26 February 2018

නපුන්සකයා - බොලොග් කියවන්නෙක්ගෙන් කවියක්


                                        මේ කවිය පිටිපස්සෙ පොඩි කතාවක් තියෙනවා. මගේ "රෝමාන්තික රස්තියාදුකාරයා" කියන ෆේස් බුක් පිටුවට එක දවසක් මේ වගේ ෆෝටෝ එකක් එවනවා "ගිම්හාන් ලහිරු" කියලා තරුණයෙක්.ඉතින් මේ අල්ල පනල්ලෙ මේ කවිය කිහිප පාරක් විමසිල්ලෙන් කියවනකොට තමයි තේරුණේ මේ කවිය මතුපිටින් වගේම යටිනුත් ඉතාමත්ම රසවත් කවියක් කියලා.
                                 වැදගත්ම දේ තමයි ඔහු කියනවා මගේ බොලොග් කියවලලු මේ කවිය ලියන්න හිතුනේ. ඉතින් බොරුවට හරි ඒකා එහෙම කියනකොට හෙණ ගහන්න වගේ සතුටක් දැනෙන්නෙ නැද්ද කියහන්කො. මොනා උනත් උපරිම රස කවියක් උඹලත් බලපල්ලා ඒ කවිය තුළ ඔහු කියන්න හදපු දේ.......................... ඔහු ලියපු තවත් කවියකුත් තියෙනවා. මන් හිතන්නෙ ඔහු පෙම්වතියට ලියපු කවිය වෙන්න ඇති......මේ ඒක........

                                                 සමහරවිට මේ රොබින් කුරුල්ලා දිගටම කවි ලියාවි. ඒ අතරින් පට්ට ඒවා මගේ බොලොග් එකෙත් පළවේවි. ඒ වගේම වැදගත්ම දේ තමයි මගේ බොලොග් එකට මේ වගේ එල පිරිසක් ඉන්න එක ලොකු සතුටක්. මාව දිරිමත් කරපු ඔහුටත්. තවත් ඒ වගේම ෆේස්බුක් පිටුවෙන්ම මැසේජ් කරලා දැන හදුනාගත්ත අනිත් කිහිප දෙනාටත් ඔහුන්ගේ ඒ නිහතමානී කමටත් පොදුවේ ඒ හැමෝටමත් ස්තූතියි.                                                                      ඉතින් තාමත් නොදන්න මේ වගේ අපි වගේ හාල් කෑලි වලට වඩා සිය දහස් ගුනයකින් ලස්සන කවි ලියන තව රොබින් කුරුල්ලො වගේම රොබින් කිරිල්ලියොත් ඇති. උන් ඔක්කොටම ස්තූතියි දෙන සහයෝගෙට. ඒ වගේම ඒ හැම කුරුල්ලෙක්ටම කිරිල්ලියෙක්ටම කියන්නෙ වරෙල්ලා මගේ කවි,කතා,ලිපි විතරක් නෙවෙයි උඹලගෙත් කවි,කතා,ලිපිත් හැමෝමත් ඒක්ක බෙදාගන්න.මේක මගේ වගේම බොලාගෙත් තෝතැන්නක් කරගන්න.......
-රෝමාන්තික රස්තියාදුකාරයා-
RomanthikaRasthiyadukaraya/facebook

19 comments:

  1. දැන් උඹේ බ්ලොග කියවල මටත් හිතෙනවා කවියක් ලියන්න

    ReplyDelete
  2. හැමෝටම ජයෙන් ජයවේවා!

    ReplyDelete
  3. බොර් කියන්නේ මක්කටෙයි ඔය උඩ කවිය තුන් හතර පාරක් කියෙව්වා ඒත් තේරුනේ නෑ.... පස්සෙ මෙහෙම වෙන්න ඇති කියලා හිතා ගත්තා... ඔව් එහෙම වෙන්න ඇති කියලා හිතනවා ඉතින්.....

    ReplyDelete
    Replies
    1. සුද්ද සිංහලෙන් කිව්වොත් මේකා කියන්නෙ
      "වලත්තකමට ආදරේ කරන
      කොල්ලො මැද
      සැබෑ ප්‍රේමයට ආදරය කරන
      එක කොල්ලෙක්" කියලා. එතකොට ඔය නපුන්සකයා කියන්නෙ ඒ එක කොල්ලට තමයි. මොකද සමාජ පිළිගැනීමත් එක්ක එතකොට ඒ කොල්ලට කියන්නෙ නපුන්සකයා නැත්තම් පො$@# කියලනෙ (මන් ඇහුවා මෙහෙමද කියලා මට තේරුණ විදියට ලියපු මෑන්ස් අනුමත කරා)

      Delete
    2. බොර් කියලා කෑළ්ලක් කෝ සොදුරු

      Delete
  4. \\වැදගත්ම දේ තමයි ඔහු කියනවා මගේ බොලොග් කියවලලු මේ කවිය ලියන්න හිතුනේ//

    ඇත්තටම පට්ට සතුටුයි නේද???

    ReplyDelete
    Replies
    1. නැත්තම් බන් හෙණ ගහන්න වගේ සතුටුයි :-D

      Delete
  5. නියමයි !


    (ෂ් ෂ් ..මේ ..කවි වලට ගූගල් ට්‍රාන්ස්ලේටර් එකක් නැද්ද කාව්‍යාබාධිත අයට?)

    ReplyDelete
    Replies
    1. මටත් ඔය ප්‍රශ්ණෙ නැතුවම නෙවෙයි ඉතිම්. ඒත් ඉතින් මේ කවිය එච්චරටම අමාරුවකුත් නෑ අහුලන්න.පදයෙන් පදයට ගත්තොත්.
      "වලත්තකමට ආදරේ කරන
      කොල්ලො මැද
      සැබෑ ප්‍රේමයට ආදරය කරන
      එක කොල්ලෙක්" වගේ එකක් තමයි මේකා කියන්නෙ

      Delete
  6. රස වින්දෙමි

    ReplyDelete
  7. පලවෙනි කයිය නම් ටිකක් පැටලිලි සහගතයි තමයි. ඒත් උඹේ පැහැදිලි කිරීමත් එක්ක නම් තේරුණා.. :)

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් තේරුණානම් ඇති යන්තම්

      Delete
  8. රොබින් කිරිල්ලිය‍ේ අහිංසකයි..සුකුමාලයි..සැඩ පහරට අහුවුණොත් වු මැරෙනවා.. රොබින් කුරුල්ලට හැමදාමත් බලන් ඉන්න වෙයි...රෝමා

    ReplyDelete
    Replies
    1. රෝමට කියලා වැඩක් නැහැ ඒක. මොකද මේක ලිව්වෙ ගිම්හාන් ලහිරු බ්‍රදර්නෙ. මෑන්ස්ට තමයි කියන්න වෙන්නෙ.... :-)

      Delete