03 March 2018

බ්ලොග් එහෙකට කමෙන්ට් කරන්නෙ කොහොමද - How to Comment on Blogs


                                                              මේකෙ හෙඩිම දැක්ක ගමන්ම බ්ලොග් වල ගැවසෙන අයට හිතෙන්න පුළුවන් මොන කුණුහර්පයක්ද මේ මූ කියන්න යන්නෙ කියලා. ඒත් ඉතින් ෆේස්ස්බුක් එක හරහා බ්ලොග් වලට එන අයට ඇත්තටම කමෙන්ට් දාන එක කුණුහර්පයක්.  
                                  පෙරේදා මගේ ෆේස්බුක් පිටුවට මැසේජ් කරපු සහෝදරයෙක් කියලා තිබුණේ බ්ලොග් එකට කමෙන්ට් දාන්න බෑ. ඒ ඇයි? කියලා. හරි මේ බොලොග් එක ලියන්නෙ එයාටයි නොදන්න අනිත් අයටයි දැනගන්න. දන්න අයට පූලුවන් කමෙන්ට් වලින්ම දන්න මොනවා හරි තියේනම් මේ ලිපියට එකට  එකතු කරන්න.
                                මුලින්ම කියන්න ඕනෙ බ්ලොග් එකට කමෙන්ට් දානවා කියන්නෙ. කිරි කොස් ඇට කනවා වගේ ලේසි දෙයක්. එකම එක පාරක් පොඩි සෙටින්ග් එකක් හැදුවනම් ඇති, ආයෙත් ඒ එකවුන්ට් එකෙන් ලොග් අවුට් වෙන්නෙ නැත්තම් මැරෙනකම් උනත් ගියපු ගමන්ම හරිම සිම්පල් විදියට කමෙන්ට් දාතෑකි.

               ඒත් ඉතින් ප්ලූටෝ, නෙප්චූන් වගේ ග්‍රහලෝක වල ඉදන් ආපු කිරිබොන පොඩි අත දරුවෙක්ට උනත් තේරෙන විදියට මන් මේ පොස්ට් එකේ මුල ඉදන්ම සරළවම කියන්නම් කමෙන්ට් එකක් දාන හැටි.මොකක් හරි අව්ලක්නම් ෆේස්බුක් පිටුවට ඕනෙම වෙලාවක මැසේජ් කරලා ඕනෙම එකක් අහන්න. කිසි අවුලක් නෑ................
                                                                 හරි අපි දැන් මුල ඉදන්ම බලමු...... මුලින්ම අපි බැලුවොත් බ්ලොග්(blog) එකක් කියන්නෙ මොකද්ද කියලා ගූගල් දෙයියන්ගෙන් ඇහුවම දෙන්නෙ මේ වගේ උත්තරයක් "a regularly updated website or web page, typically one run by an individual or small group, that is written in an informal or conversational style"  ඉතින් ඒ කුණුහර්පෙ දිග වැඩියි වගේනම් බොලොග් එකක් කියන්නෙ ඇත්තටම වෙබ් සයිට් එකක්ම තමයි. 
                             උදාහරණයකට Ikman.lk/ Hirufm.lk. /Hirunews.lk. /Yamu.lk. /Topjobs.lk. /Espncricinfo.com / xhamster.com වගේ උඹලා ඔය දන්න හැම වෙබ් සයිට් එකකමයි බොලොග් වලයි මූලික ක්‍රියාකාරීත්වයේ ලොකු වෙනසක් නෑ. සමහරවිට ඇත්තෙම නෑ.
               එතකොට කාටහරි ප්‍රශ්ණයක් තියෙන්නෙ පුළුවන් එහෙනම් ඕයි...... මොන උත්තකට.... බ්ලොග්, බ්ලොග් ගාන්නෙ වෙබ් සයිට් එකට වෙබ් සයිට්ම කියලා කිව්වනම් ඉවරයිනෙ කියලා. ඔව් ඒකත් හරි එහෙම කිව්ව කියලා කිසිම වැරැද්දකුත් නෑ. ඒත් බොලොග් ඉන් වෙනස් වෙන පොඩි පොඩි හේතු කිහිපයක් තියෙනවා ඒවා ගැන කාට හරි ඕනෙනම් පෝස්ට් එකක්ම දාන්නම් වෙනම. මේකෙ තව දාන්න ගියොත් ආපු වැඩේ කරගන්න බැරි වෙනවා.
                                                     ඉතින් මා ප්‍රිය හිතවතුනි...හිතවතියනි..... අපි බලමු බොලොග් එහෙකට කමෙන්ට් එකක් දාන්නෙ කොහොමද කියලා. බොලොග් බොහෝමයක කමෙන්ට් කරන ක්‍රම වල පොඩි පොඩි වෙනස්කම් තිබුනත් කමෙන්ට් කරන මූලික විදිය එකයි.
                                                              පාවිච්චි කරන ෆෝන් එකෙන් ෆෝන් එකට,කොම්පියුටරෙන් කොම්පියුටරයට, බ්‍රවුසරෙන් බ්‍රවුසරයට,වර්ෂන් එකෙන් වර්ෂන් එකට මේක වෙනස් වෙන්න පූළුවන් ඒත් ඉතින්. කරන මූලික ඒවා ටික සමානයි. ඒ ටික තමයි කෝකෙත් තියෙන්නෙ. ගොඩ දෙනෙක් ෆේස්බුක් එන්නෙ ෆෝන් එකෙන් නිසා ෆෝන් එකකින්ම කමෙන්ට් කරන විදිය මන් පෙන්වන්නම්.
                                     දැන් අපි බලමු බොලොග් වල ඉන්න මලින් උපන් කුමරෙක් වන් රස්තියාදුකාරයගෙ බොලොග් එක උදාහරණයකට අරගෙන කොහොමද කමෙන්ට් එකක් දාගන්නෙ කියලා.

1. මුලින්ම උබලා ෆේස්බුක් එකෙ හරි වෙන තැනක හරි තියෙන ලින්ක් එකක් ඔබලා ඒ හරහා කෙලින්ම  මගේ බොලොග් එකට ආවා කියලා හිතමුකෝ.එතනින් ලිපියකට ගියාම ලිපිය පල්ලෙහාම තමයි තියෙන්නෙ කමෙන්ට් කරන ප්ලේස් එක. මේ තියෙන්නෙ දිලිසි දිලිසි අන්තිමටම.මෙතනට එනකන් ඉතින් ඕනෙ කෙනෙක් දන්නවනෙ.
                           ඔය ඔතන තියෙන "Enter your comment...."  බොක්ස් එකේ තමයි කමෙන්ට් කරන්නෙ. ඕන අටමගලයක් ටයිප් කරපන් ඉතින්  ඔතන. මන් ටයිප් කරා "සවනි මගේ මන් සවනිගේ" කියලා.


2.හරි දැන් තමයි කට්ටියට පොඩ්ඩක් අවුල් යන තැන කමෙන්ට් එක ටයිප් කරලා "Publish" කියන එක ඔබලා කමෙන්ට් එක දාන්න යනකොට රතුපාටින් එනවා "Please choose a profile" කියලා එකක්. ඔතනින් කස්ටියට අවුල් ගියාට කරන්න තියෙන්නෙ පොඩිම පොඩි දෙයයි.
                        දැන් ඉතින් ඔය කියන්නෙ කමෙන්ට් කරන්න ඔයාට ප්‍රොෆයිල් එකක් ඕනෙ කියලනෙ. උදාහරණයකට ෆේස්බුක් එකේ කමෙන්ට් කරද්දි කොහොමත් ෆේස්බුක් එකෙන්ම ප්‍රොෆයිල් එකක් දීලා තියෙනවනෙ. ඒත් මේක වෙනම වෙබ්සයිට් එකක් නිසා ඔයාට ප්‍රොෆයිල් එකක් ඕනෙ කරනවා.
                                                        ඔය "comment as:" කියලා තියෙන තැන එබුවම එනවා කමෙන්ට් කරන්න ඕනෙ ප්‍රොෆයිල් හා එකවුන්ට් සෙට් එකක්. ඔය තියෙන්නෙ "Google account, liveJournal,wordpress......" වගේ සෙට් එකක්


3. ඔතන LiveJournal,wordpress,typepad,AIM,OpenId වගේ ඒවා තියෙන්නෙ ඒවා තමයි මේ වගේම නොමිලේ බොලොග් පවත්වා ගන්න පුළුවන් වෙබ්සයිට්. අනිවාර්යෙන්ම මේ වගෙ එකවුන්ට් එකක් උඹලට නෑ. මොකද තියෙනවනම් දැනටමත් කමෙන්ට් කරන හැටි දන්නවා (ඒ නැතත් ඒ වගෙන් එකවුන්ට් එකක් තියේනම් ඔය එකක් සිලෙක්ට් කරලා ඒ එකවුන්ට් එකකට ලොග් වුණාම හරි)


4.ඒ නිසා උඹලට පුළුවන් මේ ක්‍රම තුනට කමෙන්ට් කරන්න ඒ තමයි Google account, Name/URL, Anonymous ක්‍රම තුන හරහා.ඒ වගේම 99.9% ක්ම බ්ලොග් වලට කමෙන්ට් දාන්නෙ මේ තුන හරහා.

                i. Google account -  මේක තමයි ඔබට කමෙන්ට් කරන්න පුළුවන් හොදම සහ ජනප්‍රියම විදිය. එක පාරක් සෙටින්ග්ස් හැදුවනම් ඇති. ප්‍රොෆයිල් එක හැදෙන්නෙ ගූගල් එකවුන්ට් එකෙ නිසා. කිසිම පෞද්ගලික තොරතුරක් පිටට යන්නෙත් නෑ. හරි දැන් ඔය Google account එක සිලෙක්ට් කරලා ආයෙත් Publish කරන්න යනකොට එනවා කැමැති Google account එක තෝරන්න.
                               ඒ කියන්නෙ බන් ඔය gmail address එකම තමයි. ඔය තියෙන්නෙ පල්ලෙහා. ඔය විදියට ඒ එකවුන්ට් එකට ලොග් වෙලා ආයෙත් පබ්ලිශ් කරන්න. අනික මේ හැම එකම කරන්න ඕනෙ මුල් පාර විතරයි ඊට පස්සෙ ඕනම බොලොග් එකකට ගිහින් කිරි ටොයියා වගේ කමෙන්ට් එක දාපු ගමන්ම Publish බට්න් එක ඔබන්න විතරයි තියෙන්නෙ.



                ii. Name/URL - ගූගල් එකවුන්ට් එකක් නැත්තම් වෙන තියෙන එකවුන්ට් එහෙක Name එකයි URL එකයි දීලා කමෙන්ට් කරන්න පුළුවන් මේ ක්‍රමෙන්

                iii. ඔය එකකින්වත් නැතිව නමක්,ගමක් නැතිව නිර්නාමිකව කමෙන්ට් කරන්න ඕනෙ නම් ඔය "Anonymous"  කියන එක ඔබලා කමෙන්ට් එක Publish කරන්න. එතකොට මොකුත් එකවුන්ට් වලට ලොග් වෙවී ඉන්න ඔනෙ නෑ. "Anonymous"  කියලා සිලෙක්ට් කරන්න විතරයි ඕනෙ.

ඔන ඔය ක්‍රම වලට තමයි කමෙන්ට් කරන්න ඕනෙ. සමහරවිට උබලගෙ ස්මාට් දුරකතනයේ මෙහෙම දෙන්නෙ නැත්තම් බ්‍රවුසරේ අප්ඩේට් කරලා බලන්න. ඒ වගේම ඕනම අවුලක් තියේනම් ෆේස්බුක් එකෙන් මැසේජ් කරලා අහන්න.සමහර වෙලාවට දකින්න දවස් තුන හතරක් ගියත් දැක්ක ගමන්ම රිප්ලයි කරනවා. එහෙනම් ජයින් ජයම වේවා ඔක්කොටම........

අමතර දැනුමට - කමෙන්ට් වලට ලින්ක් දාන්න මේ ක්‍රමය යොදා ගත හැක (ඉස්සීම අටම්පහුරෙනි) 
<a href="LINK HERE"> WORDS HERE</a> 
-රෝමාන්තික රස්තියාදුකාරයා-
RomanthikaRasthiyadukaraya/facebook


ප.ස.-  අර මන්  ඉස්සරින් පෝස්ට් එකෙන් අදුන්වලා දුන්නු ගිම්හාන් ලහිරු කියන බ්ලොග් කියවන රොබින් කුරුල්ලා ලියපු තව කවියක් දැම්මා මගේ කවි පිටුවේ. පුළුවන්නම් මෙතන ඔබලා ගිහින් කමෙන්ට් එකක් කාරියදාලා කොල්ලව අප් කරලා ගමු.මොකද  ලියන වගේම පොත පත කියවන එල කොල්ලෙක්.........

42 comments:

  1. එතකොට ඇනෝ, නේම්/යූආර්එල් වහල තියෙන බ්ලොග් එකක ඒ දෙකෙන් කොමෙන්ට් කරන්නෙ කොහොමද?

    ReplyDelete
    Replies
    1. කියවන්නන්ගේ දැනගැනීම පිණිසයි - සමහර බොලොග් වලට ඔය
      Praසන්ன කියලා තියෙන විදියට කමෙන්ට් කරන්න බෑ. gmail එකෙන් විතරයි කමෙන්ට් කරන්න පුලූවන්. එයිනුත් සමහර බොලොග් අඩවි වලට කමෙන්ට් කරපු ගමන් ඒක පෙන්නෙ නෑ. ඒක බොලොග් එක ලියපු කෙනා approve කරාම තමයි කමෙන්ට් එක බොලොග් එකෙහි පල වෙන්නෙ. ඔහොම ඒ බොලොග් හදන්න හේතුව බොහෝ වෙලාවට ඔය ක්‍රම වලට ඇවිල්ලා එක එක කුණුහර්ප, වල් කතා දානවට ඒ බ්ලොග් ලියන අය කැමැති නෑ( මගේනම් එහෙම උත්තක් නෑ කැමැති ලබ්බක් දාපන්)

      ස්තූතියි Praසන්ன ලිපියට තව තව දේ එකතු කරනවට

      Delete
  2. අනික මොකක්ද ඔය කොමෙන්ට් එකක් කියන්නෙ. හැක්..
    -කො.ක.ස.ස.-

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් එකක් කියන්නෙ නිකන් හතරැස් පැතලි උල් වගේ එකක්

      කියවන්නන්ගේ දැනගැනීම පිනිසයි - කො.ක.ස.ස. යනු අන්තර් කොමෙන්ට් කරුවන්ගේ සංගමයේ සභාපති යන්නේ කෙටි යෙදුමයි දිර්ඝ කාලයක් තිස්සෙ එම තනතුර හොබවන මෙම මහතා උගත්,නැණව්ත්,ක්‍රියාකරී තරුණ මහතෙකි. නව කමෙන්ට් කරුවන් සිටීනම් මෙතුමාගේ සංගමයට බැදෙන්න.

      Delete
  3. මට කියන්න එහෙනම් photo එකක් කමෙන්ට් කරන්නේ ,
    link එකක් ඒ විදියටම ඒක ක්ලික් කරාම යන විදියට කමෙන්ට් කරන්නේ කොහොමද කියලා

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ෆොටෝ කොමෙන්ට් ඔෆ්ෂන් එක බ්ලොගර්ල අයින් කරල තියෙන්නෙ මම දන්න විදියට.

      ලිංක් දාන විදිය කියන්න ගිහිල්ල උඩ කොමෙන්ට් දෙකටම කෙල උනා. හැක්..
      ඒක දැනගන්න ඕනනං අටමගෙ මේකට ගිහිල්ල කොමෙන්ට් බොක්ස් එක උඩ තියෙන කෝඩ් කෑල්ල බලන්න.

      Delete
    4. පොටෝ කමෙන්ට් දාන්ඩ බැ බං දැන් ...

      Delete
    5. ලින්ක් දානකොට

      ඉස්සෙල්ලම <a href=" ටයිප්කරන්න

      Delete
    6. ඊලගට ඕන ලින්ක් එක ටයිප් කරලා "> මෙතන බලන්ඩ හරි මොකක්හරි දාල

      Delete
    7. එතනටම a> ටයිප් කරලා පබ්ලිෂ් කරන්ඩ , මේක එකදිගට මෙතනට දාන්ඩ බැ ලින්ක් එකක්වගේ පේනවා

      Delete
    8. ඔන්න ඔහොම ඩූඩ්ගේ බ්ලොග් එකේ යට තියනවා ස්කේපර් එකකට ලින්ක් එකක් ඒකට දාල හදාගත්තේ

      Delete
    9. එල එල උත්තරත් ඇවිල්ලා තියෙන්නෙ ලෙසටම

      Delete
    10. අනේ රිප්ලයි එක පරක්කු උනාට සමාව!!! ස්තූතියි හැමෝටම...

      Delete
  4. Replies
    1. ෆෝන් එකෙන්නම් හෙළකුරු වැඩ...කොම්පුටරයකටනම් Realtime english සොෆ්ට්වෙයාර් එක හොදයි. ෆ්‍රී ඩව්න්ලෝඩ් නෙට් එකේ තියෙයි.

      Delete
  5. Replies
    1. මොකෑ බොලා වැටවල් ගහන්නේ

      Delete
    2. ඔය කෙල්ල දැන් එක විදියක් තඩියො

      Delete
  6. කොමෙන්ට් කොරාම වදිනවද???? මීට තඩියා

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් කළාමනං වදින්නෙ නෑ. ගල් බෝතලයක්වත් ගැහුවොත්නං වදී. හැක්..

      Delete
    2. බීලා බොලොග් බලන්නකොට ඔහොම තමයි තඩියො......

      Delete
  7. හොඳින් ගළපලා පදමට
    කවෙන් වැඩ දමා ඉඳහිට
    මලින් උපන් මල් කුමරට
    ඉතින් දැම්ම කමෙන්ට් සැරට .....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. තැන්කු යූ....තැන්ක් යූ වේවා.......

      Delete
  8. නොතේරෙන පෝස්ට්වලටත් කමෙන්ට් දාන්න පුලුවන්ද රස්තපොලොස් අයියෙ?

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් "අගෙයි" "ලස්සනයි" "අපූරුයි" වගේ දෙපැත්තම ශේප් වෙන තනි වචනයෙන් සිහිබුද්ධිය විමසා දැමිය යුතුවේ.නොමැතිනම් වැටක් ගැසීම වුවද යෙහෙකි

      Delete
  9. මොකක්ද බං අර exschoolmaster වගේ මොකක්ද එකක් ලියල කපල තියෙන්නේ? අධ්‍යාපනික මෙව්වා එකක්ද?

    වැඩේ කියන්නේ මං මේ කොමෙන්ට් කරාට අම්මප දවසක මේකට කෙල උනොත් ආයි කොහොම ගොඩ දාගන්නද කියල දැනන් උන්නේ නෑ.. :))))) තැන්කියු ඈ!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඉගෙන ගන්න මිනිහෙක්ට ඉගෙන ගන්නවනම් ගොඩක් ලොකු දැනුමක් ගන්න පුළුවන් තැනක් තමයි එක්ස්හැමස්ටරෙ කියන්නෙ. කොහෙද දැන් ඉන්න එවුන් මොකක් හරි කුණුහර්පයක් නම් උඩ දාගෙන යයි. ජාරවල් පෙන්නන වෙබ් සයිට් වලට හම්බෙන වීව්ස් මේවට හම්බෙන්නෙ නෑ අයියෙ....

      Delete
  10. හුත්තො ඒක පට්ටයි ... (බ්ලොග් එකක නරක වචනයක් කොටන්න පට්ටම ආසාවක් තිබ්බෙ , උබම කිව්වනෙ අවුලක් නැ කියල)

    මම තරිඳු������

    ReplyDelete
    Replies
    1. අඩෝ ගස් නරියා.....එල එල හොදේ....

      Delete
  11. Replies
    1. ප්‍රිය හිතවතුනි ඉහත ඇසැබි වදන් සහිත ඇනෝ කමෙන්ටුවක් කොටා ඇත්තේ මෙම තරුණ මහතාය

      Delete
  12. Good data on this web depend exceptionally wonderful

    Click here : Used Track Excavators

    ReplyDelete
  13. රස්තියාදුකාරයා අවසරයකින් තොරවම මේ පෝස්ට් එකේ ලින්ක් එක මගේ බ්ලොග් එකට දැම්මා.නවක comment කරුවන්ගේ දැනගැනීම පිණිස ස්තූතියි

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා.....ඒකනෙ වෙන්න ඕනෙ...එල හොදේ...

      Delete