16 March 2017

ඇයගේ සිත මෙන්ම ඔහුගේ සිතත් අප කියවා නැත (18+)


මගේ පොඩි එකීගෙම
වයසෙම නුඹ උන්නට
පවක්වනු කිම මා උන් හැදුවේ
ගෑනීගෙ  මලගමට පසු
පන මෙනි රැකගෙන
ඒකීගෙම වයසේ නුබේ සලු පිළි ගලවනකොට
මගේ හිත නොපිච්චුනේ උන් ගැන වල්කමක් 
හිත කොනකවත් නොතිබුණූ හින්දම
දවසෙ පඩියෙන් කීයක් හරි ඉතුරු කරගෙන 
මන් නුඹ සොයා ආවෙ 
මගේ සැනසීම
මධුවිතත් නුඹත් පමණක් හින්දම
කරගැට ඇති දෙ අත්ලේ පිරිමැදුම සියුමැලි නොවුනට
සුරාන්තයට ගෙන යමි  ගැටයෙකුටවත් නොහැකි ලෙස
වෙරයොදා නුඹ හා යෙදුණට මා ලබමින් සතුට
නොසිතමි නුඹට
 මා හා රමණය පිළිකුලක් බව
මත්වී සිස් වූ බීර බදුනත් විසික් කොට ඇදමුල්ලට
සිතුසේ නුඹේ සුව විදගනිමි අද දරදඩු දැහැනින්  ළගට ගෙන
දෙතොල් මන මත් කරයි
 චුම්නයක් ඇහැකිද දෙතොලට
නොරිස්සුම් ගෙන බැනුමට දෙයක් නොවෙයි කෙල්ලෙ
හැම මාසෙකම එන එකෙක්නෙ මම
හෙටක් ගැන ඉරක් පායනු නැති නාට්ටාමියෙකුගෙ ජීවිතයට
සැනුසුම නුඹත් මී විතත් පමනකි රිදුම් දුන්නට
සමාවෙයන් මට

-රෝමාන්තික රස්තියාදුකාරයා-
RomanthikaRasthiyadukaraya/facebook

ප.ස. -  ජර්මානු ජාතික Sandra Hoyn බංගලිදේශයේ ගණිකා නිවාස කලාපයක් තුළ සංචාරය කරමින් ගනු ලැබූ ජායාරූප කිහිපයක් මේ වන විට අතිශය කතාබහට ලක් වී ඇත.මින් ඉහත සදහන් ජායාරූපය ඔහු ලබාගත් ජායාරූප අතරින් දහසකුත් දෑ කතා කරන ජායාරූපයකි.  එහෙත් එය තුළ වූ ඇයගේ සිත මෙන්ම ඔහුගේ සිතත් අපගේ විදග්ධ සමාජය තවමත් හරියට කියවා නැත. ඇයගේ සිතට මෙන්ම ඔහුගේ සිතටත් කතාවක් ඇත. ඒ කියවීම ලැබූ නිදහස් සමාජයට වික්ටර් රත්නායකයන් වැන්නෙකුගේ විවාහය තලු මැරීමට තරම් වන් දෙයක් නොවනු ඇත. 

46 comments:

  1. මචං උබේ ලින්ක් එකටත් ගියා. උබ මේ ෆොටෝ වලින් වටිනාම ෆොටෝ එකත් තෝරාගෙන ඒ ෆොටෝ එකට 100% ක වටිනාකමක් අගයක් සංවේගයක් එක්කරල තියෙනව උබේ කවි පෙලෙන්.

    නියමයි.

    👊🏽

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බන්. බොලොග් එකට ගොඩ වැදුන එකත් සෑහෙන්ඩ වටිනවා...👊 👊 👊 👊

      Delete
  2. නියම කවි පෙලක්.
    බංග්ලාදේශයේ විතරක් නොවෙයි මේවාගේ මුඩුක්කු පැල්පත්වල වෙසෙන ගණිකාවන් ඉන්දියාවේ මුම්බායිවලදිත් දැකලා තියේනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අසංග. ලංකාවෙත් නාගරික වශයෙන්(විශේෂයෙන් කොළඹ) මේ තත්වයන් මෙහෙම්ම තියෙනවා.

      Delete
  3. Replies
    1. කවුරුත් ලිංගික කුහකත්වය සහ පිටින් පෙන්නන සෝබන සුචරිතවාදය තුළ වැළලුනු තිත්ත ඇත්ත.

      Delete
  4. ඉරද පායනා ළෝකෙක එදා මෙදා
    සැරද වැඩියි මේ ගැටළුව හිතේ බදා
    වරද කරන උදවියටම තැලුම් නොදා
    වරදට හේතු පිළියම් සෙව්වොතින් හොඳා....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොරුව රජයන කොදෙව්වක පිනකට ඉපදුනදා
      සරුව ඇතේ වට පිට හැදියාවන් පිට ඔපදා
      බැරුව අමාරුව හොද කර ගැනුමට උන් ගියදා
      ගියවුන්ට කෙළ ගසති උඩ බලමින් මුන් සැමදා

      ඔව් බන් තාමත් පරක්කු නෑ පිළියම් යොදන්න

      Delete
  5. ඒ පින්තූර ටික බැලුවට පස්සේ කියන්න දෙයක්වත් හිතා ගන්න බෑ

    ReplyDelete
    Replies
    1. ලංකාවෙත් ඔය තත්වය ඔහොම්මමයි....නිල කලාප නෑ.නොනිල කලාප සෑහෙන.

      "අදුරේ පව් කරන දනා එළියෙ රවන ළදුනේ
      ලැම පමනක් ලොවට පෙනෙන
      ළය නොපෙනෙන ළදුනේ
      කුහුබිවෙකුටත් වරදක් නැති වැරදිකාර ළදුනේ"

      ශිෂ්ඨ සමාජය වහන ඇත්ත කතාව

      Delete
  6. රස්තිගේ කවිය අගයමි. ඊට වඩා හිත නතරවුනේ අර පින්තූර එක්ක. ඒ ගැහැණුන්ගේ මුහුණු දකින අපිට උන්ගේ හිත්ද දකින්න තිබුනා නම් කොච්චර හොඳද....මේ ගැහැනුන් පිලිබඳ මට එදත්, අදත් දැණෙන්නේ මහා වේදනාබර හැඟීමකි. මොවුන්ගේ ජීවිත මහා දුක්බර කතා පොත්ය. ඒ ජීවිත කොන්ඩම් වගේ. වැඩේ කරගත්තට පස්සේ අල්ලලා විසිකරලා දානවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. එවන් දුක්බර කතාද බොහෝය. මම සහසුද්දෙන් දත් එවන් කතාද ඇත.
      නැති වුන් මේවාගෙන් සැනසෙයි
      ටිකක් ඇති වුන් ස්පා වලින් සැනසෙයි
      හොදට ඇති වුන් තරු පහේ හෝටල් වල සැනසෙයි

      ඒත් මෙයින් වැඩියෙන්ම තැලෙන්නෙ මුලින්ම කියපු උන්ය. සුචරිත සමාජය උන් කොන්ඩම් වගේ විසි කරන්නෙ කොණ්ඩම් අතින්වත් අල්ලපු නැති එවුන් ලෙසය

      Delete
  7. Harima agei obage kawi sithiwilla. Jaya!

    ReplyDelete
  8. "ඇයගේ සිත මෙන්ම ඔහුගේ සිතත් අප කියවා නැත"මේ වචන පේලිය එක්ක ඡායරූපය දැක්කම,ජීවිතය ගැන අපි හිතන්නේ හැමවෙලේම ඒකපාර්ශිකව නේද කියල එකපාරටම හිතට දැනුනා.

    ReplyDelete
    Replies
    1. ඔව් බක්කරේ මේ ලෝකේ කලූ මිනිස්සු කියලා ජාතියක් නෑ ඉන්නෙ කලු සුදු මිශ්‍ර අළු මිනිස්සු

      Delete
  9. අමරසිරි පිරිසගේ ලදුනේ සින්දුව මතක් වුනා ...

    ReplyDelete
    Replies
    1. සරළෑ සුගම විදියට කියන්න ඕන හැම දෙයක්ම ඇතුල්වෙච්ච ගීතයක්

      Delete
  10. මේ ලෝකේ ජීවත්වෙන හැමෝටම කතාවක් තියනවා බං. වෙලාතියෙන්නේ අපි ඒ කතා අහන්න ලාස්ති නෑ. අනිත් එකාගේ කතාවට වඩා අපිට , අපේ කතාව ලොකුයි. දෙන්නක් අතර අවබෝදයෙන් වෙන්න ඕනේ දෙයක් මුදල් පදනම්කරගන සිද්දවෙනවට ආසම නෑ. ඒත් බඩගින්න කියන්නේ මහා එපාකරපු පජාත් දෙයක්

    ReplyDelete
    Replies
    1. අවාසනාවකට මුදල කියන දේ හැමදේට්ම පදනම් වෙලා ඉවරයි බන්.
      ඔව් බන් අපේ රටේත් ලොකු මිනිස්සුන්ට නොපෙනෙන මිනිස්සු ඉන්නවා බන් ගොඩක් බඩගින්න වෙනුවෙන්ම විතරක් ලොකු අරගලයක් කරන.

      Delete
  11. කොළඹ ගුණසිංහ පුරේට ඇතුල් වෙන ඉසව්වෙ ඉන්න සමහරක් මෙහෙම අය හරි ලාබාල වයසේ කියලා පෙනෙනව....ජීවිතේ හැටි...

    ReplyDelete
    Replies
    1. ඒ වගේ පැති තව කොච්චර තියෙනවද විසිරි. ඒ මිනිස්සුන්ගේ තියෙන්නෙ ඔය මිනිස්සුන්ගේ කියලා බනින වල්කමට එහා ගිය අසරණකමක කතාවක්.

      Delete
  12. මෙව්ව කියවන්න නම් රස්තියාදු කාරයගෙ එකට ගොඩ වෙන්නම ඕන..මේ කාන්තාවන්ගෙ මුහුණු දැක්කහම මට පේන්නෙ ඒගොල්ලො කියාගන්න බැරි අසරණ කමකින් පෙළෙනව කියලයි.

    ReplyDelete
    Replies
    1. ඔව් බන් මේ ලෝකෙ හැමෝටම සර්ව සාධරණ තැනක් කරන්න බෑ. ඒත් මෙතරම් අසාධාරණයට ලක්වෙන වෘත්තියක්,මිනිස්සු පිරිසක් තව නැතිව ඇති.

      Delete
  13. මොනවා ලියන්නද කියලා තේරෙන් නෑ... ගැහැණු මියයමින් ජීවිතය ගෙවන්න වෙර දරනවා ගණිකාවෝ වෙලා.. ස්තූතියි මෙවැනි දේවල් ලියනවට රස්තියාදුකාරය නුඹට....
    :'-(

    ReplyDelete
    Replies
    1. ගැහැණියගේ සිත වගේම මේ වයසක මිනිහගේ හිතත් අපේ විදග්ධ සමාජය තාම කියවලා නෑ අරුශි

      Delete
  14. Hithanna deyk thiynw ayye ned...hmmmm.......

    ReplyDelete
    Replies
    1. ඔව් සදනි.උඩ පින්තූරය කතාකරන පින්තූරයක් එකයි මේ ජායාරූප පෙළම මෙතරම් ජනප්‍රිය වුනේ.

      Delete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. කතා කරන පින්තුරයක්, ඒ මුණු වල කියා ගන්න බැරි දාහක් දේවල් එකට එකතු වෙලා.
    ඒ දේවල් කැටි කරලා ඔබ ලියලා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බොහොමත්ම යාත්‍රා

      Delete
  17. Ayye paththara wlt liynwd oya

    ReplyDelete
    Replies
    1. නෑනෙ සදනි.මන් ලියන් නෑ

      Delete
    2. Ehemd rsthiyadukarayo gdk athi ehenm..kohom unth ayya lyn style ekt kmthi mn..oyt subpthnw digtm lynna..kiywnna innwne api..✋✋

      smwenna ek cmment ek deparak publish wenwne..hithl krnawa nemei..

      Delete
    3. බොහොමත්ම ස්තූතියි සදනි.රස්තියාදුකාරයොනම් ගොඩයි.මාත් ඉන් එකෙක් විතරයි.

      වැරදිලා හරි කමෙන්ට් වැටෙන එක කොච්චර දෙයක්ද සදනි :-)

      Delete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. පින්තූරය දැකපු ගමන් මම දැන ගත්තා සිද්ධිය ගැන...
    මම බලලා තිබුණේ...
    හෙහේ...

    ReplyDelete
    Replies
    1. ඔව් බන් මේ පින්තූර සෙට් එක සෑහෙන ජනප්‍රිය වුණා. මේවගේ තියෙන්නේ සමාජෙ වෙනම ස්ථරයක්.

      Delete
  20. උබයි මායි සෙට් වෙන හැම දවසකම වගේ අළු චරිත ගැන කතා කරනවානේ. මට මේකත් එහෙම කල කාතාවක් වගේ දැනුනා. නියමයි රෝමා. ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. ඔව් බන් මේ ලෝකෙ සම්පූර්ණ කලූවත් සුදුවත් මිනිස්සු නෑ

      Delete
  21. අවශ්‍යතා ද්විත සමපාත වීම මත මෙම කථාව නිර්මාණය වී ඇත.

    ReplyDelete
    Replies
    1. ඒහෙත් අවාසනාවකට සමපාත කරගන්නා ගැණුම්කරුවාගේ කොන මෙය පිටතදී දැඩිව හෙළා දකියි

      Delete