13 May 2023

ධම්මික පෙරේරා සළකුණ



මට ධම්මික පෙරේරා ගැන කියන්න කලින් පොඩි කතාවක් තියෙනවා කියන්න. සමහර විට මන් කියන සමහර කාරණ ගැන ප්‍රැක්ටිකල් අවබෝධයක් නැති අයට ඒක උදව්වක් වේවි මේ කතාවෙ ඉදිරියට යන්න. 
                                      මන් මීට අවුරුදු කිහිපයකට කලින් විවෘත විශ්වවිද්‍යාලයේ එක්තරා අධ්‍යයණ කටයුත්තකට නියැළුනා. එකෙ තිබ්බ එක විෂයක් තමයි "Quantitative Techniques"  කියන්නේ ඒක ගණිතයට බර විෂයක් නිසාත් අනිත් විෂයන් තියරි සබ්ජෙක්ට් නිසාත් මන් වැඩි බරක් දුන්නෙ තියරි සබ්ජෙක්ට් වලට මොකද ගොඩක් පාඩම් කරන විෂයන්ට සාපේක්ශව ගණිතය වඩා පහසු නිසා.
                  ඒත් විභාගෙ ලංවෙලා මේක කරන්න හැදුවම තමයි අන්තිමට පිස්සු හැදුනේ. පාස් පේපර්ස් වල තියෙන ඒවා යූටියුබ් එකේ හෝ ගූගල් එකේ හොයන්න ගියත් පිස්සු හැදෙනවා.අන්තිමේදී මම ඒ විෂය ෆේල් වුණා. ටිකක් සබ්ජෙක්ට් එක අමාරු නිසා සැලකිවයුතු පිරිසක් ෆේල් වෙලා තිබ්බා වගේම පාස් වෙච්ච එවුනුත් හිටියත් ගොඩක් හිටියේ යන්තම් ගොඩගිය එවුන්

කොහොම හරි දැන් එක සබ්ජෙක්ට් එකක් ගොඩදාගන්න අවුරුද්දක්ම තියෙන නිසා ආතල් එකේ හිටියත් පොඩි කාලයක් යද්දි තේරුණා වැඩේ දෙල්වේගෙන එනවා කියලා. ලෙක්චර්ස් ගියත් තේරෙන්නෙ නෑ. ඉන්පස්සේ  Quantitative Techniques කරන ප්‍රයිවෙට් ගුරුවරු ෆේස්බුකියෙන් සර්ච් කරලා බැලුවත් හරිහමන් කෙනෙක් සෙට්උනේ නෑ. මොකද  AL  සබ්ජෙක්ට් කරන ගුරුවරු තමයි හිටියේ පාස්පේපර් එවන්න කිව්වත් සමහර ගුරුවරු කරන්න පුළුවන්ද බෑද බලන්න, අන්තිමට බෑ කියලවත් රිපලයි එව්වේ ටික දෙනයි.
                                       වැඩිපුර ගානක් දීලා හරි ඉගෙන ගන්න කට්ටිය සෙට් වෙලා හිටියත් ගුරුවරයෙක් සෙට්උනේ නෑ. ඉන්පස්සෙ මගේ අන්තිම ප්ලෑන තමයි අපේ අක්කා කෙනෙක් එයා පාසල් ගුරුවරියක් උසස් පෙළට උගන්වන QT වලින් උපාධියක් සහ මාස්ටර් එකක් කරපු. ඒත් එයා සෑහෙන මහන්සි වෙලා මට පාඩම් කිහිපයක් ඉගැන්වුවත් ඒක ප්‍රමාණවත් උනේ නෑ.මොකද එයා දන්නෙත් උසස්පෙළ විෂයන් ගැන ඊට පිටිනුත් ගිහින් ඉගැන්නුවත් මට තේරුණා වැඩේ දැන් බොරවෙලා ඉවරයි කියලා.
                                  ඒ අතර තමයි මට අහම්බෙන් එම ආයතනය ඔන්ලයින් ඉගෙනගන්න අයට හදපු ෆෝරම් එකකට ඇක්සස් ගන්න හම්බුනේ. ඇත්තටම පුදුම ගේමක් දුන්නා ඒකට ඇක්සස් ඉල්ලා ගන්න මොකද ෆිසිකල් ඉගෙනගන්න අයට දෙන්නෙ නෑලු.අලුත් අයට විතරලු. ඊමේල් දැම්මා හතර වටේටම,හම්බවෙන්න ගිහිනුත් කිව්වා කීපපාරක්ම. දන්නවනෙ රජයේ ආයතන වල තත්වේ. එක ඊමෙල් එකට කෝල් 50ක් විතර දෙන්න ඇති සමහර අයට උපරිම ඇණයක් වෙලා හදාගත්තා. ඒත් ඒක නිකන් අන්තිම උත්සහය වගේ ඇක්සස් ගත්තට මට ලොකු අදහසක් තිබ්බේ නෑ මේකෙන් ලොකු ප්‍රයෝජණයක් ඇතිවෙයි කියලා.

සරළවම ඒකෙ ඇතුලේ තිබ්බෙ මෙච්චරයි
01. සිලබස් එක මොකද්ද කියලා තිබ්බා. ඒ කියන්නේ ප්‍රධාන පාඩම් ටික සහ අනු මාතෘකා ටික. විස්තරාතමකව තිබ්බා. (විෂය කරුණු නෙවෙයි. ප්‍රධාන මාතෘකා සහ අනුමාතෘකා ටික)
02. පාඩමෙන් පාඩමට පිළිවෙලට ලෙක්චර්ස්ලා කරන වීඩියෝ තිබ්බා
03. පාස්පේපර් තිබ්බා උත්තරත් එක්ක.
04. පහුගිය අවුරුදුවල පාස් පේපර් තුනක් දාලා තිබ්බා ගුරුවරයෙක් විසින් ප්‍රශ්ණ සාකච්චා කරන වීඩියෝ දර්ශණත් එක්ක.
05. විෂය සම්බන්ධ ගුරුවරයගෙන් අපිට කැමැති ප්‍රශ්ණ අහන ෆෝරම් එකක්. 

ඉතින් මම සිලබස් එක බලලා එක පාඩමක වීඩියෝ එකක් බලන්න ගත්තා. සිලබස් එකත් මොකද්ද කියලා ඩීටේල්ස් එක්ක දීලා තියෙන නිසා තව පැහැදිළි කරගන්න කීවර්ඩ් ටික යූටියුබ් එකේ ගහ ගහා වීඩියෝ බලද්දි මට තේරෙන්න ගත්ත මට නිකන් නිර්වාණය පැහැදිළි වෙන්න අරන් කියලා. පාස් පේපරේ ඒ ගාන හදන හැටිත් බලලා. හැදුවා ගාණක්. වැඩේ ගොඩ.
                          මන් මාස තුනක් වගේ කාලයක් එකදිගට වීඩියො බල බල.යූටියුබ් බල බල හදන්න ගත්තා ගණන් පාඩමෙන් පාඩමට.කොච්චර ගණිතය වගේ නීරස සබ්ජෙක්ට් එකක් උනත් එකින් එක පාඩම් තේරෙනකොට ඇබ්බැහි උනා.ආසඋනා. මන් උදේ පාන්දර නැගිටලත් ගණන් හැදුවා.
                                                     අපි ලියන්න ඕනෙ පේපරේ මට මතක විදියට පැය 04යි ප්‍රශ්ණ 07කින් තමන් කැමති ප්‍රශ්ණ 05ක් තෝරගන්න ඕනෙ. ඉතින් මන් කරන්නෙ එක ප්‍රශ්ණෙකට අදාළ පාඩම් ටිකේ ලෙක්චර්ස් ටික නැවත නැවත තේරෙනකම් බලනවා, ඒ සම්බන්ධව යූටියුබ් විඩියෝ බලනවා,පාස් පේපරේ හදනවා බලනවා. ඉන්පස්සෙ ගාණක් හදලා හරිද කියලා දීල තියෙන උත්තරත් එක්ක බලනවා. මන් කොච්චර සාර්ථකව ඇබ්බැහි වුනාද කිව්වොත් මන් ගියේ විභාගෙට ප්‍රශ්ණ 07ටම ලියන්න ලෑස්තිවෙලා. ලකූණු 45ට වඩා අරගෙන පාස් වෙන්න නෙවෙයි 100% ම උනත් ගන්න බලාගෙන.
                        අන්තිමේදි මන් ඒ එක්සෑම් එක සුපිරියටම ගොඩගියා. ඇත්තටම ඔන්ලයින් ඉගෙනීම ගැන මම පුදුමයෙනුත් පුදුමයට පත්වුණා.
                                          ඒ තමයි මගේ මුල්ම සාර්ථක ඔන්ලයින් ඉගෙනීම.  මන් කල්පනා කරා දෙයියනේ මේ ක්‍රමේට උගන්වන්න පුළුවන්කම තියෙද්දි ඇයි මේ පන්තියක් අස්සේ දාන් උදේ ඉදන් හවස් වෙනකම් මිනිස්සු ඇනුම් ඇර ඇර  ඉගෙනගන්නෙ කියලා. මේ ක්‍රමය සාර්ථක වෙන්න කරුණු කිහිපයක් තියෙනවා.

01.ගුරුවරයෙක්ට පුළුවන් පැය දෙකයිනම් පාඩමකට යන කාලය. ඒ කාලේ ඇතුළත උපරිම ශිල්ප දාලා උගන්වන්න.ලංකාවෙ වගේ රටක අවුරුදු බර ගාණක් ඒ විඩියෝ එකම හැම අවුරුද්දෙම එවුන්ට දෙතෑකි. මොකද අධ්‍යණය මලාට යාවත්කාලීන වෙන්නෙ නැති නිසා. 
02.උගන්වන විෂය කරුණු ඩබල් චෙක් කරන්න වෙනවා මොකද බොරුකරලා මාට්ටු උනොත් පජාතයි. ගුරුවරු ගුරුවරු අතර තරගෙ තියුණුයි.මොකද පන්තියෙ පිට ඉන්න ඕනෙ එකෙක්ට බලන්න, සංසන්දනය කරන්න පුළුවන් නිසා උපරිම සංදර්ශණ දාලා උගන්වන්න වෙනවා.
03.නිවැරැදි කිරීම් කරන්න,යාවත්කාලීන කිරීම් කරන්න පහසුයි.
04.ළමයට නවත්ත නවත්ත නැත්තම් රිවයින් කර කර මොලේට සමනල ගැටේ වැටෙනකම් තේරුම් ගන්න පුළුවන්.
05.ඔක්කොම මැටේරියල් ටික දීලා තියෙන නිසා ළමයට තියෙන්නෙ ෆෑන් එකක් දාගෙන කෑමක් කාගෙන සැපේ ඉගෙනගන්න එක විතරයි.

මේක තියෙන එකම අහිතකර දේ පාසල් ළමුන්ට එහෙම සෝෂලයිස් වෙන්න තැනක් නැතිවෙන එක විතරයි.ඒකට ඕනතරම් විකල්ප හදලා දෙතැකිනේ ඉතින්. 

                                       මන් නිකන් ඉන්න වෙලාවට කල්පනා කරා මේ ක්‍රමය තවත් සාර්ථක වෙන්න මොනවද තවත් කරන්න පුළුවන් කියලා. මන් හිතුවා කරුණු කිහිපයක්. මෙන්න ටික දවසක් යනකොට මන් දකිනවා ධම්මික පෙරේ‍රා DP Education කියලා එකක් පටන් අරන් මන් ගියා වෙබ් පිටුවට නිකන් නෙක්ස්ට් ලෙවල් වැඩක් ඒක. මන් හිතුවටත් වඩා සෑහෙන දුරත් අරන් ගිහින්. ඇත්තම මන් ලංකාවෙ දැකපු දේවල් වලින් පට්ටම වැඩෙ තමයි DP Education කියන්නෙ. ඒ තරම් මාව පුදුමයට පත්වෙච්ච වැඩක් මන් ලංකාව ඇතුලේ දැකලා නෑ.
                                ධම්මික පෙරේරා ගැන එතෙක් තිබ්බ මගේ කියවීම අංශක180' ටම පෙරළුනේ මේ වැඩත් එක්ක. මේ පෝස්ට් එක දැම්මම ධම්මික පෙරේරගෙ කුණු ගොඩක් හරි බදු වංචාවක් ගැන හරි, මහින්ද රාජපක්ෂ ගැන හරී කියලා මිනිස්සු කමෙන්ට් කරයි. ඇත්තටම මාත් මේ සිද්ධියට කලින් කරේ එහෙමයි. ඒත් DP Education වෙනම ලෙවල් එකක්. එලෙවල් එකේ පතුල ගාවටවත් ආපු කිසිම දෙයක් මන් මෙතෙක් ලංකාව ඇතුලෙ දැකලා නෑ.

අපේ රටේ විරයෝ කියන්නෙ බොරුකාරයොන්ට. මේවා කව්රුත් කියන්න භය ඇත්ත. උදාහරණයකට W.W. කන්නන්ගරට මිනිස්සු පිළිම හදලා වදින්නෙ නැති එක විතරයි නිදහස් අධ්‍යාපණයේ පියා කියලා. ඒත් ලංකාවේ ප්‍රධාන පාසල් 07,08 ක ඇර අනිත් හැම ඉස්කෝලෙකම එක කොල්ලෙක් කෙල්ලෙක් ඕ ලෙවල් පාස්වෙන්නෙ නෑ ටියුෂන් යන්නෙ නැත්තම්. විශේෂයෙන්ම ගණිතය,ඉංග්‍රීසි, විද්‍යාව වගේ විෂයන් වලට. මේ කියන්නෙ වගකීමෙන්.
                        කන්නන්ගරගේ අම්මට සිරිවෙන අධ්‍යාපණ ක්‍රමයෙන් හැදුනේ රටට බරක්වෙන වියදමක් සහ කිසිම ඵ්ලදායිතාවයක් නැති අධ්‍යාපණ ක්‍රමයක්. සිස්ටම් එකක් හදුන්වාදෙනවා කියන්නේ ආ ඉගෙනගනින් කියලා නිකන් ඉගෙනගන්න දෙන එක නෙවෙයි. අධ්‍යපණ ක්‍රමයට පැවැත්මක් තියෙන විශේෂයෙන් රටට බරක් නොවෙන වියදමක් තියෙන ක්‍රමයක් හදන එක.

හොරව්පතානෙ එකාටත්, යාපනයේ එකාටත්, අම්පාරේ එකාටත්, මාතර එකාටත්, කොළඹ එකාටත් එකම කොලිටියෙන් ඉගෙනගන්න හිතාගන්න බැරි මට්ටමින් යාවත්කාලීන වෙන සිස්ටම් එකක් හදපු ධම්මික පෙරේරා කියන්නෙ මට ලංකාවෙ ඇතුලේ හම්බෙච්ච හිතාගන්න බැරි විශ්මයජනක අදහස් තියෙන මනුස්සයෙක්. 

                                      ඒ මනුස්සයා අද ඉන්න තැන ඒකට උත්තර දීලා තිබ්බත්. අනේපිඩුලා වගේ ෆොටෝශූට් සහනාධාර මොඩෙල් එකේ ඉන්න බිස්නස්කරයොයි, උන්ගේ ලබ්බටත් වඩා ලංකාව කියන ලබ්බට ආදරේ කරනවයි කියලා වැලපෙන බිස්නස්කරයොයි, හැමදාම උදේ 03ට නැගිටලා පස්සෙන්දා උදේ 02.59ට නිදාගන්න මෝටිවේසනල් බිස්නස්කරයොයි අතර ධම්මික පෙරේරා කියන්නෙ ස්මාර්ට් බිස්නස්කාරයෙක්. ඒ වගේ මිනිස්සු වැඩිය බිහිවෙන්නෙ නෑ.එහෙම මිනිස්සුන්ගෙන් ප්‍රයෝජන ගන්න. 

සෙස්ස පස්සට.

ප.ලි - මේ තියෙන්නෙ වෙබ් පිටු ටික.ගිහින්ම බලන්න.

➤ DP IELTS 👉🏼 https://dpielts.com ➤ DP Education 👉🏼 https://dpeducation.org ➤ DP Digital University 👉🏼 https://dpuni.org ➤ DP Kids 👉🏼 https://dpkids.lk ➤ DP Coding School 👉🏼 https://dpcode.lk

-රොමාරස්-

20 comments:

  1. අජිත් ධර්මකීර්තිMay 13, 2023 at 3:22 PM

    ඔබතුමා ධම්මික පෙරේරා මහත්තයගේ මිඩියා එකේද වැඩ කරන්නේ ?

    ReplyDelete
  2. කන්නන්ගර නිදහස් අධ්‍යාපනය දෙන්න හදපු කාලෙ කුළ බේදය නිසා රෙදි අපුල්ලන එකාගෙ ළමයින්ට රෙදි ඇපිල්ලීම සහ හාමුගෙ උවමනා පිරිමැසීම හැර මොනම විකල්පයක්වත් නොතිබ්බ කාලයක්. අයිතිහාසික කාරණා ලියනකොට ඒ කාලයේ සමාජය මොනවගේ එකක්ද කියල බලන එක වැදගත්. රෙදි අපුල්ලන එකාගෙ ළමයින්ට ඔන්ලයින් කෝස් කරල විබාග පාස් කරන්න ඉඩක් සමාජයේ තිබ්බෙනෑ, කන්නන්ගර කලේ ඒ කැලෑව එළි කරල අඩි පාර කපපු එක, ඒක තමා අමාරැම වැඩේ, ඊට පස්සෙ ඒ අඩිපාර ලොකු කරන එක හෝ තාර දාන එක හෝ හයිවේ කරන එක නෙමේ ලොකුම වැඩේ.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. වැරදියි.
      01. කන්නන්ගර කරේ ජනප්‍රිය මොඩල් එකේ වැඩක්. ඒවා ජනප්‍රිය වැඩ මිස.දැනුමකින් කරපු වැඩක් නෙවෙයි.
      02. රෙදි අපුල්ලන අයට උගන්වන්න ඕනෙ උනානම් මුදල් නොගෙවා ඉගෙන ගන්න අධ්‍යාපණය දෙන්න ඕනෙ ඒ මිනිස්සුනට. ඒත් කරේ සහනාධාර දෙන්න ඕනෙ එකාටයි නැති එකාටයි හැමෝටම දෙන එක. රටේ ජාතික අදායමෙන් 80%ක් භුක්ති විදින්නෙ 20%කටත් වඩා අඩු පිරීසක්. ඒත් රටේ ආණ්ඩුව බදු වලින් 80% කට වඩා ගන්නෙ වක්‍ර බදු වලින්. බලන් ගියාම සමාන්‍ය මිනිස්සු තමයි මේ රටේ අර ජාතික ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් භුක්ති විදින මිනිස්සුන්ගේ අධ්‍යාපණයටත් වියදම් කරන්නෙ. ලංකාව වගේ දුප්පත් රටක රජයකට ඒක දරාගන්න බැරි වියදමක්.
      03. අවුරුදු 11ක් සමහර විට ඊටත් වඩා පාසලේ ඉගෙන ගත්තත් ලියන්න කියන්න ඉගෙනග්නවා මිසක් ඊට වැඩි දෙයක් ඉගෙන ගන්නෙ නෑ.
      04. අන්තිමේදි එක්සෑම් එකක් පාස් වෙන්න ඕනෙනම් අර රෙදි අපුල්ලන මනුස්සයට උනත් කීයක් හරි ටියුෂන් එකට වියදම් කරලා ක්ලාස් එකකට යවන්න වෙනවා. දුප්පත් මිනිස්සු සහ මධ්‍යම පන්තිකයො ගොඩදෙනෙක් ජීවිතේ විදිනවා කියලා කරන්නෙ ළමයින්ට මොන කට්ට කාලා හරි උගන්වන එක.
      05. System එකක් කියන්නෙ ඔහෙක් කරලා නිකන් දෙන එක. උපරිම ඵලදායි ක්‍රමයක් ඇතුලේ අවශ්‍ය පාර්ශවයන්ට උපරිම ප්‍රතිලාභ ලැබෙන ක්‍රමවේදයක් හදන එක"

      Delete
    4. මේ ක්‍රමේ තියෙන දරුණුම දේ තමයි මේ ක්‍රමය වෙනස් කරන්න යම් තරමකින් හරි ක්‍රමවේදයක් හැදුවොත් "නිදහස් අධ්‍යාපණයට අත තියන්න එපා" කියලා මිනිස්සු වීදි බසිනවා. උදාහරණයකට් අඩුම මට්ටමෙන් අපි හිතමු පඩි ලක්ෂ 02කට වැඩි සියළු දෙනාගෙ ළමයින් මාසෙකට රු. 2000 ගානෙ පාසලට දෙන්න ඕනෙ කියලා. එහෙම හදිස්සියෙවත් උනොත් ආණ්ඩුව පෙරලන්න ඒකම ඇති.

      මිනිස්සු දන්නෙ නෑ ෆ්‍රී එඩුයුකේෂන් කිව්වට නිකන් හම්බෙන්නෙ නෑ කව්රුම හරි මේකට ගෙවන්න ඕනෙ කියලා. කිව්වට තේරෙන්නෙත් නෑ. උන්ට තේරෙන්නෙ නෑ අන්තිමට මේක බොරුව මාෆියා එකක් වෙලා උන්ගෙ සල්ලි නිකරුණේ රජයට බදු වලින් ගෙවන ගමන් ටියුෂන් කාරයොන්ටත් ගෙවන්න ඕනෙ කියලා.

      මේක සරළ තත්වයක් නෙවෙයි දරුණු පිළිළයක්.

      Delete
  3. මේ කතාවේ තියන දේ අපේ ලංකාවටම පොදුයි, කෙනෙක් වෙනක් දෙයක් කරලා දියුණු උනොත්, ඌ කුඩු බුසිනේස් කාරයෙක් කියනවා. ඒ අපේ ජාතියේ සලකුණ මල්ලි.
    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. ඇත්ත මන් හිතන්නෙ නෑ ධම්මික පෙරේරා කියන්නෙ අහිංසකයෙක් හෝ හොඳ මනුස්සයෙක් කියලා. මොකද එහෙම මිනිස්සු නෑ. අපිට මිනිහෙක් ගැන තක්සේරු කරන්න පුළුවන් එකම වැඩේ ඒ මනුස්සයා කරලා තියෙන වැඩ.ඒ අතින් ගත්තම DP Education, DP coding, සහ ඔහුගෙ අනෙකුත් වෙබ් සයිට් කියන්නෙ අල්ටිමේට් වැඩ ටිකක්.

      Delete
  4. මගේ අම්මා මව්වරුන්ගේ දිනයක් ගැන දැනගෙන හිටියෙ නෑ. එහෙම සැමරුමක් කිසි දවසක අපි කරලත් නෑ. කොටින්ම අම්මාගෙ උපන්දිනේට තෑග්ගක් දුන්නෙ පවා මාත් සෑහෙන වයසකට පත්වුනාට පස්සෙ. එයාට දින සැමරුම් නුහුරු කාරණයක්.

    ඒත් මව්වරුන්ගේ දිනය ගැන දකින නොයෙක් පෝස්ට් මාව අම්මා ගැන පුංචි සටහනක් ලියන්න උනන්දු කළා.

    මං හැදුන විදිහ අම්මා කෙනෙකුට දරන්න පුළුවන් විදිහක් නෙමෙයි. කීකරු වීම නින්දාවක් විදිහට සළකපු, අකීකරුකම ආභරණයක් විදිහට පළදපු මං අපවාද, අපහාස මිස අම්මා කෙනෙක් දරුවෙකුගෙන් බලාපොරොත්තු වෙන ආඩම්බරය එලියෙන් අරගෙන ආවෙම නෑ.

    ‘මං මැරුන දවසක උඹට තේරෙයි’ අම්මා කියද්දි,

    ‘මැරුනම මොකක හරි ඔතලා වළ දානවා මිසක් මං නං අඩ අඩ ඉන්නෙ නෑ’ කියල මං කියනවා.

    අම්මා හිනාවෙනවා.

    මගේ නරුමකමත් එක්ක බැඳුන ආදරය තේරුම් ගන්න එයාට පුළුවන් වුනා. මං හිතන්නෙ ඒකයි අම්මාකම.

    හැමෝම ප්‍රශංසා කරන, සමාජයේ පිලිවෙලට හැදෙන දරුවෙක් ගැන අම්මා කෙනෙක් ආඩම්බර‍ වෙන එක සරල, සාමාන්‍ය දෙයක්. ඒත් හැමදෙයක්ම කණපිට කරන, සමාජ අපවාදයට ලක්වෙන දරුවෙකුට අම්මා කෙනෙක් පණ දෙවැනි කොට ආදරේ වෙන එක පරිණතබව, ගැඹුර සම්බන්ද කාරණයක්. අම්මාගේ ආදරේ නොතිබුනොත් මං කිසිම ආදරයක් අහිමි දරුවෙක් වෙනවා කියල එයා දැනගෙන හිටියා.

    අම්මාගෙයි මගෙයි අතර කිසිම රහසක් තිබුනෙ නෑ. මං කරන හැම අපචාරයක්ම මං අම්මා එක්ක කිව්වා. මුලින්ම ඉස්කෝලෙන් කට්ටි පැනලා ෆිල්ම් බලන්න ගිය එකත්, මරදානෙ bලූ ෆිල්ම් බලන්න යන එකත්, සිගරට් බීමත්, කංසා බීමත් ආදී සියලු අත්දැකීම් මං බෙදාගත්තෙ යාලුවො එක්ක නෙමෙයි, අම්මා එක්ක. එයා අමුතුම ලෝකයක් දිහා බලාගෙන ඉන්නවා වගේ ඒ කතා අහගෙන හිටියා. සාම්ප්‍රදායික වටිනාකම්, ඇගයුම් වලට මුවා නොවී තමන්ගේ දරුවා දිහා බලන්න, ඒ නොමනාකම්වල අර්ථයන්, කුතුහලයන් තේරුම් ගන්න අම්මාට පුළුවන්කම තිබුන.

    මං අම්මට ආදරේ එයා හොඳ දරුවෙක් හදන්න උනන්දු වුන හින්ද නෙමෙයි. සමාජයක්ම එදිරිව එද්දී පවා, නරක යැයි සම්මත දරුවෙක් අත්නොහැර ඒ දරුවා පිටිපස්සෙන් හෙවනැල්ලක් වගේ උන් හින්ද.

    මං පොත් කියෙව්වෙ අම්මා හින්ද. අකුරු කියවපු කාලෙ ඉඳන් එයා වැඩ කරපු රජයේ කාර්යාලවලින් පොත් පත්තර මිටි පිටින් මට ගෙනත් දුන්නා. ඒ කතා කියවලා මං ඒවා ආපහු අම්මට කිව්වා. අම්මා වැඩ ඇරිලා එන්නෙ මගේ කතා අහන්න.

    ලෝකෙ ශ්‍රේෂ්ට මිනිස්සුන්ගෙ ජීවිත කතා අම්මා මට ගෙනත් දුන්නා. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ගෙදර තිබුනු එකම ලාම්පුව තමන්ගෙ පාඩම් වැඩ පිනිස අරගෙන පවුලෙ අනිත් අයව කරුවලේ තියද්දි අම්මා කිව්වෙ,

    ‘එහෙම තමයි, හැමෝම ගැන කල්පනා කරන කෙනෙකුට ජීවිතේ වෙනස් කරන්න පුලුවන්කමක් නෑ. සිද්ධාර්ථ වුනත් බුදු වෙන්නෙ පවුලට අකීකරු වෙලා කැලේට ගිය හින්ද’

    අපේ අම්මා කියන්නෙ අයියලා අක්කලා නංගිලා ගණනාවක් හිටපු මහා පවුලක ඒ පවුලේ උවමනාවන් වෙනුවෙන් හැමදෙයක්ම කරන්න සිද්ද වුන කෙනෙක්. පවුලේ ගෞරවය වෙනුවෙන් එයාට පවුලෙ අය කැමති කසාදයක් කරගන්න වෙලා තිබුන. වැඩිය ඉගෙන ගත්තොත් මිනිහෙක් ගන්න බැරි වෙන හින්ද උපාධිය පවා හංගන්න වෙලා තිබුන. එයා ඇතුලතින් ආසා කළ අසම්ප්‍රදායික ජීවිතය සම්පූර්ණයෙන් කැප කරන්න වෙලා තිබුන. අම්මා මගේ ඇතුලෙන් දැක්කෙ ඒ සම්ප්‍රදායික පිලිගැනීම්වලට එරෙහිව ගහන කැරැල්ලක්. ඒක එයාට ආස්වාදයක් වුනා.

    කවදා හරි දවසක අම්මා මැරුනම ඒත් එක්කම මැරෙන එක මගේ ප්‍රාර්ථනාව වුනා. මගේ ජීවිතය තිබුනෙ එයා ළග ඉද්දි බව මං දැනගෙන හිටියා. ඒත් අම්මා මැරුනා. මං ඉතුරු වුනා.

    හැබැයි මං ඒකට ජීවත් වුනා කියල කියන්නෙ නෑ. අම්මා නැති වුනාම මං ඇත්තටම මැරුනා.

    ReplyDelete
  5. ඵල ඇති රුකට ගල් වදිනවා කියල තියෙනවනෙ. ඒ වගේ තමයි ධම්මික පෙරේරත්. පොඩිම පොඩියට පටන් අරන් විශාල ව්‍යාපාර සමූහයක් හදන එක ලේසි දෙයක් නෙවෙයි. ඒ සමාගම් වල වැඩ කරන අය මට කියල තියෙනව ඒ ඒ අංශ ගැන හොඳ දැනීමක් තේරීමක් තියෙන කෙනෙක් කියල. ඔහු මේරටේ උසස් අධ්‍යාපනයට කරන්න ඕන දේ ගැනත් හොඳ වැටහීමක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අනික මිනිහගෙ කතාවක් බැලුවත් ප්‍රශ්ණයක් ඇහුවොත් අවශ්‍ය ප්‍රශ්ණෙට මාර ස්මාර්ට් ක්‍රමයකට උත්තර දෙනවා. ධම්මික පෙරේරා කියන්නෙ අනිත් එවුන්ට සාපේක්ශව ස්මාර්ට් බිස්නස් කාරයෙක්.

      Delete
  6. ධම්මික පෙරේරා කක්කා දාද්දි රෝමානුව ඒවා කනවා. ධම්මික පෙරේරා චූ කරද්දී රෝමනුවා ඒවා බොනවා

    ReplyDelete
  7. මගේ 'ගොඩයමු' මූලෝපායෙ කොනක තියෙන්නෙ සිංහල බෞද්ධ ගොවිගම ඡන්ද පදනම කුචු කවලා පොහොට්ටුවෙයි, සජබෙයි සපෝට් එකෙන් රනිල් ජනාධිපතිවරණෙ දිනලා 2029 වෙනකල් රනිල් ටර්ම් එකක් ඇදලා මේක ගොඩදාල දෙන එක. ඒකට මං සම්පූර්ණ ස්වේච්ඡා සහයෝගය දෙනවා. ඊට පස්සෙ, සජිත්, අනුර, චම්පික, නාමල් වගේ දැනට වඩා මෝරපු කෙනෙකුට (සමහරු නාකි මයිනො එතකොට) කරගෙන යන්න පුළුවන්.

    මේ වැඩේ වැඩි බරක් අදින්න පුළුවන් රාජපක්ෂ බලවේගයට. ඒ නිසා දැනට මහින්දානන්ද, ජොනී, රත්තරං වගේ අයට ඇමතිකම් පවා දුන්නට කමක් නැහැ. උන්ටත් මේ ඇරෙන්න වෙන පාරක් නැහැ. රනිල් එක්ක වැඩේ ගොඩදාගත්තොත් නාමල්ට 2029 ට්‍රයි කරතැහැකි. ෂෝට්කට් හොයන්න ගියොත් සෙත්තපොච්චි.

    චම්පික අනුගමනය කරන්නෙ ජවිපෙ බලයට ඇවිත් මාස හයකින් විතර ඔක්කොටම කෙළලා තමනුත් කෙළවාගත්තට පස්සෙ චාන්ස් එක ගන්න. ඒක චම්පික මෙතෙක් ඉතිහාසයේ ගහපු මෝඩම දහං ගැටය බව කණගාටුවෙන් ප්‍රකාශයට පත්කරනවා. හේතුව, ඔහු බලාපොරොත්තු වෙන දෙය කරන්න අනුර ඉඩදෙන්නෙ නැහැ. ජවිපෙට සුරක්ෂිතම මාර්ගය දැන් තියෙන වාසිය මැතිවරණයකදී පාවිච්චි කරලා විපක්ෂ නායකත්වය ගන්නට ට්‍රයි කරන එක.

    චම්පික රනිල් ගාව නැහැ මං ගාව තියෙනවා කියලා හයිලයිට් කරන සහකම්පනය, කුසලතාවට තැන දීම, විවෘතබව, අවංකබව වගේ ඒවා එයා ළඟත් නැහැ. කොටින්ම දැන් නම් ප්‍රායෝගිකවාදයත් නැහැ. ඇත්ත කතාව චමිපික ආස වුුණත් රනිල් චම්පිකව ගන්නෙ නැහැ. එක අතකට පව්, මේ වගේ අතිශය වැදගත් පරිවර්තනීය වකවානුවක ශෙහාන් සේමසිංහ වගේ අය ගන්න අත්දැකීම් ගන්න චම්පිකට අවස්ථාව ලැබුණා නම් හොඳයි. හැබැයි, පොහොට්ටුවෙන් ආපු තරුණ එවුන් ටික මෙතනදී මාර ගොඩනැගීමක් වුණා. උන්ට සුපිරි අවස්ථා ටිකක් රනිල් දුන්නා. උන් හැදුණා. උන්ගේ දියුණුවට මූලික හේතුව එදා සිට නායකත්වයට ගරු කිරීම පුහුණු වීම. අධි උන්නතිකාමය දුකට හේතුවකි.

    සජිත්ටයි චම්පිකටයි දැන් තියෙන්නෙ එකතු වෙන්න. 2029 වෙනකොට ෆොන්සේකලා, කිරිඇල්ලලා, මද්දුම බංඩාරලා වගේ කරදර අවසන් වෙලා තියෙයි. හැබැයි ඉතින් දෙන්නට දෙන්නාත් කරදර තමයි.
    අන්ත වාමාංශිකයන්ට සහ අරගල අරාජිකවාදීන්ට එහෙම සල්ලි ටිකක් අතට එන ඇඩ්වටයිසිං, වීඩියෝ නිෂ්පාදන, යූටියුබ්, එන්ජීඕ වගේ වැඩ දැන් තියෙනවා. ඒවා කරගෙන හොඳට බීලා ඉඳලා රට ගිහින් එසයිලම් ගහගන්නකල් කෆා කෆා කෑලි කෆා ක්‍රීඩාව කරන එකයි තියෙන්නෙ කොටුව ඇතුළෙ.

    එසයිලම් ලැබිලා ඔන්ලයින් විප්ලව කරන එවුන්ට තියෙන්නෙ ඩෝල්ලෙකෙන් කාලා හරි ඩස්බින් එකක් ඇදලා හරි ඇවිත් වෘත්තීය හොටුපෙරීමේ කලාව ෆේස්බුක් එකෙන් ප්‍රගුණ කරන එක.

    ReplyDelete
  8. පාසැල් කාලයේසිට මිතුරකුව සිටි අයකු...ඔහු කල රටේ විනාශයට හේතුවුන බරපතළ වැරැද්දක් ගැන පෙන්වා දුන්නම... මිතුරුකමෙන් අයින් වෙනවානම්...ඔහුගේ මිතුරු කමින් මටඇති වැඩක් නැත !. මේක ලියන්නේ මම මහින්ද දේශප්‍රියගේ යහළුවෙක්වී සිටියා මිස ඔහුගේ බැතිමතකුවී සිටියේ නැති නිසාය.

    ද්විත්ව පුරවැසි ගෝඨා මැතිවරණයට ඉදිරිපත්වීම වළක්වන්න උඹට බලය සහ ඕනෑ තරම් ඉඩකඩ තිබුණා කියල ප්‍රසිද්ධියේ කිව්නිසා Mahinda Deshapriya මස්සිනා මාව Unfriend කරලා. මහින්ද දේශප්‍රිය මස්සිනා...

    ඔහුගේ ජනප්‍රිය වෘත්තීය ජීවිතය...සහ දේශපාළුවන්‍ ගැන. රටකපටි දේශපාළුවන්‍ වන් උඹේ අනුමැතියෙන් මැතිවරණ කොමිසමේ ත්‍රීවීල් පක්ෂ අටවගෙන ඒවා මැතිවරණවලදී කෝටි ගණන් වලට විකුණමින් උඹ දැනුවත්ව ගහපු ගේම්...කාගෙ කාගෙත් කිල්ලෝටවල හුණු තිබේ...උඹ කිසිම දේශපාළුවෙක් එක්ක බීලම නැද්ද ? මහාධිකරණ විනිසුරුවරයෙකු බඳුවූ නුඹ...බරපතළම රාජකාරියක් කරන සමයේ එහෙම බිව්වා නම් ඒක හරිද ?

    දේශපාලුවන්ට නම් හාට් එකක් නෑ උන්ට තියෙන්නෙ කැල්කියුලේටරයක්...ගෝඨා එනවට විරුද්ධ වුණ රත්නජීවන් හූල්ට මොකද උනේ ?

    රටෙන් 90% කියනවා ගෝඨා කල්ලතෝනියෙක් කියලා...

    මැතිවරණ කොමසාරිස් කියනවා පොලීසියට කියලා...ඌ කල්ලතෝනියෙක්ද කියලා හොයන එක මට අයිති නැති අනුර කුමාරට අයිති රාජකාරියක් කියලා...අනුර කුමාරත් ජරාව කාලා සද්ද නැතුව ඉන්නවා...මරේ මරු ජන්ද කොමසාරිස් !

    උඹ විතරක් දන්නා top secret කරුණු අළලා ලක්ෂ ගණනක පිටපත් විකිනෙන...දැනට ජීවත් ජීවත් වෙන මහින්ද රාජපක්ෂ වැනි පට්ට හොර තක්කඩි දේශපාළුවන්‍වන්ගේ රෙදි ගැලවෙන වටිනා ඉතිහාස පොතක් ලියන්නේ නැත්තේ ඇයි ? මහින්ද රාජපක්ෂ ජන්දෙන් පැරදුන දවසේ උදේ ඌ උඹට ටෙලිෆොන් කරලා කිව්වේ මොකක්ද? රනිල් වික්‍රමසිංහ එදා උදේ ටෙලිෆෝන් කරලා උඹට කිව්වේ මොකක්ද ?

    මට දැනගන්න ආසයි !

    සම්පූර්ණ ඇත්තම ඇත්ත ලිව්වොත්...

    මහින්ද රාජපක්ෂ තක්කඩියාගේ වගේම මහින්ද දේශප්‍රිය මස්සිනාගේත් රෙදි රාජපක්ෂලා ගලවෙන්න ඉඩ ඇති නිසා මේ වටිනාපොත කවදාවත් ලියැවෙන්නේ නැත. තමන්ගේ සහ හෙන්චයියන් ගේ නඩු විසි කරමින් මිනීමැරුම් සහ හොරකං වල file අස්ථානගත කරමින්...සාක්ෂි විනාශ කරමින්...තවමත් රට පාලනය කරන්නේ රාජපක්ෂ මිනීමරු කපටි පවුලයි.

    මේ අවාසනාවන්ත රටට...තව අවුරුදු දෙක තුනක් වත් යනකං මේ මිනීමරු හොර පවුලෙන් ගැලවීමක් නෑ. මිනීමරු කපටි මයිනයි, කපුටයි...උගේ පවුලේ අයයි හෙන්චයියනුයි මොහොතින්... දේශපාලනයෙන් සදහටම අතුගාලා දාන්න අපේ දේශප්‍රිය මස්සිනාට පුළුවන් !මචං රට ගැන හිතපන් උඹ කළ විනාශයට ඉපදුන රටට වන්දි ගෙවපන් මගේ පොත මම ලිව්වා... මස්සිනා පොත ලියන එක මට බාරදීපන් !. උඹයි මායි දෙන්නම දැන් මරණයට ගොඩක් කිට්ටුයි. කෞරව රාජ පරම්පරාවේ ජානවලින් ආපු බෝනොවෙන රෝග හැදිලා ඉන්නේ...bypass කරලා අවුරුදු තිස්දෙකක් ජීවත් වෙලා bonus ජීවිතයක් ගත කරලා...

    වල ගැට්ටේ ඉන්න මං ඔය එකෙකුටවත් බයනෑ...මේ කුණු දේශපාලන ඌරන් තමන් ඉපදුණු රටට ගහපු කපටි ගේම් ගැන මුළු රටම දැන ගත යුතු වටිනා කරුණු රාශියක් උඹේ මරණයත් සමග අම්බලන්ගොඩ කැරකෝප්පුවේදී අළු බවට පත්වෙනවා. කණ්ණාඩියක් ඉස්සරහට ගිහිං මූන බලපං... හෘද ශාක්ෂිය ගැන උඹ නිසා මේ රටට වුණු විනාශය ගැන, නිරපරාදේ රාජපක්ෂලාගෙන් මැරුම් කාපු මිනිසුන් ගැන...පසුතැවීමක් වත් නැද්ද ? මං දැනං හිටියා රටට වෙන්න යන විනාශය ගැන...ජීවිතය ගැන නොතකා මම තනියම ප්‍රසිද්ධියේ හුඟක් සටන් කලා ගෝඨා ජනාධිපති වෙන එක වළක්වන්න ...අරගලයෙන් කීදෙනෙක් මැරුණද ? මට #කෙන් හිනා ගියා උඹ අරගලයේ ඉන්නවා දැකලා...මේ මරණ වලට උඹත් වගකියන්න කියන්න ඕනෙ නැද්ද ? උඹ මට කිව්වෙ ඕක මට අදාළ නෑ කියලා...

    ස්වර්ගයේ වැඩවසන දේශප්‍රියාණනි...

    රාජපක්ෂලාගෙන් රට ගළවාගත මැනව...

    #ආමේන් !

    මට හරි දුකයි මචං !

    I dont want to naked u...
    I just want to show you the mirror !

    ReplyDelete
    Replies
    1. මහින්දයත් එක්ක ඩීල් එක රිනිව් කරලා...
      Pension එකට අමතරව...
      වාහනයක් සහ තවත් අමතර පඩියක් ඉතාම සුවපහසු තනතුරක් අරගෙන...නැවතත් මැතිවරණ කොමසාරිස් වෙන්න ඉල්ලමින්...ලෝකෙටම පොළු තියලා... කානුවට පෙරලිලා හිඟමනටම වැටුනමේ රටට...
      උඹ රනිල් මහින්ද බලු පූට්ටුවෙන්... නැවතත් මැතිවරණ කොමසාරිස් තනතුර ඉල්ලමින්... තව තවත් රටට කෙලවන හැටි බලං ඉන්න බැරිම තැන...
      මං මේ වගේ පෝස්ට් එකක් දැම්මා...
      // මහින්ද රනිල් බලු පූට්ටුව... දැන් උපදෙස් ගන්නේ...
      ගල් පලලා මද කාපු...
      ව්‍යවස්ථාව, FR එක...බයිබලය මෙන් කට පාඩමින් දත්...හිටපු පරිපාලන නිලධාරියෙකුගෙනි //
      උපුටා ගැනීම අවසන්...
      හුකා...
      මෙන්න මස්සිනා #තොප්පියඅතින්අරන්දාගෙන...
      පහුවදාම මාව බ්ලොක් කරලා.
      මේකා ආයෙත් මැතිවරණ කොමසාරිස් වුනොත්...
      නාමල් රාජපක්ෂ ජනාධිපති වෙලා නවතින්නේ. උඹ ගහපු ටිපෙක්ස් ගේම්එකක් නිසා මුස්ලිම් ත්‍රීවීල් කාරයෙක් කොළඹ නගරාධිපති වුණා, ඊළඟට පොල්ලෙල්ලක් ආවා මහරගමට. ඕනම මැතිවරන අපේක්ෂකයෙක් කපන්න ඕන හරිම විදිය උඹ දන්නවා. නාගට දුන්නේ පුකෙන් යන්න. මැතිවරණයට බාධා කරලා කල් දානවා කියන්නේ සෙල්ලමක් නෙවෙයි.
      අනිවාර්යෙන්ම හිරේ යන්න වෙන මගුලක්.
      රනිල්ට ඇඟ බේරගෙන...
      මැතිවරණ කොමිසම නැමති බල්ලත් 🐕 නොමරා පොල්ලත් නොකඩා...උසාවියෙනුත් බේරිලා මේක කරන හැටි ගැන උපදෙස් දෙන්න සුදුසුම පුද්ගලයා කවුද...
      වෙනින් කවුරුවත් නොවේ... ලෙනින්මොරායස්ම තමයි.
      චන්ද්‍රිකා...මහින්ද වගේ ජරා සත්තු එක්ක...කිසිම හිරිකිතයක් නැතුව කන බොන ඩීල් දාන...
      උඹ ගැන මම දිගටම හිටියේ සැකයෙන්...
      උඹට මතකද...
      නෙළුම්යාය උත්සවයේදී උඹේ ෆෝන් එක මගේ අතට දුන්නා...ස්මාර්ට් ෆෝන්වලින් ෆොටෝ ගහන හැටි අහගන්න...
      සිංහලෙන් ටයිප් කරන හැටි අහගන්න. වැරදි මිනිහගේ අතට මචෝ උඹ ෆෝන් එක දුන්නේ..
      පිලාඔරුවකට නැගලා ගෙඳවානට ගිහින් ඕක මූදට වීසි කරපන්...තවදුරටත් රනිල් මහින්ද බලු පූට්ටුවට #ක දීලා නැවතත් මැතිවරණ කොමසාරිස් උනාට වැඩක් නෑ...
      උඹට මාදම්පා ගඟේ පටබැඳි මුල්ල මූදේ...
      නාන්න බැරි වෙනවා...
      මර යුද්ධකාලේ මං මැරෙනවට බය නැතුව නේවි එකට ගියේ.. ප්‍රභාකරන් #රි බල්ලා මරන්න උදව් කරන්නයි. මං මගේ රටට හුඟක් ආදරෙයි. ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙන්න ඕන තරම් චාන්ස්එක තියෙද්දිත් මේරටේම නැවතුනේ ඒකයි. උඹට ආණ්ඩුවෙන් දීපු...තුවක්කුව වගේම මගේ තුවක්කුවත් පත්තුවෙනවා...උඹට හරියටම ටාගට් එකට වෙඩි තියන්න බෑ... නමුත් නේවි එකේ හිටපු හැම ජාතියම තුවක්කු වලින් වෙඩි තියපු...Son Of a Gun ලුතිනන් කමාන්ඩර් විමලසූරියට පුළුවන් !
      උඹ වගේම මමත් දනින් පහල තියන්නෙ නෑ..ඔළුවටම තමයි තියන්නේ. හරි ප්‍රසිද්ධ හැමෝම සෙල්ෆි ගහන මැකෝ මගේ සමකාලීනයෙක්...
      අපේ අම්බලන්ගොඩ අපේ ගමේ සුපිරි පොරක්...කියල මම හැම තැනකදිම කිව්වේ හරිම ආඩම්බරෙන්...
      උඹ වගේ දවල් මිගෙල්..
      රෑ දනියල් කෙනක් දාගෙන ඉන්න...අම්බලන්ගොඩ ආරියපාල ගුරුන්නාන්සේගේ... සළුපාලිය වෙස්මූණ ගලවලා...
      නියම මූණ රටට පෙන්නලා...
      මේ රටට තවතවත් කෙලවන එක...වළක්වන එක...
      හිටපු හමුදා නිලධාරියෙක් විදිහට මගේ යුතුකමක්.
      හිරේවත්තෙ බාසාවෙන් කිව්වොත්...
      උඹ හරිෂෝක් GuඌKaරියෙක් !
      #නේවිකොල්ලා

      Delete