අපටම කියා ඉගෙනුමක්ලු හෙට නැතිවන්නේ
මුලටම වෙලා සිරියයි කෑ කෝ ගසමින් යන්නේ
එකටම හිටි ඕකා නෑ ගානක්වත් කිසිදා කියලා දුන්නේ
ඒත්
ඇත්ත තමයි පෙළටම සිට කෑ ගසමින් කියන්නේ
කෝටි ගණන් කොහොමැයි අපෙ අප්පා මට දෙන්නෙ
ඇති හැකි එකාමයි හැමදාමත් සැපයෙන් ඉන්නෙ
දියුණූ රට වලනම් එහෙමලු බුකියේ තිබුනේ
හැම
ජන්දෙකදිම රටේ දුප්පත් මිනිසුන් ගහගත්තේ
ජන්දෙකදිම රටේ දුප්පත් මිනිසුන් ගහගත්තේ
දිනන දාට කිරිබත් කා බී සළු වෙන්නෙ
ආදා පටන් මොකත් නෑ අපේ අම්මේ සලකන්නෙ
නිල් රතු කොළ පින්තූර ටික දාපන් බන් කුණූ මුල්ලෙ
හොද
දොස්තර නැත අම්මේ වාට්ටුවේ
ඩිස්පැන්සරියේ දොස්තරනම් පොඩි එවුන්ට ටොපියක්වත් දෙන්නෙ
ඒ හාමුදුරුවන්ගෙ දරුවත් සයිටමටමයි යන්නෙ
නඩු කී නඩ්ඩගෙ පොඩි එකත් දැන් සයිටමේ දෙක වසරේ
හෙද
කලා,වානිජ,ඉන්ජෝන්ගේ ඩිග්රී
දැන් විකිණිලා බන් අම්මෙ සෑහෙන කල්නෙ
දැන් විකිණිලා බන් අම්මෙ සෑහෙන කල්නෙ
ඔන්න ඔහේ සයිටම ගැන විතරද සිරියලා දැක්කෙ
ඩිස්පැන්සරියේ එකාවත් කවදද බන් බෙහෙතක් අඩුවට දුන්නේ
අපි
දැනගන්නට ඕනෑ හදාගන්ට බන් අපේ ලෝකේ
අපි පත් කරපු එකාලා දන්නවා ඒකයි උන් එය තිතටම කෙරුවේ
දැන් ඇති අනේ බන් උන් ගැන මේ කරුමේ
කරවල හට්ටිය බා පන් බන් රොස්වුනොතින් නොනිවෙයි කුස අද බඩගින්නේ
අපි
දැනගන්නට ඕනෑ හදාගන්ට බන් අපේ ලෝකේ
අපි පත් කරපු එකාලා දන්නවා ඒකයි උන් එය තිතටම කෙරුවේ
දැන් ඇති අනේ බන් උන් ගැන මේ කරුමේ
කරවල හට්ටිය බා පන් බන් රොස්වුනොතින් නොනිවෙයි කුස අද බඩගින්නේ
--------------------------------------------------------
-රෝමාන්තික රස්තියාදුකාරයා-
RomanthikaRasthiyadukaraya/facebook
මොනව කතාකෙරුවත් අන්තිමේදී දුප්පතාගේ කරවල හට්ටිය තමයි රොස් වෙන්නේ. මේ ගැළපුමනම් මරු රෝමෝ.
ReplyDeleteජයවේවා!!!
ඕක තමයි දුමින්ද පවතින දේශපාලනය ගැන දෙපැත්තකට බෙදිලා ගහගන්න අහිංසක දුප්පත් මිනිස්සුන්ට වෙන්නෙ. ඒදා වේල කන්න නැතත් පක්ෂයක් වෙනුවෙන් මරාගන්නවා
Deleteනියමයි රෝමා...
ReplyDeleteස්තූතියි මිතිල
Deleteකොයි දේ උනත් ප්රමිතියක් ඇතුව තිබුණට කමක් නැත. දැන් බලන්න බාහිර උපාධිවල මෙලෝ ප්රමිතියක් තියෙනවද.
ReplyDeleteඔය මොනවද කුරහන් සා.පෙන් පස්සෙ අවුරුද්දෙන් මාස්ටර් ඩිග්රියකුත් ගන්න පුළුවන් තැන් තියෙන්නෙ
Deleteබොලාට හිතෙන්නේ නැද්ද මේ හොර හැත්ත සහ ගොන් රොත්ත 1948 ඉඳන් මේක පාලනය කරාට සහ කරන්න දඟලුවට වඩා හොඳයි කියල සුද්ද හිටියනම්..
ReplyDeleteඔව් එහෙනම් අපිට නිකන් නුවර,යාපනය යනවා වගේ වීසා නැතිව එන්ගලන්තෙවත් යන්න තිබ්බා....
Deleteඅර කිව්වත් වගේ සුද්දගෙන් අපි නිදහස් උනේ නෑ....
සුද්දා අපෙන් නිදහස් උනා......
නිසි ප්රමිතියකින් තිබ්බට කිසි කාරියක් නෑ. අපේ රටට අලුත් උනාට හැම රටකම තියෙන දෙයක් ඔය. ප්රමිතිය නොහදා අනුමැතිය දීපු එක නම් බොහොම වැරදි.
ReplyDeleteඒක ඇත්ත බන්.....
Deleteරට කරවන එවුන්ට ප්රමිතියක් තියෙන්න එපැයි බන් මුලින්ම...
ප්රමිතිය තමා බන් වැදගත් ,, මනුස්ස ඡීවිත එක්ක කෙරෙන රස්සාවක්නෙ.
ReplyDeleteප්රමිතියා හා සාමාජ සාධරණය කියන දෙකම වැදගත් බන්
Deleteමේ මොහොතේ රට පාලනය වෙන හැටියට කිසි දෙයක් පිලිබඳ විශ්වාසයක් තියන්න බැහැ....
ReplyDeleteඔව් ඒක අමු ජරා ගොඩක්
Delete//අපි
ReplyDeleteදැනගන්නට ඕනෑ හදාගන්ට බන් අපේ ලෝකේ// නියමයි. කවි පෙළ.
බොහොමත්ම ස්තූතියි ගොඩ වැදුනට
Deleteමරු කවිය
ReplyDeleteමරු කවිය
ReplyDeleteස්තූතියි වැහි බිදු
Delete