23 December 2016

යාල පිස්සුව - Yala national park


                                                            ඉකුත් සති‍යේ දවස් හතරක පුල් මාවලස් නිවාඩුවක් එළඹියෙන් එම දවස් හතර ඉතාමත් සොමිබර ලෙස ගත කිරීමට ඉස්කෝලෙ එකට හිටපු උන් ටික ගජරාමෙට බුකියේ අටවාගත් ගෲපයේ සියළු සංවිධාන කටයුතු ඉටුකර තිබුණී. පොදු මතය වූයේ කතරගම යාම හැම එකාම සුට්ටං බට්ටිත්තාගේ කාලේ සිට තිත්ත වෙනකම්ම කර ඇති බැවින් මෙදා පාර බුත්තල ප්‍රදේශයේ ඇති සිද්ධස්ථාන වැද පුදා ගැනීමට යාමටය. යන එන තැන කාටවත් වැදගත් නොවුයේ අපේ එවුන්ගේ මුලික පරම පිවිතුරු අරමුණ වු‍යේ බෝතල් කැඩීම නිසාය. එසේනම් මේසේ වන වගය.

"යනකොට බොන්න ඕන බෝතල් ගන්න හැටි"
"දවල්ට කාලා නාන ගමන් බොන්න හොද පොට් එකක්"
"රෑට බාබකිව් එකක් එක්ක රෑ එළිවෙනකම් හොද බජ්ව්වක් දාන්න හොද කේස් දාන්නෙ නැති රෙස්ට් හවුස් එකක්"
"පස්සෙන්දා නවත්තගෙන උයාගෙන කාලා බොන ගමන් පොඩි ආතල් එකක් ගන්න පුළුවන් වැවක්"
                                                             තත්වය එසේ වුවද අපි යාමට නියමිත ගමන පිළිබද මගේ ගමේ යාලූවෙකු හා නිකමට පැවසූ මොහොතෙදී ඔහු කීවේ යාල පැත්තෙ යනවනම් තෙල් ගාසාගෙන යාමට සෆාරි රථයක් සුදානම් කර දිය හැකි බවය. රස්තියාදුකාරයාද යාල කිසිදා නොගිය තැනක් බැවින් ද අනෙකුන්ගෙන් විමසා මුල් දින බුත්තල සහ දෙවන දින යාලට ගමන ස්ථිර කරගන්නා ලදී.                                                    
                                                පසු දා උදෙන්ම ගමන ඇරඹී‍ය. බොන ඒවා සර්වියට් පේපරේ සිට තිතටම ප්ලෑන් කොට තිබුණද. උදේට කෑමට ප්ලාස්ටික් පිගන් සෙවීමට මුළු ඇඹීලිපිටි නගරයම පීරන්න විය. එව්වා පාසලේ බන්ටි ටොපිය කා ගල් අරක්කු වලට ඇල් වතුර සැන්ඩි කර බීපු අපේ එවුන්ගේ සංවිධාන හැකියාව ගැන තවත් සොදුරු මතකයන්ය.

                                   පාසලේ වානිජ විෂය දහරාව හදාරපු අපේ පන්තියේ උන් තාමත් එහෙම්මය. එදා මෙන්ම තාමත් එකටය. අපේ වුන් හා වූ අතීත සැමරුම්,විනෝද කතා, ප්‍රේම කතා, කුපාඩි කතා වලින් පිරු එදා ගමන පාසල මතාව තුළ ගෙවූ සුන්දර කාලය හා සමාන නොවන්නෙදැයි සිතුණී. උන් සමග ගමේ බෝතලය වටා සෙට් වුවද එය විනෝද සාගරයක් වන්නේ ස්මරණයට දහසකුත් මතක කතා ඇති බැවිනි....කෙසේ හෝ යන ගමනේද මද පමණින් සප්පායම් වූ අප රාත්‍රීයේදී අවශ්ෂ්‍ය කලමනා ලක ලැස්තිකොට ගත කරේ මෙසේය.


බීම(ට) කෑම පිළියෙල කිරීම අතරතුර
බීම(ට) කෑම පිළියෙල කිරීම අතරතුර
සාජ්ජය අතරතුර (රජයේ දුම්කොල සහ මධ්‍යසාර නීති
සහ රෙගුලාසි මත මූනස්තහඩු නොමැති වෙනත්
ජායාරූප නොවීය)
                                       පෙරදින සාජ්ජය යහමින් ගිය අතර එහි ආනිසන්ස කොතරම්ද යත් යාල යා යුත්තේ උදේ පාන්දරින් වුවද අපේ මුල්ම එකා නැගිටිද්දි නමය පහුය.අන්තිම එකා නැගිටිද්දි එකොලහ දොළහ වෙන්න ඇතැයි සිතමි. එකෙනෙහිම තවමත් දැක නොමැති සෆාරි ගමන් සගයාට දුරකතන ඇමතුමක් දී සමාව භජණය කොට හිරු එළිය අඩු වූ පසු නැවතත් පැමිණීම සුදුසු බව ඔහු පැවසූ අතර  පැය හතරක පහක ගමනක් යාල තුල යාමට ඇති නිසා එකට දෙකට පමණ යාල සංචාරය සුදුසු බව පැවසුවාය. 
                                                                  රස්තියාදුකාරයා සීතල පැති වලට වඩා ආස කලේ කර්කශ හද්ද ග්‍රාමීය පැති වලටය. එවන් ගමක් තුළ කියවෙන ටෙලි නාටකයක් පවා මහත් අභිරුචියෙන් බැලුවාය. සීතල පැති වල ප්‍රේමණීය සොදුරු බවකින් යුතු පරිසරයක් තිබුණත් හිත ඇතුලේ ඉන්න හද්ද ගොඩයා ආස කරේ මේ පරිසරයටය. එහි කඩයක නවතා කහට කෝප්පයක් එක්ක රොටියක් කෑම වුවද මටනම් මාරම ත්‍රිල් එකකි. යාල යනු මේ ත්‍රිල් එකේ උපරිම තැනක් වග පිවිසුම් දොරටුවෙන් වැඩි දුරක් නොයාම දැණිනි.
                                          ඌව සහ දකුණ යන පළාත් දෙකක් පුරා විසිරුණු යාල වන උද්‍යානයේ මුළු වපසරිය වර්ග කිලෝ මීටර 979 ක් පමණ වුවද. සාමාන්‍යයෙන් සංචාරකයන් සදහා විවෘතව ඇත්තේ වර්ග කිලෝ මීටර 141 පමණය. අපි යාල ගැන දන්නෙ ලොව විශාලතම දිවි කොටියන්ගෙන් ගහණ ප්‍රදේශයක් හා අලි ඇත්තුද බහුල ප්‍රදේශයක් ලෙස උනත්. යාල කියන්නෙ ජෛව විවිධත්වය බහුල වනයක්ය.
                                   අපි ඔය සෆාරිය පටන් ගත්ත හරියෙම වන්නට දැක්කේ කැමා කමීස ඇදගත්තු හැට් දාගත්තු බයිනෙත්තු වගේ දිග කැමරා අතේ තියාගත්තු විදේශිකයො වගයක්ය උනුත් ගියේ අපි වගේ හරි පාරේ නෙවෙයි අරෙහෙ මෙහෙය. ඉන් පස්සෙ කළුවර වැටෙන්න ඔන්න මෙන්න තියදී මුන් ටික නැවතත් මුණ ගැසුනු අතර ඒ උන් පාරේ අයිනට වන්නට උන්ගේ ජීප් රිය නවතාගෙන සිටියෙදීය. අපි පාරේ එත්ම අතින් එන්නට එපා යැයි සන් කල අතර. ඉක්බිතිවම ඔය මොක්කුද මන්දා ඇහටවත් පේන්නෙ නැති කුරුල්ලො වගයක් පියඹලා ගියෙ අපේ වාහනේ සද්දෙටය.
                        කුරුල්ලො රංචුවෙන් හතර පහක් ආයෙත් වෙන ගහක ලැග්ගාය. අපේ ඇහෙටවත් හරියට පේන්නෙ නැති වූවාට අඩි 2ක කට ආසන්න දිගක් තිබුණු ඒ බයිනෙත්තු වගේ දිග කැමරා වලට නම් උන්ගේ මයිලුත් පේනවා ඇතිය. විනාඩි 15ක් පමණ අපිටත් ඉතින් වාහනෙ එංජිමත් නතර කරන් ඉන්න වුවාට. අවසානයේ උන් නොසෑහෙන්න ස්තූති කර කිවේ ඒම කුරුල්ලොන්වම සොයන්නට උන්  යාලට ආ බවය. අපි මෙන් නොව උදේ පාන්දර සිට සොයා උන් හම්බවී තියෙනුයේ ඒ ඇදිරි වැටිච්ච මොහොතේය. ඒ විතරක් නොව එම ඉන්දියානු කුරුළු විශේෂයක් වන් උන් සිටින්නෙත් වර්ථමානේ මුළු ලෝකෙන්ම යාල පමණක් බව පැවසුවාය. 
                                        යාලට පෙම්බැදි බොහෝ දෙනෙක් වූහ,මගේ ගමේ මිතුරු සමාගමේ මිතුරෙකු යාල පිළිබද බොහෝ පෙම්බැදි කෙනෙක් වූවාය. එහි රාත්‍රීන් බොහෝ ගණනක් ගත කර ඇති ඔහුගේ අතිශෝතියෙන් තොර ඔහුගේ නොයෙකුත් කතා කොතරම් මනස්කාන්ත වන්නට ඇත්දැයි යාල දෙපස පරිසරය දෙස බැලීමේදී මට දැනූණි. මට වඩා අවුරුදු හත අටකින්ම වයසින් වැඩිමල් උසස් වෘත්තිකයෙකු වූ ඔහුට කළ හැකි විය පැහැදම මට නොවූ නිසා චිත්ත රූප මවමින් ඔහුගේ කතා රස වින්දාය.එපමනක් නොව යාලට පෙම් බැදි බොහෝ වුන් අතර සජිත් ප්‍රේමදාස වැනි රාජ කුමාරයෝද වූවේ මා මෙන් ඔහුන්ද ඒවාට වශ්‍රීකෘත වූ නිසා වන්නට ඇත.



                                   ඩිස්කවරි චැනල් වල ලොබ බැදි පරිසරය තුළ සැබෑවටම ඇවිදීම මා වචනයෙන් නිම් කල නොහැකි ප්‍රමුදිත බවක සනහා ලූ අත්දැකීමක් වීය. මා ජීවත් වන ගම් පරිසරය ඇත්තේ මුහුද සහ වෙරළ මුල් කරගෙනය. එයද සුන්දර බවින් අනූනය. සැමදාම දකින කුකුළගේ මොකද්ද එකක් මොකද්ද වගේ කිව්වට මට කෙදිනවකවත් මගේ ගම් පරිසරය එකාකාරීව දැනී නැත. තාමත් සෙනසුරාදා ඉරිදා දවසක වෙරලේ ගතවන සැදෑවන්ද අතිශයින් වින්දනාත්මකය. එහෙත් යාල තුළ ඇත්තේ ඊට වෙනස්ම පරිසරයකි. හෙක්ටයාර් 97 880.7 ක වපසරියෙන් යුතු මෙවන් සා විශාල වනාත්තරයක ඇවිදීමම ජීවිතය තුළ විදීමට තව බොහෝ දේ ඇති බව පසක් කරයි.
                   
                 දැන් මට ද ඇත්තේ යාල පිස්සුවකි.....නුදුරු අනාගථයේම යාල වනයේ කුඩාරම් ලා අවිනිශ්චිත භීතිය කැටි කොටගත් රැයක හරිත පරිසරයේ සුවය අග්‍රාහණය කරමින් රැය පහන් කිරීම මගේ දැන් පිස්සුවයි නොමැතිනම් සිහිනයයි.





සැ.යු.-  විශේෂයෙන්ම මතක් කළ අයෙකු ඇත මෙහි දී මුදල් ප්‍රතික්ශේප කරමින් පෙර සදහන් කළ මාගේ මිතුරෙකුගේ මිතුරෙකු වූ සෆාරී රථයේ අයිතිකරු මෙන්ම රියදුරා ද වූ යුගාන් නැමැති සහෘදයා. කිසිදු සෆාරි රථයක් නොයන මාර්ග වල අප රැගෙන ගියේ සුන්දර ස්ථාන මෙන්ම සතුන්ද පෙන්වීමටය. සාමාන්‍ය සෆාරියක කාලය පැය හතර හමාරක පමණ වුවද අප සදහා පැය හයක් හය හමාරක් පමණ ඔහු ගත කල අතර ඉන් අප බලාපොරොත්තු වූවාටත් වඩා බොහෝ දේ දැක ගැනීමට සහ විදීමට හැකි විය. ඔහු යාල හිතුවක්කාර විසේකාරයා වන ගැමුණු නම් ඇතා පෙන්වීමට ගත් උත්සහය පමණක් ව්‍යයර්ත වූයේ ඉකුත් දා සෆාරි රථයක් කුඩු පට්ටම් කොට කළ කළබැගෑනිය නිසා අලි වෙඩි යොදා ගෙන කැලේ ඇතුලටම සද්දන්තයා එලවා දමා තිබූ බැවිනි (යුගාන්-076 617 1472)


-රෝමාන්තික රස්තියාදුකාරයා-

21 comments:

  1. යාල ගිහිල්ලත් අර සද්දන්තයා බලන්න බැරිවුන එහෙනං.!
    පරිසරයට ආදරය කරනවා වගේම් ඒක රැකගනත් ඉදිරිපත්වෙනවනම් වටිනවා!

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. සද්දන්තයොනම් ගොඩක් දැක්ක දුමින්ද.සමහර රංවු වලට අඩි ගානක් දුරින් වාහනේ නවත්තගෙන පැය බාගයක් විතර බලන් හිටියා.විශේෂයෙන් ඔය අලි පැටව්න්ගෙ හුරතල් බලතෑකි දවසෙම උනත්.අලි බැලිල්ලයි...බලි ඇදිල්ලයි... එපා වෙන්නේති වැඩවල් දෙකක් කියන්නේ ඇත්ත බන්.

      Delete
  2. කලෙක යාල, බුන්දල මගේද ජීවිතයේ කොටසක් වූ වකවානුවක් විය, ඒ 2010 ට පෙරය...
    ඉන් පසුව අදටත් එහි යාමට මා හට නොහැකි විය. නමුත් වියලි කලාපයේ සුන්දරත්වය 2014 වසර වන තුරුත් විඳ ගැනීමට මා හට හැකි වුයේ හම්බන්තොට දිස්තිරික්කයේ වැවක් අසල ඉඩම් කැබැල්ලක් මිලදී ගැනීමට මා හට හැකි වූ නිසාය...
    නමුත් 2014 ජුලි මාසයට පසු අද වන තෙක් මා හට එහි යාමට නොහැකි විය...
    එම ඉඩම දැන් වෙන අයෙකු අල්ලාගෙන සිටිනවා හෝ විය හැක...
    කිසි දෙයක් කිරීමට වේලාවක් නොමැතිකම මේ සියලු දෙයින් මා ඈත් කර දැමීමට සමත් වී ඇත... ;(

    අර කුරුල්ලන් වර්ගයේ නම මතක නැද්ද, උඹට අමතකනම් අඩු ගණනේ මතක තියෙන යාලුවෙක්ගෙන් හරි අහල බලල කියපන්...

    ReplyDelete
    Replies
    1. උන් නමක් කිව්වෙ නෑ ලොකු පුතා. ඉන්දියන් කුරුල්ලො වගයක් කියලා විතරයි කිව්වෙ. උන් දැන් ඉන්දියාවෙවත් නැති බව සහ උන් සිටින්නෙ යාල පමණක් බවයි පැවසුවේ.

      හම්මෙ....වැව ගාව ඉඩමනම් මරුවට ඇති නේ. ලොකු පුතා ඒක තමයි ජීවිතේ. ඒ ජීවිතේ නැති කරගන්න එපා බන් මොකද අපි ජීවත් වෙනවා කියලා දැනෙන්නෙ ඒ අපි ආස කරන දේවල් එක්ක හිටියොත් විතරයි. නැත්තම් අපේ ජීවිතේ අනුන්ගෙ ප්ලෑන් එකකට ගත කරන ජීවිතයක් වගේ වෙනවා.

      Delete
  3. රෝමා, හොඳට සැලසුම් කරලා ගිය ගමනක් වගේ පෙන්නේ.. ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. බොන එක විතරයි මුන් හරියට සැලසුම් කරලා තිබුණෙ

      Delete
  4. හැක්...ඒකත් මරු.....💼💼💼

    ReplyDelete
  5. උඹේ ස්ටයිල් එකට කැමතියි

    ReplyDelete
  6. මම යාල ඇතුලේ කීප වතාවක් දවස් හතර පහ නැවතිලා හිටියා. සුන්දර අත්දැකීමක්. ඒ හිටපු බංගලාව ඒ කාලෙ ත්‍රස්තයො ගිනි තිබ්බ.විනාශ කරා. මගේ මල්ලි, මස්සිනා යාල අවුරුදු ගානක් සේවය කරා. මාර ජීවිතයක් තමයි ඒක.

    ReplyDelete
    Replies
    1. ඔව් අරුන ඒක මාරම ජීවිතයක්.මන් හිතන්නෙ ඔබ ගත කරපු හා විදපු ජීවිතේ මන් ගත කරන්න සහ විදින්න නියමිතයි. මටත් මතකයි කැලෑ කොටි වගේම වල් කොටිත් ඒ කාලෙ හිටියා

      Delete

  7. ඔන්න මමත් ආවා මේ පැත්තට.
    අපිත් මීට මාස හත අටකට කලින් ගියා යාල. වල් ඌරොයි මොණරුයි තැන් තැන් වල ලැගගෙන ඉන්න කිඹුල් තඩියොයි මිසක් අලි කොටිනම් බේතකට දැක්කෙ නෑ.

    ReplyDelete
    Replies
    1. වෙල්කම් කිව්වා...අපිත් එක්ක ගිය කොල්ලා එල කොල්ලෙක් ඌ කැලේ සත්තුන්ට වඩා කැලේ ගැන දන්නවා මයෙ හිතේ.
      මොක්කු නොදැක්කත් ඒ පරිසරයම මැදැ සදවති........

      Delete
  8. ඇයි යාල විතරක් එන්නකෝ උඩවලවෙත් කන්න බොන්න
    නාන්න ඇවිදින්න දෙන්නමි රිදෙන්න...

    ReplyDelete
    Replies
    1. හම්මේ සුපිරියි නේ. කෝ මේල් එකක් දාපන්කො මේකට romanthikarasthiyadukaraya@gmail.com

      මීට ඉස්සෙල්ලා දෙපාරක් වගේ ගිහින් තියෙනවා සුපිරි ප්ලේස් එකක් තමයි උඩවලවත්

      Delete