03 October 2016

මුස්ලිම් ඇන්ටි කෙනෙක්ට ලව් කළෙමි - 2 කොටස


              සුමානයක් ගතවෙන්න ඉස්සෙල්ලා රස්තියාදුකාරයා මේ ගැටළුව ඉදිරිපත් කරේ මේ සම්බන්ධ විශේෂඥ දැනුමක් තිබුණු ගමන් සගයෙක්ට.ඔහු තමයි මා ජීවිතෙ දකින ලද ගැහැණිය සම්බන්ධ විශාලතම සමත්කම් රාශියක් සමත් කොට ඇති පුද්ගලයා.අතිශය කඩවසම් පුද්ගලයෙකු වන ඔහුගේ බැලීමට පවා කාන්තාවන් නිරුවත් වන බව තමයි අපි කථාවට කියන්නෙ. මනෝ විද්‍යාව සම්බන්ධ කොපමන විද්වතෙකුටවත් ඔහුට ගැහැණිය සම්බන්ධව ඇති කියවීමෙන් දශමයකදු ඇතැයි රස්තියාදුකාරයා සිතන්නෙ නෑ.කෙසේ හෝ සියළු දෑ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඔහුගේ අදහස ව්‍යවහරික භෂාවෙන්ම කිව්වොත්

"ඒකී ලයින් එක තමයි දෙන්නෙ, උබ ගිහින් ටෝක දාපන් " යන්නයි....
ඒ විතරක් නෙවෙයි යන විදිය කතා කරන්න ඕන මාතෘකාව පවා නොදරුවට කියලා දුන්නෙ ඔහුම තමයි.

                                                                          පහුවෙනිදා අතිශය රහසිගතව දැන් රස්තියාදුකාරයත් එයා දිහා බලනවා.හැමෝටම හොරෙන් දැන් රස්තියාදුකාරයත් බරටම වැඩ.ස්ටේශමක් දෙකක් යනකොට සෙනග ටික ටික වැඩි වෙනවා.පර්දාවට වැහුණු ඒත් හොරෙන් බලන ඒ සුන්දර මුහුණ දිහා රස්තියාදුකාරයා දැන් වෙනදට වඩා ලොකු විශ්වාසයකින් බලනවා. එහෙම පොඩි වෙලාවක් යනකොට සෙනග වැඩි හින්දා එතනට වාඩි වෙන්න එන්න කියලා ඇය කියනවා.දුරින් ඉදන් ඇහෙන නොඇහෙනෙන විදියට.රස්තියාදුකාරයට ඉබ්බා දියේ දැම්මා වගේ රස්තියාදුකාරයා එතනට කිට්ටු වෙනවා.ඇය වාඩි වෙලා හිටපු ආසනයත් දෙනවා.එත් එතන හිටපු කට්ටියත් එක එක විස්තර අහනවා.ඇයි ඉතින්  එක දුම්රිය මැදිරියෙ ගියාට කවදාවත් සමීපව කතා කරලා නෑනෙ. අර අක්කත් නැගිටලා එයාගේ පාඩුවෙ යනවා.දැන් රස්තියාදුකාරයට ආපු වැඩේ කරගන්න බෑ.මුල් දවසෙන්ම කරගන්නත් ඕනෙ තව දවසක් මෙතන ගියොත් අපේ සෙට් එකේ එවුන්ට අනිවා මාට්ටු වෙනවා.අන එතකොට රස්තියාදුකාරයට ආව ටිකිරි මොලේ

                                                         රස්තියාදුකාරය එතනින් නැගිටලා ඒ සෙට් එකේම කෙනෙක්ට සීට් එක දිලා.හිට ගත්තා අර අක්ක ගාව.දැන් රස්තියාදුකාරයාගෙ හෘද ස්පන්දනය එකසිය ගානට.කොහොම හරි පෙර ලැබී තිබූ විශේෂඥ උපදෙස් අනුව කතාව පටන් ගත්තා.ඒ ගැන කෙටියෙන් කිව්වොත් ඇය රජයේ විධායක ශ්‍රේණියෙ රැකියාවක නියෙලෙන්නියක් . සාමාන්‍යයෙන් අපිට යම් වැඩක් කර ගැනීමෙදි අතිශයින්ම උදව් අවශ්ෂ්‍ය වන තැනක ඇය රැකියාව කරන්නෙ. ඉතින් ඊට වඩා දෙයක් එතන කතා කරන්නත් බැරි එකේ රස්තියාදුකාරයා ඕන දෙයක් වෙච්චි දෙන් කියලා ඉල්ල ගත්තා දුරකථන අංකය.
                                                  ඇය සිංහල පිරිසක් එක්ක ගියාට ඇයට හොදින් සිංහල කතා කිරීමේ හැකියාවක් නෑ ඇය සාමාන්‍යයෙන් කතා කරන්නෙ ඉංග්‍රීසි වැඩි වශයෙන් මිශ්‍ර වූ භාශාවක්.මන් සිතන්නෙ ඇය දමිළ භාෂාවටත් වඩා වැඩි වශයෙන් ඉංග්‍රීසි භාෂාව භාවිත කිරීමක් කරා.කොහොම හරි රස්තියාදුකාරය හිතුවා පහුවෙනිදා හමුවෙලාම වැඩේ ඉවරයක් කරනවා කියලා.මේ නිසා රස්තියාදුකාරයත් පහුවෙනිදා අර රජයෙ ආයතනයෙන් වැඩක් කරගන්න තියෙනවා කියලා ඇයට දුරකතනයෙන් ඇමතුමක් දීලා.උදේ වරුවෙම පිටත් වුණා ඒ ආයතනයට.රස්තියාදුකාරයා තාමත් ඉන්නෙ ලොකු ප්‍රහේළිකාවක සහ ලොකු කුතුහලයක වෙන්න යන දේ ගැන සහ අවසානය ගැන රස්තියාදුකාරයටත් අවබෝධයක් නෑ.
                                      කොහොම හරි එම ආයතනයට ලාගා වුණාම.ඇය බොහෝම වෘත්තීය විදියට මාත් එක්ක මගේ අවශ්ෂ්‍යතාවය ගැන කතා කරලා.ඒ වන විටත් විශාල පෝළිමක් සිටි නිසා ඇය එනතුරු කැන්ටිම තුළ සිටින්නයි දැන්නුවා.රස්තියාදුකාරයට මාරම කේන්තියි.අර කොමළ,සිනහා මොකුත් දැන් නෑ  ඈ ලග.ඇය විසින්ම ආයතනයේ නිළධාරින් සදහා වූ කැන්ටිම වෙත කැදවාගෙන ගොසින් මගේ දැඩි ප්‍රතික්ශේප කිරීමම හමුවෙ මා හට ඇගේ මුදලින්ම උදේ ආහාරය ලබා දුන්නා.හොදම දේ වෙන්නෙ ඉන් පසුව රුපියල් දහසක නෝට්ටුවක්ම කැන්ටිමේ අයකැමි ට ලබා දී මා පෙන්වමින් පැවසුවෙ "අර ළමයගෙන් අහා අහා ඉන්න එපා හොදට සලකන්න" කියායි. කෙසේ වෙතත් අතිශය බඩජහරියෙකු වුවත් බොරු වැදගත් කමක් මවා පෙන්වමින් මම උදේ ආහාරයෙන් අනතුරුව ඉතා සුළු අතුරුපසක් හෝ ගන්නා ලද්දේ අයකැමිගේ දැඩි පෙරෙත්තය මතමය.      
                            ඊට සුළු මොහොතකින් පසුව ඈ පැමිණියත් ඈ මගෙන් විය යුතු රාජකාරිය සදහා තොරතුරු ඇසීම මිස වෙනත් කිසිවක් නොකරන බවක් පෙණිනි මා විශාල පරිශ්‍රමයක් දරමින් සමහර තැන් වලදී කතාව වෙන පැත්තකට යොමු කිරීමට සිතුවත්  ඇයට වගක් වූ බවක් නොපෙනිණි.ඉන් පසුව අදාළ රාජකාරිය කිරීම සදහා මා කැදවාගෙන ගිය අවස්ථාවේදි මට පෙනී ගියෙ ඇය එම ආයතනයේ උසස්ම නිළධාරිණියක් බවයි. සෑම කෙනෙකුම ඇය සමග අසුනෙන් නැගිටමින් කතා කරනවා දක්නට ලැබුණි.ඉන්පසුව රස්තියාදුකාරයාට වැටහුනේ තාමා මේ තාක් උත්සහ කරේ අතිශය නිරර්ථක උත්සහයක සහ පැහැදිළි අවසානයක් නැති නොව ඇති නිශ්පල කාර්යක බවයි. සමහර වැඩිහිටි කාන්තාවන් රස්තියාදුකාරයට අතිශය ප්‍රියක් දක්වයි පවුල තුලද පිට ද එසේ වෙයි.ඒ අන් කවරක් වත් නිසා යැයි රස්තියාදුකාරයාට නොසිතුනේ මන්ද? එනම් ඔහුන් මෙන්ම පුද්ගලයෙකු ලෙස ඈ මා හට ප්‍රියක් දක්වනවා වෙන්න පුළුවන.රස්තියාදුකාරයාගේ සිතූ සිතුවිලි ගැන රස්තියාදුකාරයාටත් කලකිරිනි. වඩාත්ම ඇයගේ තනතුර ගැන කීමෙදී ඇය අතිශය උසස් රැකියාවක් කරන්නෙ යැයි සිතුණද මෙතරම්ම උසස් රැකියාවක නියුතුවේයැයි රස්තියාදුකාරයා නොසිතුවේය.තත්වය මෙසේ නම් ඇයගේ රූපයට හා තනතුරට මා කෙසේනම් එවැනි ‍යෝජනාවාක් කිරීමට සිතුවාද.??? සියල්ල සිදුවී හමාරය තත්වය මෙය නම් මංමුලා වූවා ඇතිය.රස්තියාදුකාරයා සිටියේ ආ ගමන හා ගත වූ කාලය පිළිබද කලකිරීමෙනි.
                                                    නැවතත් මා ලගට පැමිණි ඈ තව සුළු මොහොතකින් මාගේ අවශ්‍යතාවය ඉටු කළ හැකි බැවින් අවශ්ෂ්‍ය ලිපි ලේඛන ඉල්ලා සිටියාය.ඉන් පසුව නැවතත් ඉක්මණින්ම පිටත්ව යාමට සිතා සිටි මා හා ඇය අතර වූයේ මෙවන් කාතාවකි

"කෝ ඔයාගේ ඩොකියුමන්ට්ස් ටික ගන්නකො"
"නෑ මට පරක්කුයි මන් යන්න ඕනෙ"
"ඇයි දැන් ප්‍රොසෙස් වෙලත් ඉවරනේ"
"මන් මොකුත් ඩොකියුමන්ට් ගෙනාවෙ නෑ"
"ඇයි ළමයො මන් කිව්වෙ"
"මට ඕන වුනේ ඔයත් එක්ක කතා කරන්න"
"සොරි...ඒ කිව්වෙ"
"මට ඔයාට කැමත්තක් ඇති වුණා.මට ඔයාව හම්බෙන්නයි ඕන"

මා හට තවත් සැගවිය යුතු දෙයක් නැතැයි සිතුණි.මා ඊට ලැබෙන පිළිතුර ගැන නොසිතුවෙමි.මට අවශ්ෂ්‍ය වූයේ සිදු වූ සියළු දෙය අවේගයත් සමග පාපොච්චාරණය කොට අවසන් කිරීම පමණකි.එහෙත් සිදුවූයෙ අනෙකකි.ඇය සුරතින් පර්දාවෙන් මුව වසාගනිමින් සිනාසුනාය.

"අයියෝ ළමයෝ... ඔයා ඕක මට ඉස්සරින් කියන්න එපැයි" ඇයගේ නිවූනු කටහඩ අසා මගෙ සිතද නිහුණි.

"මන් ඔයාට ඩේ එකක් කියන්නම්.ඔයා එන්න.බලන්නකෝ අපරාදේනෙ වෙලාවයි,හැම දෙයක්ම"
ඇයගෙ දෙබස් උක්ත දෙබස් හා මිශ්‍ර ඉංග්‍රීසි හා නොපැහැදිළි නිසා මා නැවත වරක් සනාථ කරගැනීමට

"ඔයා මට කැමත්තෙන් නේද හිටියේ" යැයි ඇසුවේය
"ඔව් ඔව් ළමයෝ ඕක මගේන් ඇහුවනම් සිම්පල් ආන්සර් එකක් නේ තිබ්බේ"

මාගේ ප්‍රීතිය නිම් නැත. ඒ ඇයගේ ප්‍රේමය සම්බන්ධවම නොව.සියළු බලාපොරොත්තු විරහිතව,සියළු බලාපොරොත්තු බිද වැටී තිබියදී ඇයගෙන් ලැබුණු අනපේක්ෂිත පිළිතුර නිසාය. අනෙක රස්තියාදුකාරයාට ඈ සම්බන්ධව තිබුණේ ප්‍රේමයක්ම නොව.කුතුහලයක් සහ ප්‍රහේළිකාවක් මිශ්‍රිත හැගීමකි.ඉදින් එම හැගීම ප්‍රේමයටත් වඩා නුරාවට බර වූ රාගික හැගීමක්දැයි සිතෙන්නේ.ඇයගේ පිරිපුන් සිරුර ගැන මා යටි සිත නිතරම වද වෙන හෙයිනි.


එසේ ප්‍රහේළිකාවක් වූ ද..... පසුව ප්‍රේමයක් වූ ද.....ප්‍රේමයක් නොවූ ද........කතාවේ අවසාන කොටස තව ස්වල්ප දිනකින් බලාපොරොත්තු වන්න

නම්ගම් පමණක් මනඃකල්පිත බව කරැණාවෙන් සලකන්න

කතාවේ i කොටස මෙතනින්
කතාවේ iii කොටස මෙතනින්

11 comments:

  1. සංහිඳියාව, කෝච්චිය, ප්‍රේමය, කුතුහලය, ප්‍රෙහෙලිකාව. මේ සේරම අස්සේ අදත් කථාව ඉස්තරම්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි දුමී

      Delete
  2. කෙල්ලෝ දන්නවා මොකාටද එන්නේ කියලා..

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ මුලින් බොරු ෂෝ එකක් දෙනවා....අපිත් ඉතින් නොදන්නවා වගේ ඉන්නවා

      Delete
  3. Replies
    1. මොකෝ අටම් අයියේ කේස් එක?????

      Delete
  4. කොල්ලට හොඳ දහිරියක් තිබිලා තියෙනවා කෙලින් කියන්න ආහ්

    ReplyDelete
  5. කිව්වා නෙවෙයි දුකා කියන්න සිද්ධ වුණා.

    ReplyDelete