31 August 2017

කදුලූ උණන නුබේ දෙනෙත - පල්ලිය සහ ගබ්සාව



දවසෙ කුලියට
 අම්මා එලියට ගිය කළ
ගෙට සක්මන් කල මාමා නූබේ කාමරේ අගුලූ දැම්මම
උදේ රෑ කන බත් පත අම්මා දුන්නාට
ඉන්නෙ උගෙ ගෙයි නිසා
පොඩි අක්කා කට තද කරන් තිරිසෙනෙක්ට ඉඩ දුන්නද

ඉස්කෝලෙ යන්නට කලියෙන්
පුන් සදවන් නුඹෙ රුව
 ඉරි තැලූ විදූරුවෙන් හැඩ කරගන්නා මගේ පොඩි අක්කේ
අද නුඹ
ඉරි තැලුණු වීදුරුවෙන් එහි හැඩ වෙනස් වී ගිය හැටි දැක
කදුලූ උණන උබේ දෙනෙතට
දුන් කදුලට සාප වෙයන් උන් හට

උන් උන් නොහදුනති අක්කේ නුබේ ලස්සන හීන
නූඹටත් ඕනෙ නැති බව ඇත්ත 
හැමදාමත් කදුලේ විදවන්න
උඹටම අයිති නැති එකෙක් උබේ කුසේම තියා ගෙන
උබ කොහොමද අක්කේ ජීවත් වෙන්නේ 
 වෛරයකින් ඌ එක්ක

නුබේ යහළු යෙහෙළියන් කැල
 පෙම්වතුන් හා උන් තුරුලේ නේද
අගුළු දා වුන් දොර නෑරපන් අක්කේ උඹට අසුභයිලු ඒක
මේ ආත්මෙදි දෙවියෝන්ගේ සැලසූමේ
 නුඹ ගැන තිබිලා නෑලු එහෙම
පල්ලියේ ෆාදර් කිව්වේ මට ඒක 
ෆාදර්ගෙ කාමරේදි දවසක


ප.ස. - හැම මවකගේම කුසට බිළිදෙක් රෝස කැලෙන් නොයෙන්නේය. කටු පදුරු,තණකොළ,වන ලැහැබ තුළ හිල් වූ කොපු තුලින් බිළිදෙක් එවැනු ඇත. ඒ සුන්දර ජීවිතය අපායක් කෙරුමට පල්ලියට කිසිදු අයිතියක් නැත.  දාරක ස්නේහය උතුරා ගියාවුද...මහත් වූ පුත්‍ර සෙනෙහසකින් සිකීමක් සිදුවනු නැත......එසේ කරන්නෝ වෙතොත්. ඔහුන් රොබෝ වරුන් විය යුතුය. එනම් ලිංගිකව එකතුවීම හා අනේපේක්ෂිත ගැබ් ගැනීම යනු දෙකකි. එය කිසිදු විටකත් එකක් නොවන්නේය. ගබ්සා කිරීමට නීතිමය ලිහිල් භාවයක් අවශ්ෂ්‍ය වන්නේ ඒ නිසාය.
                                                        දැනට සිරි ලංකාවේ දණ්ඩ නීති සංග්‍රයේ  303 වන වගන්තිය අනුව "කළලය මවගේ ජිවිතයට අනතුරක් වනවානම් පමණක් ගබ්සාවක් කළ හැක" එහෙත් ප්‍රායෝගික ලෝකය තුල එම නීතිය තව දුරටත් ලිහිල් කල යුතුය. එනම් අබාධිත (මන්ද බුද්ධික) හෝ අපහරණට ලක් වීම මගින් පිළිසිද ගත් කළලයක් වෙතොත් ඒ සදහා ගබ්සාවක් සිදුකිරීමට නීතිමය පරිසරයක් සෑදීම අනිවා‍ර්ය විය යුතුය.                                                                           එහෙත් ඊට දැඩි ලෙස ප්‍රතිවිරුද්ධ අදහස් දක්වන කාදිනල් තුමන් මන්ද බුද්ධික දරුවන් වුවද. ඒවා සියල්ලක්ම දෙවියන් වහන්සේගෙ සැලසුමක් බව කියා ඒවා විනාශ කිරීම දෙවියන් වහන්සේට කරන අගෞරවයක් යන ප්‍රලාපයක් සාමජගත කරමින් ඇත. එහෙත් ඉන් විනාස වන සුන්දර තරුණියන්ගේ අනාගතය කාදිනල් තුමන්ට නොපැනුණත් මහ පොළොවෙ ඇවිදින අපි වගේ එවුන්ටනම් ඕනෑතරම් දැකිය හැක. එය සංස්කෘතික හා ආගමික ළිං ගෙම්බන්ගෙන් පිරි අප වැනි තුන් වැනි ලෝකයේ රටවලට බරපතළ මට්ටමේ ඛෙදවාචකයකි.
                                            යම් වු සුළු අත්වැරද්දකින් ගැහැණියකගේ ජීව්තය ඉන් මතුවට විනාස කිරීමට තරම් කෲර වීමට කාදිනල් උතුමාණන්ට තියා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේටවත් නොහැක. පල්ලියේ නීතිය කතෝලිකයන්ට පිළිගත්තාට කම් නැත එය ඔහුනගේ නිදහස සහ අයිතියයි. එහෙත් ඒමගින් රටක නීතිමය මට්ටමකට බලපෑම් කිරීමට පල්ලියට ඇති සදාචාරත්මක අයිතිය කුමක්දැයි මම නොදනිමි.

-රෝමාන්තික රස්තියාදුකාරයා-
RomanthikaRasthiyadukaraya/facebook         
                                                                                   

43 comments:

  1. සංවේදී කවි නිර්මාණයක් බං මේක.
    උඹේ සටහනට මාත් එකඟයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මචන් ඇත්තටම බන් මේ බරපතල ඛෙදවාචකයක්.....
      සුභ පැතුම් මචන් උබේ සම්මානයටත් උඹ තමයි ඒ සම්මානෙට සුදුසුම පුද්ගලයා.....

      Delete
  2. අක්කට විතරක් නෙවෙයි නෙවෙයි නංගිටත් ඒ ඉරණමම වැඩිකල් යන්න මත්තෙන් අත් වේවි. මේක ලොකු ඛේදවාචකයක්. බයක් සැකක් නැතුව මාම ගෙට රිංගන්නෙත් නංගි කාටත් හොරෙන් ෆාදර්ගෙ කාමරේට රිංගන්නෙත් මොකක් හරි හේතුවකට. සමහරවිට එයාලගෙ දුප්පත්කම වෙන්න ඇති. මාමගෙ සැළකිලි හමුවේ අක්ක කටපියන් ඉන්නව. ෆාදර්ගෙන් ලැබෙන මුදලට ආසාවෙන් නංගි හොරෙන් හොරෙන් එයාගෙ කාමරේට රිංගනව. එතැන ලොකු හිඩැසක් තියෙනව. ඒ එයාල ලත් අධ්‍යාපනය. තවත් කෙනෙකුට කියන්න පුලුවන් නැහැ සංස්කෘතිය තුල ඇති අඩු පාඩු කියල. තවත් කෙනෙක් කියයි නෑ තියෙන වෙිස කම කියල. මම හිතන්නෙ ඔය ඔක්කොම විපරීත වෙලා යනව හොද අධ්‍යාපනයක් ලැබීම තුලින්. දරුවන්ට හොද අවබෝධයක් දිය යුතුයි. අවසානයේදි ගබ්සාව කියන වචනයක් අහන්න ලැබෙයි ඒ ත් ඒ කලාතුරෙකින්















    ReplyDelete
    Replies
    1. මචන් ෆාදර්ගෙ කාමරේට යන්නෙ නංගි නෙවෙයි ඒ අක්කගේ මල්ලි

      ඔව් බන් සල්ලි තියෙන එවුන්ට ඕනෙ තරම ක්‍රම තියෙනවා බන් මේ වගේ ප්‍රශ්ණ වලින් ගොඩ යන්න. එත් ගබ්සාවන් නොකිරීම මගින් ජීවිතයම විනාස වෙන්නෙ දුප්පත් කෙල්ලොන්ගෙ. උන්ගේ අනාගථයම කොහෙවත් යන මිනිහෙක්ගෙන් ගුටි කකා ජීවත් වෙන්නයි. දරුවො වෙනුවෙන් දිය කර හැරලා ජීවිතේම අමු අපායක් කරගෙන අන්තිමේදි මියයන්න වෙනවා. කදිනල් උතුමන්ලා ඔවා දකින්නෙ නෑ බන්.
      නිසි ලිංගික ආධ්‍යාපණයක් දෙන එක තමයි බන් හොදම විසදුම. මොකද ගබ්සා කිරීම කියන්නෙ තුවාලෙකට දාන් පැලැස්තරයක් විතරයි. එ නිසා ගබ්සා කිරීම නීතිගත කළ යුතු නෑ ඒත් මන් පෙර සදහන් කරලා තියෙන කරුනු වලටවත් නීතිය ලිහිල් කිරීම අවශ්ෂ්‍යයි. වැඩිණු නිරෝගිමත් කළලයක් විනාශ කරන එකට මාත් එකග නෑ, මොකද ඒකත් ජීවිතයක් වන නිසා, ඒ ජිවිතය නැති කිරීමේ අයිතියක් කාටවත් නෑ.ඒ නිසා හොදම විසදුම තමයි විධිමත් ලිංගික අධ්‍යාපණය.

      Delete
  3. කාදිනල්ල අම්මගෙ රෙද්දවල් හොයනව ඒ අස්සෙ හාමුදුරුවො පොයට කඩ වහනව ලෙබ්බෙල තව පැත්තක වෙබම ගේමක්. රටේ නීති හදන්න මේ පරයො මොකටද බං?

    දෙයියොන්ගෙ මගුලෙ කැමැත්ත.

    ReplyDelete
    Replies
    1. පිස්සො කෑ ගහනාව බන්. මේක උන්ගේ වගේම අපෙත් රට. ඒ නිසා අපේ මතයත් සමාජගත විය යුතුයි. මොකක් හරි වැරැද්දක් වෙනවානම් ගෙම්බො බක බක ගෑවට ඒ ගැන නොහිතා අපිත් කතා කරන්න ඕනෙ.

      Delete
  4. ඇඬෙනව.. ගබ්සාව නීතිගත කිරීම ගැන දැක්ක සුපිරිම සටහනක්..

    පොඩි හින්ට් එකක් දෙන්නං.. මේ වගේ කාලීන මතෘකා ගැන ලියද්දී හෙඩිමේ කොහෙට හරි ඒ මාතෘකාවේ කෑල්ලක් එල්ලපං සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් .. එතකොට ලිපිය කියවන්න කලින්ම අදහසක් එනවා.. ඒකම ලිපිය කියවන්න උත්ප්‍රේරකයක් වෙනව. සර්ච් එන්ජින් වලටත් ටක් ගාල අහුවෙනව.. උඹේ හිට් කවුන්ට් එක වැඩි කරන්න නෙවෙයි මේවා වැඩි දෙනෙක් කියවන්න ඕනි.. :)

    ReplyDelete
    Replies
    1. Praසන්ள නමින් ප්‍රතිචාර දක්වන චම්පික ප්‍රසන්න ට සමනල් ඇනොටයි ගබ්සා ප්‍රශ්න නැහැයි කියලා මාතලන් ගොයියා කිව්වා .

      Delete
    2. බොහොමත්ම ස්තූතියි මේ වැනි පෙන්වා දීම්. මුලදි එහෙම හිතුවත් පස්සෙ අර කෑල්ලම මාතෘකාවට දාන්න හිතුණා. කොහොම උනත් මන් දැන් ඒක ආයෙත් නිවැරැදි කරා ඔබ කියපු විදියටම. නැවතත් මෙවැනි දේවල් පෙන්වා දෙනවාට බොහොම ස්තූතියි

      Delete
    3. ගබ්සාව කොහොමත් පිරිමි එවුන්ට ප්‍රශ්ණයක් වෙන්නෙ නෑනෙ බන් ඇනෝ

      Delete
  5. මහත්මයා රෝමානු කතෝලිකයෙක් වශයෙන් කිතුනු පල්ලියේ මතය අබිබවා යෑම නුසුදුසුය නේද මහත්මයා? කරුණාකර මෙම ලිපිය ඉවත් කර දමන්න මහත්මයා. දේව පිහිටයි ඔබට.

    ReplyDelete
    Replies
    1. දේව පිහිටයි ඇනෝ ඔබට.......නිදුක් වෙත්වා,නිරෝගි වෙත්වා,සුවපත් වෙත්වා.......

      Delete
  6. නියම සංවේදී නිසඳැසක්. වදින තැනට වදින්න ලියල තියනවා. මම ගබ්සා නීතියට පක්ෂයි. රේප් කරලා හාමුදුර, පාදිලි, මව්ලානා විතරක් නෙමේ පොඉලිසිය , ගුරුවරු පවුලේ අය අතින දුෂණය වෙන නැගණියන්ට එතැනින ජිවතය අවසන් කලයුතු නැහැ. වරදත් පාපයත් (එහෙම එකක් තියනවා නම්) උන්ටමයි. ඇයට නෙමේ.

    ReplyDelete
    Replies
    1. මාත් ඒකයි කියන්නෙ ඉපදෙන්න ඉන්න කෙනා වගේම අර දූෂණය වෙච්ච ගැහැණියගෙත් තියෙන්නෙ ජීවිතයක්. තවත් ජීවිතයක් වෙනුවෙන් ඒ ජීවිතය අවසන් කිරීම කොතරම් ග්‍රෝත්‍රිකද. ඒ ගැහැණුත් මිනිස්සු.හිනාවෙලා අනිත් එවුන් වගේ ඉන්න ආස. අනෙක දුෂණයකට ලක්වෙච්ච ගැහැණියකට තමන්ගේ කුසේ දරුවෙක් තියන් ඉන්න සිදුවීම කොතරම් කෲරද????

      Delete
  7. එකඟයි.... වේදනාව දන්නේ තුවාලේ ඇති කෙනයි...

    ReplyDelete
    Replies
    1. පැහැදිළිවම වේදනාව දන්නෙ උන් විතරයි. දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉන්න කාදිනල් තුමාන්ට කොහොමද ඒවයේ හැගීමක් දැනෙන්නෙ.

      Delete
  8. කාලෝචිත මාතෘකාවකට නියම නිර්මාණයක්... තුවාලය ඇති කෙනා තමයි වේදනාව දන්නේ පිටින් බලන අයට පුලුවන් දාර්ශනික උත්තර සපයන්න පමනයි.

    ReplyDelete
    Replies
    1. පැහැදිළිවම දාර්ශණික උත්තරනම් කමක් නෑ සමහර උත්තර අමු ගොබ්බයි "දෙවියොන්ගෙ සැලසුමක්ලු" පව් නේ.....

      Delete
  9. ඇත්ත රෝමා. උබත් එක්ක සම්පුර්ණයෙන් එකගයි....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පිලෝ කාලෙකින් මොකුත් දැක්කෙ නෑ ලියපන් මොනවා හරි

      Delete
  10. 100 % එකගයි, ඔය ගැන මුලින්ම මම ලිව්වේ 2012 දී වෙලාවක් තිබුනොත් ගිහින් කියවන්න
    http://snimalka.blogspot.com/2012/12/blog-post_30.html

    ReplyDelete
    Replies
    1. දැන් ගිහින් කියෙව්වා බන්... උඹ කාලෙක ඉදන් මේ වගේ සාධනීය මතකයක ඉන්න එක බොහොම සතුටුයි බන්

      Delete
  11. https://www.theguardian.com/world/2017/apr/22/abortion-in-ireland-committee-votes-for-constitutional-change

    ReplyDelete
    Replies
    1. අයර්ලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ

      Delete
  12. අපේ සමහර නීති සුද්දන්ගේ කාලේ හදපුවා. හැබැයි සුද්දගේ රටේ ඒවා වෙනස්කරගෙන හුඟක් කල්. අපිට තාම ඒ ටික වෙනස්කරගන්න බෑ. දුකයි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. සම ලිංගිකයන් සම්බන්ධ නීතිය, ගබ්සාව වගේ දේවල් තාමත් එහෙම්මයි. හොද වෙලාවට සුද්දා ඒ ටිකවත් හදලා ගියේ. නැත්තම් මේකෙත් නිකන් අරාබියේ වගේ නීති තමයි තියෙන්නෙ තාම.

      Delete
  13. එල මචන් මාර සන්වේදියි

    ReplyDelete
  14. හ්ම්ම්ම්ම්...
    දැන් මට ඉස්සර තරම්වත් බ්ලොග් කියවන්න වෙන් නෑ...

    ReplyDelete
    Replies
    1. ඒකට මොකද. පුළුවන් වෙලාවක කියවන්න

      Delete
  15. හ්ම්ම්...ඒක හරි සංවේදියි

    ReplyDelete
  16. අයිය මන් වැහිබිදු..සටහන කියවද්දි හිත කඩාගෙන ගියා වගේ උනා..වෙනදට කමෙන්ට් කරද්දි තියන ගැම්ම අද නෑ වගේ දැනෙනව අයියෙ..හරිම අසාධාරණයක් මේක..කාගෙවත් අහවල් එහෙක අමාරුවකට අසරණ කෙල්ලො නිකරුනෙ නාස්ති වෙනවා..ඔය කියන කතාවට අදාලම නැති උනත ලඟින් යන අත්දැකීමක් මටත් තියනව..ඒ නිසා රිදිල්ල ගැන අමුතුවෙන් මට කියන්න ඕන නෑ..සරලවම අතවරයක් දූෂනයක් වගේ දේවල් කරන උන්ට මන් ඉල්ලන්නෙ හෙණ විතරමයි..උන්ගෙ බලුගති වලට කෙල්ලන්ට විදවන්න වීමත් කවදාවත් නොදැක්ක දෙයියෙක් රටක නීති සම්පාදනයට දායක වෙලා ජීවිත ගැන තීරණ ගැනීමත් හරිම ඛේදනීයයි..එච්චරයි...

    ReplyDelete
    Replies
    1. ඔව් නංගි මෙහෙමත් කාලකණ්ණි මිනිස්සු. තාමත් ඉන්නෙ ගල් යුගයෙද කියලා හිතෙනවා. ඇත්තටම මටත් මේ සම්බන්ධව තියෙන කම්පා වීමත් එක්ක. රටේ නිතී සම්පාදනයට මොහුන් කරන බලපෑමට මට තියෙන්නෙ විශාල කේන්තියක්.

      Delete
  17. ගබ්සා කිරීම නීතිගත කළ යුතුයි.. රෝමාට මම එකගයි...අප්පේක් නැති දරුවෝ බිහිකරනවට වැඩිය එක හොඳයි..

    ReplyDelete
  18. ගබ්සා කිරීම නීතිගත කළ යුතුයි.. රෝමාට මම එකගයි...අප්පේක් නැති දරුවෝ බිහිකරනවට වැඩිය එක හොඳයි..

    ReplyDelete
    Replies
    1. අම්මගෙ ජීවිතේ අපි හැමෝම අමතක කරනවා උමා........

      Delete
  19. ගබ්සාව පිළිබඳ නීති ලිහිල් කිරීම ගැන මමත් එකඟයි, මේ දෙය තීරණය කරන්න කාන්තාවට බලය තියෙන්නේ ඕන. ඒ කාන්තා අයිතිවාසිකමක් විතරක් නිසා නෙමෙයි බොහෝම වෙලාවට මේ හැම දෙකින්ම තැලෙන්නේ කාන්තාව නිසා.

    සාදුලාටයි ... කාදිනල්ටයි **** ඒ කට්ටිය බැඳලා බඩින් වෙච්චි දවසට මේ ගැන අදහස් දක්වන්න කියමු, එතකං මොකුත් නොකිව්වට කමක් නැහැ :)

    ReplyDelete
    Replies
    1. ඔව් බන් දරුවට ජීවිතේ දෙනකොට නැතිවෙන්නෙ අම්මගෙ ජීවිතේ කියන එක අපි ඔක්කොම අමතක කරනවා. ගබ්සාව සම්පූර්ණයෙන්ම නීතිගත කළ යුතු නෑ. ඒත් අත්‍යවශ්ෂ්‍ය ලිහිල් කිරීම්වත් ලබා දිය යුතුමයි.

      Delete