09 February 2018

ඒකට කියන්නෙ හිනාවක්ද ???? - ii කොටස

                                                               
                                                     අපිට අහඹු ලෙස හම්බෙන සමහරක් ලස්සන දේවල් අපේ හිතේ තැන්පත් වෙනවා ඊට පස්සෙ නිකන්ම ඒක අපිට අමතක වෙනවා. දවසින්,දෙකෙන්,සතියකින්,මාසෙකින් විතරක් නෙවෙයි එක් ක්ෂණයකින් වුණත් කොතරම් ලස්සන රුවක් වුවත් අපි නිරායාසයෙන් අමතක කරනවා   සමහරව්ට ඇයත් එහෙමම වෙන්න තිබ්බා...
                                     ඒත් අපේ තුන් මිතුරු හවුල ඇය ගැන විටින් විට විසුළු කතා කීමත්. ඇයගෙ රුව නිරන්තරයෙන් නොවැතත් විටින් විට දැකීමත් නිසා මගේ හිත තුල මතක් කිරීමෙන් යම් ප්‍රමුදිත බවක් සිතේ ස්පර්ශ වන ලෙසකට ඇයව තැන්පත්ව සිටියා.  
                                                                              ඇත්තටම මනෝ විද්‍යාත්මකව මට ඒ සිතුවිල්ල පහදන්න බෑ. ඒත් ඉහත කිව්ව හේතු දෙකට අමතරව. ඇය විටින් විට හෝ ඇය දකින විටකදී ඇයගේ රුවේ සොදුරු තැන් සිත්තමක් වගේ සිතේ සටහන් වී තිබුණු නිසාමත් මෙසේ ප්‍රමුදිත බවක් ඇය පිළිබද ස්මර්ණයෙන් ලැබුවා වෙන්න ඇති.

                 කොහොමත් මට ඒ කාලෙ තිබුණු සිතුවිල්ල පහදන්න අමාරුයි. මොකද ඒක කොහොමටවත් ආදරයක් නෙවෙයි....අනික ගමටත් වඩා කොළබදී සුන්තරම ගැහැණුන් යන්න අහඹුවක් නොවෙන නිසා. ඇය කෙරෙහි වූ මේ සිතටත් නොතේරෙන දැඩි ස්පර්ශය මොකද්ද කියන්න බෑ. ඒත් මිලිදුවගෙ සිතේ යම් තරමකටත් මදුසංක අයියගෙ සිතේ මන් තරමටමත් ඇය සක්මන් කරා .....ඔව් ඒක උන් කියලම තියෙනවා......
                                ****************************************************
                                                                අද උදේම ඔෆිස් ගියාට හිතේ කිසිම ෆ්‍රී එකක් නෑ. මොකද අමාලි මාත් එක්ක තාම රණ්ඩු. හේතු ගොඩක් නෑ. මට රෑට අමාලිට "කනවා" කියලා කියන්න අමතක වුණා. කෑවයින් පස්සෙ මට නින්ද ගියා. ඔව් මට ඒ හින්දා ගුඩ් නයිට් කියන්නත් අමතක වුණා. එයා මන් ගෙදර එනකන් නොකා බලන් හිටියලු මට කරදරයක්ද කියලා බයවුනාලු. කොටින්ම ගුඩ් නයිට් මැසේජ් එකක් එව්වෙ නැති නිසා රෑ දහය දොලහා වෙනකම් බලන් හිටියලු.
                          මේකත් එක අතකට පුදුම කරුමයක්. අම්මවත් හොයලා බලන්නෙ නැති තරමට අමාලි මන් ගැන වද වෙනවා. ඇත්තටම ලොකුම ප්‍රශ්ණෙ එයාගෙ සමහර ප්‍රශ්ණ වලට මට දෙන්න උත්තර නැති එක. ඊයෙ රෑටම කෝල් හතලිස් ගානක් අරන් මැසේජ්ම විසිගානක්.
                            එච්චර කෝල් කරලා මැසේජ් කරලා ඇහුනෙ නැත්තෙ කොහොමද අහනවා. ඒ ගැන තමයි අද උදෙත් පැයක් විතර තිස්සෙ කෝල් කර කර මගෙන් ඇහුවෙ. මට දෙන්න උත්තරයක් නෑ.  කොහොමද කියන්නෙ නිතරම කෝල් කරන නිසා ෆෝන් එක සයිලන්ට් කරා කියලා........?????
                                           මට මතක් වෙනවා හදිස්සියෙවත් එහෙම කිව්වොත් එයා දෙන උත්තර " ඇයි මන් ගැන වටිනාකමක් නැද්ද" "මන් ඔයා ගැන හොයා බලන එක වරදක්ද" "ඔච්චරටම මාව වදයක්ද" "ඇයි ඔහොම කරන්නෙ".....................වගේ තව ගොඩක් දේවල් කියාවි. ඊට පස්සෙ තව කියවලා අඩාවි.
                                                                                 කොහොමත් ඒක එච්චර විශේෂයක් නෙවෙයි. මගෙයි එයාගෙයි දවසින් වැඩි හරියක් ගෙවෙන්නෙ රණ්ඩු කරන්න. ඉතිරි ටික එයාව ආයෙත් යාළු කරගන්න.ආයෙත් ඉතිරි ටික තව මොකක් හරි රන්ඩුවකට හේතුවක් හදාගන්න.
                                      දැන් එයා ගමේ මුල්ලක තියෙන ග්‍රාමීය බැංකුවේ ජොබ් එකක් කරනවා. ඒක මට පොඩි සහනයක්. එකක් එයාට ඉස්සර වගේ රණ්ඩු කරන්න වෙලාවක් නෑ. අනිත් එක ඔෆිස් එකේදි එයාට මාත් එක්ක රණ්ඩු වෙන්න නිදහසක් නෑ....

"වරෙන් දුමක් දාන්න යන්න" ඒ මදුසංඛ අයියා
"කෝ මිලිදුවා"
"ඌ බොස් එක්ක, මැසේජ් එකක් දාලා යන්"
ඇත්තටම අපි තුන් දෙනා අතර තිබ්බෙ පැය අටකට එහා ගිය හිතවත්කමක් ඒ වගේ එවුන් රස්සාවක් කරන තැනකින් සෙට් වෙනවා කියන්නෙ විරල දෙයක්
                                                         පෙට්ටි කඩේ ගාවදි මදුසංක අයියා කියන්න ගත්තේ උගෙ අලුත්ම කෑල්ල ගැන. අලුත්ම කිව්වට අලුත්මත් නෑ. සෙට් වෙලත් දැන් මාස හතර පහක් වෙනවා. ඒකි හෙන පොශ් කෑල්ල එච්.එන්.බී එකේ වැඩ කරන්නෙ. කොහොමත් මමයි මිලිදුවයි දෙන්නම ගමේ අපිට වඩා මදුසංක අයියට කෑලි වැඩ කරනවා ව්ශේෂයෙන් කඩ්ඩ වනන පොශ් කෑලි. ඊයෙ ගිෆ්ට් එකක් දීලා......වයින් බෝතලයක්, නිල් පාට  ෂර්ට් එකකුයි. මොකද එච්.එන්.බී කෑල්ලට ඊයෙ බෝනස් වැටිලා. 
                                                                  අහ්....මදුසංක අයියා එන්ගේජ් වෙලා ඉන්නෙ.මහරගම පැත්තේ කෙල්ලෙක් එක්ක.ස්කූල් ලව් එකක්. තාම වෙඩ්න්ග් එක අරන් නෑ. ඒත් වෙඩින්ග් රින්ග් එක අතේ තියෙනවා.
                                         අර එච්.එන්.බී කෑල්ලට මැරි කරලා බබෙකුත් ඉන්නවා. මදුසංක අයියා කිව්වෙ කවදාවත් උගෙන් වයිෆ් ගැන අහලා නෑලු. මැරි කරලද ඇහුවලු එකම එක පාරක්, එච්චරයිලු.......මදුසංඛ අයියා කිව්වෙ ගෑණියෙක් ගත්තම ඔක්කොම සෙල්ලන් ඉවරයි කියලා. එතකන් ඉතින් පුළුවන් සෙල්ලමක් දාන්න ඕනෙලු.පොඩ්ඩකින් මගේ ෆෝන් එක රින්ග් උනා.

"දැන් පුරුද්දකට ගත්තද. මොකද්ද මේකෙ තේරුම"
"ඇයි අමාලි"
"අද උදේ රණ්ඩු උනා කිසි ගානක් තියේද"
"මොකද්ද?"
"දැන් දෙකයි වෙලාව, දවල්ට කෑවා ඒකවත් මට කිව්වද"
"නෑ අමාලි වැඩ ගොඩක ඉන්නෙ තවම කෑවෙ නෑ" මන් එහෙම කියනකොට අමාලි ටිකක් නැවතුනා
"සොරි පැටියො කාලා කෝල් එකක් ගන්න"
 ඇත්තටම මන් ගොඩ වෙලාවකට ඉස්සරින් කෑවෙ.........සමහර වෙලාවට මන් දැන් බොරු කියනවා.....
                                                          මන් ෆෝන් එක සාක්කුවෙ දාගන්කොට ඉස්සර කහ ඉරින් පැනලා
අවෙ ඇය. ඔව් තාමත් නම නොදන්න ඇය. ඇය ඇවිදින්නෙ වේගයකුත් නැති.....හෙමිනුත් නැති ඒත් ගමනෙ මුල සිට අග වෙනකම්ම එකම රටාවක් තබාගත්ත ගමනකින්. ඇයගේ බරසාර ළැම,පිරිපුන් උකුල,ඉන සිට දනහිස් දක්වාමත් ඉන්පසුව වලලු කර දක්වාත් පිරිපුන්ව නෙරා ගිය දෙකකුල සහ සිනාවක් නැතත් මුසපත් වෙන මුහුණ..........ඔව් මන් එයා දිහා නිසොල්මනේ බලන් ඉන්නවා.
                                   ඒක ඔබ විශ්වාස නොකරන ගනයේ චිත්‍රපටි ජවනිකාවක් වෙයි. ඊලග මොහොතෙදි එක් ඇසිල්ලකින් ඇය මන් දිහා බැලුවා. කට පැත්තකට කරලා හිනා වෙනවා නොවෙනවා වගේ එකක් කරා. මොකක්? ඒක හිනාවක්ද ? දන්නෙ නෑ ඇත්තටම දන්නෙ නෑ.අඩුමගානෙ ඇය එහෙම කරේ මාත් එක්කද කියලවත් දන්නෙ නෑ. සමහර විට ඇය ඇයගේ සිතුවිල්ලක ඉදගෙන කරපු අබිනයක් වෙන්න ඇති.               


                                                       මතුසම්බන්දයි.......     

19 comments:

  1. බරසාර ළැම, පිරිපුන්උකුල, මන්මත්වෙන මුහුණ ..... ඔහොම ලිව්වාම ලෝරිස් පටුමගේ නතරවෙන්න හිතෙනවා....

    ReplyDelete
  2. Replies
    1. අනේ මන්ද බං.
      ලියපං දිගටම එල

      Delete
    2. එල එල බන් දිගටම ලියවෙයි

      Delete
  3. ස්තූතියි ප්‍රාජේ....

    ReplyDelete
  4. කථාව ලස්සනයි මල්ලි . දිගටම රැදී ඉන්නම්

    ReplyDelete
  5. හෑ...කෑලි සීන් එකක්....මරු............(තඩියා)

    ReplyDelete
    Replies
    1. මෙව්වා සම්පූර්ණ එව්වා

      Delete
  6. මොකක් වෙයිද ඉදිරියට හිත කකියවන...රෝමා

    ReplyDelete
  7. මම හෙට කියවනව , අද comment දානව. කොහොමද ඒක.

    ReplyDelete
  8. මං දෙවනි වතාවටත් කියෙව්වා.. ඊළඟ එකටම කොමෙන්ට් කරනවා කියලා මුලින් කියෙව්ව දවසේ .. දැන් කාලෙත් හරි ඊළඟ කොටස දාන්න ඉක්මන්ට.😏😏😏😏

    ReplyDelete
    Replies
    1. මේක ලියන්න කාලයක් යයි

      Delete