19 January 2017

කවුළුව හිර නැත


වැටෙන නොවැටෙන
තැනෙක හිරවෙන
මගේ සිතේ හිස් සිතුවිලි....
කවුළුව අතරින්
නෙත් යොමා බලමි මම
කවුළුවට හිරවුණු
මගේ කම් නැති සිතුවිලි.....
නින්දකුත් නැති
නොනින්දකුත් නැති රැයකදි..........
හිතේ පාලුව නැතිකර යන්නට
හිස් වෙයි වීදුරුවක්..... පුරවමින් දුම් වලා.........
දුම් වලාවට හැකි විය
මට නොහැකි මුත් යන්නට
මගේ බෝඩිමේ කවුළුවෙන් එහා.........

-රස්තියාදුකාරයා-
RomanthikaRasthiyadukaraya/facebook

16 comments:

  1. රෝමා.
    අදනම් රහ බේරෙන අදහසක්.
    වෙලාවකට හිතෙනවා බං ඔය වගේ දුම් වලාවක් වුණානම් කියලා...

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. සිම්පල් බන්...මලක්,සිගරට් එකක් පත්තු කරා නම් ඔය කියනවා වගේ දුම් වලාවක් වෙන්න පුළුවන් බන්.
      නැතිමනන් බීඩියක් වුනත් අවුලක් නෑ.....

      Delete
  2. රෝමා උබේ කවිය කියෙව්වාම මගේ ඇරියස් ටික ඔක්කොම කවර් කර ගන්න හිතුනා. ගහනවා කුඩු වෙන්න අද.. උබත් හිටියනම්...

    ReplyDelete
    Replies
    1. ඔව් බන් මොනවා කරන්න ද ආපු දවසක රහ ඇහිදමු බෝතලයක් වටේ ඉදගෙනම....

      Delete
  3. හිතේ සිරවුනු සිතුවිලි දුම් වලාවක පා කර හැරීම... හ්ම්ම්ම් නරකම නෑ

    ReplyDelete
    Replies
    1. නරක නැත්තෙමත් නෑ සදවතී දූම්බීම ශරීරයට අහිතකරයි කියලා ඔය ගහලත් තියෙන්නෙ :-)

      Delete
    2. හා.. හා... මම මුලින්ම දාන්න ගිය කමෙන්ට් එක අවවාදයි... දුම්බීම ශරීරයට අහිතකර වන්නට පුලුවන කියලයි.පස්සෙ ඉතින් හිතුවා බොන එකා ඕක දැන දැනනෙ බොන්නෙ කියලා හි හී

      Delete
    3. ඔව් ඉතින් ඒකත් ඇත්ත කතාව. හැමදේකටම මැදුම් පිලිවෙත හොදයි අන්තෙට යන්නෙ නැතිව :-)

      Delete
  4. මේ දැනුත් දුම් වලාවක පා කර හැරියා. ඒකේ නම් දුම් විතරයි. දුක් නැහැ :D

    දුම්පානය ශරීරයට අහිතකරය..පැකට් එකෙත් ගහලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. දුක නැති උනාට නිකොටින් ඇතිනේ :-)
      හ්ම්ම් ශරීරයට අහිතකරයි....මනසට හිත කරයි....

      Delete
    2. කි කාලයක් ලග හිටියද විස්වාස වන්ත යාලුවෙක්

      Delete
    3. ඇයි දැන් ළග නැද්ද

      Delete
  5. අදහස නම් රහයි...ඒ වුනත් දුම් බිමේ ආදීනව නම් ඔහොම රහ නැහැ...

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත...
      ඒත් ඉතින් සමහර වෙලාවට එහෙමැයි කියලා බෑනෙ :-)
      ඇබ්බැහි වීම නම් නරකයි.මැදුම් පිළිවෙත හොදයි..

      Delete
  6. මම කියන්න ගිය අවවාදෙ උඩින් කට්ටිය ලියලනෙ...කවියකට බොහොම රහ සිතුවිල්ලක්..ඒත්...සෞඛ්‍යයට නම් අහිතකරයි හිතන එක පවා

    ReplyDelete
    Replies
    1. හම්මො විසිරි එහෙමැයි කියලා අවධානමක් නොගෙන බෑනෙ සමහර වෙලාවට.... :-)

      Delete