02 May 2018

ඒක ලා පාට සඳක්.........


සඳ තියෙන්නෙ
 විදගන්න
නොදන්නම විදියට 
හැමදාමත් ඉන්න
පාලුවක් දැනෙන රෑකදි විතරක්
 ඒ එලිය යට හීන මවන්න
ඔබ කියන්නෙ අහසක් 
වෙන්න ඇති
 දුරක හිද සිරි බලන
තරු කැට මැද
නුඹ දිදුලන සදකුයි 
හැමදාමත් සිත ගත්ත
ආදරෙයි කියලා කියන රෙද්දක් නෑ
ඔබ ගැන ඇතිවෙච්ච
ඒක මහ අමුතු දෙයක් 
ඔබ දැක්කම පිපිරෙන
පුළුවනිද  ඇබින්දක් නුඹ හට 
මන් ලග 
නිවිහැනිල්ලේ නවතින්න
නැවතී ළය පුරවා එක් වරක්වත් 
හුස්මක් ගන්න 
ඉන්පසුව පුළුවනි නේද 
ඉතින් නුඹහට
ආයෙමත් දුර ජීවිතේ මගට බැස හැල්මේ දිව යන්න

-රෝමාන්තික රස්තියාදුකාරයා-
RomanthikaRasthiyadukaraya/facebook

අනුග්‍රාහකභවතුන්ගේ දැන්වීම් කිහිපයක්-----


24 comments:

  1. Replies
    1. ස්තූතියි ප්‍රාජේ.....

      Delete
  2. හඳ තියෙන්නෙ
    යන්න
    තනමල්විල
    තෙල් ගහන උංට.

    හැක්..

    ReplyDelete
    Replies
    1. කේරලේට පේන්නෙත් තණමල්විලට පේන සදමද

      Delete
  3. ලස්සනයි රෝමා.

    ජයවේවා!!!

    ReplyDelete
  4. මේක සද ද සඳ ද ඉස්සෙල්ලා ඒක කියලා ඉන්න රස්ති.හෙඩිම කියෙව්වම එක තේරුමක් කවිය කියෙව්වම වෙන තේරුමක් වීඩියෝ බැලුවම වෙන තේරුමක්...

    ReplyDelete
    Replies
    1. හෙඩිමෙ තියෙන්නෙ අහසෙ තියෙන සඳ...කවියෙ දෙවැනි තුන්වැනි "සද" පද දෙක අහසෙ තියෙන සදයි=යාලුවා,මිතුරා කියන දෙකටත් ගතෑකි...

      විඩියෝ දෙකෙයි කවියෙයි කිසිම ගැලපීමක් නැහැ....ඒ අනුග්‍රාහකභවතුන්ගේ දැන්වීම් දෙකක්)))))

      අද තමයි ඔබතුමීට පින් සිද්ධ වෙන්න හරියටම "සඳ" ටයිප් කරන්න ඉගෙනගත්තෙ. ඉතින් ස්තූතියි ඈ...ඉතින් වැරදි නිවැරදි කරා....

      Delete
  5. සුන්දරයි ....

    ReplyDelete
  6. ඇත්තටම අනුග්‍රහයක් තියෙනවා ද???

    ReplyDelete
    Replies
    1. පිස්සුද බන්.අහම්බෙන් මේ ඇඩ් දෙක යූ ටියුබ් එකේ දැක්කෙ. පට්ට නිසා දැම්මා....

      Delete
  7. කවියකු,සඳ ගැන එක එක කතා කියනවා. ඔයා සඳ කටද සමන කරන්නේ.

    ReplyDelete
    Replies
    1. සද සමාන කරන්නෙ තවත් සදක් වගේ සදකට

      Delete
  8. සඳ = තරිඳු ,, උබ දැන් ඒක එහෙම නෙවෙයි කියාගෙන එන්න එපා

    ReplyDelete
    Replies
    1. නොදකින් ‍උඹත් නොගෑවුණු තැනක් නෑනෙ බලන් ගියාම

      Delete
  9. අනේ මන්ද මොනවා කියන්නද කියල

    ReplyDelete
    Replies
    1. සිතත් වචනත් ගොළුවෙන තැනක්

      Delete
  10. ජීවිතය ඉතිං අපේ හීනයක් නොවේ.. හෙට උදේම අවදි වී යා යුතුව තියේ... :) කපුගේත් කිව්වා එහෙම..

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි රෑට විතරක් හීන දැකලා..උදේට ඇත්තට මුහුණ දෙන්නෙ....

      Delete