30 January 2017

රංජන්ට විසිල් ගහමු


                                                             මට මතකයි උඩුවා ලිව්වා මායා බලලා රංජන්ට විසිල් ගහමු කියලා. ෆිල්ම් හෝල් එකෙන් විසිල් එන්නෙ රංජා රගපාන්නෙ ගැලරියට නිසා.බැල්කනියට රගපෑවනම් ඒ විසිල් සද්ද මොකුත් නෑ. ඒත් මට රංජන්ට කියන්න ඕනෙ එක දෙයයි උඹ ගැලරිය වෙනුවෙන් පෙනී සිටිනතාක් අපි ඉන්නවා උඹට විසිල් ගහන්න.
          ඉකුත් දින දිවුලපිටියේ වු සිද්ධිය සම්බන්ධව මට ඇති වූ ගැටළුවනම් රංජන් එක්වරක් සමාව ගැනුමට වැරද්දක් කලේ නම්. දිවුලපිටිය ජනතාව පාරට බහින තාක් ලිඛිතව එවපු ලියුම් අල බහිනකම් පැල කරන් හිටපු ලේකම්වරිය කී වරක් දිවුලපිටිය ජනතාවගෙන් සමාව ගත යුතු ද යන්නයි.

රංජන් - ඔබ තුමිය කියන්නෙ ඔබතුමිය වගකීමක් ගන්න බෑ කියල ද?
ලේකම්වරිය - නෑ...නෑ...මන්ත්‍රීතුමා මන් කියන්නෙ භූ විද්‍යා එකෙනුයි,පරිසර අමාත්‍යංශයෙනුයි කරන්න ඕන ඒවා අපිට කරන්න බෑනෙ.
රංජන් - මන් අහන්නෙ එකදෙයයි ඔබතුමියට මේ සම්බන්ධව කිසිම වගකීමක් නැද්ද කියලා විතරයි
ලේකම්වරිය - එහෙම නෙවෙයිනෙ මන්ත්‍රීතුමා අපිට අනුන්ගේ දේවල් කරන්න බෑනෙ
රංජන් - ඔබතුමියගෙන්  මන් අහන්නෙ ඔබතුමියට මේ සම්බන්ධව කිසිම වගකීමක් නැද්ද කියලා විතරයි
ලේකම්වරිය -  මන්ත්‍රීතුමා භූ විද්‍යා එකෙනුයි,පරිසර අමාත්‍යංශයෙනුයි කරන්න ඕනෙ ඒවා මට කරන්න බෑ

                                 අහන්නෙ එකදෙයකි.කියන්නෙ තව දෙයකි ලේකම්තුමිය කරන්නෙ තමන්ගේ වගකීම ගැන කිසිත් නොකියා යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තරයක් ලබාදීමය. ඉන්පසුව දුරකථනය විසන්ධි කරන එතුමිය කරන්නෙ මොකක් හරි ප්‍රශ්ණයක් තියෙනවනම් ලිඛිත එවන්න යැයි පැවසීමය.

23 January 2017

මුදියන්සේ ඉස්කොලේ මහත්තයා(18+)


"දැන් තමුන් ලා මේ වැදගත් දෙමව්පියෝ ඉස්සරහා වැදලා සමාව ඉල්ලන්න ඕන ආයෙත් මේ වගේ අසික්කිත වැඩ කරන් නෑ කියලා."
"මේ ලොකු සර්ටත් වැදපන්"
"අනේ සර් ඉස්කෝලෙන් අස් කරන්න නම් එපා.මන් අපේ එකී ගැන බලාගන්නම්"

ඊයෙ දවාලේ කරුණාවතී මිස්ගෙ පන්තියෙන් ගෙන ආ අවනඩුව පිට්ටනියේ දෙමව්පිය දෙපළත් සමග නොපෙනී යනවා මුදියන්සෙ ඉස්කෝලෙ මහත්තයා බලාසිටියාය. පැවති කෙටි නිහඩතාවෙන් පසු කරුණාවතී ටීචර් නැවැතත් කතා කලේ විස්සෝපයකින් යුක්තවය

"මට ඉංග්‍රිසී පීරියඩ් එකේ පන්තියට ගියපු රූපසිංහ මිස් තමයි කිව්වෙ, කැතේ බෑලු තුරුලු වෙලා ඉදලා තියෙන්නෙ පන්තිය මුල්ලෙ හේත්තු කරගෙන"

19 January 2017

කවුළුව හිර නැත


වැටෙන නොවැටෙන
තැනෙක හිරවෙන
මගේ සිතේ හිස් සිතුවිලි....
කවුළුව අතරින්
නෙත් යොමා බලමි මම
කවුළුවට හිරවුණු
මගේ කම් නැති සිතුවිලි.....
නින්දකුත් නැති
නොනින්දකුත් නැති රැයකදි..........
හිතේ පාලුව නැතිකර යන්නට
හිස් වෙයි වීදුරුවක්..... පුරවමින් දුම් වලා.........
දුම් වලාවට හැකි විය
මට නොහැකි මුත් යන්නට
මගේ බෝඩිමේ කවුළුවෙන් එහා.........

-රස්තියාදුකාරයා-
RomanthikaRasthiyadukaraya/facebook

11 January 2017

රෝමාන්තික රස්තියාදුකාරයාගේ සිට රස්තියාදුකාරයා දක්වා


                                                            රස්තියාදුකාරයාට මීට බොහොම කාලයක් ඉදන් මුහුණ දීමට සිද්ධ වුණු පොඩි ගැටළුවක් තමයි රස්තියාදුකාරයාගේ නම. ඒ කියන්නෙ ඔය "රෝමාන්තික රස්තියාදුකාරයා" කියන එක. රෝමානු කතෝලික ආගම හා මගේ නම පටලවා ගැනීම.මන් බෞද්ධයෙක් ලෙස වුණත් එම කතෝලික ආගමට කරන යම් අසාධාරණයක් කියලා හිතුණා.පස්සෙ සයිඩ් බාර් එකේ මන් ඒ ගැන ලියලා දැම්මා.ඒත් හරි ගියේ නෑ. ඉතින් හැමදෙයක්ම ගැනම හිතලා බලලා මන් තීරණය කරා අන්තිමට "රස්තියාදුකාරයා" කියලා නම වෙනස් කරන්න.
                                මන් ෆේස්බුක් පේජ් එකක් කරනවා කියලා දන්නෙ හත් අට දෙනෙක් වගේ තමයි. එයිනුත් හැමෝම වගේ මන් වැඩ කරන ඔෆීස් එකේ(එයාලටත් මාට්ටු වුනේ ඔෆිස් වෙලාවේ මේක ඔබන්න ගිහින්) හරියට එයිනුත් එක්කෙනෙක් දෙන්නෙක්ට ඇර අනිත් අයටත් ඉහත ප්‍රශ්ණෙම මතු වුණා. බොලොග් එක ගැනත් මට ලියපු සමහර අය අහපු ප්‍රශ්ණයක් තමයි ඕක. ළගදී හිතවත් බොලොග් කරුවෙකු වෙන දුමී පවා මේ ගැන විමසා සිටියා.
         තවත් සරළවම කිව්වොත් මේ බොලොග් එක ගැන හා ෆේස්බුක් පේජය ගැන දන්නා හත් අට දෙනාගෙනේ පස් හය දෙනෙක්ම කිව්වෙ එහෙම අදහසක් එනවා කියලා. ඉතින් මේ ගැන අහන්න පුළුවන් හොදම කට්ටිය තමයි උඹලා.
                   මොකද මන් දන්නෙ වෙන එකෙක් වත් නෑ අඩුම තරමේ බොලොග් කියන්නෙ මොකද්ද කියලවත් දන්න. හුගක් එවුන් "බොලොග්" කියලා වචනයක් අහලා තියෙනවා විතරයි. දන් නෑ (ඔව් ඔව් බන් මන් ඉතින් හද්ද බයියෙක් හැබැයි මහින්ද මාමාගේ බයියෙක් නෙවෙයි) ඉතින් උබලට දැනෙන්නේ මොකද්ද "රෝමාන්තික රස්තියාදුකාරයා" කිව්වම? හිතෙන විදිය කමෙන්ට් කරලම කියහන්කො.

05 January 2017

කුඩයක් ඕනෙමද කෙල්ලේ හදිස්සියකට තෙමෙන්නට(18+)

සීතල සුලගේ ඇවිදින් මගේ හිත අවුස්සන
තෙමුණු කෙස් ටික විත් නිරුවත් පිට වෙලාගෙන
කොට ගවුමේ දිය බ්ංදු නිරුවත් දෙපාත් සිඹගෙන
වහල් කඩත් කෙටි වුනේ හොද වෙලාවට

කිටි කිටියේ හිරවූණු තුන් හතර දෙනාටම
හිරිපොදත් ගැවුවේ මගේ සිතේ හිරි කැඩෙන්නට
ගෑවි නොගෑවී ගෑවෙන ඔය සුරත
අල්ලනමයි හිතෙන්නේ කෙල්ලේ ඉවසුවනම් ඇති දැන් හොදටම

හරි වැස්සක් නොවැ වහින්නෙ හිතුවෙවත් නැති කල
කියා විමසුවේ නූබමයි මන් හිටියේ බොරු වැදගත් කමට
ගෑවි නොගෑවි අතිනුත් ගසමින් සිනාසෙන
නුඹ නම් හරි ලස්සනයි කෙල්ලේ මත් වී මන් දැන් හොදටම

29 December 2016

බඹර පදම,බලු පදම සහ කබර පදම



                                          චරක අයියා තම බිරින් දැ සමග දෙසැම්බර් පාසල් නිවාඩුවට බිරුන්දැගෙ ගමේ යන අතර චරක අයියා ද දවස් දෙක තුනක් නැවැතී නැවතත් ගෙදර පැමිණෙන්නේ රැකියාව සදහා යාමටය. එහෙත් සත්‍ය ලෙසම ඒ දවස් ටික අපිට රජ මගුල්ය. මන්දයත් උන්දැගෙ බිරින්දැ ගෙදර නොමැති දෙසැම්බර් මාසය නම් අපේ වාර්ෂික මහා මෙව්වා එකය. අපේ හතර ගම් තුලානක නත්තලක් නැතත්. අපිද යමරෙට  සැමරෙන්නෙ මේ කාලයේය. චරක අයියාගේ ගෙදරම සැමැරීමට විශේෂ හේතු කීපයක් ඇත.
1. එය පිහිටන්නේ ගමේ ගෙවල් දොරවල් අඩු ප්‍රදේශයකය
2. නිවස පිහිටන්නෙ ගස් කොලන් වලින් පිරුණු වත්තක හුදෙකලාවය
3. ඉහත කරුණු දෙක නිසා නන්දන අයියාගේ dj සංගීතය කන පැලෙන්න ලබා ගත හැක.
4.පසුදා එය පිරිසිදු කළ පසු බිරින්දැගේ ඉවට හව්වෙනවා බොරුය
                                     අවුරුද්දක් තිස්සෙ හීනියට දෙක තුනක් සළු වී ගෙදර එන විට පූස් පැටියෙකු සේ ඒමට බොහෝ උන් පුරුදු වන්නෙ ගෘහස්ත සාමය ආරක්ෂා කරගැනීමටය.  එහෙත් මෙදා නම් එව්වාට සීමා නැත. ඈත එපිට මිතුරෙකුගේ ගෙදර බනකටට පිරිතකට කියා ගමේම ඇති චරක අයියලෑ ගෙදරට රින්ගන්නේ නිල බොක්කෙ ඇති එව්වත් වමනෙට එනකන් බී අවුරුද්දක ඇරියස් කවර් කිරීමටය.
                                              භාර්යාවන් මත් වූ වතුරට අමූ කෑ යකින්නන් ලෙස හැසිරෙන්නෙ ඇයි දැයි ඔබ සිතනවා ඇත. උදාහරණයකට චරක අයියාම ගතහොත් ඔහු දියවැඩියාවේ උපරිම පරිසාදිත මට්ටමේ සිටින තර පුද්ගලයෙකි. ඒ කෙතරම් ද යත් රහමෙර පාවිච්චියෙන් පසු දිනම අංග ජාතකය පවා පට්ට යන තරමට වැඩේ අවුල් වී ගොසිනි. තත්වය එසේ වුවත් එව්වා අපිට වැඩක් නැත ඉන්නා ටික කාලේ කති බොති ප්‍රීති වෙති. වැඩිම උනොත් මැරෙති.
                                                                       හැමදාම වගේ එදත් අපේ ප්‍රීති කාලයේ ආරම්භය විය.පුදුමාකාර නිදහසක් සහ ප්‍රීතියක් මුසු වූ හැගීම් වලට ගල් වීදුරුවක් මික්ස් වූ කල දැනෙන ආතල් එක ලිවිය නොහැක බීලාම ගත යුතුය. හැමදාමත් වගේ අපේ සාමාජික නන්දන අයියාගේ dj සංගීතයට අපි බඹර පදෙමෙදි ගීත ගායනා කරයි.එනම් ට්‍රැක් එක වෙනම යන අතර අපේ හදවතේ මුල්ලෙම තියෙන විරහව,අසම්මතය,සම්මතය,බැදීම,ආදරය ගීතයට නැගෙන්නෙ බොක්කෙන්මය.

23 December 2016

යාල පිස්සුව - Yala national park


                                                            ඉකුත් සති‍යේ දවස් හතරක පුල් මාවලස් නිවාඩුවක් එළඹියෙන් එම දවස් හතර ඉතාමත් සොමිබර ලෙස ගත කිරීමට ඉස්කෝලෙ එකට හිටපු උන් ටික ගජරාමෙට බුකියේ අටවාගත් ගෲපයේ සියළු සංවිධාන කටයුතු ඉටුකර තිබුණී. පොදු මතය වූයේ කතරගම යාම හැම එකාම සුට්ටං බට්ටිත්තාගේ කාලේ සිට තිත්ත වෙනකම්ම කර ඇති බැවින් මෙදා පාර බුත්තල ප්‍රදේශයේ ඇති සිද්ධස්ථාන වැද පුදා ගැනීමට යාමටය. යන එන තැන කාටවත් වැදගත් නොවුයේ අපේ එවුන්ගේ මුලික පරම පිවිතුරු අරමුණ වු‍යේ බෝතල් කැඩීම නිසාය. එසේනම් මේසේ වන වගය.

"යනකොට බොන්න ඕන බෝතල් ගන්න හැටි"
"දවල්ට කාලා නාන ගමන් බොන්න හොද පොට් එකක්"
"රෑට බාබකිව් එකක් එක්ක රෑ එළිවෙනකම් හොද බජ්ව්වක් දාන්න හොද කේස් දාන්නෙ නැති රෙස්ට් හවුස් එකක්"
"පස්සෙන්දා නවත්තගෙන උයාගෙන කාලා බොන ගමන් පොඩි ආතල් එකක් ගන්න පුළුවන් වැවක්"
                                                             තත්වය එසේ වුවද අපි යාමට නියමිත ගමන පිළිබද මගේ ගමේ යාලූවෙකු හා නිකමට පැවසූ මොහොතෙදී ඔහු කීවේ යාල පැත්තෙ යනවනම් තෙල් ගාසාගෙන යාමට සෆාරි රථයක් සුදානම් කර දිය හැකි බවය. රස්තියාදුකාරයාද යාල කිසිදා නොගිය තැනක් බැවින් ද අනෙකුන්ගෙන් විමසා මුල් දින බුත්තල සහ දෙවන දින යාලට ගමන ස්ථිර කරගන්නා ලදී.                                                    
                                                පසු දා උදෙන්ම ගමන ඇරඹී‍ය. බොන ඒවා සර්වියට් පේපරේ සිට තිතටම ප්ලෑන් කොට තිබුණද. උදේට කෑමට ප්ලාස්ටික් පිගන් සෙවීමට මුළු ඇඹීලිපිටි නගරයම පීරන්න විය. එව්වා පාසලේ බන්ටි ටොපිය කා ගල් අරක්කු වලට ඇල් වතුර සැන්ඩි කර බීපු අපේ එවුන්ගේ සංවිධාන හැකියාව ගැන තවත් සොදුරු මතකයන්ය.