දැන් තමයි මුහුද ගොඩක්ම ලස්සන වෙරළට ඒළිය දෙන්නෙ හදත් තරු කැට ටිකත් විතරයි. කකූළුවෙක් අල්ලන්න ටෝච් එකක් පත්තු කරන් යන එකෙක් මිස කවුරුත්ම නෑ. ඒ ගුප්ත අදුර...ලවණ මුහු වෙච්ච හිරිකඩ හුළග.... සට සට ගාලා වදින කොට මිලියා පිස්සෙක් වගේ ප්ලාස්ටික් කෝප්පයෙ භාගයක් පිරවෙන්න ආයෙත් අරක්කු හලා ගත්තා. ඌ බොනවා..... පිස්සෙක් වගේ බොනවා. කදුලු බේර බේර ආයෙත් අඩනවා....
"අඩන්නේ ගෑණූ...අඩන්නෙ නැතුව ඉදපන්"
ඒත් ඌ අඩනවා... උගෙ දුක කියනවා. සුළගයි,බීමයි,දුමයි එක්ක වෙනමම ලෝකෙක වගේ ඉන්න මම ඌව සනසනවා. ඒ ලෝකෙදි හද එළිය පාර කියනවා. පලසක් වගේ උඩ ඇතිරිච්ච තරු කැට ඇස් අග්ගිසෙන් බොද වෙලා පේනවා. මන් ඌව ආයෙත් සනසනවා.
"ඔහොම තමයි බන් මොනවා කරන්නද ගෑණු යනවා"
"මන් මොනවා කරාටද බන් ඒකි යන්නෙ"
"ඒකි වේසියෙක් බන් තේරුම් ගනින්"