17 February 2017

සිරිපා කරුණාවේ බැදි සෙනෙහේ


නවම් සුළගට සිත රැදි රස රහසක උණූසුමට
පැතුම් ලෙස සොදුරිය යමු මුනි සිරිපා වැදුමට
සිතුම් ලෙස සිරිපා ගමේ සිට  එකළග හෙමිහිට
වැදුම් දෙන්නට යමු හෙමි හෙමින්  සිරිපා මුදුනට

නඩයෙන් වෙන්වී එකට හිද ලගදී ඉදිකටුපහන
විගහින් ගමු සෙල්ෆියක් කාටවත් නොපෙනෙන්න
සීතලෙන් වෙලී  ඇති මොහොතකදී නුඹ වෙව්ලන
කබායෙන් පොරවමි සොදුර නූඹට උණුසුම දෙන්න

සීතගඟුලේ සීත වතුරෙන්  දිය ගෙන සැනසෙන
නලලේ හාදුවක සළකුණ තබමි මම නොමැකෙන
සීතලේ වෙව්ලන මම නුබේ දෑතින් අල්ලාගෙන
වදුලේ තුරුලු කරගමි උණූසුම දෙමි නුඹ සනසන

පහුරු සේ අත් අල්ලා හැරමිටිපානේ දී නම් හොදටම
අමාරු  වෙයි  ඇයි සුදු කෙල්ල  බතලත්නේ නුඹ බෝම
වාරු  දී නුබේ සියුමැලි දෑත ගෙන හෙමි හෙමින් මම
කව්රු බෑ කීවත් යමි නොනැවතී ඇහෙළේ කණූව ලගටම

වෙලිලා මීදූමේ ඇහෙළේ කණූව ළග වෙව්ලන
ඇවිලිලා මෙන් දැනෙයි මගෙ හද පෙම් පුරන
පැටලිලා වගේ නුඹ මගේ තුරුලටම ගෙන
බීලා මෙන් මී ආසයි නුබේ දෙතොල් සිපගන්න

විසිරිලා වගේ බැතිමතුන් ඇත හැමතැන ඉන්න
ළංවෙලා  කොහොම එනිසා මම නුඹව සිපගන්න
පේවිලා නගින බැතිමතුනගෙ සිත් නොතැලෙන්න
එක්වීලා බොමු උණූ කෝපියක් සීතල යන්න

පැමිණීලා වාරු ගෙන අහස්ගව්ව නැගගෙන
තුටුවීලා වදිමු මුනිදුගෙ සිරි පා පද්ම බැතියෙන
වෙන්වීලා ගියත් හැමදාටම නුඹ හමුවෙන්න
එක්වීලා පුළුවනිද මා හා නුඹට ජීවිත කන්දේ යන්න

-රෝමාන්තික රස්තියාදුකාරයා-
RomanthikaRasthiyadukaraya/facebook

43 comments:

  1. හට් ඉලව්වේ මමත් ඔය වගේ එකක් ලිව්වනේ මීට අවිරුදු පහකට විතර ඉස්සෙල්ලා. ඔන්න බලන්නකෝ, හැබැයි දැන්න්නම් ජොඩු වෙලා එත් සිරීපාදේ යන්න උනේ නෑ තාම ජෝඩු දාලා

    සිරිපා වරුණා !
    සීත ඟගුලෙ සීත තරම්
    හදවත හරි සීතයි
    සමන් දෙවිදු අඩවියෙ ඇති
    අනුහස්නම් බෝමයි.....

    සිරි පතුලේ හිස හොවන්න
    රන් සමනළ රෑනයි
    මේ හිම ගිර පාමුල මං
    සමනළියක් ගානයි....

    බැලු බැලු අත හැම පැත්තෙන්
    සුදු මීදුම පාවෙයි
    මේ සීතල දරා ගන්න
    මං නම් කිරි කෝඩුයි....

    හිම හීතළ වලා කැරලි
    මීඳුම් සළු රෑනයි
    මහගිරි දඹ නගින්න මට
    ඔබෙ වාරුව ඕනයි....

    වදින්න යන මේ නඩෙට
    සුමන සමන් පිහිටයි
    අහස් ගව්ව මුදුනෙ
    සැනසුම් සුවනම් බෝමයි....

    උඩ මළුවෙදි දැල්වූයෙ අපි
    දෙන්නට එක පානයි
    ලබන වසරෙ ජෝඩු වෙලා
    අපි සිරිපා එන්නයි.....




    ReplyDelete
    Replies
    1. රෝමාගෙ වගේම සඳූගේ කවත් ලස්සනයි.

      ජයවේවා!!!

      Delete
    2. සඳු එක්ක මොනවත් කරන්නට බැරිය... මේ යෝදී එක්කෝ මං කරන දේම කරනවා නැත්තම් මං එයා කරන දේම කරනවා... මේක අදහන්නට බැරි අහඹුවක්...

      "අහස් ගවුවට තරම් දුරයී
      දැන් නුඹ මට
      මන් තාම ගෙත්තම් පාන ලගයී
      මහගිරිදබ මැවී සැලෙයී
      හිත මගෙ
      සීත ගගුලෙදි වාගෙමයී
      දකිනවිට දොළොස් මහෙ පන් සිල
      කෙලවරදී ආඩියා මළ තැන්නෙදී
      සේම යළි හිත බැතිබරයී"

      මේ මං ලියපු එකක් :)

      රස්තියාදු වගේම සඳුත් දක්ෂ කවියෝය... දුම් නම් විශිෂ්ට කවියාගේ කවියක් නැති කමනම් අඩුවක්ය :)

      Delete
    3. හී හී ඒකනේ එරන්දි අපි දෙන්නම එකම ජෙනරේශන් එකකනේ ඒක වෙන්න ඇති නේද

      Delete
    4. එරන්දිගේ කවියත් මෙතන්ට ගැළපෙනවා. ලස්සනයි.

      Delete
    5. හට් ඉලව්වේ ඇත්ත නේන්නම් සදු....හැබැයි මටනම් පේන්නෙ ජෝඩු දාන්නත් වෙන්නෙ නෑ සිරිපාදේ යන්නත් වෙන්නෙ නෑ වගේ තත්වයක් තමයි....කවිය ලියපු දවසේ තත්වෙයි අද තත්වෙයි හරි වෙනස් :-D

      Delete
    6. එරන්දි හරියටම හරිය දුමී යනු විශිෂ්ඨයෙක්ය

      Delete
    7. තව පොඩ්ඩෙන් අමතක වෙනවා ජීවිතේ කියන්නෙ සම්පූර්ණ අහඹුවක් එරන්දි අහඹු ලෙස හෝ ඔබේ කවියත් බොහොම ලස්සනයි.

      Delete
    8. @සොඳුරු , එක වෙන්න ඇති :)

      Delete
  2. පැතිර සිහිලැල් හමන මොහොතක දෙදෙන එක්වී වැන්ඳ සිරිපා
    අතර දිවියක ළඟම ඉන්නට ඇරයුමෙන් ඇය නොයයි පිටුපා
    හතර පදයක එවන් අදහස පෙලින් පෙල ඇත හොඳට ගළපා
    නිතර කවිකම් ලියන මොහොතක අඩු ලුහුඩු කම යාවි පිටුපා.....

    රෝමෝ. කවි ටික රහයි බං. පොඩි පොඩි ගැටළු තිබුණත් නිතර ලියද්දී ඒවා හරියයි. සතුටුයි උඹේ උත්සාහය ගැන.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමි......ඔය පොඩි පොඩි අඩුපාඩු මොනවද කියලා කියා දුන්නොත් නරකද......

      Delete
    2. ඔව් අරුණ. මමත් කැමතියි මගේ පොඩි දැණුමෙන් ඒ ගැන කියන්න. රෝමා කැමතිනම් කියන්න බැරි නෑ.

      Delete
    3. අනේ බන් දුමියෝ මන් කවද්ද බන් ඕවට අකමැති. Aruna Perera කියනවා වගේ අඩුපාඩු කියලා දුන්නම තරහා ගන්න තරම් මන් මොකෙද්ද බන්. පොඩි දැනුමක් හරි නොදන්න දෙයක් අහගන්න එක කොච්චර ලොකු දෙයක් ද බන්.
      දුමී කවිය මාර හැඩයි ඒ ගැන කියන්න දෙයක් නෑනෙ ඉතින් අමුතුවෙන්

      Delete
    4. රෝමෝ...උඹ මුල් පද ගැළපූ හින්දම මෙහෙම ලියන්නම්.
      3 කවියේ 'සීතගඟුලේ' වෙනුවට 'ගඟුලේ' වචනයත් ඒකෙම තුන්වෙනි පේළියේ 'සීතලේ' වෙනුවට 'සිසිලේ' කියන වචනයත් ආවාම මුල් පද හතරේ ගැලපීමක් තියෙනවා. ඔය වගේ වචන ටිකක් එහෙ මෙහෙ කරපුවාම හරි.

      Delete
    5. රෝමෝ උඹේ දෙවෙනි කවිය මෙහෙම ලිව්වොත්....

      ඈත ඉඳිකටු පාන අසළදි නඩෙන් වෙන්වී තනිවෙලා
      පාත මිහිදුම පෙනෙන මානෙක සෙල්ෆියක් ගමු හිනැහිලා
      සීත උතුරණ විටදි වෙව්ලන සොඳුරියේ නුඹ ගුලිවෙලා
      දෑත දිගුකර වැළඳ ගමි මම කබායක් ගෙන ළංවෙලා.....

      Delete
    6. හරි බන් ඊළගපාර ලියනකොට ඒ ගැන බලන්නම්.ස්තූතියි බන් උබේ පැහැදැලි කිරීම් වලට.

      Delete
    7. කරුමෙද දන්නෙ නෑ...පෙර පින් නැද්ද දන්නෙ නෑ. මට හිතෙන්නෙම නෑ බන් ඒ කෑලි දෙක අයින් කරන්න. අර සීතලේ කියන කෑල්ලනම් ඕනෙමයි වගේ බන්. කීප පාරක්ම මාරු කර කර බැලුවා බන් ඒ වචන දෙක හිතට සෙට් වෙන්නෙම නෑ( සිරා සීන් එකක් ඕලුවෙ තියන් ලියන හින්දා වෙන්න ඇති) ඒ වුනාට ගැත්තට අනුකම්පා කරලා ආයෙත් කවියක වැරැද්දක් තිබ්බොත් අනිවාර්යෙන් කියපන් මචෝ...

      Delete
  3. හැබැවටම දැනෙන හරි ම ලස්සන කවියක් රස්ති..
    ජයවේවා..!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි එරන්දි

      Delete
  4. බලපන් රස්තා සිරිපාදේ ගියත් උඹේ වල්කම ඇරිලා නෑනේ. එතනත් කල්පනාව කෙල්ලව කිස් කරන්න.

    ReplyDelete
    Replies
    1. මමත් මේ දෙවෙනි පාරටත් කියවලා බැලුවේ මේකා මේ වන්දනාව සදහා සිරීපාදේ ගිහින්ද එහෙම නැතන් හනිමූන් එකට ගිහින්ද කියලා

      Delete
    2. අනේ නෑ බන් කුරහන් & සදවතී පොඩ්ඩක් හාදුවක් දෙකක් දුන්නට මොකද. ආදලේටනේ....
      මන් පහුගිය සති අන්තෙ සිරිපාදේ ගියා රත්නපුර පාරෙන්.මුල් වතාව එ පාරෙන් ගියපු. ඒ පැත්තෙන් යන්නෙම ආදරවන්තයින්ද කොහෙද. ඉතින් ඒ පැත්ත දුෂ්කර වැඩි හින්දමද කොහෙද උන් තැන තැන සීතල දරාගන්න බැරුව තුරුල් වෙලා ඉන්නවා.තව අමාරුවෙන් දෙන්නම වත්තන් කරගෙන කන්දේ නගිනවා.මරු බන් ඒ අත්දැකීම...උන්ට කවදාවත් අමතක නොවෙන ගමනක් වෙයි ඒක....ඉතින් මගේ පුංචි හිත ඕවා දැකලා තමයි මේ කවිය ලිව්වෙ....

      Delete
  5. රෝමාන්තික ලෙස සිරිපාදේ නැගීම...හැඩයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රසුදැල්

      Delete
  6. රෝමාන්තිකයාගේ රස්තියාදුකාර ආරදය වඩා මම දැක්කේ කෝඩුකාර ආදරයක්. හැමදාම වගේ රසයි බං...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පිලෝ...ඔව් හැම ආදර කාතාවකම ආරම්භය කෝඩුකාරයිනෙ බන්.

      Delete
  7. කවිය රහයි රොමා...දිගටම කවිත් ලියමු...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිගටම ලියන්නම් කවි කියන්නෙ මන් කැමතිම මාධ්‍යක්

      Delete
  8. සෙල්ෆි කවි. අගෙයි.

    ReplyDelete
    Replies
    1. ඔව් සෙල්ෆි ගැසීමට සිටි කවියක්.ස්තූතියි Ajith.....

      Delete
  9. රොමාන්තික සිරිපා කරුණාව.....

    ReplyDelete
    Replies
    1. රෝමාන්තික වෙන්න හිටපු සිරිපා කරුණාවක් :-)

      Delete
  10. Api wage podi avun kohomada yakow siripade yanne... ඇස් වහගෙන යන්න වෙන්නෙ😂😂😂

    එල එල

    ReplyDelete
    Replies
    1. හාදුවක් දෙකක් දුන්නට මොකෝ බන් වෙන්නෙ

      Delete

  11. හෙහේ...
    පට්ටනේ... සිරීපාදයම නැංගා නේ එහෙම නම්...

    ReplyDelete
    Replies
    1. මේක ලියන්න ඉස්සරින් සුමානෙ නිවාඩුවෙදි අපි කොල්ලො සෙට් එකක් එක්ක අපි නැග්ගා.
      ඒත් මේ තියන විදියේ සිරිපා කරුණාවක් කරන්න වැඩපිළිවෙළක් යෙදුනත් දෛවය සෑහෙන්ඩ කුරිරු උනා

      Delete
  12. Mn dn meka addict wela wge kiywnw..mamath kawi liynw habai oya thrm baha..maru kawiya..rasa weralu achcharuwk wge...hamadema ganata

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සදනි අදහස් වලට.මටත් හොදට කවි ලියන්න බෑ.ඔයාගේ බොලොග් එකත් අප්ඩේට් කරන්න පටන් ගන්න

      Delete