31 December 2018

එකසිය තිස් අට


ඒ සීතල උණුසුම් ලවණ
මගේ හදවතේ බැදිලත් මොටද
තවමත් දැනෙයි උණුසුම
හදවත මෙලෙකින් දියකරන
දිය වූ සියුම් තැන් සිත 
අද්දරින් හිරිවට්ටමින් ගලන
පෙම්වත් කතා වලට 
සුරතේ බාහුවේ උණුසුමෙන්
ඉගි බිගි දී පෙම්වත් වෙන්න
තව තවත් ළගට විත්
සිරකර මගේ සිත කඩා බිදලන්න
රුසිරු ලියේ නුඹ ආසයි නම් 
ආයෙත් හිනැහෙන්න
පරක්කුවක් නෑ තාමත් තරුණයි
එකසිය තිස් අට බස් එකේ 
පිටුපස අසුන

-සුපුන් සමීර-

10 comments:

  1. 138 මමත් ආගිය බස් එකක්.

    ReplyDelete
    Replies
    1. කතා ඇති එහෙනම් තව )))))

      Delete
    2. ඒත් ඇත්තටම මමනම් ඔය බස් එකේ වැඩිය යැවෙන කෙනෙක් නෙවෙයි

      Delete
  2. අපිටනං තියෙන්නෙ 122 තමයි ඉතිං.

    ReplyDelete