16 December 2017

'සිරිසේන' මනුස්සයෝ නිකන් විහිළුවක් වෙන්න එපා


                                                  මන් මේ කියන්නේ සිරිලංකාවේ ජානාධිපති ගැන නොවේය අහවල් රටක ජනාධිපති කෙනෙක් ගැනය. හැබැයි මෑන්ස් ඒ අහවල් රටේ ලක් වැසියාට දෙන ආතල් දොන් සිරිසේනවත් බයිස්කෝප් වල දීලා නැත. එහෙත් දොන් සිරිසේන මෙන් ඒ සිරිසේනත් අමු ජෝකර් කෙනෙක් වුවත් පොළොවෙන් මතුවෙච්ච බිං කුඩ්ඩෙක් තරම්වත් කොන්දක් ඒ සිරිසේනට නැත.කොටින්ම  කිව්වොත් පෙන්දෙකි. එස්.බී නම් ඒ කාලේ කිව්වේ පෙදි මාස්ටර් කෙනෙක් කියාය. දැන් කාලේ කියාද වෙනසක් නැත.
                                                          එහෙව් රටේ එහෙව් සිරිසේන එහෙව් ආතල් දෙද්දි මෙහෙව් රටේ මෙහෙව් සිරිසේන හිටං ආතල් දෙන්නේය.  ඉකුත් සතියේ බ්‍රහස්පතින්දා එනම් 7 වැනිදා සිට පසුගිය අගහරුවාදා එනම් 13 වැනිදා වෙනතෙක් අඛණ්ඩව දවස් 7ක් මෑත ඉතිහාසයේ වෘත්තීය සංගමයක් පැවත්වූ නිර්ලැජ්ජිතම වැඩවර්ජනය පැවත්වූවාය. එය වඩාත් තුච්ච වන්නේ අතිශය ආසාධාරණ ඉල්ලීම් නිසා නොව. ඔහුන් උකසට ගත්තේ සා.පෙළ සිසුන්ය. ඔහුන් ඉල්ලුවේ සා.පෙල සිසුන්ට නියමාකාර ප්‍රවාහනයක් නොදෙන්නෙ පාලකයින්ගේ කඩිනමින් තමන්ට විසදුමක් නොදෙන නිසා බවයි.

                                      එහෙත් වෘත්තීය සංගම් වල වල් බල්ලන්ගේ පුප ජනතාවට හොදින්ම දැක ගත හැකි වූයේ මේ වැඩ වර්ජනය තුළින්ය. රස්තියාදුකාරයටද මෙම තිරිසන් වෘත්තීය සමිති තුට්ටුවටම එපා වුනේ රස්තියාදුකාරයා ගිය බස්වල තෙරෙපෙමින්,ඇඹෙරෙමින් හද්ද ට්‍රැෆික් වල ගිය සා.පෙල සිසුන් දැකලාය. උන්ගේ විහාග මානසිකත්වයටනම් සදා සොත්තිය. සමහරක් සිද්ධි පෙර බොලොග් වලද ලිව්වාය. මේ වල් පරයින්ට ආගමක් කියා එකක් තිබේ නම් එව්වාට රිටන් එක වැඩිකල් නොයාම ලැබිය යුතුය.
                                                      රේල්ලුවේ කාලකණ්ණි අවුරුද්දට දෙතුන් පාරක් පඩි වැඩි කරගැනීමට කරන මේ තුජ්ජ වැඩ පිළිවෙලට දුන් හොදම පිළිතුරනම් සිරිසේන මැතිදානෝ දුන් දුම්රිය සේවාව "අත්‍යඅවශ්ෂ්‍ය සේවාවක්" කිරීමේ වැඩපිළිවෙලයි. ඉකුත් 8 වැනිදා මධ්‍යම රාත්‍රීයේ එතුමන් අත්සන්කොට එය ප්‍රකාශ කෙරුවාය. රස්තියාදුකාරයා මෙන්ම දෙනෝ දාහක් දුම්රිය මගීන් ඊට විසිල් පිට විසිල් ගැවුවාය. පහුගිය දින වල ප්‍රවෘත්ති විකාශණ තුළ සාමාන්‍ය මගීන් අදහස් ප්‍රකාශ කල හැටියට තුරුම්පු ඔක්කොම තිබුනේ සිරිසේන අතේය. 
                                සාමාන්‍ය මිනිස්සුන්ට ඕන වුණේ මේ වල් කාලකණ්ණි ටික ගෙදර යවා. සැරින් සැරේට මතුවන නිධන්ගත් රෝගයක් නොකොට. මේ රෝගයට නිට්ටාවටම හොදවෙන පිලීතුරක්ය. පෙරහැරේ කස පාරවල්ද හොදටම වැදුනි විශ්‍රාම ගිය රියදුරන්ද පැමිණ අවුරුද්දක සේවා කාලයක් සදහා ගිවිසුම් අත්සන් කළාය. ෂන්ටින් රියදුරන්ද 18ක් එක් වූව. ඉන් 10ක් සක්‍රීයව පහුගිය ටිකේ සහභාගී වූවාය.
                             තවද අවශ්ෂ්‍යනම් ගන්නයැයි කියා දුම්රිය සහයක නියමුවන්ගේ සංගමය සහයක රියදුරන් 140ගේ ලිස්ට් එකක් පාලන අධිකාරියට ලබාදුනි. එම ප්‍රමාණය පවතින ගැටළුකාරී මග හැරීමට ඉහටත් උඩින්ය. මන්දයත් දෛයිනිකව මුළු රට තුල සිදුවන සියළුම දුම්රිය වාර ගාණන 340කි. ඒ උඳේ සහ හවස දෙකේමය. තුරුම්පු මෙන්ම වල් ආසියොත් සිරිසේන ගාවය. හරියට පොඩි සෙල්ලමකටවත් ගියානම් සිරිසේනට කොළ නොපෙන්වාම වුවද කපෝතියක් ගැසීමමේ හැකියාව තිබුනේ ඉහටත් උඩින්ය.
                            ඒත් සිරිසේන මැතිදානෝ පසුගිය සදුදා කමිටුවක් පත් කලාය ඒ සරත් අමුණුගමගේ ගේ මූලිකත්වයෙනි. අන්තිමට කරුණු කිහිපයක් සමග එකගතාවයකට ඔහුන් පැමිණියාය. එහිදි සංවෘත සේවාවක් බවට පත් කිරීම එක ආකරයකින් හෙන ටොප් වැඩක් සේ රාජිත කිව්වාය. ඔව් එය සැබෑවක් වන්නේ වෘත්තීය සංගමය රු.320 කින් පඩි වැඩි කර ගැනීම හරහා ඉස්සරහට ගහන්න ගියපූ ගේම මග හැරෙන නිසාය. ඒත් උන් උන්ගෙ ගේම මොන තත්වයෙන් හෝ ගහනවාය. සංවෘතද,ආවෘතද යන්න සක්කිළින්ට ගානක් නැත. ඒ පිළිබදව පසුව බොලොග් ලිපියකින් ලියමි.
                                       එහෙත් අන්තිම සාරාංශයනම් දුම්රිය සහයකයින් බදවා ගැනීම කල් යෑමත් ,රුපියල් 320කින් පඩි වැඩි වීමත් හා දුම්රිය වර්ජකයින්ට කිසිදු විනය පියවරක් නොගැනීමත්ය. මට සිරිසේනගෙන් ඇසිමට ඇත්තේ එකම එක දෙයකි එනම් ඔය ටික දෙන්න දවස් 7ක් කල්මරලා කමිටුවක් පත්කරේ ලබ්බටද කියාය.  මන්දයත් පඩි වැඩිකිරීම් හෝ අනෙකුත් දීමනා යන්නේ කමිටුවේ එවුන්ගේ සාක්කුවෙන් නොවේය. මේ  රටේ දුක් විදින ජනතාව තවදුරටත් පීඩාවට ලක්කරමින් ගසන බදු වලින්ය.
                                                     සිංගප්පූරුවද හදපු ජනාධිපති වන Lee Kuan Yew මහතා එකල එරටේ වැඩවර්ජකයින් මට්ටු කළ හැටි එතුමන් විසින්ම පැහැදිළි කරන වීඩියෝ පහුගිය කාලේ සමාජජාලා වල හුවමාරු වුණි. ඒහෙත් ඒ ඔහුය. මේ රටේ සිටින පාලකයින්ට ඕනෑ මේ රට මේ ගූ වලේම තබා ගැනීමටය.  මේ රට ඒ තත්වයෙන්ම තිබෙනතාක් උන්ට රජමගුල්ය.
                                මුළු මහත් සමාජය ඉස්සරහා රෙදි ගලවාගත් දුම්රිය වෘත්තීය සංගමයේ නිරුවත මූළු මහත් සමාජයම දැනගත්තත්. ඔහුන්ගේ නිරුවතේ ඇති ජුගුප්සාජනක බව තවදුරටත් සමාජයට හෙළිදරව් කළ යුතුය. ලක්ෂ එක හමාරක් පඩි ගන්නෙ නෑයි කියන එස්.එම් ලාගේ සිට ලක්ෂ දෙක හමාරක් පඩි ගන්නේ නෑයි කියන දුම්රිය රියදුරන් දක්වා හෙළි කිරීමට බොහෝ අපුල තැන් ඇත. 
                        වර්ජන කොට පෙන්දන් මට්ටු කළද සාමාන්‍ය මිනිහා භාවිතා කරන සාමාන්‍ය මිනිහා පරිශීලනය කරන සමාජජාලා වලට ඔහුන්ගේ නිරුවතේ අපුලබව වැසිය නොහැක. ඉන් මතුවට තීරණය ඔබට භාරය. ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ දෙකක පිං පඩියක් මුන් ගන්නේ අලාභ ලබන රේල්ලුවෙන් නොව බදු පිට බදු වැදෙන ඔබේ දුප්පත් බඩු මල්ලට පින් සිද්ධවෙන්නය. 
                                       නිත්‍යානුකූල විදියට වංචාවෙන් හා දූෂණයෙන් අන්ත දූශිත පිං පඩියක් ගන්නා ආකාරය ඉදිරියට ලියන්න ඉඩ තබා ගනිමි. මන් ඔබට නැවතත් කියමි කාලකණ්ණි සිටින්නේ පාර්ලිමේන්තුවේ පමණක් නොව එවන් හා සමානම වල් ගති ඇති කාලකණ්ණි ශ්‍රී ලංකාවේනම් ප්‍රධාන වශයෙන්ම සෞඛ්‍ය සේවයේ සහ දුම්රිය සේවයේත් සිටියි.මේ රටින් අතුගා දමනවානම් දැමිය යුත්තේ මින් එක පිරිසක් නොව මුන් සේරෝමය........
-රෝමා-
RomanthikaRasthiyadukaraya/facebook

ප.ලි. - ඉල්ලීම් ලබාදීමත් සමග වර්ජනය අවසන් වූයෙන් මෙම ලිපි පෙළෙහි තවත් දිගුවක් ලෙස වර්ජකයින්ගේ අමන ඉල්ලීම් හා ඔහුන්ගේ ඉදිරි තුජ්ජ අරමුණු පිළිබද ලිවිමට තිබූ වර්ජනයේ ඇතුල් පැත්ත පිළිබද සවිස්තරාත්මක ලිපිය ලිවීම පසුවට කල් තබමි. මොකද රොටිය පිච්චිය යුත්තේ තැටිය රත් වූ කලය. නැවතත් ඉරහද සේම මුන් වැඩවර්ජනයකට පැමිණෙන අතර ඒවිට එම ලිපිය හරහා ඔබ දැනුවත් කිරීම  මීට වඩා වටිනේයැයි සිතමි.

                          එහෙත් ඔබ මෙම වැඩවර්ජනය ගැන උනන්දු වූවා නම්. යම් යම් ක්‍රමික හා අක්‍රමික ක්‍රම වලින් මේ පිලීබදව දැනටමත් දන්නවා ඇත. ඉන් අනෙක් කරුණු පසුවට ලිවීමට ඉඩතබා මෙහි ප්‍රධාන කරුන ගැන පමණක් ලියමි. 
               ට්‍රැෆික් එකක් වත් නැති පාරක කෝච්චියක් රේල්පීලි මත ඔහේ පදවන පින් පඩි ගන්නා පව් සතුන් ලක්ෂ දෙකක දෙක හමාරක පඩියක් ගන්න ගමන් මොහුන් තවදුරටත් රුපියල් 310 කින් පඩි වැඩි කරන්නයැයි ඉල්ලන්නේ රෙද්දෙ වැටුප් විෂමතාවයකට නොව. ඒ තුළින් රාජ්‍ය සේවකයෙක් ලෙස තමන්ගේ තනතුර තව පියවරකින් උඩට යන අතර, ඒ මට්ටමේදී උදාහරණයක් ලෙස සෞඛ්‍ය සේවයේ අයෙකුට නම් වාහන පර්මිට් එකක් ලබාදිය යුතුය. 
                        ඉතින් මේ ඕලෙවල් කරන ළමයින්ව උකසට ගත්තේ මේ බල්ලන් විසින් මෙන්න මේ කියන වාහන පර්මිට් එකක් ගැනීමට පාරක් කාපාගන්නය. ඒ ඉතින් හොදම දේය, අනෙක් තොරතුරු මූලාශ්‍රත් සහිතව ලිවීමට තැටිය රත්වෙනකම් හිදිමි.

30 comments:

  1. ඔහොම ලියන්න එපා බන්... කලු වෑන් එකකින් උඹව උස්සයි

    ReplyDelete
    Replies
    1. උස්සනවනම් කලු වෑන් එකක් හරි බන්.........

      Delete
  2. පොන්නයෙක් රට පාලනය කරන කොට එහෙම තමයි. අවුලක් නැහැ. මේක යහපාලනය නේ.. 😂😂😂😂😂

    ReplyDelete
    Replies
    1. ඒකනම් සැර වැඩිද මන්දා....ආයෙත් අහලා එපෙන්දෙක් නෙවෙයි පෙදි මාස්ටර් කෙනෙක් මෑන්ස්......

      Delete
  3. වර්ජක පක්ෂය සහ පාලක පක්ෂය කියන්නේ ගහට පොත්ත වගේ දෙකක් පුටේ.. ඔය එක පක්ෂයකට දොස් කියන එකේ තේරුමක් නැහැ.. ඔය දෙගොල්ලන්නටම තනි තනිව පැවැත්මක් නැහැ.. පාලකයාගේ ස්භාවය තමා ප්‍රශ්නය වර්ජනයක් දක්වා ඇදෙන්නට දී ප්‍රශ්නය විසඳන්නට උත්සහ කිරීම. එහෙම නොවුනොත් ජනතාව දැනගන්නේ නැහැ පාලකයා යමක් කළා කියලා. ඒ නිසා තමයි නියපොත්තෙන් කඩන්න තියන දේ පොරොවෙන් කපන්න බැරිවෙන තැනට එනකං පාලකයින් දැක්කා නොදැක්කා වගේ ඉන්නේ. නිකමට හිතන්නකෝ උතුරේ යුද්දය මීට වසර 30 කට කලින් බොහොම ලේසියෙන් නිමා කරන්න තිබ්බනේ. කෝ කරාද ?? නැහැනේ.. එහෙම කරානම් අද වෙද්දී මහා ලොකුවට යුද්දේ ඉවර කරා කියල කියන්න දෙයක් ඉතුරු වෙයිද?? ඒ වගේම තමයි දැන් වර්තමාන දේශපාලනයේ තියෙන දැවෙන ප්‍රශ්නත් ඊළඟ ජනාධිපතිවරණය කිට්ටු වෙන්න තදින් මැදිහත් වෙලා විසඳයි.. ඒ අපිට ආදරේටද.. නෑ බන් නෑ.. උන්ගේ පැවැත්මට.. 48 ඉඳන් මේ වෙනකම් ශ්‍රී ලංකා දේශපාලනේ කෙරුනේ ඔන්න ඔහොමයි..

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඒක මහ අජූත ගොහොරුවක්.ඒ ගොහොරුව අජූත වෙන තරමටම උන්ගේ පැවැත්ම සදාකාලිකයි.... ඒවගේම වර්ජක පක්ශය කියන්නේ වර්ථමනයේ මෙරටේ සිටින පීඩිත පංතියක් නෙවෙයි. තවදුරටත් මිනිස්සු පීඩාවට පත්කරන කාලකණ්ණි පන්තියක්.......

      Delete
  4. මම නම් ග්‍රාමසේවකතුමාගේ කශේරුකාව ගැන දැන ගත්තේ පුප කසාගන්න නියපොතු නැති ත්‍රීවීල් කාරයොයි බස්කාරයොයි දඩ වැඩි කලා කියලා පටන් ගත්ත වර්ජනේ උන්ට දවස් දෙක තුනක් නිදහසේ කරගෙන යන්න නුදුන්න වෙලාවේ. මෙලෝරහක් නැති ඒවගේ එදා වේල හිඟන්නන්ට වර්ජනය කරන්න පුළුවන් නම් අපිට බැරි මොකෝ කියලා දැන් හැම එකාම ඕන යටිබඩේ අමාරැවකට වර්ජනේ කරනවා

    ReplyDelete
    Replies
    1. අපේ ගමේ ග්‍රාමයට තියෙනව ඊට වඩා කොන්දක්. ත්‍රීවිල්කාරයෝ එදා වේල හම්බකරාට උන්ගේ වෘත්තීමය ගෞරවය වැඩියි රේල්වේ එකේ කාලකන්ණින්ට වැඩිය.......මොකද උන් හම්බ කරන්නේ පිනට නෙවෙයිනේ....

      Delete
  5. අඩෝ පෙලවෙන් උපං අපේ ගොවි රජාට කෝචෝක් දාල පස්ස පැත්තට පොරෝ පාර කන්ඩ හදන්ඩ එපා

    ReplyDelete
    Replies
    1. ඉස්සරහ පැත්ත බේරලා ඕන පොරෝ පාරක්.....

      Delete
  6. Replies
    1. නොකියා...නොකියා... නොකියාම බැරි තැන මන් ලිව්වෙමි....

      Delete
  7. මේ දේශපාලුවන් උන්ගේ පැවැත්මට ප‍්‍රශ්ණ නිර්මානය කරනවා නැත්නම් කියෙන ප‍්‍රශ්ණ උඩුදුවන්න දෙනවා. මොකද ප‍්‍රශ්ණ නැතිනම් උන්ට පැවැත්මක් නෑ. ඔ්වා ආදිකාලේ රජවරුන්ගේ ඉදලාම කරන් ආපු ක‍්‍රමයන් බං.

    ReplyDelete
    Replies
    1. ඔව් බන් මුන්ට පොඩි හරි කැක්කුමක් තියෙනවනම් මේ වගේ විසදුම් දෙන්නෙ නෑ....

      Delete
  8. Replies
    1. සදුත් වැටවල් ගහන්න පටන් අරන්

      Delete
  9. කවදා පායත් ද අප පුන් සඳානෝ . . .

    ReplyDelete
    Replies
    1. පේන තෙක් මානෙක සදක් තිය සද පළුවක්වත් නැති හැඩයි

      Delete
  10. මටත් ඕකම ලියන්න හිතිල තිබ්බෙ, ඒත් මගෙ වයසත් එක්ක දාන්න බැරිව හිටියෙ, නියමයි රොමා

    ReplyDelete
    Replies
    1. බගෙ වයසෙ මොකද්ද තියෙන අවුල

      Delete
    2. තුලාවෙන් හොඳ පාඩම් ඉගෙනගත්ත බං, වයස තිහක් විතර වෙනකංවත් , බරපතළ මාතෘකා ගැන කතාකරන්න හොඳනෑ

      Delete
    3. ඕකෙ බරපතල මාතෘකා කතා කරන ඔක්කොම 20ටත් අඩුයි බන්.....

      Delete
  11. සිරිසේන විහිළුවක් වී හමාර අතර දැන් අර අදින්නේ විහිලුවට එහා ගිය දෙයක් කරන්නට ය .

    ඔය අතර , කලකට පෙර හිටපු දුම්රිය සාමාන්‍ය අධිකාරී වරයකු දිනක් අපේ නිවසේ හමු වූ මොහොතක මම විමසුවේ "අපරාදෙනේ අර කොලබ මාතර පාර අලුත් වැඩියා කරන්න ඉන්දියාවට දුන්නේ , සුනාමියේ දී ඔය රේල් පාර දවස් පනස් ගානේන් හදල කෝච්චියක් මාතරට යව්වනේ කියල "

    එතකොට ඔහු දුන්නේ අපූරු උත්තරයක් "අපේ අය ,,, (සිනහා) සතියෙන් මුළු පාරම ගලවල කියයි , අපිට අරක වැඩි කරන්න මේක වැඩි කරන්න , අර බදවාගැනීම කරන්න එපා , මේක කරන්න , හිග වැටුප් , පාරිතෝෂික සහ තව ලෝකේ නැති ඒවා දෙන්න , නැත්තම් අපි අද ඉදන් ඒවා දෙනකම් පාර හදන්නේ නෑ " ඔන්න ඔහොම කියයි .

    ReplyDelete
    Replies
    1. සිරාම...., පුදුම සත්තු ටිකක් තමයි ඕකුන්. මුන් වගේ තිරිසන් බල්ලො වගයක් මේ රටේම නෑ.ඉන්නවනම් ඉන්නෙ හොස්පිට්ල් වලයි, පාර්ලිමේන්තුවෙයි විතරයි. මුන් ටික හදන්න ඕනෙ බන් ඔක්කොටම කලින්. පෙන්දෙක් එක්ක කොහොමද බන් ඉතින් මේ වගෙ බල්ලො මට්ටු කරන්නෙ. නොදොකින් මෙහෙමත් එකෙක්.........එහෙටත් නෑ මෙහෙටත් නෑ...අඩුම තරමේ ඌ ජනාධිපති කියලා ඌවත් දන්නෙ නෑ......

      Delete