19 January 2018

සමාන්‍ය ජනතාව සමානයි මාගේ පෙම්වතිය

චින්තක ගීතදේව -  Chinthana Geethadewa

                                         සන්නස්ගල එක පාරක් මෙහෙම එකක් කියනවා සමහරුන් කැම්පස් එකේදි කවි පොත් ලියනවා තුන, හතර ඇත්තටම ඒවා පට්ටලු.ඒත් ඇත්තටම උන් කවියොද කියලා සන්නස්ගල අහනවා.                                                                                                                                                   එලීසමයෙන් අරකෙන් මේකෙන් ඝන පිහිටීමෙන් අර විරිතෙන් මේ විරිතෙන් යටි අර්තෙන්,ප්‍රකාශනයෙන්,රැඩිකල් අදහස් වලින් කවුරුත් ස්පර්ශ නොකරපු තැන් ස්පර්ශ කිරීමෙන් එහෙම ඒවා පට්ටයිලු. නෑ ඇත්ටම උන් බොරුකරයෝ කියලා සන්නස්ගල කියනවා. මොකද කැම්පස් එකෙන් එළියට ගියයින් පස්සෙ උන් හොයන්නවත් නෑලු.
                                                   ඇත්තටම මටත් හිතෙන්නෙ ඒ කුණු හබ්බ කාරයො කියලා. ඒත් ඇත්තටම ඒ කවි කොච්චර පට්ට උනත් සමහර විට ඒ කවි හොදින් රසවිදින්න පුළුවන් උනත් ඒක ලිව්වෙ කව්ද කියලවත් හොයන්නෙ නෑ. මොකද කවිය විදින්න පුළුවන් වුණාට ඒක ලියපු කවියා ඒ තරම් හොදින් විදින්න බැරිබව දන්න නිසා.
                                                         කවිය තුළ හෝ කුමන හෝ කලා කෘතියක් තුල වුවත් අපි වැඩිපුර දකින්නේ සින්තැටික් ප්‍රබන්ධ.  ඒ වගේම වැරදියට වටහාගන්න එපා. මේ මන් කියන්නෙ ඒවා තුළ තිබිය යුත්තේ අමු සත්‍ය කතා කියන එක නෙවෙයි.
                                                         ඒත් මෙහෙම හිතමු අට වසරෙදි යාළුවෙලා ලල් තොදොල් වෙන්න ලව් කරලා වයස විසි හයේදි ඒ කෙල්ලම බැදපු එකෙක් කොහොමද විරහව ගැන කවි ලියන්නෙ. ඇත්තටම දෙයක් ලියන්න ඒ සිද්ධියට මුහුණපාන්න ඕනෙ නෑ. ඒත් සමහර විට කවිය පට්ට වුනත් ඒ තුළ තිබෙන්නේ මටනම් සින්තැටික් බවක්.
                                               මන් මෙහෙම කියන්නේ මට හම්බවෙනවා අමුතු විදියෙ ගායකයෙක්. ඔහු අමිල සදරුවන්.නම ටිකක් නොහුරුයි වගේ නම් අර "ජෝන් සීනා අපෙ පොඩි එකාගෙ ඔළුවට ගහලා"  කියලා සිංදුවක් කිව්වෙ මෑන්ස් තමයි ඒ.
                 අමිල සදරුවන්ගේ "සාමාන්‍ය ජනතාව සමානයි මගෙ පෙම්වතිය" කියන ගීතය කාලෙකට ඉස්සෙල්ලා අහලා තිබ්බත් හරිහමන් විදියට සෙට් වෙන ටයිම් එහෙකදි ඇහුවෙ ළගකදි. ඔව් ඒ සිංදු ප්‍රබුද්ධ නෑ. වචන සරලයි, සංගීතය උනත් දෙන්නෙ සංගීත භාණ්ඩ දෙක තුනකින් ඒත් උන්ගෙ සිංදු ඇතුළේ තියෙන්නෙ අමුතු දේශපාලනයක්. ඒ වගේම වෙනස්ම සංවාදයක්.
අමිල සදරුවන් - Amila sandaruwan 

                                                  මේ ඇවිස්සීමත් එක්ක මන් හෙව්වා මේ වගේ බොහිමියානු ස්වරූපයන් සහිත ගායකයින් කිහිප දෙනෙක් ගැන. මට මීට අවුරුදු දෙක තුනකට කලින් කැම්පස් එහෙක ඉන්න අපේ ඉස්කෝලෙ කොල්ලෙක් අහන්න දුන්නා සිංදු වගයක්. ඒවට එහෙම්ම සිංදු කියන්නත් බෑ කවුරු හරි සෙට් එකක් ෆුල් ෆීලින්ග් එහෙක සිංදු කියනකොට ෆෝන් එහෙකින්ම රෙකෝර්ඩ් කරපු ඒවා ටිකක්.
                                                              ඌ කිව්වෙ උන්ගෙ බෝඩිමේ මල් ගහලා,ටැබා ගහලා මේ සිංදු රෑට ෆුල් ෆීලිංග් එකේ අහනවා කියලා. ඊට පස්සෙ ඌ සෙට් වුණු ගොඩක් වෙලාවට අපි ඒ සිංදු ෆුල් ෆීලින්ග් එකේ ඇහුවා ඇත්තටම ඒවා ෆීලින්ග්ස් වලටම කියපු බෙහෙත් වගේ සිංදු. දුමක් අස්සෙ ඒ වගේ සිංදුවක තියෙන්නෙ අමුතුම ත්‍රිල් එකක්. ඒ එක සිංදුවක තිබ්බ මට මතක තියෙන වචන ටිකක් තමයි.

"මාලෙ ගෙලෙ චේ පපුවේ කිසිම දෙයක් නෑ ඔළුවේ" කියන කෑල්ල

                                                                            යූ ටියුබ් එකේ අමිල සදරුවන්ව හොයනකොට හම්බුනා මන් හිතන්නෙ අර රෙකෝඩින් එකේ මුල් සිංදුව කියන මෑන්ස්. නමින් චින්තක ගීතදේව. ගෝෂා කියලා අර වගේම අමුතුම ආරක සෙට් එහෙකින් හැදුනු ගෲප් එකකින් තමයි චින්තන අපිට හම්බෙන්නෙ. උන්ගෙ සිංදු ප්‍රබුද්ධ මොලේ මැලේරියාව හැදුණු එකෙක්ටනම් අබිං වගේ වෙනවා.
                                  මොකද උන්ගෙ සිංදු වල සංගීතය විතරක් නෙමෙයි පදත් සම්පූර්ණයෙන්ම වෙනස් ඒවට සරළ පදමාලාවක් කියනවටත් වඩා ගැළපෙන්නෙ යම් දේශපාලිනික පදමාලාවක් කියන එක. උදාහරණයකට "ටයිටනික් නැව ගිලුන් නෑ"   "ජැක් රෝස්ව බැන්දා"  "ඊට පස්සෙ බත් කෑවා වගේ" පද වැල්. 
 
මේ උඩ ගීතයෙ පසුබිම පොඩ්ඩක් බලහන් කැමරාව කරකවනකොට. බීපු බොතලුත් තියෙනවා ස්ටූල් එකක. ඒ හින්දද කොහෙද චින්තන මලකත් පැටලිලා අමුතුම ෆීලින්ග් එකකින් සිංදුව කියන්නෙ. මන් හිතන්නෙ චින්තන සංගීත කණ්ඩායමක් හදාගන්නත් ගොඩක් ඉස්සෙල්ලා බෝඩිමක සෙට්වුණ එල කොල්ලො සෙට් එකකුත් එක්ක සෙට් එකම හදටත් පොඩ්ඩක් උඩින් ඉදන් කියන සිංදුවක් මේක


මේ  චින්තක ගීතදේව - Chinthaka Geethadewa ඔහු ඝෝශා - Ghosha කියන සංගීත කණ්ඩායමත් එක්ක තමයි දැන් එන්නෙ  

                                                              ඒ වගේම මේ ධාරවේ ඉන්න තව කෙනෙක් මට හම්බෙනවා ඒ අජිත් කුමාරසිරි ඔහුට ටිකක් පරණයි. හැබැයි ඔහුගෙත් ලොකු ජනප්‍රියත්වයක් නෑ ඒත් ඔහුටත් ඉන්නවා වෙනම ඕඩියන්ස් එකක් ඔහුත් කාලෙක ඉදන් ඒ ඕඩියන්ස් එකට ලොකු සාධාරණයක් කරනවා. ඉස්සර කියපු දෙන්නගෙම ප්‍රකාශණ වලින් තේරෙනවා ඔහුන් එක්තරා පීඩිත පන්තියක් තුළින් බිහිවුණු දෙපළක් වග. එහෙත් අජිත් කුමාරසිරි ඊට වෙනස් පන්තියකින් බිහිවුණු එහෙත් බොහිමියානු ස්වරූපයක් සහිත කලාකාරුවෙක් කියල මට ඔහු ගැන හොයද්දි හිතෙනවා.

 මේ අජිත් කුමාරසිරි - Ajith kumarasiri

                                        කලාව කියන්නෙ අතිශය සොදුරු මාධ්‍යක් ඉතින් ඒ මාධ්‍යන් තුල මේ වගේ ගායකයෝ සහ සංස්කෘතියක් හම්බෙනකොට අපිට හිතෙනවා අපි ගොඩක් වාසනාවන්තයි කියලා.
                                                             මන් කියන්නෙ උබේ ඔළුව නිදහස්නම් ප්‍රබුද්ධ සුප්‍රබුද්ධ බේදයකින් තොරව සිංදුවක් අහන්න. වෙනසක් විදින්න. මේ සංගීත කුලකය ඉතාමත් ලොකු වෙනසක් උබලගෙ රසවින්දනයේ ඇති කරාවි. මේ සංගීත කුලකය ලංකාව ඇතුළෙ තියෙන උප සංස්කෘතියක් විදියට හදුන්වන්න අපහසු හේතුව තමයි මොහුන්ගේ සංගීතය භාවිතයේ තියෙන සමාන නොවනකම. මොකද සංගීතය ඇතුළෙ වර්ගීකරනය කරනකොට මොහුන්ගෙ සංගීත‍යේ සමාන කමක් තිබෙන්න එපැයි. ඒත් එහෙමැයි කියන්න සමාන කමක් නෑ.

                                 ඒත් මොහුන් සියල්ලන්ගෙම පොදු ලක්ෂණ කීපයකුත් තිබෙනවා. ඒ නිසා මොහුන් විශේෂයෙන් අනෙක් පිරිසට වඩා වෙනසකින් යුතුව අපිට දැනෙනවා. 

1. සංගීත භාණ්ඩ එකක් හෝ ඉතාමත් අල්ප ප්‍රමාණයක් භාවිතා කිරීම හා බොක්ස් ගිටාරය ප්‍රධාන වාද්‍ය භාණ්ඩය ලෙස යොදා ගැනීම

2. වචන අතිශයින් සරළ වුවන් තේරුම ඊට එහා ගිය මතුපිටින් නොතේරෙන දේශපාලිනිකත්වයකින් යුතුවීම.

3. බොහිමියානු චරිතයකට බොහෝ සමාන ඇති ගති පැවතුම් මෙම පුද්ගලයින් සතුව පැවතීම

                                                    වගේ ලක්ෂණ අපිට උන්ගෙන් පේනවා. තව මන් නොදන්න හුගක් අය ලංකාවෙ ඇති මෙම ස්වරූපයෙ. ඉතින් පුළුවන්නම් උන් ටික උබලා දන්න විදියට පල්ලෙහා කමෙන්ට් වලින් එල්ලපන්. සමහරවිට මේ උප සංස්කෘතිය ගැන ලියපු පළමු ලිපිය මේකද දන්නෙත් නෑ. එහෙම උනත් නොවුනත් දන්න ටික එල්ලපන් පල්ලෙහා කාට කාට වුනත් මන් වගේම හොයපු එකෙක්ට වැදගත් වෙයි.

-රෝමාන්තික රස්තියාදුකාරයා-
RomanthikaRasthiyadukaraya/facebook


22 comments:

  1. Replies
    1. ඌ මන් දන්න එළ කොල්ලෙක්... හැබැයි ඕකුන්ගෙ පැත්තකවත් තියන්න පුළුවන් එකෙක් නෙවෙයි. ඒත් ඔය වගේ එවුන්ට පට්ට ලව් චරිතයක් ඌ.මන් දන්නවනෙ ඉතින් මෑන්ස් ගැන මගෙ බොක්කනෙ සුප්පා.....

      Delete
  2. Replies
    1. ඔව් බන් මාත් මාර ආසයි.......

      Delete
  3. බොහීමියානු චරිත හොයන්න උඩින් බැලුවට බෑ..ගංජා ඉරුවට.. කාඩයා වගේ ඇන්දට.. එහෙම වෙන්න බෑ... බොක්කේ බොහීමියානු එවුන් සමාජේ හරි අඩුයි...ඉන්න උන්ව බැලුවට හොයන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. අපිට ඉතින් කවුරුත් බොක්කෙන් බලන්න බෑනෙ කොච්චි මතුපිටෙන් ඇර. කොහොමත් ගංජා, ඇදුම් හින්ද නෙවෙයි මන් එහෙම ලිව්වෙ. උන්ගෙ සංගීතයේ තියෙන දේශපාලිනික සංවාදය නිසා. කොහොමත් මන් ලියපු විදියටම උන් තුල "3. බොහිමියානු චරිතයකට බොහෝ සමාන ඇති ගති පැවතුම් මෙම පුද්ගලයින් සතුව පැවතීම" කියන එක ඒ නිසා මට නැවත නැවතත් සහතිකයෙන්ම කියතෑකි.නැත්තම් ඇදුම්,පැළදුම්,ගංජා වලින් මීට වඩා එහා ඉන්න අය එමටයි අපේ සංගීත කර්මාන්තයෙත්. ඔය අජිත් කුමාරසිරිගෙ එහෙම කොණ්ඩෙ විතරයි පොඩි හරි සීන් එකක් තියෙන්නෙ. නැත්තම් ෆුල් සාමාන්‍ය පෙනුමක්නෙ තියෙන්න මිනිහගෙ. ඒ නිසා මන් එහෙම ලිව්වෙ ඒ වගේ කියවීමකින් නෙවෙයි.

      Delete
  4. සමාන්‍ය ජනතාව සමානයි මාගේ පෙම්වතිය..... රෝමා කියන්නේ සංගීතය කුමක්ද?

    ReplyDelete
    Replies
    1. පැහැදිලි නෑ උමා ප්‍රශ්ණෙ.... :)

      Delete
  5. "මන් කියන්නෙ උබේ ඔළුව නිදහස්නම් ප්‍රබුද්ධ සුප්‍රබුද්ධ බේදයකින් තොරව සිංදුවක් අහන්න. වෙනසක් විදින්න."

    ඔන්න ඔය දෙය තමයි මිනිස්සුන්ගේ තියෙන්න ඕනේ .

    නියම පොස්ට් එකක් මල්ලි . දෙපාරක් කියෙව්වා .

    ReplyDelete
  6. මං මේ පොස්ට් එක නිවාඩුවක් ඕනේ හිතෙන හැම වෙලාවක ම කියවාවි රස්ති. වැඩ කරලා ඔළුව කරවේගන එනවා කියලා හිතෙන මේ මහ දවාලෙ (1:01PM) මේ ටික කියවලා අහගෙන හිටියාම ඔළුව හූරගෙන ගියාවගේ දැනුනා.
    මට ඕනේම සංගීතයක් රසවිඳින්න හුරු කලෙ මගෙ ලොකු අයියා, දවසක් අජිත් ගේ සිංදුවක් අහන ගමන් කිව්වා "උඹ ඕක ඇහුවාට වැඩක් නෑ, ජීවිතේට මත්වෙලා නැතුව" කියල. මං අයියාට කිව්වෙ "ඔයා ත් ඕක අහලා වැඩක් නෑ එහෙනම් මත් වෙච්ච මිනිහෙක් නිසා" කියල. ගීතයක විඳීම පුද්ගල බද්ධයි. පොස්ට් එක දැකපු ගමන් ආවෙ මං දන්න සිංදු ටික කමෙන්ට් කරන්න ඒත් රස්තියාදු කාරයා ට මඟ ඇරිලා නෑ.
    ස්තූතී

    ReplyDelete
    Replies
    1. ඔව් හරිම රස ගී ටිකක්. තවත් හොද ඒවා තියෙනවා මේ අයගෙම නම් එක්ක යූටියුබ් බැලුවොත් තියෙයි. ස්තූතියි බොහොමත්.....

      Delete
  7. මරු සිංදු නේ...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මරු සිංදු ටිකක්... :)

      Delete
  8. ela

    තවත් සින්ඩියක් http://sithuwilisatahan.com

    ReplyDelete
  9. නියමයි... බ්ලොග් කියවිල්ලත් ලිවිල්ලත් ඇත හැරලා හිටි මට , ආයෙත් බ්ලොග් කියවන්න පෙලබුවාට පින් !

    ReplyDelete
    Replies
    1. ඔබවැනි ප්‍රවීනතම බොලොග්කාරියකට මගේ ලිපියකින් උත්තේජයක් ලැබීමම කොතරම් සතුටක්ද? ගොඩක්ම සන්තෝසයි ..ආදරයෙන් පිළිගන්නවා මගේ නන්නත්තාරවුණු සටහන් වලට......

      Delete