10 June 2018

ගෘහස්ත ගණිකාවණි එන්න සමනළයින්ට වෙඩි තියන්න


එන්න සමනළයින්ට 
වෙඩි තියන්න
පපුවෙ හරි මැදටම
ඉලක්ක කරලා
වෙඩි තියන්න
ගිහින් නන්නත්තාරේ 
ආයෙත් ඇවිදින් කිසිවක් 
නොවුවෙකු සේ
තවත් කතා දහසක් කිය කිය ගොතපන්
වෙඩි තිබ්බා මදිනම් චප්ප කරලම දාපන්
පිළිකුල් ආත්මයකට
පෙම් බැදි
ඒ අහිංසක හදවත

-රෝමාන්තික රස්තියාදුකාරයා-
RomanthikaRasthiyadukaraya/facebook

26 comments:

  1. අහින්සක හදවත් මරලා දාන්න දුක නැද්ද හැබෑටම.

    (රෝමා කෝල් එකක් දියන්. තොරතුරක් දැනගැනීමට .

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒකනෙ බන් දුක නෑනෙ දශමයක්වත්. එල එල මන් කෝල් එකක් දෙන්නම්.....

      Delete
  2. Replies
    1. ප්‍රස්නයක් කරගන්න එපා තේරුනා වගේ කමෙන්ට් කරන්න. මොනවත්ම නොතේරුනාම මං "හ්ම්ම්" කියනව. එතකොට මට ගැඹුරටම අවබෝද වෙලා වගේ

      Delete
    2. සදවතී නොතේරෙන කවි ඇතුලේ අපිට අපේම තේරුම් හදාගන්න ලේසියි තේරෙන කවි වලට වඩා...ඒත් මන් ගෘහස්ත ගණිකාව කියන වචනයෙන් අදහස් කරේ විවාහක කාන්තාව ඒ වගේම කවියෙන් ලියන්න උත්සහ කරේ විවාහක කාන්තාවක් අනියම් සුවයකට යාම ඒම සැමියාට හසුවීමෙන් පසුව ඒ සැමියා තුළ ඇති වූ කැලැඹිම මේ යැයි සිතා සිතුණ දෙයක්...

      Delete
    3. Pra Jay හත්දෙයියනේ හ්ම්ම් හ්ම්ම් ගාපු කිසිම කවියක් තේරිලා නැද්ද ඒ කියන්නෙ?? )))) කොහොමත් කවියක් ගීයක් තේරෙන්නම ඕනෙම නෑ. මොකද එහෙමැයි කියලා හුගක් ඒවා තේරෙන්නෙත් නෑනෙ. මොකද ලියපු එකා ඇර අනිත් එවුන් දන්නෙ නෑනෙ මූ මොකකට ලිව්වද කියලා. මම උනත් ගීයක්,කවියක තේරෙන පදයක් දෙකක් අල්ලගෙන රස විදලා තියෙනවා සැබෑ තේරුම් දන්න කවි වලට වඩා. ඒකට කියන්නෙ මොකද්ද රීඩර්ස් රයිට් කියලා නෙවැයි.

      Delete
    4. https://gretchenrubin.com/2013/04/the-10-inalienable-rights-of-the-reader/

      Delete
    5. අන ඒකනෙ ඔය තියෙන්නෙ දහයක්ම

      Delete
  3. ගණිකාවො කියල දැකපු නිසා බලන්න ආව, සමන⁣ලයො කියන එක දැකපු නිසා යන්ට යනව

    ReplyDelete
    Replies
    1. මන් ඉස්සරහට දාන හැම මාතෘකාවක් ඉස්සරහටම ගණිකාවෝ කියලා දානවා..ඒකත් හොදයි මාකර්ටින් ටිප් එක...

      Delete
  4. "ආයෙත් ඇවිදින් කිසිවක්
    නොවුවෙකු සේ
    තවත් කතා දහසක් කිය කිය ගොතපන්"

    ගොඩක් අය මෙහෙම තමයි ... හරියට බැලුවොත්

    http://magelokaya01.blogspot.com/2017/09/2017-faculty-of-sex-chinthana-dharmadasa.html

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත බැලුවා..බොහොම අගෙයි....

      Delete
    2. බොහොම ස්තුතී ඔයාටත්

      Delete
  5. සාවධානව පටන් අරගෙන මදක් යනකොට කේන්ති ගිහිං.. රිදෙන්නම වැදුණු එකක් වගේ.. :)

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්න ඇති නේ...)))))

      Delete
  6. සමන⁣ලයො තමයි වෙඩි තියන්නේ.....

    ReplyDelete
    Replies
    1. නෑ ගෘහස්ත ගණිකාවෝ තමයි සමනලයින්ගේ හදවත් තිරිසන් විදියට කිතූ කීතු කරේ

      Delete