28 September 2016

මුස්ලිම් ඇන්ටි කෙනෙක්ට ලව් කළෙමි - 1 කොටස


                                                              අද නවකතාවක්, කෙටි කතාවක් තියා කවියක්, නිසදැසක් බැලුවත් තියෙන්නෙ පරම පිවිතුරු, අකලංක, පුජණීය ආදර කතා. ඒ මොකද මිනිස්සු කැමැතියි සුදු චරිත වෙන්න.නොමැතිනම් වැදගත් මහත්වරු වෙන්න,නෝනාවරු වෙන්න. ඒ මහත්වරුන්ගෙන් සහ නෝනවරුන්ගෙන් පිරුණු ලෝකයේ හරිම සින්තැටික් බවක් තමයි රස්තියාදුකාරයට දැනෙන්නෙ. බොරුවෙන් දුවන ඇත්ත වසන් කරන ලෝකය තුළ තියෙන්නෙ පුහු ආත්ම වින්දනයක් පමණයි. එදිරිවීර සරිස්චන්ද්‍රයන්ට වඩා මාර්ටින් වික්‍රමසිංහයන්ට, සයිමන් නවත්තේගමයන්ට රස්තියාදුකාරයා තාමත් පන මෙන් ආදරේ කරන්නේ ඒ නිසා.
                                                 සංහිදියාව ගැන දහසක් දේ කියවෙන කාලෙක රස්තියාදුකාරයා සංහිදියාව කියන දේ ක්‍රියාවෙන්ම ඔප්පු කරලා පෙන්නුම් කරපු කථාවක් තමයි මේ  කථාව පටන් ගන්නෙ රස්තියාදුකාරය දුම්රියෙ යන්න පටන් ගන්ත මුල්ම කාලෙන්.රස්තියාදුකාරයා මුලින්ම හදුනන්නෙ නැති වුවත් පසුව අතිශය හෘදයාංගම බැදිමක් ඇති වූ සමූහයක් නොමැති නම් සෙට් එකක් මේ දුම්රිය තුළ වූණා.අපි හැමදාමත් යන්නෙ පුරුදු තැන.ඒක හරියට ලියල දීපු තැනක් වගෙ වෙන කවුරුත් අපි ඉන්න තැනට එන්නෙත් නෑ අපි කව්රුත් වෙන සෙට් ඉන්න තැන් වලට යන්නෙත් නෑ.දුම්රියෙන් තම රැකියාවට යන්න පුරුදුවෙලා ඉන්න අයටනම් මෙක අළුත් දෙයක් නෙවෙයි.
                                           එවැනි සමූහ රාශියක්ම හැමදාමත් අපි යන දුම්රිය මැදිරිය තුල වෙනවා.ඒ අතරින් අපි සිටින කොටසට පිටුපස පැත්තට වන්නට යම් සැලකිය යුතු දුරකින් තවත් සමුහයක් අපි මෙන්ම සතුටු සාමිචියෙ ගිලෙමින් සිනා සයුරෙ කිමිදින් යනවා ඔහුන්ගෙ ඔය හක හක හිනා සද්දෙ මුළු පෙට්ටිය පුරාවටම වුනත් රැව් පිළිරැව් දෙන්න සමත් වෙනවා.ඔහුන්ගෙ නෙවෙයි කොයි කාගෙ හිනාවටත් ඕක ඇතුළෙ මැනස් කියල දෙයක් තිබුනෙ නෑ.ඔන ඔතන හිටිය මැදිවිය නොඉක්මවූ මුස්ලිම් කාන්තාවක් රස්තියාදුකාරයා දිහා මේ කාන්තාව යම් ව්මසිලිමත් ස්වරූපයකින් බලන බව රස්තියාදුකාරයට දවස් දෙක තුනකින්ම වැටහුනා. උදාහරණයක් විදියට දුම්රියට ගොඩ වුණු ගමන්ම "ගුඩ් මෝර්නින්ග්" කියන්න කොච්චර දුරක හිටියත් ඇය පුරුදු වෙලා හිටියා.හරියට රස්තියාදුකාරයා ගොඩවෙනකම්ම බලන් ඉදන් කියනව වගෙ ස්වරූපයක් තමයි එතන තිබුනෙ. ඒ වගෙම ඇය පර්දාවට මුවා වෙළා සෙනග අතරින් උනත් මාත් එක්ක කිහිප පාරක්ම හිනා වෙනවා. වයසින් වැඩි කාන්තාවක් වුනත් පර්දාවට මුවා වෙලා ඇය සිනහා වෙනකොට එතන තිබුනෙ අමුතුම හැගීමක්.
                                                           දැන් රස්තියාදුකාරයට මේක මාර ප්‍රහෙළිකාවක් එයා වයසිනුත් වැඩියි කොල්ලො සෙට් එක අක්කෙ අක්කෙ කිව්ව්ට මගෙ වයසෙ හැටියට ඇන්ටිත් කියල කියන්න පුළුවන්.මොකද ඒ දුම්රිය මැදිරියෙ හිටපු බාලම එකත් මන් වෙන්න ඇති.මොකද ඔතන යන සමහර එවුන්ට මන් මචං කිව්වට උනුත් මට මචං කිව්වට උන් කොළබ රස්සාවට දුම්රියට ගොඩ වෙනකොට රස්තියාදුකාරයා යන්තම් පාසලේ පළවෙනි වසරෙ දෙවෙනි වසරෙ වගේ ඇති.සමහර එවුන්ට මට වඩා ලොකු දරුවොත් ඉන්නවා.කොහොමින් කොහොම හරි දවස් දෙක තුනක් යනකොට රස්තියාදුකාරයට තෙරෙනවා මෙ කාන්තාව බලන්නෙ රස්තියාදුකාරයා දිහාමයි කියලා.රස්තියාදුකාරයගෙ හත්මුතු පරම්පරාවම සිංහල බෞද්ධ වෙච්චිකොට පර්දාවට මුවා වුණු ඇගෙ සිනහව අමුතුම අත්දැකිමක් වුණා.එකත් හරි එතකොට වයස? කෙල්ලොන්ගෙ ආදරෙ රස්තියාදුකාරය විදල තිබ්බට කවද්ද ඇන්ටි කෙනෙක්ගෙ ආදරයක් වින්දෙ.රස්තියාදුකාරයට මේක අමුතුම කුතුහලයක් දනවන හැගීමක් වුණා.හරි මේ ඔක්කොමත් හරි වෙලාවක රෑට නින්ද ගියෙත් නැති වුණාට කවුද කිව්වෙ රස්තියාදුකාරයට එයා ආදරෙ කියලා. වෙනත් ආගමක දැඩි සංස්කෘතික පරිසරයක හැදුනු වයසිනුත් මුහුකුරා ගිය කාන්තාවකට කොහොමත්ම රස්තියාදුකාරය ගැන හැගීමක් ඇතිවෙන්න හේතුවක් නැහ කියලා රස්තියාදුකාරයට හිතුණත් පහුවෙනිදාට නැවතත් ඇයගෙ කොමල සිනහ,හොරෙන් බලලා ලැජ්ජාවෙන් අහක බලන දේවල් එක්ක රස්තියාදුකාරයට හිතෙන්න ගන්නවා නානාප්‍රකාර සිතිවිලි.
                                                                   සිත බල කරන්නෙම වරදෙහි බැදෙන්නෙ.ගත එක තැනක තිබුණත් රස්තියදුකාරයගෙ හිත තියෙන්නෙ එයාගෙ පිරිපුන් සිරුර ලග.තවත් අතකින් වයසින් මුහුකුරා ගිය කාන්තාවක්? වෙනත් ආගමික පරිසරයක්? වශ්‍රීකෘත බැලීමක්?  අනිත් අතකින්  ප්‍රහෙලිකාවක් ඇයි එයා මන් දිහාම බලන්නෙ. සමහරවිට මන් වගේ මල්ලි කෙනෙක් ඇති. ඒත් එහෙනම් හොරෙන් බලන්නෙ. සමහරවිට වෙන කෙනෙක් දිහාවත්ද බලන්නෙ....? රස්තියාදුකාරය දහසකුත් ප්‍රශ්ණ      

රස්තියාදුකාරයා ඕන දෙයක් වෙච්චි දෙන් කියලා වැඩේට බැස්ස හැටි ඊලග කොටසින්...................  

නම්ගම් පමණක් මනඃකල්පිත බව කරැණාවෙන් සලකන්න

කතාවේ II කොටස මෙතනින්
කතාවේ III කොටස මෙතනින්                             

19 comments:

  1. ම්..ම්.. ඊළඟ පෝස්ටුව එනකම් ඉන්නවෙනවනේ.
    මම දන්න පවුලක් ඉන්නවා. තාත්තා මුස්ලිම්. අම්මා සිංහල. ( පසුව ඈ මුස්ලිම් ආගමට එකවුණා) ඔවුන්ගේ දරුවන් 4 දෙනාගේන් දෙවෙනි දුව සිංහල තරුණයෙක් බැදලා බුද්ධාගම අදහනවා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒකම තමයි දුමී වෙන්න ඕන. ජාතිවාදය නැති කරන්න ඒක වෙන්නම ඕන.නැතිව එක පහුලක දරු කැලක් වගේ කියලා සද්දෙට උදේ හවස කිව්වා කියලා සංහිදියාවක් ඇති කරන්න අමාරුයි

      Delete
  2. ඊළඟ කොටස එනකම් බලං ඉන්නේ මේ , නියමයි

    ReplyDelete
    Replies
    1. හැලපෙව මතක්වුනා

      Delete
    2. බොහොම ස්තූතියි ඉවාන් පහුලූශා ඉක්මණටම ඊළග කොටස දාන්නම්. කවුද Pra Jay හැලපෙ කියන්නෙ???????

      Delete
  3. ඊලඟ කොටස එනකම්.....

    ReplyDelete
    Replies
    1. පුළුවන් තරම් ඉක්මණට ඒ කොටස දාන්නම් Sanjaya Srikanth. බොහොම ස්තුතියි.....

      Delete
  4. Replies
    1. ආ ඒක පරිස්සමට තියෙනවා.බොහොම ස්තූතියි අටම් අයියා

      Delete
  5. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  6. අපොයි මේ මොකද වෙන්න යන්නේ

    ReplyDelete
    Replies
    1. එල එල උබත් ආවද....කතාව පත්තරේ දාන්න යන්නෙ.....

      Delete
  7. උඹගේ රයිටින් ඉස්ටයිල් එක මරු... බෝරින් නෑ... ඊළඟ එක එනකන් බලා ඉමි....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි Maathalan ඉක්මණටම දාන්නම්.

      Delete
  8. අහ් සුන්දර අත්දැකීමක් වගේ. ආදරය ආශාව වගේ දේවල් ඔය සන්ස්කෘතික බැඳීම් තකන්නේ නෑ මිත්‍රයා !

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම සංස්කෘතික බැදීම් විරහිත ලෝකයක් තරම් මනුස්සකම් පිරුණු තැනක් තවත් නෑ

      Delete
  9. පටන් ගන්නකොට කිති කැවෙන කතාවක්.

    ReplyDelete