06 September 2021

සුභ ගමන් ලෙජන්ඩ්.................


අද උදෙන්ම ඇහෙරෙන්නෙ සුනිල් පෙරේරත් යන්න ගිහින් කියන මහ අවාසනාවන්ත ප්‍රවෘත්තියත් එක්ක. අපේ පරම්පරාව කුඩා කාලයේ ඉදන් කියවපු, රස විදපු මිනිස්සු දැන් දැන්  කොරෝනත් එක්ක යන්න අරගෙන.  වයසින් වියපත් නොවුනත් ඔහුන් යනකොට මට දැනෙන්න ගන්නවා අපිත් කෙමෙන් කෙමෙන් වැඩිහිටියන් වෙමින් යනවා කියලා.

මංගලත් ගියා

සුනිලුත් ගියා

ලංකාව ඇතුලෙ මිනිස් සිතුවිලි ලස්සන කරපු ලස්සන්නම ලස්සන මිනිස්සු එකින් එකා යනවා. සුනිල් පෙරේරගේ අසමසම දැවන්තම සංගීතමය පරිජ්ජේදය එසේ අවසන් උනත් ඔහුගේ සුන්දර සංගීත රටා වගේම ඔහුගේ ලස්සන සිතුවිලි  සසර සරන තුරු නිවන් දකින තුරු පිංකෙත හෙළ රන් දෙරණෙ යළි යළිත් විරාජමාන වේවි.


සුභ ගමන් ලෙජන්ඩ්.................

11 comments:

  1. කන බොනකොට ගැවසෙනකොට හැප්පෙනකොට සමාජයේ
    නිල අහුවෙයි, රිද්මෙ දැනෙයි ටක්කේටම ගැහෙන ළයේ
    ගොනු කරමින් ඒ සේරම, එක මිටකට රැගෙන තියේ
    සුනිලුන්ගේ ගී එකයි කාටත් අල්ලලා ගියේ!

    පුහුදුන් මිනිසෙකිය සුනිලුත් අප වාගේ
    ඒත් වැරදි පිළිගත්තා, එයයි අගේ
    කොන්ද කෙළින් තියාන ඊ ගහ වාගේ
    හිටි එකටයි, සුනිලුනි සැලියුට් මාගේ!

    ReplyDelete
    Replies
    1. ලංකාව ඇතුලෙ හැම තරාතිරකම මිනිස්සුන්ගෙ මේ තරම් හොදට නිල අල්ලපු ගායකයෙක් නැ.

      හැම කාලෙකදිම විටින් විට දාන හුගක් ගීත ඒ කාලවල් වල හිට් වෙලා තියෙන ගීත අතරින් සුපර් හිට් එක වෙනවා (ඕජායේ, සිඤ්ඤෝරේ,ලංකාවේ එහෙම වෙන්නෙ නෑ,අයි ඩොන්ට් ක්නොව් වයි, කොත්තමල්ලි..........)

      Delete
  2. ඔහු අපූරු පුද්ගලයෙක්.. ඒකෙ විවාදයක් නෑ. නමුත් ලංකාවට නොගැලපෙන නෙවී ලංකාවෙ අයට නොදිරවන ගති ඔහු තුළ තිබුණා.. ඉතිං පොඩි පොඩි ඝට්ටනුත් තිබුණ නේද. ඔහු ඒව මායිම් කළා කියල හිතන්නෑ.

    මාර්කස් මහත්තැනුත් සුනිල් ලොක්ක ගැන ආටිකල් එකක් ලියල තිබ්බ
    https://marcuspriyanthaperera.blogspot.com/2021/09/blog-post_7.html

    ReplyDelete
    Replies
    1. ඔව් හොද නරක දෙකම තිබ්බ ස්භාවික ලස්සන මනුස්සයෙක්,

      ගිහින් කීයෙව්වා රසවත් සටහනක්

      Delete
  3. රස්ති,
    ජොලි පද මාලා, තනු සහ සංගීතය සැපයූ. විවෘතව කතා නොකරන සමාජයේ යම් යම් පැති ගැන කෙලින් කතා කළ ගීත නිර්මාණය කළ, සහ තමන් විශ්වාස කළ දේ ගැන නොබියව පෙනි සිටි හොඳ මිනිහෙක්...

    ReplyDelete
    Replies
    1. ආර්ට් කාරයෙක් විදියට මිනිහට මින්හගෙ ටැලන්ට් එක ගැන තිබ්බ විශ්වාසය සහ වෙන ගායකයෙක්ට කිට්ටු කරන්නවත් බැරි හම්බකරන සල්ලි කන්දරාවත් එක්ක. මිනිහට කවදාවත් දේශපාලකයෙක් පස්සෙ යන නාලාකාරයෙක් වෙන්න ඕන වුනේ නෑ

      Delete
  4. සුභ ගමන්, මට අවුල්

    ReplyDelete