06 March 2018

කොන්ද පණ නැති එකෙක් - (කෙටිම කෙටි කෙටි කතාවක්)


                                                දැන් ඒ කෙල්ල මෙතෙන්ට එන්න අරන් මාස තුන හතරක් වෙනවා. නිතරම හිනාවෙලා එක එක දේවල් කියව කියවා එයා යනවා. ඒ කෙල්ල වැඩිපුරම කැමති අමිල අයියට මට ඒකට ලොකු තරහක් තියෙන්නෙ උන් දෙන්නත් එක්කම.  ඒ කෙල්ල ඇවිත් මාස දෙක තුනක් වුනාට මන් තාම එක පාරක්වත් ඒ කෙල්ලට මුහුණ දුන්නෙ නෑ.ලොකු ඉස්කෝලෙකට ගිය ඉංග්‍රීසි වතුර වගේ වුණු කෙල්ලක්. මන් ඇත්තටම උන් දෙන්නා ට්‍රේන් එකට නැග්ග වෙලේ ඉදන් හිටියේ දෙන්නත් එක්කම ලොකු මලකින්.
                                                 අමිලයා නගින්නෙ අලුත්ගමින්,මම නගින්නෙ දකුණු කලුතරින්, ඒතකොට  ඒ කෙල්ල නගින්නෙ උතුරු කලුතරින්.අදත් උන් ටික සුපුරුදු විදියටම තොදොල් වෙනවා මන් මුල්ලකට වෙලා ඉන්නවා. ඒ කෙල්ලත් අමිල අයියට කැමැතියි. මුලින්ම මගේ හිත ඉරිසියාවෙන් පුපුරනවා. දෙවැනියට උන් දෙන්නටම තේරෙන්නෙ නැති තැනකින් වෛර කරනවා. ඉන් පස්සෙ මුල්ලකකට වෙලා ටික වෙලාවකින් ඒ කෙල්ල දිහා බලාගෙන හිතන්න ගන්නවා. 
       
                          මන් මොනවටද එයා ගැන හිතන්නෙ. මට ඒ කෙල්ලත් එක්ක යාළු වෙන්න ඔනෙ නෑ. ඒ කෙල්ල මාව ගණන් නොගත්තට මටත් ආදරේ කරන කෙල්ලො ගොඩක් ඉන්නවා. ආතක් පාතක් නැතිවෙච්ච කෙල්ලො නෙවෙයි සමහරවිට ඒ කෙල්ලටත් වඩා ලස්සන කෙල්ලො.
                                                  ඒත්.....ඒ කෙල්ල උසයි මහතයි. අනේ මන්දා මාත් අඩි හයේ හයේ එකෙක් නිසාමද මන්දා මගෙත් හිත යන්නෙ උස මහත කෙල්ලොන්ට. නෑ මේක හිත යෑමක් විතරමයි. ඊට වඩා මොකුත්ම නෑ. අනික මට ඒ කෙල්ල ට්‍රේන් එකෙන් බැස්සම මතක් වෙන්නෙත් නෑ. නෑ ඇත්තටම මතක් නොවෙනවම කියන්නත් බෑ. ඔව් සමහර වෙලාවට ටිකක් විතර මතක් වෙනවා. ඒත් ඒක කියන්න තරම් ලොකු දෙයක් නෙවෙයිනෙ හුගක් ලස්සන කෙල්ලො මට එහෙම මතක් වෙනවා.
                                 ඒත් මන් මේ මෙහෙම මුල්ලට වෙලා ඉන්නකොට මට ඒ කෙල්ල දැනෙනවා වැඩිද කොහෙද. ඒ කෙල්ලගෙ කතාවයි හිනාවයි දෙකම අමුතුයි. මන් මුල්ලට වෙලා ඉන්නකොට දැන් දැන් වෙනදටත් වඩා ඒ කෙල්ලගෙ කතාවටයි හිනාවටයි ඇහුම්කන් දෙනවා. ඇත්තටම එයාගෙ හිනාවෙයි කතාවෙයි තියෙන්නෙ අමුතු වෙනසක්. සාමන්‍ය ගෑණු ළමයෙක්ගෙ හිනාවකටයි, කතාවකටයි වඩා අමුතු ලස්සනක්,රිද්මයක් ඒකෙ තියෙනවා.  කොහොමත් දැන් මට ඒක දැනෙනවා වැඩිද කොහෙද........

                                                 **************************************
                           අද මගේ ඉස්සරහට වෙන්න ආවා කැරැලි කොණ්ඩයක් තියෙන බෝල කෙල්ලෙකුයි.සුදු හීන්දෑරි කොල්ලෙකුයි. උන් දෙන්නා මොනවා මොනවාටද මන්දා කුටු කුටු ග ගා රණ්ඩු වෙනවා. ඒත් ගොඩක්ම ලගට ආවමයි හරියට ඇහුණේ. කෙල්ල බනිනවා අරුගෙ මොකද්දා මන්දා එකක් අල්ලගෙන. අරූ පුදුම විදියට පින්සෙන්ඩු වෙනවා කෙල්ලට. ඒ කෙල්ල ගොඩක් ලස්සනයි. ඒකි එෆයාර් එක නවත්වන්න හදද්දිත් මූ පස්සෙන් යනවද කොහෙද නෝන්ඩි වෙවි.
                             අද කට්ටියම කතා වෙනවා හෙට පාන් පාර්ටියක් දාන්න. ඔව් එතන එවුන්ගෙන් වැඩිම සද්දයක් තිබුනෙ ඒ දෙන්නගෙ. ඇත්තටම උන් දෙන්නම මූලික වෙලා වගේ මේක ඕර්ගනයිස් කරන්නෙ. ඔව් මට වැඩියෙන්ම කේන්ති ඒකට. ඒ කෙල්ලට කොල්ලෙක් ඉන්නවලු. ඒත් ඒ කෙල්ල අමිලයට කැමතියි. මට ඒක තේරෙනවා.
                                            සමහරවිට තව මාසෙකින්  විතර අර කොල්ලගෙ සම්බන්දෙ නතර වෙන්නත්. අමිල අයියත් එක්ක ප්‍රේමයෙන් බැදෙන්නත් පුළුවන්. අමිල අයියා මගෙනුත් රුපියල් පනහක් ගත්තා හෙට පාන් ගේන කලෙක්ෂන් එකට.
                               මට ඇත්තටම හිතෙන්නෙ අමිලයා කරන්න හදන්නෙ මහ බලු වැඩක්. ඌ ඔය බලු වැඩේ කරන්න හදන්නෙ තවත් ඌ වගේම කොල්ලෙක්ට නේද කියල මට හිතුණා. අනිත් අතට කෙල්ලට වැරැද්දක් කියන්නත් බෑ. ඒ කෙල්ලගෙ ඔය කිව්ව කොල්ලා ඒ වගේ උස මහත කෙල්ලෙක්ට ගැළපෙන්නෙ නෑ.                                                                                  නොගැලපීම් එක්ක කසාද බැදලා ඉන් පස්සෙ වෙන එවුන් හොයන් යනවට වඩා දැන්ම වෙන කොල්ලෙක් බැදගන්න එක හොදයි. කොහොමත් ඒ කෙල්ල නරක කෙල්ලෙක් නෙවෙයි. එහෙම නරක කෙල්ලොන්ට ඔහොම හිනාවෙලා සද්දෙට කතා කරලා ඉන්න බෑ.
                                                               කෙල්ල භාරගත්තා සීනි සම්බල් හදාගෙන ගේන්න.අමිල අයියා තමයි පාන් ගේන්න භාරගත්තෙ හැබැයි මිනිහා අපි රත්මලානෙන් බහින කොට මටයි මිලිදුවටයි කිව්වෙ "අඩෝ හෙට මට පාන් ගේන්න හම්බුනේ නැත්තම් ඉවරයි බන්. මන් පරක්කු වුනොත් උබලට කෝල් එකක් දෙන්නම් ,උබලා ගනින්" කියලා

                                               ***********************************
                                                                     ඔව් පස්සෙන්දා උනේ කිව්ව විදියටම තමයි අමිල අයියට අලුත්ගමින් ගන්න බැරි වෙලා.පරක්කු වුනු නිසා මිලිදුවටයි මටයි කතා කරා. මට කොහොමත් තිබුනේ මේ පාර්ටිය ගැන ඉරිසියාවක්. මන් මිලිදුවට කිව්වා මන් ගන්නම් කියලා. ඒත් මට ඕන වුණා හොද පාඩමක් අමිලයට උගන්නලා අර කෙල්ලත් ඉස්සරහා මිනිහා හොදට නෝන්ඩි කරන්න. ඒ නිසා මන් ට්‍රේන් එක එනකොටම දුවන් ඇවිල්ලා මිලිදුවට කිව්වා මටත් ගන්න වෙලාව මදි උනා පාන් ගන්න  ගියානම් ට්‍රේන් එක මිස් වෙනවා කියලා.
                        අපිටත් ගන්න බැරි උනා කියලා දැනගත්තම. අමිල අයියගෙ මුන රතු උනා.මොකද මිනිහා දැනගත්තා ඊලගට වෙන්නෙ මොකද්ද කියලා. අර කෙල්ල උතුරු කළුතරින් නැග්ගා. සීනි සම්බල් පුරවපු ලීටර් දෙකේ කොළ පාට එලිෆන්ට් හවුස් බාස්කට් එකකුත් අරන්. ඒත් ඉතින් සීනි සම්බල් කන්න පාන් කෝ දෙතුන් දෙනෙක් ශේප් කරන්න හැදුවත් හැමෝම මීයට පිම්බා වගේ සද්ද නැතිව හිටියා. 
                                     අමිල අයියත් මුලින් වචනයක් දෙකක් කතා කරන්න හැදුවත් කෙල්ල මොකුත්ම නොකියපු හින්දා, ඊට පස්සෙ ඒ කෙල්ලත් එක්ක මොකුත් කතා කරන්න ගියේ නෑ. එදා තරහෙන් පිපුරුණු ඒ කෙල්ලගෙ රතුපාට කම්මුල් දෙකයි හකුළ ගත්තු ඇහි බැමියි නිසා මන් ට්‍රේන් එකෙන් බහිනකම්ම හිටියෙ පුදුම සතුටකින්.
                                                      රත්මලානෙ ස්ටේශන් එකෙන් බැහැලා මන් තනියම සිගරට් එකක් එක්ක තේ එකක් බිව්වෙ පුදුම සැහැල්ලුවකින්. පපුවට ගත්ත දුම් කටින් පිට කරනකොට හිතේ තිබ්බ අමුතු බරක් ඒ දුමත් එක්ක එළියට පිට කරනවා වගේ පුදුම සැහැල්ලුවක්  පපුවට දැනෙන්නේ. වෙනදට සිගරට් එක බොනකොට දුමත්  එක්ක ලොකු බරකින් හිත පිරවුනත් අද ඒකෙ අනිත් පැත්ත.
                                                     එතකොට මන් දැක්කෙ කැරැලි කොන්ඩයක් තියෙන බෝල කෙල්ලත් එක්ක අදත් පින්සෙන්ඩු වෙවී යන අර සුදු හීන්දෑරි කොල්ලා. මුන් දෙන්නා හැමදාම මෙහෙමද කොහෙද. කෙල්ල කෙලින් පාර බලාගෙන පුපුරා පුපුරා වේගයෙන් යනවා. අරූ ඒකිට මොනවා මොනවා හරි පැහැදිලි කර කර නෝන්ඩි වෙවි පස්සෙන් දුවනවා

" ඌ නම් මහ කොන්ද පණ නැති එකෙක්" තවත් සිගරට් උගුරක් එක්ක හිතේ බර සැහැල්ලුවෙනකොට මගේ හිතෙන් මටම ඌ ගැන කියවුනේ එහෙම........
                                                                      
                                                         

39 comments:

  1. //" ඌ නම් මහ කොන්ද පණ නැති එකෙක්" තවත් සිගරට් උගුරක් එක්ක හිතේ බර සැහැල්ලුවෙනකොට මගේ හිතෙන් මටම ඌ ගැන කියවුනේ එහෙම........//

    හ්ම්ම් ....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්....ස්තූතියි සුටික්කා.....

      Delete
  2. මේක "කෙටිම කෙටි" කිව්වාම මතක්වුනේ මං දන්න එක්කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවාම දෙන කෙටි උත්තර !

    ReplyDelete
    Replies
    1. කෙටිම කෙටි කිව්වෙ ඉතින් පොඩි මාර්කටින් කේස් එකකටනෙ. මොකද්ද Pra Jay ඇත්තටම ඒ කෙටි උත්තර????

      Delete
  3. පට්ට ඕයි, සිනි සම්බල් නරක වෙන්නේ නෑ යකෝ, ඕක තියාගෙන හෙට කන්න තිබ්බනේ පාන් ගෙනල්ලා.

    ReplyDelete
    Replies
    1. හෙහ්...හෙහ්..එදා සිකුරාදා දවසක් කියන්නෙ.....

      Delete
  4. සිගරට් උගුරක් එක්ක හිතේ බර සැහැල්ලුවෙනකොට /////////////
    වටිනම කැල්ල................

    ReplyDelete
    Replies
    1. රජයේ අවවාදයයි දුම්බීම ලිංගික බෙලහීනතා ඇති කරයි.....

      Delete
  5. /// " ඌ නම් මහ කොන්ද පණ නැති එකෙක්" තවත් සිගරට් උගුරක් එක්ක හිතේ බර සැහැල්ලුවෙනකොට මගේ හිතෙන් මටම ඌ ගැන කියවුනේ එහෙම........ ///

    එළ...

    ReplyDelete
  6. //" ඌ නම් මහ කොන්ද පණ නැති එකෙක්"// පට්ට ඕයි.. :))))

    ReplyDelete
    Replies
    1. එල එල අයියේ..තැන්ක්ස් හොදේ....

      Delete
  7. සුන්දර නිර්මාණයක්! මේ හැඟීම් හරිම තාත්විකයි! අව්යාජයි!!

    ReplyDelete
    Replies
    1. මතක හිටින කමෙන්ට් එකක්..එල හොදේ...

      Delete
  8. '' ඌ නම් මහ කොන්ද පණ නැති එකෙක්"

    මට හිතුනෙත් එහෙමයි... ඌ ගැන නෙවෙයි මම කිව්වෙ මේ අර සිගරට් එක බොන එකා ගැන ... හි හී

    ReplyDelete
    Replies
    1. හෙහ්...හෙහ්.... පව් අහිංසක කොල්ලෙක් සොදුරු ඒකා....

      Delete
  9. සිකරට් එක බීපු එකා? ෙන්හ්.

    ReplyDelete
  10. එකෙක් වෙන්න බැහැ.
    මරු බං මේක.

    ජයවේවා!!!

    ReplyDelete

  11. කෝච්චියේ කථා සුන්දරයි .

    මේකත් ඒ වගේමයි .

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ කතා සොදුරුයි බොහොමත්ම......

      Delete

  12. පව් අහිංසක කොල්ලා...අනුන්ගේ ප්‍රශ්න බහිරව බලනකොට ඔහොම තමයි කියන්න වෙන්නෙ...

    ReplyDelete

  13. පව් අහිංසක කොල්ලා...අනුන්ගේ ප්‍රශ්න බහිරව බලනකොට ඔහොම තමයි කියන්න වෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. අහ් එහෙමත් එකක්ද???ස්තූතියි උමා.....

      Delete
  14. සවුත්තු වැඩේ කියල උඹට හිතුනෙම නැද්ද?

    ReplyDelete
    Replies
    1. මන්නම් අනුන්ගෙ බොස්...මේක කෙටි කතාවක් කියලනෙ කියන්නෙ... :-D

      Delete
  15. මං මේකට කොමෙන්ටුවක් දැම්මේ නැද්ද... මං බස් එකේ යන ගමන් දවසක් කමෙන්ට් කලා කියලනේ මතක....
    අයියේ මේක මරු කතාව.. උත්තම පුරුෂ විලාසය භාවිතයේදි උනත් අයියා ඒවා කියපු විදිය නිසා හොඳටම හිතට වැදෙනවා.
    මේකට රිප්ලයි එකක් ලියන්නත් හිතයි... අයියට පුලුවන් දෙවනි කොටස විදියට කෙල්ල කියන කතාව දාන්නත්...

    ReplyDelete
    Replies
    1. ඔය මතකෙ අවුල් වගේ දැන්......

      ඒකනම් මරු අදහස මේ උඹට පුළුවන්නම් ලියහන්කො පිලිතුරු කතාවක්. අරුශි ඉතින් කෙල්ලෙක්නෙ ඔයාට පුළුවන්නෙ මට වඩා හොදට කෙල්ල හිතන විදියට ලියන්න....

      Delete
    2. මට කම්මැලි, බලමුකෝ....

      //" ඌ නම් මහ කොන්ද පණ නැති එකෙක්" තවත් සිගරට් උගුරක් එක්ක හිතේ බර සැහැල්ලුවෙනකොට මගේ හිතෙන් මටම ඌ ගැන කියවුනේ එහෙම........//

      මේ වගේ අවසානේ ඉවර කරන්න බැහැනේ මට.

      Delete
    3. එහෙම්ම ඉවර කරන්න ඔනේ නෑනෙ ඉතින්....ඔයාට හිතෙන විදියට ඉවර කරන්න......

      Delete
  16. Replies
    1. උඹ එකත් කොට කරැයි ඒ පාර

      Delete
  17. තාත්වික නිර්මාණයක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි
      Oasis ක්ෂේම භූමිය...වෙල්කම් කිව්වා නන්නත්තාරවුණු සටහන් වලට.....

      Delete