අනුර කරා ඇතිද? සාසනේ විනාසද? නාමල්නම් දැන් වෙන කෙනෙක්ද? ආපදාවෙන් නාය ගියේ කව්ද? 2029 ට කල් වැඩිද?
09 December 2025
2029 චන්ද සිතියම කොහොම වෙයිද?
අනුර කරා ඇතිද? සාසනේ විනාසද? නාමල්නම් දැන් වෙන කෙනෙක්ද? ආපදාවෙන් නාය ගියේ කව්ද? 2029 ට කල් වැඩිද?
14 December 2024
සුන්දර කුරුලු සිහින
සිහින ගෙනන සොදුරු සිහින
අර ඈත දිදුලන සදක් වාගේ...............
28 July 2023
ඉරත් ගිහින් සද පායන හැටි බලන්න - Irath gihin sada payana hati balanna
ඉරත් ගිහින් සඳ පායන හැටි බලන්න
යාය පුරා මල් පීදෙන හැටි බලන්න
ඔයත් එක්ක රෑ අහසේ තරු ගණින්න
ඉඩ හරින්න මේ හුළගේ හුස්ම ගන්න
පාට පාට ලෝකේ සුදු පාට සොයා
අන්ධකාරයේ අපි ඇවිද ගියා
කළු ඔක්කොම එක තැනකට එකතු වෙලා
අපි ඇවිද ගියා පාට හොයා
16 June 2023
කොයිල් ඇටේ වැසියෙක් වීමත් එක වෙලාවකට සෑහෙන අවුල්
ජෝක්නම් අවුල්
කුණුහර්පනම් මාර ලල්
පිරිසකකට මගුල්
දක්වමින් නගුල්
එහෙ මෙහෙ අරන් යති
ජන්දෙට පෙර ට්‍රයල්
යටත්වැසියට නැතත් වියවුල්
උන්ගෙ හැම ට්‍රයි එකම ෆඋල්
මේ හැම අස්සේ
කොයිල් ඇටේ වැසියෙක් වීමත්
එක වෙලාවකට සෑහෙන අවුල්
- රොමාරස්-
13 May 2023
ධම්මික පෙරේරා සළකුණ
12 March 2023
2024 ජන්ද සිතියම
01. පොහොට්ටුවෙන් - රනිල්,නාමල්
02. සජබෙන් - සජිත්
03. ජාතික ජනබලවේගෙන් - අනුර
ඔයිට අමතරව විසික්ක වෙලා එන කැඩිච්ච පක්ෂ වලට උදාහරණයකට විමල් වීරවංශලගේ හෙලිකොප්ටරේ,පාඨලිගෙ 44 වගේ පක්ශ වලට ජනාධිපතිවරණයක් දිනන්න පුළුවන් තත්වයක් තාම හැදිලා නෑ ඒ නිසා කොහොමත් මීළග ජනාධිපතිවරණයට තාමත් පිට්ටනියට ඇවිල්ලා සෙල්ලම් කරන්න පුළුවන් තත්වයකට හරි තියෙන්නෙ ඔය උඩ තුනට විතරයි.
මුලින්ම සජබෙ ගැන කතා කරොත් සජිත් තමයි අනිවාර්යෙන් මීළග ජනාධිපතිවරණයට තරග කරන්නේ. ඒත් මේ වගේ වෙලාවකවත් අච්චර අජපල් ආණ්ඩුවක් තියෙද්දි නායකත්වයක් අරන් දිනන්න පුළුවන් වපසරියක් හදන්න තාම අසමත් වෙච්ච සජිත් කියන්නෙ කූඹි පුකක තරම් වත් දිනන්න දෙයක් නොකර ඉබේ ඔඩොක්කුවට වැටුනොත් විතරක් ගොඩයන එකෙක්. ඉතින් සම්ප්‍රදායික අපේ පැරණි ජන්ද ප්‍රතිඵල වල ස්ටැටික් අනුවනම් 2024 ජන්දය දිනන්න ඕනේ සජිත් උනාට. සජිත් කියන්නේ මේ රේස් එක පිටිපස්සට දුවන තමන්ගේ තාත්තගෙ කාලෙටත් වඩා පරණ ක්‍රමත් එක්ක දේශපාලනෙ කරන කෙනෙක් නිසා . මේ රේස් එකෙන් ලොකු වාසියක් සජිත් හින්දම අනිත් දෙගොල්ලොන්ටම ලැබෙනවා.
07 October 2022
දිනක්ෂි ප්‍රියසාද් පවුල සහ ශ්‍රී ලංකාව
දින්ක්ෂි ප්‍රියසාද් පවුල කියන්නේ ඇත්තටම ලස්සන පවුලක්. පවුල් ජීවිතෙත් සෑහෙන ලස්සනකට ගත කරන ජීවිතේ විදින පවුලක්. මේ ලියවිල්ල උන්ට අපහාසයක් විදියට ගන්නෙපා. මේක ෆේස්බුකියේ දැක්ක පෝස්ටුවක් එක්ක හිතිච්ච මගේ සිතුවිල්ලක් විතරයි.
දිනක්ෂි ප්‍රියාසාද් පවුල කියන්නේ මුල්‍යමය හැකියාවක් තියෙන ජීවිතය ඉතා සතුටින් ගත කරන පවුලක් නේ. සරුංගල් කරන කාලේට ගෝල්ෆේස් යනවා , අරගලයට ගිහින් අරගලයට සහභගි වෙනවා චායි ටී එකක් ගහන ගමන් ෆොටෝ අරන් බුකියෙ දානවා, Save විල්පත්තු කියලා ප්‍රොෆයිල් කවරයක් දාගන්නවා, අන්තිමට කහ පාට ජර්සි ඇදගෙන ඔස්ට්‍රේලියාවට කෘතගුණ සලකන්න යනව.
ලංකාව කියන්නේම දිනක්ෂි ප්‍රියසාද් පවුලක් වගේ එකක්. ඒකේ බහුතරයකට තියෙන්නෙ රැල්ලට පුප දීමක් මිස වෙන එකක් නෙවෙයි. නිකමට හිතපන්කෝ කොත්තුවක තිබ්බ නිල්පාට කෑල්ලක් පෙන්නපු වීඩියෝ එකකින් කොච්චර කැළඹීමක් රටේ වුනාද? මුස්ලිම් මිනිස්සු කී දෙනෙක්ගේ ගෙවල් දොරවල් විනාශ වුනාද? කී දෙනෙක් මැරුණද. ලංකාවට අරගලය කියන්නෙත් රැල්ලට පුක දීමක් මිසක් වෙන එකක් නෙවෙයි. රෝන්ග් ජෙනරේෂන් කියලා වැලලෙන්න හැදුවට අරගලකාරයෝ අල්ලපු අරලිය ගහ මන්දිරේ බලන්න ආපු පෝලිමම තමයි නෙළුම් කුළුණ බලන්න ගියෙත් 2015 මයිනව බලන්න ගියෙත්. ඔය තුනටම ගිය එවුන් ඇති තරම් ඇති ඔය පෝලිම් වල.






