15 May 2017

ගඟ ලඟ තොරණ ලඟ ෆෝකස් කරපු ලිය


ගඟ ළග තොරණ ළග ෆෝකස් කරපු ලිය
හන්දියේ තොරණ ලගදී මිසින් විය
කුමට කියමි ඈ ගැන රුව ගති වරුණ
පන්සලේ කූඩුවේවත් නෑ කැටයම් එතරම්ම

මාකට් එක ළග කුඩුවෙ සුන්දර කැටයම් අතරේ
දැක්කෙ අර ලියයි වෙනසක් නෑ කැටයම් ඇයගේ
පහුලේ උන්දැලත් මිස් කොට කවුරුත් නැති අතරේ
රටකජු ගොට්ටේ නම්බරේ ලියලයි ඈ දුන්නෙ

කට සැකරයි සිතකුත් මගේ ඈ ගැන නැති පාටයි
පිකප් එකේ ලග නැව්වට ඈ නිව්ටල් කෙල්ලයි
පාර දෙපස එහෙ මෙහෙ යන ලියනුත් බෝමයි
මේ වෙසඟෙවත් පින පල දුන්නොත් මල්මයි

වැදලා රනවරා,ඔසුපැන්, සව් දන්සැල් දෙකතුන හතරක්ම
බත් දන්සැලක් සෙව්වෙමි බඩගින්නත් වැඩිවෙලා හොදටම
කීලෝමීටර් දෙකතුන පෝලිමේ ලොකු පොඩිවුන් අතර
සෙට් වුනෙමි අගට පෝලිමෙ කලියෙන් හෙට එළි වෙන්න

ඉස්සරහම හිටි ලිය සුන්දර වෙති බෝම
ඉගසුග බෝම ඇත මහතට පොස් එකට
කැටයම් ඇයගේ නැත සුන්දර ඇය ලෙන්ගතුය
ඇගටම ආපු පොඩි එහෙකුටත් ඈ එරෙව්වය

ගෙදර කෙනා මෙහි නෑලු ආසයිලු දන්සැලකින් කන්න
නැන්දම්මත් එක්ක ආවේ ඒ නිසාලු දන්සැල් වදින්නට
බඹ ගානක් දිග පෝලිමෙ මල් මල් කතා මැද
ගෙවුනා සොදුර ලෙස පෝලිම තව දිග වූවානම් මල්ම

කුමට කැටයම් කොටනු කදුරු ලීයේ ඉතින් හැඩ දමා
විදපූ ලීයෙ කැටයම් සුන්දර වෙති කදිමයි බෝමා
කැටයම් ටික තියා ගනින් කෙල්ලෙ පොසොනුත් ළග එනවා
මෝරපු ලීය ලෙහෙසියි ලපටි ලීයට හම යනවා

-රෝමාන්තික රස්තියාදුකාරයා-

ප.ස.- ඔන බොලොග් වසන්තයේ අන්තිම හරිය යන්නෙ. මාත් ආයෙ පැත්තෙවත් නැහැයි හිතුවට චුන්ඩක් උඩට ඇවිල්ලා ඉන්නෙ. අපේ දුමීලා.අටම්ලා,අරූලා,ඉයන්ලා,ඉවාන්ලා,සොදුරු අතීතය..... එහෙමත් පෙරමුනේම සටනේ. ඔය කොයි කාගේ හරි හොද පෝස්ට් එකක් තියේනම් කියවලා බලලා චන්දයක් දාල එන්න. චන්ද පහක් දෙන්න පුළුවන්ලු. හොද එකෙක්ට දාහල්ලා. හොදම එකානම් මම තමයි. ඒත් තව හතරක්ම තියේනේ. ඒවත් දාහල්ලා කාට කාට හරි. ඔක්කොටම ජයින් ජයම වේවා.......එහෙමැයි කිව්වට මට පොඩ්ඩක් වැඩියෙන් ජයවේවා........


44 comments:

  1. රස්තො මේක බොලාගේ කොල්ලා කාලේ කකුල් දැකීමක් නේද? ඇත්ත කියහන්

    ReplyDelete
    Replies
    1. අමුතුවෙන් කොල්ලා කාලේ කියන්න බෑනෙ බන් දැනටත් හිරිමල් යොවුන්වියේ ඉන්න එකෙක්නෙ මන්.
      මගේම කියලා අත්දැකීම් නොවුණට අපි ඉන්න ලෝකෙ සුලභව තියෙන "කකුල් දැකීමක්" වගේම //විදපූ ලීයෙ කැටයම්// ගැනත් තමයි ලිව්වේ බන්

      Delete
  2. නැන්දම්මත් එක්ක මොන හු...කට වෙසක් බලන්න ගියාද?

    ReplyDelete
    Replies
    1. නැන්දම්මටත් හැමදෑම කන කෑම වෙනුවට වෙන තැනකින් කන්න(දන්සැලකින්) ආසවක් ඇතිවෙන්න ඇති. අවුලක් නෑ ලේලි නැන්දම්මා එක්කම ආවම කොයිකටත් ආරක්ෂාවත් වැඩිනේ.....

      Delete
  3. මග දිග බල බලා ඇවිදින් හිටි හැටියේ
    රඟ දැකගන්න ආවෙමි මම රාත්‍රියේ
    ගඟ ළඟ තොරණ බලනාවිට කඩිමුඩියේ
    දඟ නෙත් දෙකට මා හදවත ඇදී ගියේ...

    වට පිට උන්ගෙ හඬ කන පිපිරෙන ගානයි
    මට ඉන් මිදෙන්නටවත් බැරිවුණු ගානයි
    කට නිහඩය නමුත් හිත ඇවිළෙන ගානයි
    රට කජු ගොට්ටෙ අංකය ලිව්වේ ඒකයි

    රන්දා සිහින හිතතුළ නුඹ කමක් නැතී
    මන්දා මමත් නුඹෙ රූපෙට වශී ඇතී
    හින්දා කිටි කිටිය පෝලිම හොඳක් වෙතී
    නැන්දා මෙතන මුත් ඇගෙ නෙත කෑම කතී

    කැටයම් නෙළුව අරටුව ගුණ වැඩි වෙනවා
    පිළියම් කරන්නට කාලය ළඟ එනවා
    යන්නම් කියූවත් යන්නට දුක් වෙනවා
    පින්කම් කරන්නට පොසොනුත් ළඟ එනවා.........

    .........මීට ගඟ ළඟ තොරණ ළඟ ලිය........

    රෝමෝ.... මේකනම් රහ පිරුණු කවියක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. හම්මේ කවිය නම් ඉස්තරම්

      මචෝ මගෙ කවියෙ හැටියට ගෑනු ලමයි දෙන්නෙක් ගැන කියනවා

      තොරණ ළග හිටියේ බොහෝ ඔමරි ඇති නංගියෙක්. හිත එච්චර නොගත්.

      දන්සැලට ඇවිල්ලා හිටියෙ විවාහවුණු ඒත් මොකක් හෝ හේතුවක් හින්දා වැඩිය ස්වාමියා ගෙදර නැති (විදේශගත හෝ නිවසේ හැමදාම රැදෙන්නෙ බැරි රස්සාවක් කරන) හින්දා ඇයගේම නැන්දම්මත් එක්ක දන්සැලට ඇවිල්ලා හිටියේ තව ගෑනු කෙනෙක්.

      Delete
    2. ආ ඔව්නේ බං.
      සැමියා ඈතක ඉන්න බිරිඳක් නැන්දම්මත් එක්ක ආව එක ගැන තමයි ලිව්වේ. ඒත් තොරණ ළඟ හිටියෙත් වෙන කෙනෙක් කියළා මට තේරුම්ගන්න බැරිවුණා. හෙට වෙලාවක් තිබ්බොත් හදන්න බලන්නම්. සමාවෙයන් රෝමෝ. උඹේ අදහස වැරදියට කවි කෙරුවට.

      Delete
    3. ඒකට මොකෝ බන්.....හැමදාමත් හරියට තෝරන්නෙ බන්. කෝ බන් තාම හෙට වෙලා නැද්ද දුමියෝ

      Delete
    4. 1 හස් 2 කවිය මෙහෙම වෙනස් කෙරුවම හරි.
      මග දිග බල බලා ඇවිදින් හිටි හැටියේ
      රඟ දැකගන්න ආවෙමි මම රාත්‍රියේ
      මගදි දුටුව දන්සැල වෙත ගිය හැටියේ
      දඟ නෙත් දෙකය මා හදවත ඇදී ගියේ

      වට පිට උන්ගෙ හඬ කන පිපිරෙන ගානයි
      මට ඉන් මිදෙන්නටවත් බැරිවුණු ගානයි
      කට නිහඬය නමුත් හිත ඇවිළෙන ගානයි
      හෙට නොව අදම නුඹෙ හඬ ඇසුමට ආසයි....

      පමා වුණාට සමාවෙයන් රෝමෝ. උන කැස්ස අසනීප අඩුවක් නෑ බං. ඒකයි වුණේ පමා.

      ජයවේවා!!!

      Delete
    5. ඒකට මොකෝ බන් මටත් මේ දවස් වල කිසි ඉස්පාසුවක් නෑ. කවියනම් මල් මචෝ

      Delete
  4. Replies
    1. ස්තූතියි ප්‍රාජේ.....

      Delete
  5. දන්සල් කෙසේවෙතත් කොල්ල මල් නං කඩල.. !

    ReplyDelete
    Replies
    1. අඩේ ඉතින් රටේ ලෝකෙ වෙන දේවල් නේ බන්

      Delete
  6. මිට අවුරුදු බරගානකට කලියෙන් බෞද්ධාලෝක මාවතේ වෙසක් බලන්න ගිහිල්ලා වෙච්චි සීන් එකක් මතක්වුනා. කවිය හින්දා පරන සීන් එක මතක් කරලා දුන්නාට උඹට බොහෝම ස්තූතියි .

    ReplyDelete
    Replies
    1. වෙසක්,පොසොන් එක තරම් ගෑනු ළමයි විදී සරන තවත් කාලයක් නෑ බන්. ඒක හින්දා රහසින් නම්බරයක් දෙන්නත්,නම්බරයක් ගන්නත්, පෙම්කරන්නත් ඒ තරම් කාලයක් තවත් නෑ. මගේ කවියකට පරන සීන් එකක් මතක් කරවපු එකත් ලොකු සතුටක් බන්. මතක් කරාට කමක් නෑ පෝස්ට් එහෙකුත් දාහන් ඔය ගැන

      Delete
  7. එල ද බ්‍රා ..
    සම්මාන තිබුනත් නැතත් අඩියක් ගහමු මචෝ

    ReplyDelete
    Replies
    1. මෙව්වා එකේ එන්ට්‍රන්ස් කොහොමද දන්නෙ නෑනෙ......
      ඒ නැතත් පිටදි හරි සෙට් වෙලා අඩියක් ගහමු....

      Delete
    2. අනිවා සම්මාන වලින් පස්සේ බොන්න නොදුන්නොත් බිලා ඔක්කටම බනිමු ...

      Delete
    3. අනිවාර්යෙන් මන් උබත් එක්ක අයියේ බීලා වැඩේ වර්චස්ම කරලා දාමු

      Delete
  8. මට නම් මනාප වැටුනේ මගේ යාලුවෝ සංහතියට පිං සිද්ධ වෙන්න... මං යාලුවෝ කිහිප දෙනෙක්ට කිව්වා විතරයි..
    බ්ලොග්කරනයේ යෙදෙන මහා බ්ලොග් කරුවන් සීමිත පිරිසක් තමයි මගේ බ්ලොගයාට ගොඩ වෙන්නේ.. ඒකත් රෝමා අයියට පිං සිද්ධ වෙන්න..
    කොහොම නමුත් මං දැන උන්නෙ නැහැ නොවැ ඔබට කවි ලියන්න පුලුවන් කියලා... සතුටුයි හරිම... ජය වේවා...!!

    ReplyDelete
    Replies
    1. යාලුවො උනත් ඔයාගේ බොලොග් කියවන අයනේ. අනික අරුශි මන් බොලොග් වල දැකපු හොදම කෙටි කතා ලියන්නියක්.
      උබේ පිං දීමනම් හොදටම වැඩියි. කරපු දෙයකුත් නැතිවුණාට.
      අන්න ඒකනෙ "රස්තියාදුගහන කවි" කියන ලේබල් එක පුරාවටම තියෙන්නෙ මන් ලියපු කවි තමයි අරුශි :)

      Delete
  9. හෑ... ගැණු ළමයිත් එහෙම පැනලා නොම්බර දෙනවද....?

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි නොබැලීමෙ වැඩි වීමේ සීග්‍රතාව සාපේක්ශව සමානයි ගෑණූ ලමයෙක් කැමතිවීමට---මන් දන්නෙත් නෑ පරණ පුස්කොල පොතක තිබුනේ...

      Delete
  10. වෙසඟේ කියා වෙසඟනාවන්ගේ ද අඩුවක් නැත...
    වෙසඟනාවන් ට වෙසඟ කියා වෙනසක් ද නැත...

    ReplyDelete
    Replies
    1. සැර වැඩිද මන්දා.......
      එච්චර හිතන්න එපා බන්. මෙව්වා ප්‍රීතිමත් කාලෙකට විනෝදෙට ලියවෙන කවි.

      Delete
  11. ඔහොමයි එතකොට වෙසක් බලන්නෙ 😁😁😁

    ReplyDelete
    Replies
    1. හිතලා කරන්නෙ නෑ...පාරට බැස්සම ඔහොම තමයි කොයි කාටත් වෙන්නෙ...

      Delete
  12. පෙර දිනයක මා
    පෙම්කළ යුවතිය
    රටකඡු විකුණනවා
    මගේම ලියුමක
    රටකඡු ඔතතලා
    ඈ මා හට දෙනවා
    රටකඡු කන්නද
    ලියුම බලන්න ද
    මගෙ හිත වදදෙනවා
    මගේම ලියුමේ
    මොනව බලන්නද
    මම රටකඡු කනවා.......

    ReplyDelete
    Replies
    1. ඒකනම් මරු ඈ..මන් අහලා තියෙනවා...
      කෙල්ල වගේද බන් රට කජු....

      Delete
  13. //ඉස්සරහම හිටි ලිය සුන්දර වෙති බෝම
    ඉගසුග බෝම ඇත මහතට පොස් එකට
    කැටයම් ඇයගේ නැත සුන්දර ඇය ලෙන්ගතුය
    ඇගටම ආපු පොඩි එහෙකුටත් ඈ එරෙව්වය// මගේ ප්‍රියතම කොටස. මරු

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කවියේ හැටියට මුල් එක්කෙනාට වඩා දෙවැනි එක්කෙනාට හිත ඇදිලා ගිය හේතු ටික තියෙන්නෙ ඔය කවියේ.බොහොමත්ම ස්තූතියි.

      Delete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. මල් හතයි තොරණේ විස්තරේ....

    ReplyDelete
  16. කවිය මරේ මරු..රස්තියාදුකාරයා දිනේවා..!!!මගෙ මනාපේ බොටත් වෙන් උනා අයියා..ජය වේවා ඈහ්..

    වැහිබිඳු....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගියෝ සප් එකට.බලාගෙ කෙමෙන්ට් ටික දැක්කමත් දිනුවා වගේ තමයි මට...

      Delete
  17. //ගඟ ළග තොරණ ළග ෆෝකස් කරපු ලිය//
    //කට සැකරයි සිතකුත් මගේ ඈ ගැන නැති පාටයි
    පිකප් එකේ ලග නැව්වට ඈ නිව්ටල් කෙල්ලයි
    පාර දෙපස එහෙ මෙහෙ යන ලියනුත් බෝමයි
    මේ වෙසඟෙවත් පින පල දුන්නොත් මල්මයි//

    මේ ටිකනම් සුපිරි අප්පා..හී හී..තුන් පාරක් විතර කියෙව්ව..කොහෙද පින පලදෙන්න යනකොට වැඩිමල්ය අරකය මේකය කියල ඔයා පස්ස ගහනවනෙ අයියෙ..ඒකනෙ අවුල් යන්නෙ..හී හී..පින පල දේවා.!..නැවතත් රස්තියාදුකාරයා දිනේවා...!!

    ආයෙමත් වැහිබිඳු ..

    ReplyDelete
    Replies
    1. අන්න බලහන් මන් පැහැදිලිවම කිව්වනේ එදා රිප්ලයි එකේදි බාලයි කියලා දැනගත්තම එයයි පස්සෙ ගැහුවේ කියලා...... කොහොම කොහොම හරි වැහි බිංදුගේ ආශිර්වාද මැද්දේ මාගේ ජයග්‍රහණය තහවුරු වේවා. ස්තූතියි ඈ....

      Delete
  18. Genulamaya නොම්මරේ දුන්නා වෙන්න be. රස්තියාදු වෙන්න ethi පැනලා නොම්මරේ දෙන්න ඇත්තේ.

    මේක මරු ban.

    ReplyDelete
    Replies
    1. අනේ බන් මේ අහින්සකයා ඕවට අල්ලගන්න එපා. අනික ගෑනු ළමයා මොකෝ? පිරිමි ළමයා මොකෝ? නම්බරේ හම්බුනානම්.... නෙහ්....

      Delete