11 October 2016

මුස්ලිම් ඇන්ටි කෙනෙක්ට ලව් කළෙමි - 3 කොටස

කොහොමින් කොහොම හරි රස්තියාදුකාරයාට මේ අනපේක්ශිත පෙම් ඇරයුම ලැබුනත්. රස්තියාදුකාරයගෙ සිත දැන් තරමක් නොසන්සුන්.ඇයි ඉතින් මොකද්ද දැන් ඉදිරියට වෙන්නෙ කියලා ලොකු කුතුහලයක් තමයි රස්තියාදුකාරයට තිබුණේ. ඒත් මේ තාක් දේවල් අනාරාධිතව පැමිණියා වගෙ.ඒ සිදුවීමුත් අනාරාධිතවම වෙයි කියලා රස්තියාදුකාරයා හිතන්න ගන්නවා.ඔන ඔය දවස් වලට ආසන්න දවසක තමයි අලුත්ගම දර්ගා නගරයේ ස්වාමින් වහන්සේ නමක් වැඩම කළ මෝටර් රථ‍යේ මඟ අවහිර කිරීම නිසා මුස්ලිම් තරුණ කණ්ඩායමක් එක්ක එම පිරිස ආරවුලක් ඇති ඇති කරගත්තේ. 
                                                              ඇය සමග දුරකතනයෙන් දවසක් දෙකක් කතා බස් කළත් ඇයගේ රජකාරීමය අවිවේකීභාවය සහ මා ඒ වන විට යම් විභාග කටයුත්තක් සමග අවිවේකි වී සිටීම නිසාත් දවසක් දෙකක් නොදැනීම වගේ ගත වුණා.ඒ අතරතුර කාලයේ දුරකතන ඇමතුමක්වත් ගැනීම රස්තියාදුකාරයාට අතපසු වුණත්. ඇයනම් නොවරදාවාම දිනකට එක වරක් හෝ ඇමතුමක් දෙනු ලැබුවා. මේ අතරතුර තමයි අලුත්ගම නගරයේ සිට දර්ගා නගරය බලා සිංහල බෞද්දයින් පිරිසක් පෙළපාලියක් යනු ලැබුවේ. ඉතින් මෙම පෙළපාලිය මහා ගැටුමක් වෙලා.අපේ ඉතිහාසය නැවතත් අදුරුකරන්න සමත් වුණු හැටි හැමෝම දන්නවා.
                                                                   අවසානයේදි ඇයගේ දුරකතනය ඒ කාලයේදි විසන්ධි වීමක් කොට තිබුණා.මන්ද ජීවිතහානි පවා සිදු වූ එම කාලය ඇයට මෙන්ම බොහෝ පිරිස් වලට විශාල තැති ගැන්මක් ගෙන දුන්නා.ඒ කාලය තුල ඇයගේ ගම් පළාත තුළට පැය විසිහතර තුළම ඇදිරි නීතිය තුල කල් ගෙවන්න වුණා. එම කාලය තුල ඇය සිටිනා දුම්රිය ස්ථානයේ දුම්රියවත් නැවත්වීමෙන් වැළකී සිටියේ පැවැති ඇදිරි නීතිය නිසා.මන් සිතන්නේ නව අත්දැකීමක් බලාපොරොත්තුවෙන් සිටි මටත් ඒක ඇදිරි නිතියක්ම වුණා.ඒ අදුරු සමය තුල ඇය මා හට එකම එක වරක් පමණක් දුරකතන ඇමතුමක් ලබා දුන් අතර මන් "ඇයිද එන්නෙ නැත්තේ" යැයි ඇසූ කළ ඈ කැඩිච්ච් සිංහලෙන් පැවසුවේ "ඔයාලා ගහන කොට එන්න බෑනෙ" කියාය. ඉන් පසුව මගේ දුරකතනයට ප්‍රතිචාර දැක්වීමත් අඩු වූයේ එම සිද්ධි දාමය නිසාම ඇය තුළ ඇති වූ තැතිගැන්ම නිසා වන්නට ඇත.මන්දයත් පශ්චාත් කාලය තුළ ද බෝහෝ සිදුවීම් සුළු සුළු වශයෙන් හා මහා පරිමාණ වශයෙන් ද වූවාය.
                       සමහරවිට ඇයගේ පහුලේ කෙනෙකු ඝාතනය වන්නට ඇත, ඇයගේ නිවසට ගල් ගසන්නට ඇත, නොමැතිනම් ගිනිගත් නගරයේ ජාතිවාදයට සාප කරමින් ඇය ඇවිදින්නට ඇත.ඉන් පසු කාලයේ ඇයගේ සංවේදි කතාවන් වලට මා පුදුමාකාර ලෙස අනුකම්පා කරන්නට ඇත. වඩාත් වැදගත්ම දේ වූයේ ඈ සම්බන්ධයෙන් වූ නුරාත්ම හැගීම් මා කෙරෙන් අතුරුදන්ව.ඊට වෙනස් වූ දායාව සහ අනුකම්පාව මිශ්‍රිත හැගීමකින් ඇය වැළද ගැනීමයි. ඇය තුළත් පෙරටත් වඩා බැදීමකින් මා හා දොඩමළු වුවද ප්‍රේමණිය හැගීම් අතුරුදන් වන්නට ඇත...සිංහල සහ මුස්ලිම් වෙනස්ම මිනිසුන් කොටස් දෙකක් ලෙස ඈ ඉන්පසු දක්නට ඇත. ඇගේ කොමළ සිනහා නැත,හොරෙන් බලන්නෙද නැත. පැවැති වටපිටාවත් සමඟ මට ඒ ගැන ප්‍රශ්ණ කිරීමටද නොහැක. එහෙත් ඈ මැදි වයසේ දී වුවද වෙනත් මුස්ලිම් ජාතිකයෙකු හා විවාහ වීමට නියමිත බව ඈ ටික කාලයෙකින් කීය............
                                                                               එක් නොහික්මුණු මුසල්මාණු නොසන්ඩාලයන් කිහිපදෙනෙකු එසේ මුල පුරා විනාශ කරේ ඇයගේත් මගේත් ආදරය පමණක් නොව.මුළු මහත් සිංහල සහ මුස්ලිම් සමාජයේ ආදරය හා සාමයයි. අදටත් එම කෝලාහලය මතක් කරන විට මට මතක් වන්නෙ ඈගෙ මුහුණෙ තිබු භිතිය, කතාවේ තිබු තැති ගැන්ම ආදියයි.මේ සටහන තබන මොහොත වන විට ඈ වෙනකකු හා විවාහපත් වී සිටුනු ඇතැයි විශ්වාස කරමි. ජාතීවාදී හා ආගම්වාදි අරගල හී අවසානය තවත් ජාතියක හෝ ආගමක විමුක්තිය නොව තව තවත් ජාතිවාදි හා ආගම්වාදී හැගීම් වැපිරවීමේ ආරම්භයකි.ඊට උක්ත කතාව දිය හැකි හොදම නිදසුනක් නොවේදැයි මා ඔබෙන් ප්‍රශ්ණ කරමි.

රස්තියාදුකාරයාගේ එක් ප්‍රේම කතාවක අවසානය එසේ සිදුවුණි.
නම්ගම් පමණක් මනඃකල්පිතය.......
කතාවේ I කොටස
කතාවේ II කොටස

32 comments:

  1. අයියෝ.. දුක්බර අතීතයක්නේ. ඊට පස්සේ ආයිත් දැක්කේ නැද්ද මෑතකදී

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දැක්කෙත් නෑ...ෆෝන් එක වැඩ කරන්නෙත් නෑ දුමී....

      Delete
  2. මේ ඇන්ටි නම් ටිකක් ෆෝවර්ඩ් කෙනෙක් වගේ. මේ හා සමාන දෙයක් මමත් විඳලා තියෙනවා. හැබැයි ඒක මීට වඩා ලාලිත්‍යෙයන්,කෝලබවින්, සුන්දරත්වයෙන් අනූනයි.

    ReplyDelete
    Replies
    1. අනේ කියන්නකෝ කතාව.

      Delete
    2. අනේ මචෝ මම දැන් පවුල්කාරයෙක්. මගේ බිරින්දෑත් මගේ බ්ලොග් එක බලනවා. උඹ කැමතිද මගේ පවුල අවුල් වෙනවා දකින්න.

      Delete
    3. පෙනුමෙන් නම් සම්ප්‍රදායික තැන්පත් මුස්ලිම් තරුණියමයි.ඒත් කරන රාජකාරියේ තනතුරත් එක්ක තරමක ෆෝවර්ඩ් ගතියක් නැත්තෙමත් නෑ......මල් මල්ලි කොහොම හරි දාහන් කො උබේ ඔය කතාව ඕවා නොදා ඉන්න එක බොලොග් ලෝකෙට කරන අපරාධයක් කියලා තේරුම් කරලා දියහන් බිරින්දැට.....

      Delete
    4. උඹලා මහ ඉරිසියාකාරයෝ. මම හොඳ පවුල් ජීවිතයක් ගතකරනවාට උඹලා කැමති නෑ. උඹලා හදන්නේ මාව දික්කසාද කරවන්න. නැත්නම් යකෝ මේ වගේ මිත්‍ර ද්‍රෝහී කතා කියයිද මම වගේ අහිංසකයෙකුට.

      Delete
    5. එහෙනම් කියහන් බ්ලොග් එක හැක් කරලා දැන් ඒක කරන්නේ වෙන එකෙක් කියලා.මන් හිතන්නේ බ්ලොග් ලෝකයට තියෙන ලොකුම තර්ජනය තියෙන්නෙ වෙන මොහොකින්වත් නෙවෙයි ඔය බිරින්දෑවරුන්ගෙනුයි,පෙම්වතියන්ගෙනුයි.....

      Delete
    6. රස්තියෝ උබ නොදන්නවට මූ තමයි ලෝකෙ ඉන්න හොඳම ගස්බන්ඩ ... අල වතුරත් නිමලලු බොන්නෙ !

      මමත් හරියටම දන්නෙ නැහැ මූම තමයි මටත් කිව්වේ ;-D

      Delete
  3. මෙයා අළුත්ගම ඉඳන් නම් එන්නේ මාත් බැළුවේ නොදන්න කෙනා කව්ද කියලා?

    ReplyDelete
    Replies
    1. හා යාලුවා මොන ට්‍රේන් එකේද එන්නෙ

      Delete
    2. උඔ එන එක කියපන් බලන්න.

      Delete
    3. ඊයක් විදහන් මේකට romanthikarasthiyadukaraya@gmail.com

      Delete
  4. Replies
    1. සියළු හමුවීම් වෙන්වීමෙන් අවසානැයි කියලා කව්ද මන්ද කියලා තියෙනවා නොවැ

      Delete
  5. ඇවිලුනු ගිනිදැල් නිවි නිවි යද්දි ඈ මට හමුවූවා...නම් කොච්චර ශෝක්ද.

    ReplyDelete
    Replies
    1. වේලාව කියන්නේ Aruna Perera අපිට වෙන්නෙම අනිත් පැත්තට නේ

      Delete
  6. මුස්ලිම් ඒවා අල්ලන්න බොහොම ලේසියි... විශේෂයෙන් ඇන්ටිලා

    ReplyDelete
    Replies
    1. අත්දැකීමෙන් වෙන්නැති මයේ හිතේ එහෙමෙ කියන්නෙ

      Delete
  7. Replies
    1. අයියෝ සල්ලි තම්යි ප්‍රාජේ

      Delete
  8. හපොයි සල්ලි... මැදැයි කට්ට කෑව...

    ReplyDelete
    Replies
    1. ඔව් ගාලු අන්තිමට සල්ලිත් නෑ....සනීපත් නෑ........

      Delete
  9. රස්තියාදු මල්ලි මේ ඊයේ පෙරේද කතාවක් නේ ලියල තියෙන්නේ. මම හිතුවේ පරණම පරණ කටහ්වක් කියල. හොඳ හරිය ඉස්සරහට කියල.

    ReplyDelete
    Replies
    1. හා හා පරණමත් කතාවක් නෙවෙයි ඕක..බොහොම ස්තූතියි එකින් එකට ගොඩ වැදුනට

      Delete
  10. පෙම් කැකුළ පිපී එන විටම හදේ එය පරව ගියා ... අපිව හෙලා අන්ධකාරේ ... සංසාරේ ... :-(

    ReplyDelete
  11. රස්තියාදුකාරයා දැන් ප්‍රේමාන්විත චරිතයක්. දැන් ඕන ටෝක් එකකට සෙට් වගේ. කාලය මැවු වෙනසක අරුමේ....

    ReplyDelete