24 March 2018

රියන්සි අල්ගම සහ සුදත් චන්ද්‍රසේකර

                                             
                               රනිල් වික්‍රමසිංහ යනු හෙණ මොළයක් බවද...ආයෙ ඇවිල්ලා ලොවෙත් නැති ලොවි ගහෙත් නැති පොරක් ලෙසද..පහුගිය කාලයේ බොහො දෙනා කිව්වාය. එහෙත් ජනාධිපතිවරණයට පෙර සිටම මා රනිල් නමැති කුහක නයකායා පිළිබදව සිටි මතය අදවන විට තව තවත් තහවුරු වන නිසා. මට ඇත්තෙ ඒ පිළිබදව කුහක සතුටකි........ දේශපාලන ඉතිහාසයේ අධමම නායකයා කවුරුන්දැයි ඇසුවොත් ඉන් උඩින්ම සිටින්නේ රනිල් වික්‍රමසිංහය. මා දිගු කාලයක් තිස්සෙ කියා සිටින්නෙ එකම එක දෙයකි. එනම් රනිල්ගේ මොළේ පරික්ශාවක් කළ යුතුම බවය...මන්දයත් ඔහුගේ හැසීරීම සාමාන්‍ය මානසික සෞඛ්‍යයක් ඇති මිනිසෙකුගේ හැසීරිමක් නොවන්නේය.
                          රනිල් වික්‍රමසිංහ සමග අවුරුදු 33ක් ළගින්ම සිටි පැරණිතම සේවකයා වූ සුදත් චන්ද්‍රසේකර  ඊයෙ දිනයේදී තම අස්වීමේ ලිපිය රනිල් වික්‍රමසිංහට භාරදී ඇති අතර. ඔහු රනිල් වික්‍රමසිංහගේ දකුණු අත ලෙස හදුන්වන අතර පෞද්ගලික ලේකම්ගේ සිට පහුගිය මහ මැතිවරණයන්හී සුවිශාල මෙහෙවරක් කල "එක්සත් ජාතික පක්ශ සන්නිවේදණ බලකායේ" නියමුවාද විය. මේ ලිපියේ අරමුණ සුදත් චන්ද්‍රසේකර පොරක් කිරීම නොවන අතර. රනිල් වික්‍රමසිංහ නැමැති කුහක නායකයාගේ අපුල මග විමසීමය.
                                                       පහුගිය මැතිවරණය පිළිබද ලෙබ්බෙ විචාරකයො ලබ්බේ ටෝක්ස් දුන්නද. ඇත්තටම ගිය මැතිවරණයේ හැමුවේ මහින්ද හුළගක් නොව. කලකිරුණු යූ.එන්.පී පාක්ශිකායාගේ රනිල් වික්‍රමසිංහ නැමැති අධම නායකයා සමග පැවති වෛරයයි, කළකිරීමයි. 

16 March 2018

අඩා හැලෙන ඇල්ල බැලුමට ගිය ගමන - Andahalena Ella Waterfall, Pituwala, Elpitiya


                                                          එල කොල්ලෙක් කෙල්ලෙක් උනාම හැමදාම උදේට කන එකයි, දවල්ට කන එකයි, රෑට කන එකයි ඔෆිස් යන එකයි, ඉස්කෝලෙ යන එකයි,ජිල් ගහන එකයි ඇරුණම ඊට වඩා වෙනසක් තියෙන්න ඕනෙ. විලියොම් සේක්ස්පියොර් උතුමත් දවසක්දා එහෙම එකක් කියලා තියෙනවා. 
                                  ඉතින් මේ අල්ල පනල්ලෙ එතුමානෝ එහෙම කියපු නිසාමත් නෙවෙයි අර මද්දලා,තඩියලා එහෙම බයික්ක වලින් රවුම් ගහලා නොයෙකුත් විච්චූරණ පොටෝ බ්ලොග් වල එල්ලන නිසා මන් හිතුවා පහුගිය දවසක සතියෙ දවස් වල මැදට  අතිසය දුර්ලභ විදියට සෙට් උනු පෝය නිවාඩුවක ගිය ගමනක් හෙම දාන්න.
               කොහොමත් ඉතින් මගේ සංචාර කියන ලේබල් එක යටතේ යන එන සංචාර දිගටම අප්ඩේට් වෙයි. මීට ඉස්සෙල්ලත් එකක් දාල තියෙනවා. යන්න ඉන්න එකෙක්ට ප්‍රයෝජනයක් වෙන්න පුල්ම විස්තරයක් හැම පෝස්ට් එහෙකින්ම දානවා දන්න කියන හැම තොරතුරක්ම දාලා.

06 March 2018

කොන්ද පණ නැති එකෙක් - (කෙටිම කෙටි කෙටි කතාවක්)


                                                දැන් ඒ කෙල්ල මෙතෙන්ට එන්න අරන් මාස තුන හතරක් වෙනවා. නිතරම හිනාවෙලා එක එක දේවල් කියව කියවා එයා යනවා. ඒ කෙල්ල වැඩිපුරම කැමති අමිල අයියට මට ඒකට ලොකු තරහක් තියෙන්නෙ උන් දෙන්නත් එක්කම.  ඒ කෙල්ල ඇවිත් මාස දෙක තුනක් වුනාට මන් තාම එක පාරක්වත් ඒ කෙල්ලට මුහුණ දුන්නෙ නෑ.ලොකු ඉස්කෝලෙකට ගිය ඉංග්‍රීසි වතුර වගේ වුණු කෙල්ලක්. මන් ඇත්තටම උන් දෙන්නා ට්‍රේන් එකට නැග්ග වෙලේ ඉදන් හිටියේ දෙන්නත් එක්කම ලොකු මලකින්.
                                                 අමිලයා නගින්නෙ අලුත්ගමින්,මම නගින්නෙ දකුණු කලුතරින්, ඒතකොට  ඒ කෙල්ල නගින්නෙ උතුරු කලුතරින්.අදත් උන් ටික සුපුරුදු විදියටම තොදොල් වෙනවා මන් මුල්ලකට වෙලා ඉන්නවා. ඒ කෙල්ලත් අමිල අයියට කැමැතියි. මුලින්ම මගේ හිත ඉරිසියාවෙන් පුපුරනවා. දෙවැනියට උන් දෙන්නටම තේරෙන්නෙ නැති තැනකින් වෛර කරනවා. ඉන් පස්සෙ මුල්ලකකට වෙලා ටික වෙලාවකින් ඒ කෙල්ල දිහා බලාගෙන හිතන්න ගන්නවා. 
       

03 March 2018

බ්ලොග් එහෙකට කමෙන්ට් කරන්නෙ කොහොමද - How to Comment on Blogs


                                                              මේකෙ හෙඩිම දැක්ක ගමන්ම බ්ලොග් වල ගැවසෙන අයට හිතෙන්න පුළුවන් මොන කුණුහර්පයක්ද මේ මූ කියන්න යන්නෙ කියලා. ඒත් ඉතින් ෆේස්ස්බුක් එක හරහා බ්ලොග් වලට එන අයට ඇත්තටම කමෙන්ට් දාන එක කුණුහර්පයක්.  
                                  පෙරේදා මගේ ෆේස්බුක් පිටුවට මැසේජ් කරපු සහෝදරයෙක් කියලා තිබුණේ බ්ලොග් එකට කමෙන්ට් දාන්න බෑ. ඒ ඇයි? කියලා. හරි මේ බොලොග් එක ලියන්නෙ එයාටයි නොදන්න අනිත් අයටයි දැනගන්න. දන්න අයට පූලුවන් කමෙන්ට් වලින්ම දන්න මොනවා හරි තියේනම් මේ ලිපියට එකට  එකතු කරන්න.
                                මුලින්ම කියන්න ඕනෙ බ්ලොග් එකට කමෙන්ට් දානවා කියන්නෙ. කිරි කොස් ඇට කනවා වගේ ලේසි දෙයක්. එකම එක පාරක් පොඩි සෙටින්ග් එකක් හැදුවනම් ඇති, ආයෙත් ඒ එකවුන්ට් එකෙන් ලොග් අවුට් වෙන්නෙ නැත්තම් මැරෙනකම් උනත් ගියපු ගමන්ම හරිම සිම්පල් විදියට කමෙන්ට් දාතෑකි.

26 February 2018

නපුන්සකයා - බොලොග් කියවන්නෙක්ගෙන් කවියක්


                                        මේ කවිය පිටිපස්සෙ පොඩි කතාවක් තියෙනවා. මගේ "රෝමාන්තික රස්තියාදුකාරයා" කියන ෆේස් බුක් පිටුවට එක දවසක් මේ වගේ ෆෝටෝ එකක් එවනවා "ගිම්හාන් ලහිරු" කියලා තරුණයෙක්.ඉතින් මේ අල්ල පනල්ලෙ මේ කවිය කිහිප පාරක් විමසිල්ලෙන් කියවනකොට තමයි තේරුණේ මේ කවිය මතුපිටින් වගේම යටිනුත් ඉතාමත්ම රසවත් කවියක් කියලා.
                                 වැදගත්ම දේ තමයි ඔහු කියනවා මගේ බොලොග් කියවලලු මේ කවිය ලියන්න හිතුනේ. ඉතින් බොරුවට හරි ඒකා එහෙම කියනකොට හෙණ ගහන්න වගේ සතුටක් දැනෙන්නෙ නැද්ද කියහන්කො. මොනා උනත් උපරිම රස කවියක් උඹලත් බලපල්ලා ඒ කවිය තුළ ඔහු කියන්න හදපු දේ.......................... ඔහු ලියපු තවත් කවියකුත් තියෙනවා. මන් හිතන්නෙ ඔහු පෙම්වතියට ලියපු කවිය වෙන්න ඇති......මේ ඒක........

09 February 2018

ඒකට කියන්නෙ හිනාවක්ද ???? - ii කොටස

                                                               
                                                     අපිට අහඹු ලෙස හම්බෙන සමහරක් ලස්සන දේවල් අපේ හිතේ තැන්පත් වෙනවා ඊට පස්සෙ නිකන්ම ඒක අපිට අමතක වෙනවා. දවසින්,දෙකෙන්,සතියකින්,මාසෙකින් විතරක් නෙවෙයි එක් ක්ෂණයකින් වුණත් කොතරම් ලස්සන රුවක් වුවත් අපි නිරායාසයෙන් අමතක කරනවා   සමහරව්ට ඇයත් එහෙමම වෙන්න තිබ්බා...
                                     ඒත් අපේ තුන් මිතුරු හවුල ඇය ගැන විටින් විට විසුළු කතා කීමත්. ඇයගෙ රුව නිරන්තරයෙන් නොවැතත් විටින් විට දැකීමත් නිසා මගේ හිත තුල මතක් කිරීමෙන් යම් ප්‍රමුදිත බවක් සිතේ ස්පර්ශ වන ලෙසකට ඇයව තැන්පත්ව සිටියා.  
                                                                              ඇත්තටම මනෝ විද්‍යාත්මකව මට ඒ සිතුවිල්ල පහදන්න බෑ. ඒත් ඉහත කිව්ව හේතු දෙකට අමතරව. ඇය විටින් විට හෝ ඇය දකින විටකදී ඇයගේ රුවේ සොදුරු තැන් සිත්තමක් වගේ සිතේ සටහන් වී තිබුණු නිසාමත් මෙසේ ප්‍රමුදිත බවක් ඇය පිළිබද ස්මර්ණයෙන් ලැබුවා වෙන්න ඇති.

27 January 2018

සේරා....... - i කොටස

                                                     
                                                           ජීවිතය කියන්නෙ පුදුමාකාර අහම්බයක්...ඒ වගේම සිහින කියන්නෙ නින්දෙදි දකින දෙයක් නෙවෙයි අපි ජීවත් වෙද්දි ඇස් දෙකට දැනෙන පෙනෙන දෙයක්.  සැහැල්ලුවෙන් වලාකුළු අතර පාවෙමින් ඉන්නකොට දීව්‍ය ලෝකයේ සුන්දරතම සුරංගනාවියක් දුන්නු හාදුවක් වගේ ප්‍රමුදිත බවින් සිත පිස්සු වට්ටන දෙයක්. ඒ ලෝකය ද්‍රීව්‍යමය ලෝකයක්...........
                                                         ඒත් ජීවිතය කියන්නෙ එක ගේම් එකක්. මේ අතේදි තුරුම්පු වැඩිපුර හිට්යට ඊළග  අතේදි තුරුපු හම්බෙන්නෙ නෑ. මගෙ ලෝකෙට හාරත රැජින ආවෙ තනියම ඒත් එයා දැනගෙන හිටියා හාරත ආසියත්  හිටියෙ පිට බව. ඒත්  මන් නුඹට ප්‍රේම කරා උන්මාදයෙන්. ඒ නිසා මමත් නූබේ ඉදිරියට උමතුවෙන් ආවා. ඔව් මම තමයි හේරා නුබේ ලෝකෙ කිරුළ නොපලන් රජතුමා.