17 April 2018

බ්ලොග් ලියන්නියක් ලියපූ අපූරූ ගීයක්


                                   අයින්ස්ටයින්ලා පිරුණු ලෝකෙක වැලන්ටයින් කෙනෙක් වෙන්න ලේසි නෑ. මොකද ලෝකෙම හමන්නෙ එකම සුළග ඒ සුලගට බර දීලා මෙගොඩට පීනන වැලන්ටයින් කෙනෙක්ට ආදරේ කරන කෙල්ලො ඉන්නවද? ඔව් ඉන්නවා ඒ තමයි හැඩකාර සුකුමාල නොරිකො සං......                                                                                                                                           මට මේ නොරිකො සං හම්බුනේ පසුගිය දවසක අහන්න හම්බුනු ශානිකා ශෂිප්‍රියාගෙ පට්ට පදමාලවක් එක්ක හැඩවුණු ගීතයක් නිසා. ඔව් ශානිකා ශෂිප්‍රියා බොලොග් වල අපි කවුරුත් දන්න සොදුරු සදවතී තමයි ඒ... බොලොග් ලියපු....කවි ලියපු....... ඇය දැන් ගීතත් ලියනවා පියවරෙන් පියවර ඇය යන ගමන ගැන සහෝදර බ්ලොග් කරුවෙක් ලෙස පෞද්ගලිකව මට තියෙන්නෙ ලොකු සතුටක්. ඒ නිසා ප්‍රථමයෙන්ම ඇයට මන් සුභ පතනවා මේ වගේ පට්ට පදවැල් ටිකක් ලස්සනට ගැලපුවට.     
                
              "මලගිය ඇත්තො" සරච්චන්ද්‍ර ලියපු ජනප්‍රියතම නවකතාවක් වුණාට. මට එහි එන දෙවෙන්දොරො සං ගැන තියෙන්නෙ මහ අලස හැගීමක්. ගැහැණියක හා ප්‍රේමයෙන් බැදී ඇයගේ සුකුමල බව පමණක් දකිමින් ඇය හා එකම නිවස්නයක කෙසේනම් වසම්ද. ඇයගේ ස්පර්ශයවත් නුරාවක් නොගෙනෙන්නේද.? අඩුම තරමින් එකම එක දෙතොල් සිප ගැනීමක්වත්.....????? මට මුල් කෘතිය කියෙව්වම හිතුණේ දෙවොන්දරා සං ලිංගික බෙලහීනතාවයකින් පෙලෙන්නෙක් විදියට. ඒ අලස බව නිසා දෙවොන්දොරො සංට මන් ආශක්ත වුනේ නෑ.

සීතල හිම කැට විසිරුණු
තුරු හිස් අග මල් නොපිපුණු
සොහොන් ගැබක හිත හිරවුණු
දෙවොන්දරා සං
මළවුන්ගේ අවුරුද්දට කලින්ම මම එන්නම්
ආතුර වුනු ඔය හිත මත සෙනෙහස තවරන්නම්....

                                        මේ පදවැල් වල ලියලන්නෙත් ඒකම නෙවෙයිද???? හැබැයි ඇත්තටම ඒ එහෙමනම්....ඇයි එහෙමනම් නන්දා මාලිනී කියන්නේ "ප්‍රේමයනම්...රාගයෙන් තොර සද එළිය සේ අචින්තයි, පාරිශුද්ධයි, සුරම්යයි" කියලා... ඇත්තටම ඒක එහෙමද? ඔව් සමහර විට ඇත්ත වෙන්න ඇති.
                                                        සමහර ගැහැණුන් සම්බන්ධ ප්‍රේම සිතුවිලි වලට නුරාව දශමයකවත් නෑ.හැබැයි සිතුවිලි සුරම්‍ය වුණාට.... ස්පර්ශයක්දි එය සාමකාමී වෙන්නෙත් නෑ. ඒත් අපි අවට  තියෙන සංස්කෘතික බැදීම් අපිව හික්මවනවා හරියට විරාගයේ අරවින්ද වගේ.....

සකුරා මල් පෙති ඉහිරුණු
මල් පාරේ අපි ඇවිදපු
නුඹේ සෙනෙහෙන් මා සැනසුණු
ඊටත් වැඩියෙන් හඬවපු
ඒ මතකයෙ කඳුළු අරන් මං හනිකට එන්නම්
තනිවුනු ඔය හිත ළඟ තනියට හිඳින්න එන්නම්....

දෙවොන්දරෝ සං  කියන්නෙ කලින් පැවිද්දෙක්  ඉතින් ගිහි කලත් ආ හික්මීම ඔහු ලබන්න ඇත්තෙ  ඒ පැවිදි දිවියේ අභාසයෙන් වෙන්න ඇති. මුල් පද ටිකෙන්  මන් මුලින් කියපු අලස බව කියලා දෙවැනියට ඈ කියන්නෙ චමත්කාර ජනක ප්‍රේමයේ මටසිළුටු අතීතයේ ප්‍රේමණීය මතකයන්ගේ ඔත්පල වුණු නොරිකො සං ගේ සිතේ ව්ප්පයෝගය නෙවෙයිද?

සුබෙකි මලක පිණි තැවරුණු
කබුකි හලක අපි නැලවූණූ
සකේ බිංදුවක් මුහුවුණු
කොපුළක් උනුහුමට ගැහුණු
ඒ මතකයේ සුවද අරන් මං හනිකට එන්නම්
වැළලූනු අපේ ආදරේට ආයෙත් පණ දෙන්නම්...

ආදරයක් කියන්නෙ වෙන මොකුත් නෙවෙයි කෙනෙක් හා බැදීමක් ඇති වූ පසු වෙන්වීමක් ගැන සිතන්න බැරිනම්..... හිමි අහිමි ආදර කතා දහසකුත් මැද ඔහුගේ මතකය "අනේ තවත් මා ලගම තිබුණාන්" යැයි කියලා සිතෙනවානම් ඒ තමයි ආදරය කියලා නොරිකො සං කියනවා......ඔව් ඒක ආදරේ වෙන්න ඇති කියලා මටත් හිතෙනවා. 
                                 ගීතයක් පදයෙන් පදය මේ වගේ තමන්ගෙ කරගෙන විදින්න පූළුවන් කියන්නෙ. ගිතය ලියන්නාගෙ මැජික් එකට අපි හව්වෙලා තියෙනවා. ඔව් ඒ මැජික් එක ඔස්සෙ අපි අපිවම මේ ගීතය තුළීන් කියවනවා. අපිට ආදරය නොයෙකුත් තැන් වලදි හම්බෙනවා. ඒත් බොහෝ තැන් වලදී ඒක හම්බෙන්නෙ පාහන්න බැරි තැන් වලදි....ඔව් නොරිකො සංටත් උනේ ඒකම.......
                           එක්කො ජාතිය,ආගම, වයස, දැනටමත් තමන් හෝ අනෙකා කෙනෙකුට අයිති කෙනෙක් වීම හින්දා දහසක් ආදර හිත් ජීවත් වුනත් සිත යටින් තැවෙන මල හිත් වෙනවා ඒ මල හිත් මානසිකව තනාගත්ත ලෝකයකදී ඔහුනොවුන් හා ආදරේ කරනවා......... ඉතින් එවන් මල හිත් ඇති මලගිය ඇත්තන් මලවුන්ගේ ලෝකයක් තනාගනිමින් සින්තැටික් ලෝකෙකදී වැලන්ටයින්ලාට ප්‍රේම කරනවා.
                               මේක කියන්නෙ පවරි අමරසා කියලා හැගුම්බර හඩක් තියෙන ලක්සන ගෑල් ළමයෙක්. ඇයගේ දායකත්වය මට දැනෙන විදියට උපරිමයි. සංගීතය ගත්තොත් දර්ශණ වික්‍රමතුංග.ඒක අඩුත් නැති වැඩිත් නැති සංගීතයක්. තනුවත් අගෙයි. ඒත් සම්ප්‍රදායික රාමුවෙන් ඔබ්බට සංගීතයෙත් වෙනසක් කරන්න හැකියාවක් තියෙන ගීතයක්. ඇත්තටම සංගීතය තුලනම් මේ ගීතයට කරන උපරිමය නොවෙයි කරලා තියෙන්නෙ කියලා මට හිතෙනවා.
                      කොහොම හරි මේ මට "සීතල හිම කැට විසිරුණු" කියන  සුන්දර ගීතය දැනුනු විදිය. ඔබේ දැනීම මටත් වඩා හාත්පසින් වෙනස් ඇති. පුළුවන්නම් ඒ පිළිබදව ඔබේ බ්ලොග් එකෙත් පළ කරන්න. අපිට පූළුවන් වෙයි මලගිය ඇත්තන්ගේ ලෝකය පිළිබද අලූත් කතිකාවතක් ගොඩනගන්න.......

-රෝමාන්තික රස්තියාදුකාරයා-
RomanthikaRasthiyadukaraya/facebook

27 comments:

  1. "සුබෙකි මලක පිණි තැවරුණු
    කබුකි හලක අපි නැලවූණූ
    සකේ බිංදුවක් මුහුවුණු
    කොපුළක් උනුහුමට ගැහුණු"
    හරිම ලස්සන පද රචනයක්

    ReplyDelete
    Replies
    1. ඔව් අපූරු ගලායාමක් ඇති පද ටිකක්

      Delete
  2. මමත් ඇහුවා. ඒකේ වචන ලස්සනට ගැලපිලා... ශානි අක්කට සුභ පතුම්.

    ReplyDelete
  3. අනේ දෙයියනේ මම මෙහෙම එකක් බලාපොරොත්තු උනේම නෑ.තාම ගීතය රිලීස් වෙලා ගියෙත් පැය ගානයි අඩුම තරමෙ මම මගේ බ්ලොග් එකේ මේ ගැන ලිව්වෙත් නෑ තාම.කොහොම උනත් ගොඩක්ම ස්තූතියි රස්තියෝ මේ ඇගයීමටත් මේ විචාරයටත් ගීතය මේ තරම් වින්ඳාටත්.

    දෙවෙන්දොරා ගැන ඔයා කියල තියෙන විදියටම මටත් දැනිලා තියෙනවා.නොරිකෝ ගැන දෙවෙන්දොරා ගැන මගේ අතින් ගොඩක් කවි ලියවිලා තියෙනවා ඒත් මන්දා මගේ ඒ හැටි මනාපයක් නෑ දෙවෙන්දොරා කියන පෙම්වතාටනම්.හැබැයි මම මළගිය ඇත්තො සහ මළවුන්ගේ අවුරුදු දා කියන පොත් දෙකටම කැමතී. දෙවෙන්දොරා කියන නමට ආදරෙයි.ඒ නිසාමද මන්දා එයාල ගැන මේ හැටි කවි කතා ලියවෙන්නේ.

    කොහොම උනත් තව ටික දවසක් යනකන් මගේ බ්ලොග් එකේනම් මගේ ගීතය ගැන ලියවෙන එකක් නෑ.එකසිය ගානට උන හැදිලා ඇඳට වැටිලා ඉන්න නිසා.ඒ නිසා ආයෙමත් ස්තූතියි ඔන්න හොදේ.

    ReplyDelete
    Replies
    1. අගේ ඇති පද වැලක් ඒකයි ඉතින් මෙච්චර විදින්න පුළුවන් වුනේ....එහෙනම් උණ හෙම්බිරිස්සාව හොද කරන් ඇවිත් බ්ලොග් එකෙත් දාන්නකො....

      Delete
  4. සින්දුව ඇහුව ශානිකා හෙවත් සොඳුරු ගේ පදවැල් කොහොමත් ලස්සනයි. ඔබේ විචාරයත් අපූරුයි.
    එක ප්‍රශ්නයක් සින්දුව මැදින් අර බෝම්බ ගහනව වගේ දැඩි බිඩි ගාල සද්දයක් ඇහෙන්නේ ඇයි ? (මගේ හෙඩ්ෆෝන් සෙට් එකේ ප්‍රශ්නයක්ද දන්නෙත් නැහැ )සොඳුරු සඳවතී ට උණුසුම් සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි....එහෙම සද්දයක් එන්නෙ නෑනෙ :-) :-) මන් හිතන්නෙ හෙඩ්ෆෝන් එකේ වෙන්න ඇති අවුල....

      Delete
    2. ස්තූතියි ඔබට මේ ඇගයීමට.... මටත් සද්දයක්නම් ආවෙ නෑ

      Delete
  5. අහන්න පුළුවන් සින්දුවක්....
    ජය වේවා!

    ReplyDelete
  6. //අයින්ස්ටයින්ලා පිරුණු ලෝකෙක වැලන්ටයින් කෙනෙක් වෙන්න ලේසි නෑ. මොකද ලෝකෙම හමන්නෙ එකම සුළග//
    ඒ කතාව නම් ඇත්තම ඇත්ත .

    මේ සොඳුරු ගීතය අපිත් එක්ක බෙදා හදා ගත්තට ගොඩාරියක් ස්තුතියි රස්ති. වැල් වටාරම් විච්චූරණ ගීත ලියවෙන කාලයක මේ වගේ අතිශයින් සොඳුරු ගීතයක් රචනා කරපු සොඳුරු සඳවතීට ගොඩාරියක් පින් . මේ ගීතය ඇත්තටම රසවින්දා. නැවතත් ස්තුතියි .

    ReplyDelete
    Replies
    1. ඔව් සදවතී හොද ගලායාමක් තියෙන පද වැල් ටිකක්. සංගීතකරුවා තවදුරත් සූක්ශම උනානම් මේ ගීය තවත් අපූරු වෙන්න තිබ්බා....

      Delete
  7. /සකේ බිංදුවක් මුහුවුණු../

    ෂැහ්..සකේ බිංදුවක් මොන කෙහෙල්මලකටද?

    නියමයි සඳා.....ස්තූතියි රොමා...:)

    ReplyDelete
    Replies
    1. හි හී හරි ඉතින් අපි වෙනස් කොරමු සකේ ගැලුමක් කියල ඔන්න ඔහේ

      Delete
    2. අන්න ඒකයි මාත් හෙලාදකිනවා බිංදු බිංදු බොන්න හදන සීන් එක. එක්කො නොබීම ඉන්න ඔනෙ බොරු නොකර.....

      Delete
  8. ආයේ ඉතින් මොනවා කියනවද ? මේකනම් පට්ට .

    ReplyDelete
    Replies
    1. ඔව් අපූරු ගලායාමක් තියෙන ගීයක්..හැගුම්බර ගායනයත් විශේෂයි....

      Delete
  9. සඳූගේ නිර්මාණයක් ගැන දැනගත්තෙ පරක්කු වෙලා. හදවතින්ම සුභ පතනවා සඳූටත් මේ ගැන ලිව්ව රෝමාටත්.

    ජයවේවා!!!

    ReplyDelete
  10. උඹ රස්තියාදුකාරයෙක් උනත් උඹේ රොමැන්ටික් ගතිය නම් හොඳටම වැඩියි.. මෙහෙම සිංදු මෙච්චර විඳින්නේ ඒකයි.. හෙහ් හෙහ් හෙහ්..

    එළම! සඳවතීට සුභ පැතුම්! රෝමා ට ස්තුතියි! අර ගෑල්ලමයාගේ හඬ නිකං අපි ඒ කලේ පිස්සු වැටිච්චි දීපිකා ගේ වගේ.. එයාටත් සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. සිංදුවෙ පදවැල් සහ ගායනය රෝමාන්තික සිතුවිලි වලට උත්තේජ සපයනවා )))))ෂික් අපරාදේ අපේකාලෙ වෙනකොටනම් ඉතින් දීපිකා නැන්දි ඇන්ටි කෙනෙක්....

      Delete
  11. කවියේ යථාර්ථය පැහැදිලි කිරීම හැරීම අපූරුයි...

    ReplyDelete
    Replies
    1. මේක ඉතින් මට දැනුනු යතාර්ථය......තැන්ක් යු ඈ....

      Delete
  12. අපූරු පදවැලක් ස්තූතියි ඔබට,සුභ පැතුම් සදවතිය.රස්තියාදුකාරයා එක තැනක කියල තිබුන නේද දෙවුන්දර දෙවුන්දර සහ ලිංගික බෙලහීනතාවයකින් පෙනුණු කෙනෙක් නිසා ඔහුට ආශක්ත වුණේ නැහැ කියලා ඒ වගේම නන්දා මාලනීයගේ ගීතෙන් කියන ආකාරයට ප්‍රේමය නම් රාගයෙන් තොර ඒක එහෙම වෙන්නත් ඇති කියලා.

    මහාචාර්ය සුචරිත ගම්ලත් ඔය ප්‍රේමය නම් ගීතය ගැන කරන විචාරයකදී එක තැනක කියනවා,එහෙම නම් ඉතින් ගොඩ වෙදෙකුගෙන් බෙහෙත් ගන්න වෙනවා කියලා.

    ReplyDelete