීම කියන්නේ මේක නෙවෙයි මලයෝ.

      Delete
    5. මේක ලිංගිකත්වය ගැන අධ්‍යාපණයක් දෙන එකක් නොවෙන්න පුළුවන්. ඒත් මේ තුළ හංගන්නෙ නැතිව ඒළිපිට දැමීම එළිපිට කතාකීරීමක් නොවෙයිද.කොහොම උනත් මන් ඔබේ විවෘත අදහස් දැක්වීමට මන් ගරු කරනවා.

      Delete
    6. රස්ති මගේ මල්ලි, ඔබේ ලිපියේ ආරම්බයේ සිට කළ පැහැදිලි කිරීමට //අන්තිමට කීමට ඇත්තේ අජිත් මුතුකුමාරණගේ සිංදු අහන උන් අජිත්ගේ සිංදු අහන්න...රැප් අහන උන් රැප් අහගෙන ඉදිවී කියාය. වැදගත්ම දේ රැප් අරමයි මේමයි..මේම මේමයි කියා නොදන්නවානම් නොදොඩා අහන උන්ට අහන්න දී තමන්ගේ වැඩක් බලාගන්න කියාය. ආ තව දෙයකි. අනාවැකියක්ද කීමට කැමැත්තෙමි. ෆිලාගේ මල්ලී ලාංකික යු ටියුබ් ඉතිහාසයේ ළං වෙන්නවත් බැරි වීව්ස් රෙකෝඩ් එකක් තියාවිය....මොකද ගූගල් වලත් අපි වැඩ පෙන්වා ඇත. එතකම් මන් නවතිමි.// මේ අවසානය ගැලපෙනවා ද යන්න මගේ ගැටලුවයි.
      මම Fill-T ට ගරු කරමී. මක් නිසාද යත් සභයද අසභයද යන කාරණාව නොව ඔහුට ඔහුගේ මතය වෙනුවෙන් පෙනීසිටීමට ඇති හැකියාව වෙනුවෙනි.
      ඔබේ මාන මගේ මානයෙන් ස්වායත්ත සහ සාපේක්ෂ බැවින් මේ වීඩියෝව ට නරඹන්නට ආරාධනා කරමී. https://www.youtube.com/watch?v=prSqN_WVMtM&t=62s ඔවුන්ට ගමනක් ඇත.
      තව ද ඔබේ භාසාවෙන් Fill- T පට්ට ගැසීමේ පලක් නොවන අතර අම්බලංගොඩ අයියා කි ලෙසම සුන්දරත්වය අසුන්දරව නොදකිමි.

      Delete
    7. අවසානය ගැලපෙනවාද යන්නෙන් අදහස් කළදේ මට පැහැදිළි නෑ අක්කෙ.මන් මේ දුරකතන සංවාදය(බයිට් එක) මිට පෙරත් අසා තියෙනවා....

      Delete
  2. සිංහල රැප් ඉතිහාසෙ ලිපි ලියලා ඉක්මනට දාන්ට...

    ReplyDelete
    Replies
    1. ඔව් බන් මන් කොහොමහරි ඒක දානවා සවිස්තරාත්මකවම. මොකද අද අපිට ඉන්නවා 44,පුලියලා, මලියලා, ප්‍රසාලා,ස්මෝකියො,කයිසර්,කේ මැක් ලා ....... (මේ වගේ අති දක්ශයෝ රොත්තක් )වගේ පට්ට වැඩ්ඩො ටිකක් ලංකාවේ පටු ස‍‍ංස්කෘතික ආකල්ප මැද්දෙන් උන් ආපු මාර්ගය ලේසි උනේ නෑ. මේ හැමෝටම එන්න කස ගැහුවේ ෆිල් ටී නිසා ලංකාවෙ ගොඩක් හිපොප් රසිකයයො ඌට බොක්කෙන්ම ආදරෙයි

      Delete
  3. රස්ති, ඔබ හා කිසි සේත්ම එකඟ විය නොහැකි හෙයින් මේ පිළිබඳව මගේ අදහස මගේ බ්ලොගයේ ලියා තැබුවෙමි.

    මෙහි ඇසෙන්නේ ලිංගික අසහනයෙන් පිරි තරුණ පරපුරක වචන මාලාවක් සහ රුඋප රාමු පෙළක් මිසක, ෆිල්-ටී ගේ සංගීත ශෛලයේ ඇති අනර්ඝ බවක් නොවේ. ප්‍රශ්නය ඇත්තේ රැප් වල නොව, ඒවා ගායනා කරන්නාවූ මොළ තුල සහ ඒවා අසා උද්දාමයට පත්වන්නන්ගේ මොළ තුලය. ලිංගික කාර්යන් මහා අමුතු දෙයක් ලෙස සලකන සමාජයක මෙහි පුදුම වෙන්නට තරම් කරුණක්ද නැත.

    ReplyDelete
    Replies
    1. ඔබට වගේම ඔබේ අදහස් වලටත් මන් ගරු කරනවා. ඒත් මට ඔබට දීමට ඇත්තෙත් අම්බලන්ගොඩ කතා වලට දුන් පිළිතුරමයි. ඔබ එය අසහනයක් ලෙස දකිනවනම් ඒ අසහනය ලොව පුරා හිපොප් රසික හැම පුද්ගලයටම තියෙනවා. ලෝකයේ අංක එකේ රැප් ගායක ඇමරිකානු ජාතික එමිනම්ගේ සිට සි‍ංහල රැප් අහන පහතගස්දිගිලියේ සුරේශ් දක්වා ඒ අසහනය තිබේනවා.
      ඒත් මන් අසහනය විදියට දකින්නෙ වෙනත් දෙයක්. ලංකාවේ බහුතරයකට ඒක තියෙනවා. පියුමිට,ටීනට වේ* කියනවා. උදේ රෑ වෙනකම් උන්ගේ නිරුවත හිට් කරනවා. ෆිල් ටීට බනිනවා යූ ටියුබ් වල රෙකෝඩ්ස් තියන්න වීව්ස් ඌට අරන් දෙනවා. අන්තිමට එහෙම සිල්වතුන් අල්ලපු ගෙදර පොඩි කෙල්ලව කැලේට අරන් ගිහින් දූෂණය කරනවා. අපේ රටේ සංස්කෘතික ළිං මැඩි සිල්වතුන්ගේ අසහනය දිනපතා පුවත් පත් වල පිටු පුරා තියෙනවා.

      හැබැයි එමිනම්ගෙ වගේම ලංකාවේත් ගෑනු ළමයෙක් ගෑවිලාවත් නැති රැප් ගීත තියෙනවා සුපර හිට් වෙච්ච. ලංකාවෙ මෙතෙක් ආ හොදම රැප් ගීතය ලෙස බොහෝ දෙනා සලකන "හදහන" කියන ගීතයේ රූප රාමු වලවත්, වචන වලවත් ගෑණූ ළමයෙක් ගෑවිලාවත් නෑ. රැප් රස නොවිදින ඔබ එම රැප් අමරදේවයන් හෝ සුනිල් ශාන්ත වැනි පුද්ගලයින්ගේ සංගීතය හා ගලපා විචාරීම නොකල යුත්තක්. රැප් කියන්නෙ වෙනම සංස්කෘතියක්.

      //iii. රැප් ගායකයා සහ රැප් වල ඇති කතා පරස්පර වීම ( ඒ කියන්නෙ සැබෑ රැප් රසිකයෝ බලාපොරොත්තු වෙන්නෙ ඒ ඒ ගායකයොන්ගෙ ලයිෆ් ස්ටයිල් එක මිසක් ප්‍රබන්ධ නෙවෙයි. මුඩුක්කුවක් ගැන කියන්න ඕනෙ මුඩුක්කුවෙ එකෙක් මිස ලක්සරි ලයිෆ් එකක් තියෙන එකෙක් නොවීම )
      iv.හිපොප් සංස්කෘතිය හා බැදී පවතින මත්ද්‍රව්‍ය,නිරුවත,සහ සරළ වචන(ඇතැම් විට කුණුහර්පයැයි හදුන්වන වචන ) නිවැරැදි ලෙස මුසු නොකිරීම

      ඔය කිහිපය එක්ක තමයි රැප් කියන දේ මිනිස්සුන්ට දැනෙන්නෙ. පොප් හෝ වෙනත් සම්ප්‍රාදායික සංගීත රසිකයින් ඔහුන්ගේ මිමි වලින් රැප් මැනලා බනිනකොට ඔහුන් කියන්නෙ අර හිපොප් වල මූලික දේවල් අයින් කරලා රැප් කරන්න වගේ දෙයක්...//

      Delete
    2. ප්‍රශ්නේ තියෙන්නේ ඔය අනිකුත් සේරෝම රැප් ගායකයෝ ඉන්නේ, ලිංගිකත්වය ගැන බොහොම විවෘතව හිතන රටවල් වල. ඒවාට කැමති මිනිස්සු ඒවා රස විඳිනවා මිසක් කුතුහලයක් නෑ (කොහොමත් ඒ මිනිස්සුත් පිට කරන්නේ තමන්ගේ තිබෙන ලිංගික පීඩනය තමයි). අනිකුත් ගීත වල කියවෙන්නේ දුක, ශෝකය, විරහව, රාගය, ආදරය යනාදී දේ නම්, ලෝකේ කොතැන කිව්වත් මේ ගීත වලින් කියවෙන්නේ ලිංගික පීඩනය කියල මම විශ්වාස කරනවා. මිනිස්සු පෞද්ගලිකව විදින දෙයක් තව මිනිහෙක් කෑ ගහල සද්දෙට කියන්නේ ඒ මිනිහගේ හිතේ තියන ප්‍රෙෂර් එක පිට කරගන්න. ඔබ කිව්වා වගේ මුඩුක්කුවක් ගැන කියන්නේ එතන ඉන්න එකා වගේ, ලිංගිකත්වය කුණුහරුපයක් සේ සලකලා, තමන්ගේම ශරීර අංග ගැනයි, ඒවා සම්බන්ධ කරගෙන ලිංගික ක්‍රියාවලිය කරන විදිය ලෝකෙට කියන්නෙයි තිරිසන් ස්වභාවයට ලං වෙච්ච මිනිස්සු. බල්ලො පාරේ තැනක් නොතැනක් නැතුව බැල්ලියෝ එක්ක පෑහෙන කොට මිනිස්සු බලා ඉන්නවා වගේ දෙයක් වචනයෙන් විස්තර කරන එක තමයි ඔය වීඩියෝ එකේ සිද්ධ වෙන්නේ. මිනිස්සුන් තමන්ගේම ශරීරයේ ක්‍රියාවලියක් සහ කොටස් ගරු කරන්න පුරුදු වෙන්න ඕනේ මුලින්ම. අපි ලිංගිකව විවෘත විය යුත්තේ රැප් කලාවෙන් නෙවේ, නිසි ලිංගික අධ්‍යාපනයක් හරහා. ඒක ලංකාවේ සිද්ධ වෙන්නේ නැහැ. ඒකයි 2 වසරේ ඉන්න පොඩි කෙල්ලොන්ට, කොල්ලො උන්ගේ කලිසම පහත් කරලා පෙන්නන රටක අපි ජීවත් වෙන්නේ. එහෙම ලිංගික අධ්‍යාපනයක් සිදු වුනු කාලෙක තරුණ ළමයි අද කාලේ වගේ ෆිල්-ටී අර වීඩියෝ එකේ කිව්වේ මොනවද, සෙක්ස් කියන්නේ එහෙම දේකටද, ඒක අමු කුනුහරුපයක්ද, අපිත් එහෙම කරලා බලමුද, කියල පන්තියේ එහා පැත්තේ වාඩි වෙන කෙල්ල දිහා බලල හිතන එකක් නෑ. එතැනින් නොනැවතී ගෙදර ඉන්න අක්ක, නංගි, අම්මා දිහා බලලත් එහෙම හිතන එකක් නෑ. අන්න එදාට කැමති මිනිස්සු රස විදීවි, තවත් ඒ වගේ අසහන කරුවන් පිරිසක් බිහි නොකර.

      රස්ති ඔබට වඩා අඩුම තරමින් මා වසර පහළොවක්වත් වැඩිමහල් ඇති. ඒ නිසා මම මේ දේ දකින විදිය සම්පුර්නයෙන්ම වෙනස්. මේ ලෝකේ පුරා ඉන්න විවිධ ජාතීන් වල මිනිසුන් මා අධ්‍යනය කරලා තියනවා. ඒ නිසා මේ පිලිබඳ තර්කයක් අවශ්‍ය නැහැ. ඔබේ මතයට ගරු කරනවා, ඒ ඔබ අද ඒ ගැන හිතන විදිය. ඔබ වැඩිවිය පත් වන දියණියකගේ පියෙක් වුන දාකට (එහෙම වුනොත්) ඔබට ඇය සමඟ එකට වාඩි වෙලා මේ වීඩියෝ එක බලන්න කියල මම ආරාධනා කරනවා (එදාටත් ලංකාවේ නිසි ලිංගික අධ්‍යාපනයක් නොතිබුනොත්)

      අවසාන වශයෙන්, ඔබයි ලංකාවේ සිටි කේමදාස මාස්ටර් වැනි කලාකරුවන් සමඟ ෆිල්-ටී වල ඔබේ සටහන තුලින් සසදල තිබුනේ. මගේ සටහනෙන් මම කලේ එයට යමක් එක් කිරිම පමණයි.

      Delete
    3. ඔබ මට වඩා ඉහළ වයස් පරාසයකින් සහ ඉහල දැනුමකින් යුත් අත්දැකීම් සහිත කෙනෙක් මන් ඔබගේ බ්ලොග් පුරාවටම ඔබගේ මත සහ දැක්මවල් දැක තිබෙනවා. ඒ හැම එකක්ම මාගේ අදහස් හා සමානුපතිකව සමහරවිට 100%ක්ම යන්නවල්. ඒ නිසා මට ඔබ සමග තර්ක කිරීමට නොහැකියි. මෙය තර්ක කිරීමක් යැයිද සිතන්නත් එපා.ඔබෙත්,එරන්දි අක්කාගෙත් මෙම අදහස්
      දැක මන් විපක්ෂිත වුණා. මෙය හුදෙක් මා දරන මතයක් පමණයි.

      1.//මිනිස්සු පෞද්ගලිකව විදින දෙයක් තව මිනිහෙක් කෑ ගහල සද්දෙට කියන්නේ ඒ මිනිහගේ හිතේ තියන ප්‍රෙෂර් එක පිට කරගන්න// ඔව් සමහරවිට..එකගයි....

      2.//ලිංගිකත්වය කුණුහරුපයක් සේ සලකලා, තමන්ගේම ශරීර අංග ගැනයි, ඒවා සම්බන්ධ කරගෙන ලිංගික ක්‍රියාවලිය කරන විදිය ලෝකෙට කියන්නෙයි තිරිසන් ස්වභාවයට ලං වෙච්ච මිනිස්සු// මන් හිතන්නෙ නෑ. තිරිසන් සත්තුන්ට ඕන එකක් එකයි.අපි වගේ ඇස් දෙකෙන් රස විදින්නෙ නෑ. අපි එහෙම නෙවෙයි අපිට ශරීර අංග සහ ලිංගික ක්‍රියාවලිය රමණිය දෙයක්. ඒ රමණිය බවෙහි එක් එක් තැන් රැප් එකක් තුළින් ඇසීමත් රමණීය දෙයක්. අමරදේව ඒක වෙනස් විදියකට "කුමරියකගෙ පා සළඹ" ගැන කියලා කිව්වා.ගුත්තිලයෙ සුරගන වැනුමේ තව විදියකට කිව්වා. ෆිල් ටී එක අරවට වඩා අමුවෙන් කිව්වා

      3. //2 වසරේ ඉන්න පොඩි කෙල්ලොන්ට, කොල්ලො උන්ගේ කලිසම පහත් කරලා පෙන්නන රටක අපි ජීවත් වෙන්නේ// කොයි කාලෙත් ඔහොම එවුන් ඉන්නවා ඒක රැප් වල වරදක් නෙවෙයි.අපේ කාලෙත් හිටියා උන් රැප් අහලා නෙවෙයි එහෙම කරේ. අනික ඔවා දැකලා පුරුදු උනානම් කොච්චර අසහනයක් එන්නෙ නෑ. ඒකයි මන් කියන්නෙ ඕවා පෙන්වන තරමට අසහනය අඩු වෙනවා මිසක් වැඩිවෙන්නෙ නෑ කියලා. ගෑණියෙක් දූෂණය කරන්න ඉස්සෙල්ලා මිනිහෙක්ට ගණිකාවක් හම්බුණානම් ඒ අපරාදෙ වෙනවද? එතකොට සෙක්ස් සුලභ කිරීමෙන්ද ?අසහනේ වැඩී වෙන්නෙ දුලබ කිරීමෙන්ද?

      4.// ඔබ වැඩිවිය පත් වන දියණියකගේ පියෙක් වුන දාකට (එහෙම වුනොත්) ඔබට ඇය සමඟ එකට වාඩි වෙලා මේ වීඩියෝ එක බලන්න කියල මම ආරාධනා කරනවා

      5.//ඒ ඔබ අද ඒ ගැන හිතන විදිය. ඔබ වැඩිවිය පත් වන දියණියකගේ පියෙක් වුන දාකට (එහෙම වුනොත්) ඔබට ඇය සමඟ එකට වාඩි වෙලා මේ වීඩියෝ එක බලන්න කියල මම ආරාධනා කරනවා// දැන් මට අම්මා කෙනෙක් ඉන්න නිසා අපි අම්මව ගමු ඇත්තටම මට අම්මත් එක්කත් මේ රැප් එක එකට ඉදගෙන අහන්න බෑ. හැබැයි අම්මා ඉස්සරහා කරන්න බැරි තව ගොඩක් දේවල් තියෙනවා උදාහරණයකට මට කුණුහර්බ කියන්න බෑ, ගෑණු ළමයෙක්ව කිස් කරන්න බෑ, ඩ්‍රින්ක්ස් ගන්න බෑ....වගේ තව ගොඩක් දේවල් තියෙනවා. ඒ නිසා අම්මත් එක්ක බලන්න බැරි වුණා කියලා මට ඊට විරෝධයක් පාන්න බෑ.

      6.// ඔබයි ලංකාවේ සිටි කේමදාස මාස්ටර් වැනි කලාකරුවන් සමඟ ෆිල්-ටී වල ඔබේ සටහන තුලින් සසදල තිබුනේ// කේමදාස මාස්ටර් කියන්නෙ දැනට ශ්‍රී ලංකාවේ බිහිවෙච්ච සංගීතය සම්බන්ධ අග්‍රතම පුරාවෘත්තය. ඒ හා සමානව යා හැකි කෙනෙක්ට මට පේන්නෙ නදික ගුරුගේ පමණයි. මන් සැසදුවේ ඔහුනොවුන්ගේ සංගිතය නෙවෙයි. ඔහුනොහුන් ලාංකීය සංගීත ඉතිහාසයේ තැබූ සළකුණ. එහෙම සළකුණු තබපු අය මන් හිතන්නෙ ලංකාවේ 10ක් වත් නෑ. ඒ 10 අතරින් එක්කෙනෙක් තමයි ෆිල් ටී. උදාහරණය ලයනල් රන්වල දේශීය සංගීතය සම්බන්ධ අපූරු සොයා ගැනීම් කරා,ක්ලැරැන්ස් ජනප්‍රිය මට්ටමේ සිංහල පොප් සංගීතයක් හදුන්වාදුන්නා, භාතිය- සන්තුශ් හොදට හෝ නරකට 90 දශකයේ අගදී වෙනම හිපොප් රැල්ලක් හැදුවා. ඒ වගේම ෆිල් ටී "සිංහල" හිපොප් සංගීතය සාර්ථකව අත්හදා බලලා ජන්ප්‍රිය කරා.

      අන්තිමට මන් මගේ මුල් ලිපියෙත් කියලා තිබ්බා වගේ කෙනෙකුගේ පෞද්ගලිකත්වය අවුස්සන දේවල් දැමීමට මන් පෞද්ගලිකව කැමැත්තක් නෑ. ඒත් එම විඩීයෝවෙ ශෘංගාරාත්මක් දර්ශණ වල කිසි වැරැද්දක් නෑ.

      Delete
    4. එකම දේ නැවතත් කීමේ තේරුමක් නැහැ. හැබැයි මේ පිළිතුර තුලම ලංකාවට නිසි ලිංගික අධ්‍යාපනයක් අවශ්‍ය බව තමයි ගම්‍ය වෙන්නේ. සැඟවීම, විවෘත වීම සහ අමු වීම අතර ලොකු වෙනසක් තියනවා. විවෘත සමාජයකට අමුවෙන් කීමේ ගැටලුවන් නැහැ. නමුත් විවෘත වීම ඉතා අපහසුයි. ඉදිරි පරම්පරාවෙන් පටන් ගත යුත්තේ එයයි. ඔබට ඔබේ දියණිය සමඟ දිනක ලින්ගිකත්වය ගැන විවෘතව කතා කල හැකි වුනොත් එදාට ඔය වීඩියෝව දිහා එයා හැරිලාවත් බලන එකක් නැහැ. ඒ නිසයි ඔබටයි අම්මටයි එකට ඉදන් එය නැරබිය නොහැකි හේතුව. වර්තමාන සමාජයට මේවා ඉතා ගුප්ත දේවල් නිසා. නමුත් ඔය නිසි අද්යාපන ක්‍රමවේදයක් නෙවේ.

      Delete
    5. සරළවම අපි මෙහෙම හිතමු ඕකෙ කියන තරම් විකෘතියක් තියෙනවනම්. ඔයිට වඩා විකෘතියක් තියෙන ඒවා පෝර්න් සයිට් වල නැද්ද? මේ සිංදුව අහන්න පුළුවන් Youtube එකෙන් විතරයි. Youtube එන්න පුළුවන් කෙනෙක්ට පෝර්න් සයිට් එහෙකට යන එක මීට වඩා ලේසි නැද්ද. අනිත් එක අපි රටක් විදියට කප් ගහපු කට්ටියක් නේ ගූගල් එකේ. ඉතින් මට තේරෙන්නෙ නැත්තෙ මේ වගේ මියුසික් වීඩියෝ එකකින් විතරක් කොහොමද මිනිස්සුන්ගේ මනස විනාශ කරන්නෙ කියලා?

      ලිංගිකත්වය කියන්නෙ ව්ශාල වපසරියක්. සමහර අවශ්ෂ්‍ය දේවල් විතරක් දියණියත් එක්ක කතා කරන්න පුළුවන් මට්ටමට ආවොත් හොදයි. ඒත් මේ වගේ වීඩියෝ එකක් දියණියටයි මටයි එකට ඉදගෙන බලන්න නොලැබේවා කියලා මන් ප්‍රාර්ථනා කරනවා. සියළු කෙලෙස් නසපු දවසකට පුළුවන් වෙයි වැරදිලාවත් එහෙම උනොත්.කොහොම උනත් ඔබේ විවෘත අදහස් දැක්වීමට මන් ගරු කරනවා

      Delete
    6. /මේ වගේ මියුසික් වීඩියෝ එකකින් විතරක් කොහොමද මිනිස්සුන්ගේ මනස විනාශ කරන්නෙ කියලා?//



      ලිංගිකත්වය කියන්නෙ ව්ශාල වපසරියක්. සමහර අවශ්ෂ්‍ය දේවල් විතරක් දියණියත් එක්ක කතා කරන්න පුළුවන් මට්ටමට ආවොත් හොදයි.//

      මේ වීඩියෝව එයින් එකක් පමණක් මිසක එය පමණක් නෙවේ. මෙය පබ්ලිශ් වන්නේ රැප් මියුසික් වීඩියෝවක් ලෙස. ඒ නිසා පෝන් කැටගරියේ වීඩියෝවකට වඩා ශිෂ්ට ලෙස මෙය ප්‍රචාරණය කල හැකියි. ඒ වගේම ඕනේම කෙනෙක්ට සැකකින් බයකින් තොරව ඇක්සස් කල හැකියි. ඒ තමයි එරන්දි කියූ නෙගටිව් මාකටින්. එතකොට මේකේ ටාගටඩ් ඕඩියන්ස් එක තමයි කන්සවේටිව්, කියුරියස්, සෙක්සුවලි එක්සයිඩ් ඇන්ඩ් සෙක්සුවලි අනෙඩියුකේටඩ් මිනිසුන්. ලන්කාවෙ බහුතරයක්, යෞවනයින්, තරුණයින් සහ වැඩිහිටියන් ඉන්නෙ මේ කැටගරියෙ.


      පර්‍යෙශණ වලින් ඔප්පු වෙලා තියන විදියට පෝන් සහ මේ වගේ ඉන්ඩිරෙක්ට් පෝන් වීඩියෝ වලින් සාමාජයිය බලපෑමක් සහ හානියක් වන්නේ එවන් ඕඩියනස් එකකට. බහුතරයක් ලාන්කිකයින් ඉන්නේ ඒ කැටගරියේ. අන්න ඒ නිසා තමයි මෙවන් වීඩියෝ සහ පෝන් යන දෙවර්ගයම ලින්ගික අපයෝජකයින්ව බිහි කරනවා වෙන්නෙ ලන්කාව වගේ රටක. ඒකට තිබෙන පිලියම ඔය වීඩියෝ හදන එක බෑන් කරන එක නෙවේ. නිසි ලින්ගික අධ්‍යාපන ක්‍රමවේදයක් සකස් කිරීම. එතනදි අදහස් වන්නේ සෙක්සුවල් ඉන්ටකෝස් එක කරන විදිය ගැන හෝ හැපි එන්ඩින්ග් එක ගැන දරුවට කියල දෙන්න කියල නෙවේ. දරුවාගේ ලින්ගිකත්වය, පිරිමි ගැහැණු ප්‍රජනන පද්ධතිය, වැඩිවිය පැමිණීමත් සමග ඇතිවන් හෝමෝන ක්‍රියාකාරිත්වය හරහා ඇති වන ලින්ගික හැගීම්, සහ ඒවා ගෞරවාන්විත හැගීම් ලෙස වටහාගෙන තමාගේ ශරීරයට නිසි ගෞරවයක් ලබා දෙන විදිය යනාදී වශයෙන්. ඒ සදහා දෙමාපියන් බුද්ධිමත් විය යුතුයි සහ ඔවුන්ට ඒ ගැන නිසි අධ්‍යාපනයක් ලබා දිය යුතුයි.

      Delete
    7. ලින්ගිකත්වය ගැන විවෘතව කතා කල යුත්තේ දියණියක් සමග පමණක් නොවේ. ඕනෑම ලින්ගයක දරුවෙක් සමග. ඒ වගේම තමාගේ සහකරුවා හෝ සහකාරිය සමග. ඒ වගේම පිරිමියෙකු සහ ගැහැණියක් අතර ඒ සම්බන්ධයෙන් ලොකු වෙනසක් තිබෙනවා, ඒ වෙනස සම්බන්ධයෙන් නිසි අද්‍යාපනයක්ද අවශ්‍යය.

      රස්ති ඔබේ මේ පිලිතුරු දැක්කම මට හිතෙන්නේ, මගේ බ්ලොගයේ බක්කරේගේ පිළිතුරු දැක්කාම හිතුනු දේම තමයි. මේ අදහස් වල ඇත්තේ බොහොම ළදරු තර්ක. තරහින් කියන දෙයක්වත් අපහාසයක් කියන දෙයක් නෙවේ, වැඩිහිටියෙක් විදියට මට දැනෙන දේ. අපි ඕනේම කෙනෙක් දෙයක් ගැන තර්කානූකූල බුද්ධියෙන් හිතනව කියන්නෙ We always should be unbias, and should think about all the possibilities. We have to be open minded when making an argument over any topic. There should not be any conflict of interest about the topic . For example, I should not hate Fill-T or I should not be a fan of Fill-T. Instead, I should be an unbiased critique. If we want to write a logical report, we should filter out all our emotions. We should be professional, focus on interpreting actual facts and data. We really need to put overselves in everybody elses shoes, who are directly related to the story we discuss. As public writers, we always should remember that people follow us. Every single word we write can have an impact on someone elses life. Bad or good, we will be indirectly responsible for that. So, be critical when you lay down your points.

      Delete
  4. රැප් කියන්නෙ මොනාද බං , අද මේ පෝස්ට් එක නිසයි රැප් කියල ඡාතියක් ගැන ඇහුවෙත්

    ReplyDelete
    Replies
    1. සිරා බං , මම සිංදු වලට එච්චර කැමති නෑ

      Delete
    2. දැන් බලපන් කෙල්ලො 5 ක් තියාලා කැමැති කෙල්ල තෝරන්න කිව්වොත් උඹ තෝරන්නෙ එකක්. කෑම ජාති 5ක් තියලා කැමැති කෑම තෝරන්න කිව්වොත් උබ තෝරන්නෙ එකක් මන් තෝරන්නෙ එකක්. දැන් බලපන් උඹ කැමැති හයේ හතරේ සයිස් කෑල්ලකට. මන් ඉතින් උබ එහෙමයි කියලා බතලි බතලි කියලා ඒකිටයි උඹටයි අපහස කරන එක හරිද කියහන්කෝ. මන් අජිත් මුතුකුමාරණට කැමැති නෑ. මන් එහෙමයි කියලා ඌ වල් සක්කිලියෙක් කියලා බනින්නෙත් නෑ.ඒක නෙවෙයිද හරි දේ කියහන්කෝ...

      Delete
    3. අන්න හරි බං , උබ වැලට බර උනාට මම බොට කවදාවත් වලත්තය කියන්නෑ...

      විහිලුවක් කොලේ ඈ.

      Delete
    4. පල පල කුපාඩියා.....

      Delete
  5. fill T මට මනාපයක් නැහැ මචෝ. මම කලක් hip hop සංගීතයෙන් කෙල කාල ලංකාවේ වගේම එංගලන්තයේත් DJ කෙනෙක් වශයෙක් කියන්න තියෙන්නෙ ලංකාවේ hip hop සංගීතය මුලින්ම ගෙනාවේ Brown Boogie Nation කියන ශ්‍රී ලාංකින සම්බවයක් තියෙන සිංගප්පුරුවේ ඉන්න කොල්ලෝ කට්ටියක් කල Colombo කියන rap song එක. ඒක මගේ එක යහළුවෙක් ළඟ තියෙනව අදටත්. උබට කොහොම හරි ඒක එවැන්නන්. අපි ලංකාවේ dj කලේ 1995 දී වගේ කැසට් වලින්.. ඒ සින්දුව අද අන්තර්ජාලේ හොයාගන්න බැහැ. ඒත් මම උන්ගෙ Lions and Tigers - Brown Boogie Nation song එකේ මෙන්න මේ ලින්ක් එක උබට එවන්නං.

    https://www.youtube.com/watch?v=zCQLtJ271YY

    අද BPM බාගන්න තියෙනව. අද apple itunes වල ඉන්න මිනිස්සු ගැන කියල වැඩක් නැහැ.

    උබ හරි. talent කියන්නෙ sex videos නෙමෙයි. ඕනම බලු කුණුහබ්බ නෙමෙයි. සංස්කෘතිය ආගම මට අදාලම නැහැ. හැබැයි මෙතන පොඩි අවුලක් තියෙනව.

    මම එංගලන්තේ music වලින් 2014 වලදී සමුගත්ත. මම එතකොටත් ministry of sound, westham football club වල resident dj වෙලා හිටිය. ministry of sound කියන්නෙ ලෝකේ ලොකුම nigh club. london ministry of sound ගැන google කරල බලහං.

    කොහොම උනත් හොඳ ලිපියක්. උබේ අදහසට ගරු කරනව මම.

    ReplyDelete
    Replies
    1. https://www.youtube.com/watch?v=34muz6zN4V4

      මේ මම gig එකකට යන්න කලින් ගෙදර කල demo එකක්,,

      Delete
    2. හම්මට විස්තර ටිකට බොහෝම ස්තූතියි තව මොනාවා හරි විස්තර තියෙනවනම් පුලූවන්නම් මේ මේල් එකට දාන්න romanthikarasthiyadukaraya@gmail.com මන් වගේම එවුන් හදුනාගැනීමත් ලොකු සතුටක් එල ඈ.....

      Delete
    3. ok මචං මගෙ යාලුව මගේ email එකට reply කළා. බුවා අද ඉන්නෙ මෙක්සිකො. අනිද්ද ගෙදර ගියගම මට ලින්ක් එක download කරන්න විදිහට එවන්නං කියල කිව්ව.

      Delete
    4. එල එල බොහොම ස්තූතියි ඈ.......

      Delete
    5. ඔන්න උබට එව්ව.

      Delete
    6. පට්ට ඈ....මන් බලන්නම්....

      Delete
  6. ෆිල්ටී ගේ සිංදුවට අකමැත්තක් නෑ, ලොකු කැමැත්තකුත් නෑ , මොක්ද මට හිපොප් සෙට්වෙන්නේ නැති නිසා. හැබැයි වීඩියෝව ගැන කියනවනම් , මට නං ඕකට වඩා ෆිල්ටිගෙම ශාන්ති සින්දුවේ වීඩියෝ එක හොඳයි

    ReplyDelete
    Replies
    1. අන්න කොල්ලො එල හොදේ......සිංදු නෑහුවට වීඩියෝ එක කෝමද මල්නේ....
      "ගිනි ගන්නේ ගිනි ගන්නේ
      ලැව් ගින්නෙන්
      බිලි ගන්නෙ බිලිගන්නේ
      දැලි පිහියෙන්
      නැලවෙන්නෙ නැලවෙන්නෙ
      සූස්තියෙන්
      මම ශාන්ති නෑ දැන් කේන්තියෙන්"

      Delete
  7. https://www.complex.com/music/the-greatest-rap-songs-about-sex/

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් හොදේ ඔන කටිටියට බලාගන්න ලින්ක් එක සුද්දො කරපු කුණුහර්ප සිංදු 50ක්ම

      Delete
    2. https://www.youtube.com/playlist?list=PLWUV592C1De5ghddbDlelUh5roRvaZE3t

      https://mycolumbuspower.com/2400493/top-10-raunchiest-rap-lyrics-of-all-time/

      Delete
    3. ස්තූතියි හොදේ ඉංග්‍රීසි කුණුහර්ප සිංදු ලැයිස්තුවට...මොනා උනත් උන් අපේ හුගක් මිනිස්සුන්ට වඩා වාසනාවන්තයි...කනවා,බොනවා, *කනවා, ආතල් එකේ ඉන්නවා. අපේ වාහේලා ගූගල් එකෙත් කප් ගහන ගමන් උන්ගෙ ආතල් බල බලා *තේ ගහනවා. ලංකාවෙ කොල්ලෙක් වෙනසක් කරාම උගේ ස්ටයිල් එක අජියගේ සිංදු වලට වගේ ඇඩෙන්නෙ නෑ.ඒ නිසා අපේ රටට ගැළපෙන්නෙ නෑ. උත්තර භාරතීය සංගීතය තමයි අපේ උරුමය කියලා කෑ ගහනවා. කෙල්ලෙක් ඇරලා පෙන්නුවයින් පස්සෙ. නිරුවත කියන්නෙ ඕක නෙවෙයි ඕක මොලේ අමාරුව. නිරුවත කලාත්මකයි සැබෑ නිරුවත අත ගෑවත් එන්නෙ නිකන් සම්භාවනීය ෆීලීන්ග් එකක් කියනවා..... අඩුම ගානෙ ආතල් එකක් ගන්නෙ නැත්තම් ආතල් ගන්න එකාටවත් ආතල් එක ගන්න දෙන්නෙ නෑ තියෙන ගොබ්බකමට.ගොබ්බකම කොහොමද කිව්වොත් ගිහින් ෆිල්ටියගෙ වීඩියෝ එක රිපෝට් කරනවා. හැබැයි මොකෙක් හරි පරයෙක් අහිංසක කෙල්ලෙක් කොහෙට හරි ඇදලා ලීක් කරොත් ලින්ක් හොයා හොයා යයි සෝමාලියාවට උනත් පෝලිමෙම. අනේ හුකේ බලාගේ සංස්කුරුතිය ඕකනම් ගහගනින් පුකේ කියලා තමයි මට කියන්න තියෙන්නෙ.

      Delete
  8. උබගේ පට්ට රැප පවුලේ අය සමඟ රසවිදීමට ගොස් , දත් නැතුව බත් කෑමට සිදුවන තත්වයකට මුහුණ දුන් බව සතුටින් සිහිපත් කරමි...

    කවුද යකෝ හිතුවෙ මේක අංගම්මන සුමන ටයිප් එකක් කියල...

    මම රැප් කියල හි⁣තුවට මෙහෙම දෙයක් හිතුවෙ නැ

    ReplyDelete
  9. මචං චින්ති වගේ සීමාවල් දැනගෙන යමක් කරන්න උත්සාහ කරපු සිංහල රැප් ආර්ටිස්ට්ල ඉන්නවා. නමුත් පොතක හෙළුවැලි පින්තූර දාල පට්ට වල් කවරයක් දැම්මම වටිනාකමක් තියෙන්නෙ ඒක පෝර්න් පොතක් නම්. එහෙන නැති තැන එතන හෙන නොගැලපීමක් අජූත බවක් තියනවා.

    අද සිංහල රැප් "කලාව"ත් එහෙමයි. සින්දුවක නම, අන්තර්ගතය සහ එය ඉදිරිපත් කිරීම අතර සෑහෙන නොගැලපීමක් තියනවා. ඒ නිසා ඔය කියන Fill T මට ටිකක් නෙමෙයි හොඳටෝම Filthy. උඹ කිව්වා වගේම ඒ මගේ අදහස මිසක් ඒ අනිත් හැමෝගෙම අදහස වෙන්න ඕන නැහැ.

    Fill T කරන දෙය උගේ ආසාව නම්, ඌට ආස අය කැමැති නම් මට මොකෝ ?

    අනික හැම හරවුම ලක්ෂයම හොඳ නැහැ , අපේ රටේ ප්‍රභාකරන් කියන්නෙත් හැරවුම් ලක්ෂයක් තමයි ඌත් ලකුණු තිබ්බ නමුත් කොයි පැත්තටද කියල මතකනේ ?

    ReplyDelete
  10. කලාව කියන දේ වැරදියට භාවිතා කරන ඡාතියක් ඔබලා... ඔබලා විතරක් නෙවේ මේකේ ඉන්න ගෑනු ඊට එහා.. එක අතකින් ඔබලා වැරදිත් නෑ.. ඒ ඒ අසහන තත්වයෙන් ඉන්න ගෑනු මේවාට පෙනී ඉන්න කැමතිනම්.. ඔහුන්ට උන්ගේ අම්පා , පාසැල් වලින් නිසි අධ්‍යාපනයක් ලබාදීල නැත්තන් මේ වගේ දේවල් වෙනවාා.. ඒකයි මේ රටවල් වලට හෙන ගහගෙන ගහගෙන යන්න මුල... සමහර කෙල්ලන්ට පාරේ අහවල් දේ කරන්න කීවත් ඒකේ ප්‍රශ්ණයක් නැතුව දෙනෝ දාාහක් බලන් ඉද්දි උනත් කරයි... මේ වා ඒ ඒ අයගේ හැදියාවේ තත්වය වගේම ආකල්ප වල තත්වයයි... මිනිස්සු දියුණු වෙන්න වෙන්න හැදියාව කියන එක දියුණු වෙන්න ඕන.. සන්වර කම ඇතිවෙන්න ඕන... එහෙම නැතුව සත්තුන්ගේ තත්වයට තිරිසන්නුන්ගේ තත්වයට පත්වෙලා හැදියාවක් සදාචාරයක් සබ්යත්වයක් නැති උන් බවට පත්වෙන එක නෙවේ දියුණුව කියන්නේ.... සත්තු වගේ උනාට කමක් නෑ. ඒවා ප්‍රසිද්ධ නොකර හැදියාව කියන එක දියුණු කරගෙන කරන දේවල් හංගගෙන කරන්න පුරුදු උනොත් තමා හොද....... ඒවට අපිනම් කියන්නේ එලිපිට කරන ඒවා සහ එලිපිට නොකරන ඒවා කියලයි.. ඒත් දැන්කාලේ ඉන්න සමහර වේසා සත්තවයට පත්වෙච්ච ගෑනු සහ පිරිමි තම තත්වය පිලිබද ප්‍රසිද්ධ කරනවා.. ඒ ඔහුන්ගේ තත්වයයි.. වේසාකම උනත් ප්‍රසිද්ධ කරන්න විධි තියෙනවා.... ඒ ඒ අසහනකාරි තත්වයන් වලට බෙහෙත් ඒ ඒ තැන්වලින් ගන්න එක තමා වඩා යෝග්‍ය....

    ReplyDelete