29 December 2016

බඹර පදම,බලු පදම සහ කබර පදම



                                          චරක අයියා තම බිරින් දැ සමග දෙසැම්බර් පාසල් නිවාඩුවට බිරුන්දැගෙ ගමේ යන අතර චරක අයියා ද දවස් දෙක තුනක් නැවැතී නැවතත් ගෙදර පැමිණෙන්නේ රැකියාව සදහා යාමටය. එහෙත් සත්‍ය ලෙසම ඒ දවස් ටික අපිට රජ මගුල්ය. මන්දයත් උන්දැගෙ බිරින්දැ ගෙදර නොමැති දෙසැම්බර් මාසය නම් අපේ වාර්ෂික මහා මෙව්වා එකය. අපේ හතර ගම් තුලානක නත්තලක් නැතත්. අපිද යමරෙට  සැමරෙන්නෙ මේ කාලයේය. චරක අයියාගේ ගෙදරම සැමැරීමට විශේෂ හේතු කීපයක් ඇත.
1. එය පිහිටන්නේ ගමේ ගෙවල් දොරවල් අඩු ප්‍රදේශයකය
2. නිවස පිහිටන්නෙ ගස් කොලන් වලින් පිරුණු වත්තක හුදෙකලාවය
3. ඉහත කරුණු දෙක නිසා නන්දන අයියාගේ dj සංගීතය කන පැලෙන්න ලබා ගත හැක.
4.පසුදා එය පිරිසිදු කළ පසු බිරින්දැගේ ඉවට හව්වෙනවා බොරුය
                                     අවුරුද්දක් තිස්සෙ හීනියට දෙක තුනක් සළු වී ගෙදර එන විට පූස් පැටියෙකු සේ ඒමට බොහෝ උන් පුරුදු වන්නෙ ගෘහස්ත සාමය ආරක්ෂා කරගැනීමටය.  එහෙත් මෙදා නම් එව්වාට සීමා නැත. ඈත එපිට මිතුරෙකුගේ ගෙදර බනකටට පිරිතකට කියා ගමේම ඇති චරක අයියලෑ ගෙදරට රින්ගන්නේ නිල බොක්කෙ ඇති එව්වත් වමනෙට එනකන් බී අවුරුද්දක ඇරියස් කවර් කිරීමටය.
                                              භාර්යාවන් මත් වූ වතුරට අමූ කෑ යකින්නන් ලෙස හැසිරෙන්නෙ ඇයි දැයි ඔබ සිතනවා ඇත. උදාහරණයකට චරක අයියාම ගතහොත් ඔහු දියවැඩියාවේ උපරිම පරිසාදිත මට්ටමේ සිටින තර පුද්ගලයෙකි. ඒ කෙතරම් ද යත් රහමෙර පාවිච්චියෙන් පසු දිනම අංග ජාතකය පවා පට්ට යන තරමට වැඩේ අවුල් වී ගොසිනි. තත්වය එසේ වුවත් එව්වා අපිට වැඩක් නැත ඉන්නා ටික කාලේ කති බොති ප්‍රීති වෙති. වැඩිම උනොත් මැරෙති.
                                                                       හැමදාම වගේ එදත් අපේ ප්‍රීති කාලයේ ආරම්භය විය.පුදුමාකාර නිදහසක් සහ ප්‍රීතියක් මුසු වූ හැගීම් වලට ගල් වීදුරුවක් මික්ස් වූ කල දැනෙන ආතල් එක ලිවිය නොහැක බීලාම ගත යුතුය. හැමදාමත් වගේ අපේ සාමාජික නන්දන අයියාගේ dj සංගීතයට අපි බඹර පදෙමෙදි ගීත ගායනා කරයි.එනම් ට්‍රැක් එක වෙනම යන අතර අපේ හදවතේ මුල්ලෙම තියෙන විරහව,අසම්මතය,සම්මතය,බැදීම,ආදරය ගීතයට නැගෙන්නෙ බොක්කෙන්මය.

                                  බෝතල් හතර පහ යන විට එළඹෙන්නෙ බලු පදමය. නුවන් අයියා මුලින්ම බෆල් එක උඩ නැග්ගාය. ඒ දුටු නන්දන අයියා ගේ හදවත දවා අළු වී යා වී යැයි සිතුණු මා ඔහු දෙස වෙරි පිටම බැලුවාය. සිදූ වූ වේ අනෙකකි ඇරෝ ස්ටාර් සද්ද පූජාවට නන්දන අයියා මයික් එක වයර් එකෙන් අල්ලා ගිනි බෝල කරකවනවා මෙන් කරකවා කරකවා සමන් අයියා සමග නර්තනයේ යෙදෙනවා පෙනෙයි. ඒ දුටු මම අනෙක් බෆල් එක උඩට පැන්නා මතකය. ඉන්පසුව ඇනුවල් පාර්ටි ඉතිහාසේ ප්‍රථම වතාවට වුනූ සිද්දියක් විනි. එය අපිට මැරෙනක්ම්ම ඉල ඇදෙනකම් සිනාසිය හැකි සිද්ධියක් වනවා නොඅනුමානය.
                           මිහිර අයියා යනු උස මහත හැඩි දැඩි විවාහක පෞර්ශ්‍යවත් තරුණයෙකි බෝතල් හතර පහක් සුටුස් ගා ඉවර වුණයින් තවදුරටත් අමතපදන් වීමට ඉතිරි වූ බෝතල් දෙක තුන ප්‍රමාණවත් නොවේදෝයි සිතුණූ මිහිර අයියා තව බෝතල් ගේමට එම්ටි සොයා වැනී වැනී මේසය ගාවට ආ අතර
"කෝ එම්ටි ටික" යැයි විමසුවාය
දීප්ති අයියා ගත් කටටම
"කුඩු කරා බන් වැඩක් නෑ නෙ"
                          එහෙම්ම මූඩ් ගසාගෙන පුටුවක් උඩට ගියපු මිහිර අයියාගේ මූන අදුරුවෙනවා දුටුවෙමි ඒ ක්ෂ්‍යණයෙන්ම ඉකි ගසාගෙන අඩනවා දුටු අතර මින් පෙර දිනක මල ගේකදිවත් උන්දැ අඩනවා දැකනැත. එතන් පටන් කතාව බොරු කීවද උන්දැ විශ්වාස නොකළාය බෝතල් ගාන ගනන් කර පෙන්නු ව ද එය ද හරි නොගියෙ අපිද අමතපදන් වී සිටිය හෙයින් කලූවරේ එම්ටි ටික සොයා ගැනීමට නොහැකි වූ නිසාය. උන්දැට තව එකෙක් සෝ බරිත බව දිය කිරීමට බත් කැව්වාය. උන්දැ ද ඉකි ගසමින් බත් ටික ගිලියි ආයෙත් මොනවාද මන්දා කියමින් අඩයි. සේරටම වඩා උන්දැ කෑවට වඩා බත් තිබූනේ ඇගේය.අනිත් ටික තිබුණේ නහයේය. පස්සෙන්දා අනිත් එවුන් කිව්වෙ ඒ කෑම කවපු එකා මන් කියාය.
                                     මා සිතන්නෙ ඊළගට එළඹියේ කබර පදම විය යුතුය එය නිල වශයෙන් සනිටුවහන් කරමින් ලක්මාල් අයියා වැනී වැනී ඔහු පැමිණි කාර් එක ලගට ගොස් වීදුරුවෙන් ඔළුව ඇතුලට දමා වමනය කලාය. පසු දින ඔහු පැවසුවේ සිකරට්ටුවක් ගැනීමට කාර් එකට ළගට ගොස් පහත් වුනාම ඔක්කාරය ආ බවකි. ඒ සම්බන්ධව ප්‍රශ්ණයක් නැතත් අපිට ඇති එකම ප්‍රශ්ණය මෙවැනි සාදයකදි හැරෙන්නට සිගරට් පාවිච්චි නොකරන ඔහුගේ වාහනයට හදිසියේම සිකරට් පැමිණීයේ කෙසේද යන්නයි. ඉන්පසු දෙතුන් දෙනෙකුම කබර පදම ට උඩින්ම පැමිණි අතර එකෙක් අසාධ්‍ය වී කාමරේකට වැටී වැටී ගෙනගොස් නිදි කෙරෙව්වාය..........
                                              නිශ්චිත අවසානයක් නොවෙතත් පාන්දර තුනට තුන හමාර වන විට අපි වැටුනු වැටුනු තැන් වල නිදාගෙන ඇතැයි සිතමි.....
                                    බීම....වැටීම....පිස්සු කෙළිම.... ඔබේ ජීවිතය දැයි නොදනිමි. මා මෙන්ම ඔබ සාමාන ගති ඇත්තවුන් නොවන නිසා ඔබේ තෘප්තිය වෙන එකක් වනවා ඇත. ඒත් ජීවිතයටවත් කුස්සිය පැත්තවත් බලන්නෙ නැති එවුන් එදාට උදේ සිට කුස්සියට වී නොයෙකුත් කට ගැස්මවල් හදන්නේ එව්වා සල්ලි දී ගත නොහැකි නිසාම නොව(එහෙම කිව්වට ඒකත් හේතුවක් තමයි). ජීවිතයේ රහ තියෙන්නෙ ඒ තුළ නිසාය. මගේ ජීවිතේ ඕනම දේකට උපදෙස් දෙන හයියක් වෙන.විශේෂයෙන්ම මා ද නිරන්තර යම් දෙයක් කිරීමට පෙර අහන අමුවෙන්ම බොක්ක පිරිසිදු උන් හා මේ ජීවිතය තව තවත් රසවත් කරගන්නෙ මාගේ මෙන්ම උන්ගේ ජීවිතයද මෙය වන නිසාය.

27 comments:

  1. කාලක් ගහපුවාම කාලකන්නියා
    බාගයක් ගැහුවොත් භාග්‍යවන්තයා
    තුන් කාලක් ගැහුවොත් තුන් ලෝකෙට අධිපතියා
    බෝතලයක් ගැහුවොත් බෝධිසත්වයා
    (අපේ ගමේ පෙන්වූ ටීටරයක දෙබස් ටිකකි)

    ReplyDelete
    Replies
    1. මාත් අහලා තියෙනවා ඔය කතාව.බොහොම ස්තූතියි කුරහන්....

      Delete
    2. "කාලක් ගසා ක්‍රියාත්මක කරන ඕනෑම ක්‍රියාවක් කාලක් ක්‍රියාවක් නම් වේ - කුමාරතුංග මුනිදාස,සිදත් සන්නිය" බොහොම ස්තුතීයි රසිකොලොජිස්ට්

      Delete
  2. රොමානිස්ගේ කතාව කියෙව්වම මට මෙහෙම හිතුනලු.

    දුරක යනව බණ අහන්න බොරු කීවාදෝ
    අරක මේක පිළියෙල කර නිවාඩු දැමුවාදෝ
    වරක බඹර බලු පදමක් කබර වුණාදෝ
    චරක අයියගේ අඩවිය දෙව් ලොව වීදෝ.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොරුවක් තමයි එනමුත් පව් නැත්තේ
      වරුවක් දිනක් තමයි නිවාඩුත් ගත්තේ
      බඹරෙක් වගේ විත් බලු වී නාගත්තේ
      සතියක් දෙකක් තමයි සෙල්ලම් චරකගෙ වත්තේ

      උබට තරම් රහට බෑ..බොහොම ස්තූතියි දුමින්ද....

      Delete
    2. ආයෙ වෙන මොන රහක්ද ? ඔය තියෙන්නේ රහ පිරි කවියක්ම.

      ජයවේවා!!!

      Delete
    3. වචනෙට ස්තූතියි දුමින්ද.......

      Delete
  3. Replies
    1. බොහොම ස්තූතියි මිතිල

      Delete
  4. Replies
    1. ස්තූතියි ඇනෝ(++++++ පමණක් පෙනේ)

      Delete
  5. ///4.පසුදා එය පිරිසිදු කළ පසු බිරින්දැගේ ඉවට හව්වෙනවා බොරුය///
    meaka sure da???

    ReplyDelete
    Replies
    1. ගිය අවුරුද්දේ දෙසැම්බර් වෙනකම් අත්දුටුවයි ප්‍රත්‍යක්ෂ්‍යයි. බිරින්දැ ආවම තමයි මේ අවුරුද්ද ගැන කියන්න පුළුවන්

      Delete
  6. බීම ට මහත්සේ ප්‍රිය වූ කොච්චියා ඔය සියලු පදම් මෙන්ම සියලු ආකාරයේ ආතල් ද එකක් නෑර හඳුනන්නේය... එසේ හෙයින්ම ඔහේගේ කතාව මට මගේ සේම දැනෙන්නේය.

    ReplyDelete
    Replies
    1. කොච්චියා ගැන කියවමි...දනිමි...
      බීමට...නස්තාර් වීමට...මා මෙන්ම කැමති වුන් බොලොගේ ද සිටීම වාසනාවක්මැය.

      Delete
  7. නත්තලට තාම පදම් වෙනවා.....

    ReplyDelete
    Replies
    1. හම්මේ...අද සෑත් තියෙන්නෙ හොදටම පදම් වෙන්න...ස්තූතියි අරුණ පෙරේරා.

      Delete
  8. මටද උබ එක්ක කබර පදමට අපු අවස්ථා නැතුවාම නෙමයි... දැනෙන්න බිව්ව කාලයක් මතක නැ... අයෙත් දවසක පුරුදු තැනම සෙට් වෙමු රෝමා. ජයවේව..!!!

    ReplyDelete
    Replies
    1. ඔව් බන් උඹත් එක්ක රෑ ජාමේ සෙට් වුණු අතිතෙත් තියෙන්නෙ මතක් වුණත් මරු කාලයක් කියලා හිතෙන තරම් දේවල්...මොන තරම් මාතෘකා තිබුණද බන් අපිට පට්ට ගහන්න ඒ කාලෙ. ආයෙත් ආවම හම්බෙමු සහෝදරයා ජීවිතේ රහ බෙදාගන්න....

      Delete


  9. හ්ම්ම්ම් ඹබර පදම වැදුන කෙනෙක්...

    ReplyDelete
    Replies
    1. ඔව් ශානි කබර පදමට නෑවිත් ගොඩගියා යන්තම් :-)

      Delete
  10. මේ පැත්තේ ආපු පළමු වතාව....

    පොස්ට් එක කියවල මත් වුනා වගේ..

    බොහොම රහට ලියල තියනවා..

    ReplyDelete
    Replies
    1. එවැනි දෙයක් දැනීම මට තව තවත් ලියන්න කරන විශාල උත්තේජයක්.ස්තූතියි පොකුරු වැහි. පොකුරු වැහි නොදන්නවා වුනාට පොකුරු වැහි මගේ fb එකේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්

      Delete
  11. ජිවිතේ හරි රහ දැනෙන්න බෝතලෙකින් සැන්ඩි කරලා ගන්න ඕනේ! ;D

    ReplyDelete
    Replies
    1. ඔව් නාඩිරත්ත හිත අස්සෙ තියෙන දේවල් සැන්ඩි කරලා ගන්නකොට දැනෙන රහ පට්ටයි

      Delete